IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ආණ්ඩුවට කර අරින්න දැන් බැහැ

 

 

 

ජාතික ජනබලවේගයේ මැතිවරණ පරාජය, ජ.විපෙ ඡන්ද පදනම, එ.ජා.පයේ දෙකඩවීමේ අතුරු ප්‍රතිඵල, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය, වාමාංශික කම්කරු පදනම වෙනස් වීද, දේශපාලනයේ උපක්‍රම වෙනස් වේද හා ආණ්ඩුවේ ගමන්මග ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාය.

ප්‍රශ්නය - මෙවර මහමැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමත් ඛාදනය වෙලා 2015ට සාපේක්ෂව තිබුණු ප්‍රතිශතයත් පහළ වැටිලා. ජාතික ජනබලවේගයට මොකක්ද වුණේ?
පිළිතුර - ඡන්ද පදනමේ පසුබෑමක් මැතිවරණ පෙරමුණේ පරාජයක් තිබෙනවා. අපි ඒක පිළිගන්න ඕනෑ. ජාතික ජනබලවේගය ඒක බාරගන්නවා. හැබැයි අපිට පේනවා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබාදුන්නාට ඡන්දයට පෙර හා පසුව ඒ ප්‍රතිඵලය සමාජයේ ප්‍රකාශය වෙන්නේ නෑ. ඡන්දදායකයාත් ඡන්දය මෙහෙයවන බැසිල් රාජපක්ෂ වැනි අයත් තුනෙන් දෙකක් ලැබේ යැයි හිතුවේ නෑ. තමන් ඡන්දය දුන් පක්ෂයට තුනෙන් දෙක ලැබෙද්දි ඒ ඡන්දදායකයා මහා උද්දාමයෙන් ඉන්න ඕනෑනේ. ඒක දකින්න නෑ.

සමාජයේ යම් වික්ෂිප්තභාවයක් තිබෙනවා. ඒකට කරුණු දෙකක් මම දකිනවා. කෙනෙක් පොදුජන පෙරමුණට ඡන්දය දීලා ආණ්ඩුවක් හදාගන්න මිස තුනෙන් දෙකක අධික බලයක්  අපේක්ෂා කළේ නෑ. තමන් 2010-2015 කාලයේ තුනෙන් දෙකක් දීලා කරගත්ත වැඩේ ඒ පැත්තට ඡන්දය දීපු අයත් දන්නවා. දෙවැන්න පොදුජන පෙරමුණට ඡන්දය දෙන අයගෙන් පිරිසක් පවා ජාතික ජනබලවේගයට සැලකිය යුතු නියෝජනයක් අපේක්ෂා කළා. ඒක වෙලත් නෑ. ඒ කම්පනය සමාජයෙන් අපි දකිනවා. තනි තනි කෙනා ඡන්දය පාවිච්චි කරද්දී අනෙක් කෙනා ඡන්දය දේවි කියලා හිතනවා. මේක දිය යුත්තේ මෙහෙම නෙවෙයි කියලා ඡන්දෙන් පසුව ජනතාව කල්පනා කරනවා.  

ප්‍රශ්නය - මෙවැනි ජයක් ගැන නොදන්නවා නම් ජේ.වී.පී. මන්ත්‍රීවරු කීප දෙනකුත් පාර්ලිමේන්තු එවන්න කියලා බැසිල් රාජපක්ෂ මහතා කීවේ ඇයි?
පිළිතුර - මම දන්න විදියට බැසිල් රාජපක්ෂ මහතා පවා හිතුවේ ආසන 135 ක් පමණ ලැබේවි කියලයි. අගෝස්තු 5 වැනිදා මැදමුලනෙදි ඡන්දය පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඔවුන් කොහොමහරි තුනෙන් දෙක හදාගන්නවා කියලා. පළමු වැනි අවස්ථාවේ නොලැබුණොත් තව කණ්ඩායම් හවුල් කරගෙන යනවා කියන එකනෙ. ඒ අයගෙ තක්සේරුවටත් වැඩි ප්‍රතිඵලයක් ඡන්දදායකයා ලබා දී තිබෙනවා. ඡන්දයට පෙර රටේ තිබුණු තත්ත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණ ගැන බැසිල් රාජපක්ෂ මහතා එවැනි ප්‍රකාශයක් කළා. මොකද ජනතාවගේ පැත්තෙන් ප්‍රකාශ වුණේම මේ සැරේ ජේ.වී.පී එකෙන් අටක් දහයක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කියලා. මම කියන්නේ එහෙම බලාපොරොත්තු වෙන ඡන්දදායකයා තමන්ගෙ ඡන්දය ලබාදෙන්න ඕනෑ. නැත්තන් මේක ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය වගේ වෙනවා. හාල් මිටක්වත් දාන්නේ නැතිව කැඳ බොන්න බලාපොරොත්තු වෙන්න බෑ.

