අපි‍්‍රකානු මහද්වීපයේ සිම්බාබ්වේ නමැති රටේ පාසලක ළමයින්ට ප‍්‍රජාචාරය උගන්වමින් සිටි ගුරුවරයකුට හදිසි ඇබැද්දියකට මුහුණ දීමට සිදු විය. එනම් අදාළ පාඩම අවසානයේ එරට පොලීසිය මඟින් ඔහු අත්අඩංගුවට ගැනීමය. ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කළ ගුරුවරයාට දඬුවම් නියම විය. ඊට හේතුව ප‍්‍රජාචාරය පාඩම අතරතුර එරට ජනාධිපති රොබට් මුගාබේ අනියමින් විවේචනයකට ලක්වන ඉගැන්වීමක ඔහු නිරත වූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වීමය.
එරට අධිකරණය හැසිරෙන්නේ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ක‍්‍රමයටය. හාමුදුරුවෝ මුගාබේය. එහි විධායකය හා අධිකරණය අතර මූලික වෙනසක් නැති ගානය. මේ අතරවාරයේ හදිසියේම වාගේ මුගාබේගේ රජයට එරෙහිව නඩු තීන්දුවක් දීමට ගිය එරට අගවිනිසුරුට පසුගිය නොවැම්බර් 28 වැනිදා ගෙදර යෑමට සිදුවීම සිම්බාබ්වෙන් ලැබෙන අලූත්ම ආරංචිය වේ.
සමහරු සිම්බාබ්වේ අපේ රටට ආදේශ කිරීමට සූදානම් වීම සාධාරණ නොවේ. අපේ අධිකරණය එසේ නොවේය. එය මුගාබේගේ ආණ්ඩුවේ මෙන් ආණ්ඩුවක රබර් සීල් එකක් වෙලා නැත. මේ ඊයේ පෙරේදා අපේ රටේ අභියාචනාධිකරණය මගින් කතානායකවරයා ඇතුළු අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විභාග කළ දෝෂාභියෝග කමිටුවට උසාවියට එන්නැයි නොතීසි නිකුත් කිරීම ඊට හොඳම උදාහරණයකි. මේ වනවිට තේරීම් කාරක සභාවක් නොමැත. හරි හෝ වැරදි ඔවුන් තමන්ගේ වාර්තාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි කතානායකවරයාට බාර දී අවසන්ය. එසේ නම් උසාවි යන්නේ ඇයිද යන ප‍්‍රශ්නය පැන නඟී. දැන් උසාවිය කැදවීමක් කරන්නේ සිදුවන කි‍්‍රයාදාමයක් සම්බන්ධයෙන් නොව සිදුවූ දෙයක් සම්බන්ධයෙනි. අපේ අධිකරණය වුවද තටු ගසා නැගිටින්නේ තමන්ගේ කෙනකුට වැදෙන විට දැයි මේ නිසා සමහර කෙනකු කල්පනා කිරීමට ඉඩ තිබේ.
මේ දිනවල පාර්ලිමේන්තුව මෙන්ම අධිකරණය ද තමන්ගේ හයිය නැත්නම් කොන්දේ ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් සිටී. පාර්ලිමේන්තුව සඳහන් කරන්නේ වඩා උත්තරීතර තමන් බවය. අධිකරණයේ කැඳවීම ඔවුන් සලකන්නේ තම උත්