ප්‍රශ්නය - පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ වියත් සංවිධාන නියෝජිතයන් මැතිවරණයේදි සාම්ප්‍රදායික නායකයන් පරාජය කරද්දී ජනබලවේගයේ මනාප ලැයිස්තුවල ඉහළට එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්. ඒ කියන්නේ පක්ෂෙ ඡන්දවලට පිටින් සැලකිය යුතු ඡන්දයක් ලැබී නැති බව නේද?
පිළිතුර - අපේ රටේ ඡන්දදායකයා විද්වතුන්ට වෘත්තිකයන්ට ඡන්දය දීලා තිබෙන්නේ ඔවුන්ගේ විද්වත් හෝ වෘත්තිකභාවය සලකා නෙවෙයි. ඔවුන් පය ගහල ඉන්න පක්ෂය සලකළා. ඔවුන් වෘත්තිකයන් ගැන සාපේක්ෂව හිතුවා නම් අනෙක් පක්ෂවල අයටත් ඒ විදියටම ඡන්දය ලැබෙන්න ඕනෑ. තමන් එක පක්ෂයකට ඡන්දය දෙන්න හිතලා පක්ෂයේ විද්වතුන් සෙවීමෙන් තමයි ඔය ප්‍රතිඵලය ආවේ. මේ ප්‍රතිඵලය ගැන මේ ඡන්දදායකයාම මීට වඩා ගැඹුරින් සලකා බැලිය යුතුයි. කොහොම නමුත් මේ ඡන්දදායකයාගේ මනෝභාවය තේරුම්ගැනීම සරල නෑ.

ප්‍රශ්නය - මැතිවරණ ව්‍යාපාරය පුරාම ආණ්ඩුවට ප්‍රබලම විවේචනය ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබුවත් ඒ ඡන්ද පදනම හෙලවිලාවත් නැහැ. ජා.ජ.බ විරුද්ධ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගන්න අසමත් වුණේ ඇයි?
පිළිතුර - ජාතික ජනබලවේගයට ඡන්දය දෙන පාක්ෂිකයා කවුද කියන එක අපි යළිත් සිතා බැලිය යුතුයි. එ.ජා.පය දෙකඩ වෙලා එහි නායකත්වය පිළිබඳ විශ්වාසය බිඳවැටෙද්දීත් ඒ ඡන්දදායකයන් තෝරාගෙන තිබෙන්නේ ගෙදර නැවතීම මිස පොදුජන පෙරමුණට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම නෙවෙයි. ඒ තුළ අප තේරුම්ගත යුතු සංඥාවක් තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගයේ දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව යම් සාධනීය විවේචන ඉදිරිපත් කරන්නේ කවුද කියන එක පිළිබඳවත් සිතා බැලිය යුතුයි. මේ ප්‍රතිඵලය විසින් අප ඉලක්ක කරගත යුතු ඡන්දදායකයා පිළිබඳව සිතාබලන්නට අවස්ථාවක් දී තිබෙනවා.

ප්‍රශ්නය – ජ.වි.පෙ. වාමාංශික කම්කරු පදනමින් ඈත් වී විද්වත් ප්‍රභූතන්ත්‍රයක් සමග ගනුදෙනු කරන්නට උත්සාහ කළ බවටත් වියතුන් විසින් පක්ෂය ගඟේ යැවූ බවටත් සමාජ මාධ්‍යයේ සාකච්ඡාවක් යනවා. මේ සාකච්ඡාව දෙස ඔබ බලන්නේ කොහොමද?
පිළිතුර - මම හිතන්නේ ඒක අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ යම් අසමත්කමක් කියලත් බාරගන්න ඕනෑ. මේ රටේ දුක් විඳින පීඩිත ජනතාව ඔවුන්ගේ නියම දේශපාලන නායකත්වය වටා පෙළගස්වන්නට අපට බැරිවෙලා තිබෙනවා. ඒක ඉතිහාසයේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලටත් කරගන්න බැරිවුණා. එක මොහොතකදී මේ වාමාංශික පක්ෂ දෙකම සමතලා කරගෙන ඔය කියන පීඩිත කම්කරු ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා එකතු වුණා. දැන් ඒක අනෙක් පැත්ත ගහලා පොදුජන පෙරමුණ එක්ක ඔවුන් එකතු වෙලා තිබෙනවා. ඇත්තටම අපි ඒ දුක් විඳින ජනයා අමතක කරලා මැද පංතියක් වටා එකතු වුණා නෙවෙයි. එහෙත් අපේ දේශපාලන සටන් පාඨ පහුගිය කාලයේදි වැඩිපුර වැළඳගත්තේ ඔබ කියන මැද පංතියේ ජනතාවයි. අපි වංචා දූෂණවලට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජාතික සමගිය ගැන කතා කරනවිට ඒවාට වැඩිපුර ආකර්ශනය වුණේ එවැනි නාගරික අර්ධනාගරික මැද පංතියේ ජනතාවක්. එහෙම කියලා අපි අපේ සටන් ක්‍රියාමාර්ග ඇතුළේ මේ රටේ දුක් විඳින ජනතාව කිසිදු ආකාරයකින් අමතක කරලා නෑ. අපේ වෘත්තිය සමිති ව්‍යාපාරය හැමදාම ඒ වෙනුවෙන් වැඩ කළා. එහෙත් ඒක ඡන්දයක් කරගන්න අපි අසමත් වුණා.

ප්‍රශ්නය - ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂයට බාහිර ආචාර්ය අමරසූරිය මහත්මියට දෙන්නැයි සමාජ මාධ්‍යයෙන් ඉල්ලීම් කෙරුණා. ඇයව ඒ සඳහා නම්කර තිබෙනවා. මෙය පක්ෂය කල්තියා ගත් තීරණයක් ද?
පිළිතුර - ඒ මන්ත්‍රී ධුරය ජාතික ජනබලවේගයට ලබාදීම හොඳ නිසා තමයි එහි වටිනාකම ගැනීමට බොහෝ පාර්ශ්ව උත්සාහ ගන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම නමුත් අපට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තවත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුට දෙනවා වෙනුවට ජාතික ජනබලවේගය නියෝජනය කරන ජ.වි.පෙ නොවන කෙනකුට දෙන්නට අපි තීරණය කළා. එය කිසිදු විවාදයකින් තොරව සමගිව රැස්ව සමගිව සාකච්ඡා කර ගත් තීරණයක්. තමන්ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බෙදාගන්න බැරිව මේ රටේ ආගමික සංස්ථාවටත් නින්දා කරන සංස්කෘතියක් ඇතුළේ අපි අපේ ආදර්ශය පෙන්නුම් කරලා තිබෙනවා. ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. 2004 සන්ධාන ආණ්ඩුව වෙලාවේ අපට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පහෙන් දෙකක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරිත්‍යාග කළා. 2010 දි කුසලානෙන් ඉල්ලපු වෙලාවේ අපට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ජවිපෙන් පිටට පරිත්‍යාග කළා. මන්ත්‍රී ධුර සඳහා තමන්ගෙ සියලු වටිනාකම් පහත හෙලාගෙන ක්‍රියා කරන සමාජයක අපි දේශපාලනය කියන්නේ මොකක්ද කියලා පෙන්නුම් කර තිබෙනවා.

ප්‍රශ්නය - අතිවිශාල බලයක් හිමි ආණ්ඩුවක් හමුවේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු නියෝජනය පහත වැටෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග කවරාකාර වේවිද?
පිළිතුර - කලින් තිබුණු පාර්ලිමේන්තුවට වඩා ඊළඟ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අපි සලකා බලන්න ඕනෑ. මොකද පොදුජන පෙරමුණට තුනෙන් දෙකක් ලැබීම පමණක් නෙවෙයි. දැන් පාර්ලිමේන්තුවට ඇතුල් වෙලා තිබෙන මන්ත්‍රීවරුන්ගේ සංයුතියත් බලන්න ඕනෑ. මොකද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට වැඩි වටිනාකමක් දෙන පාර්ලිමේන්තුවක් ඊළඟ අවුරුදු පහේදි නිර්මාණය වේවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. මිරිස් කුඩු ගහන පන්නයේ අය තමයි වැඩිවෙලා තිබෙන්නේ. මේ නිසා ජනතාවගේ සහ මාතෘභූමියේ අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් අපට පාර්ලිමේන්තුවට වඩා එලියේ තිබෙනවා. ඒ ගැන අපේ අවධානය යොමුකර තිබෙනවා.

ප්‍රශ්නය - ජනාධිපතිවරයා කැබිනට්ටුව පත් කළා. ආණ්ඩුවේ ගමන් ආරම්භය ගැන කිවහැක්කේ කුමක් ද?
පිළිතුර - ලක්ෂ හැට නවයකට ආසන්න ජනතාවගේ බලය ලබාගෙන වැඩ පටන්ගන්න ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන්ටත් අමාත්‍යාංශ ලේකම්වරුන්ටත් අපි සුබ පතනවා. ආණ්ඩුවට ලොකු අභියෝගයක් තිබෙනවා. ඔවුන් අපේක්ෂා නොකළ ආකාරයට ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනතා ප්‍රශ්න විසඳිය යුතුයි. විධායකයේ සම්පූර්ණ බලය තිබෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හා පළාත් පාලන ආයතනවල සාතිශය බහුතරය සමග සියලු පොරොන්දු ඉටු කළ හැකියි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට පවරාගැනීම ගැන දැන් කිසිම දෙගිඩියාවක් තිබෙන්න බෑ. එම්.සී.සී ගිවිසුම අහෝසි කරන්නත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවෙනුත් දකුණු ජැටිය චීනයෙනුත් පවරාගන්න ජනතාව වරමක් දීලා තිබෙනවා. 2015දි ජනතාව ජනවරමක් දීලා රනිල් මෛත්‍රී ආණ්ඩුව ඒක කඩ කළා වගේ නැතිව මේ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය තල්ලුව අපි පාර්ලිමේන්තුවේත් ඉන් පිටතදීත් ලබාදෙනවා.

ප්‍රශ්නය - 19 අහෝසි කර 20 වැනි සංශෝධනයක් ගෙනෙන බව ආණ්ඩුව ස්ථිර ලෙස කියනවා. 17 හා 19 වැනි සංශෝධන සඳහා කැප වූ දේශපාලන කණ්ඩායමක් හැටියට මේ දේශපාලන වෑයමට දක්වන ප්‍රතිචාරය කෙබඳුද?
පිළිතුර - මේ තත්ත්වය විසින් සමහර මන්ත්‍රීවරුන් ජෝකර්ලා බවට පත් කරාවි. දාහතටයි දහ අටටයි දහ නවයටයි විස්සයි සේරටම අත උස්සපු මන්ත්‍රීවරු ඔතන ඉඳීවි. ඒ කියන්නේ ඔවුන් එක වෙලාවකට ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීමට එකඟයි. ආයේ ඒවා අහෝසි කරන්න එකඟයි. ආයේ ඇතිකරන්නත් එකඟයි. ඒ කියන්නේ තමන්ගෙ හෘද සාක්ෂිය හෝ ප්‍රතිපත්තිය නෙවෙයි. කොහොම නමුත් ආණ්ඩුව 19 වැනි සංශෝධනය අහෝසි කිරීම හරහා සිදුකරන්නේ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු එන්න අවස්ථාව සලසාදීම නම්, තිහට සීමා කර ඇති කැබිනට්ටුව වුවමනා තරම් වැඩිකරගැනීමටත් අවුරුදු හතරහමාරක් වනතුරු විසුරුවන්න බැරි පාර්ලිමේන්තුව ඕනෑම වෙලාවකට විසුරුවන්නටත් ජනාධිපතිට බලය දීම නම් ප්‍රජාතන්ත්‍රවාදයට සාධනීය ලක්ෂණයක් වූ ස්වාධීන කොමිෂන් සභා අහෝසිකිරීම නම් ජනතාව අපේක්ෂා කළේ එය නෙවෙයි. මැතිවරණය කාලේ සමහර ඇමැතිවරු එම්.සී.සී අහෝසි කරන්නත් පුරා වස්තු ආරක්ෂා කරන්නත් තුනෙන් දෙක ඕනෑ කිව්වා. ඉතින් ආණ්ඩුව රට පැත්තෙන් නොහිතා ලැබුණු බලය තමන්ගේ බලය වෙනුවෙන්ම යොදාගන්න ගියොත් ඒකෙ ප්‍රතිඵල ලැබේවි. මොකද 2010 දි මහමැතිවරණයෙදිත් තුනෙන් දෙකේ බලය ගත්ත ආණ්ඩුවට 2014 දි ගෙදර යන්න සිද්ධවුණා.

(*** සංවාද සටහන -  බිඟුන් මේනක ගමගේ)



අදහස් (12)

ආණ්ඩුවට කර අරින්න දැන් බැහැ

Kooralage Tuesday, 18 August 2020 08:37 AM

අපි හිතුවේ මෙයා මහ උගතෙක් කියලා... සජිත්ට මුළු ඡන්ද ව්‍යාපාරය තුළම බැන බැන ගිහිල්ලා අන්තිමට හොම්බ බිම ඇණගත්තා. සජිත් කළේම දුප්පතාට හොඳ සේවයක්... මේවා මේගොල්ලන්ට හොඳ පාඩම්..

:       307       1344

GalaparaFriday, 21 August 2020 05:15 AM

මේ ගොල්ලෝ දැනගන්න ඕනෑ... ඡන්දෙකදී පොදු හතුරාට පහර ගහලා ඡන්දෙන් දිනන්න බලන්න. ඒත් සජිත්ට පුළුවන් තරම් ඡන්දෙදී නිකරුණේ බැනලා. ජවිපයත් පැරදිලා... අන්තිමට සජිත්ගේ ඡන්දත් විශාල ප්‍රමාණයක් අපරාදේ නැතිකරලා දැම්මා... මේ ගොල්ලන්ගේ තියෙන කුහකකම තමයි..

:       0       0

sunil Tuesday, 18 August 2020 11:18 AM

තමුන්ට වැලේවැල් නැතිවුණත්, මේ ගොල්ලෝ හරි දක්ෂයි... අනිත් පක්ෂ දිනුවේ, පැරදුනේ ඇයි කියලා විශ්ලේෂණය කරන්න...?

:       264       335

මහී Tuesday, 18 August 2020 05:02 PM

දොස්තර මහත්තයා තාම පොළවේ නෙවෙයි ඉන්නේ.. මවාගත්තු ලෝකේ. මාත් ඔහෙලට ඡන්දෙ දුන්නා 2015දී. හැබැයි මේ පාර පොහොට්ටුවේ. අපිට ඕනෑ වුනේ පොහොට්ටුවට තුනෙන් දෙකක් අරගෙන දෙන්න විතරක් නෙවෙයි ඔහේලගේ 3% ත් අඩු කරන්න. ඒක බැරි වුණත් අපි හයෙන් තුනක් ගැලෙව්ව හොඳේ. මං කළුතර.

:       237       330

Anil Thursday, 20 August 2020 01:09 AM

මේ පාර විතරක් නෙවෙයිනේ ලොකු උන්නැහේ ඔහෙලා ඕක දැන් අවුරුදු 72ක් තිස්සේ කරනවනේ.. ඕක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, වහල්කමයි, අමනාපකමයි එකතුවුණාම වෙනදෙයක්...

:       1       4

Lelwala Wednesday, 19 August 2020 12:43 AM

මේකට එකම හේතුව ඔබ පක්ෂයේ ප්‍රතිපත්ති... සිංහල, බෞද්ධකම විපක්ෂයේ භූමිකාව... දේශප්‍රේමීත්වය නැතිවීම...

:       92       202

සෑම් Wednesday, 19 August 2020 08:04 AM

මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් මනාව පෙන්වන කාරණයක් තමයි මේ රටේ මෙතුවක් කල් උගත්, බුද්ධිමත් යයි අප සිතාගෙන සිටි බහුතර මධ්‍යම පාන්තික ජනතාවගේ මෝඩකම සහ කපටිකම, ඔවුන්ගෙන් කොටසක් සැබවින්ම දේශපාලනිකව කපටියි, කොටසක් මෝඩයි. අඩු ආදායම්ලාභි නූගත් පහළ පාන්තිකයින් සහ වැඩි ආදායම් ලාභී උගත් බහුතර මධ්‍යම පාන්තිකයින්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය එක සමානයි. අද රටේ විවිධ ක්ෂේත්‍රවල සුළු හා මධ්‍ය පරිමාණ දුෂණ සහ වංචා සිදුකරන්නේ මේ කියන බහුතර උගත් මධ්‍යම පාන්තිකයින්... කොටින්ම කියතොත් කපටි රාජපක්ෂලා බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් රටේ මධ්‍යම පාන්තිකයන් සටකපටයි... නැතහොත් මෝඩයි...

:       58       436

mp Wednesday, 19 August 2020 09:52 AM

අවුරුදු 5ක් මෙයා කයිවාරු ගැහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තවත් ලැජ්ජ නැතිව කියවනවා. අනුන් විවේචනය කිරීම වෙනුවට, තමන්ගේ වැරදි හදා ගන්න. ඔහෙලට මේ ආත්මයේ නම් පාර්ලිමේන්තු යනවා බොරු.

:       97       254

සෙනෙවිරත්න Wednesday, 19 August 2020 03:33 PM

ඔබතුමා කියන්න මොනවා හරි වැරැද්දක් එතකොට හදාගත හැකියි. මිරිස් කුඩු ගහපු කුණුහරුප කියපු අය මීට වඩා හොඳයි නම් කාලා බලමු තව ටිකකලයි...

:       76       135

සෙනෙවිරත්න Wednesday, 19 August 2020 03:35 PM

තමුන්ලා වගේ අය ඉන්නකන් යයි පාර්ලිමේන්තු... නැද්ද?

:       1       2

Anil Thursday, 20 August 2020 01:13 AM

අනේ මේ අපිටත් දැනගන්න එක්කලා කියනවද ඔය දකින ඔය ඩොක්ටර් ජයතිස්සගේ තියෙන, ප්‍රොෆෙසර් රෝහිත අබේගුණවර්ධනගේ නැති අඩුපාඩු..

:       1       2

chandima Thursday, 20 August 2020 07:31 PM

මේ... ඔහෙලගේ කෙරුවාව හොඳ නිසා ඔක්කොම හැලිලා අන්තිමට 3 විතරක් ඉතුරු වුණා. දැන්වත් උඩ පනින්නේ නැතිව ඉන්න. වෛද්‍ය කිව්වට ගොඩවෛද්‍ය වගේ පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 62 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1363 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 635 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4621 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12961 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site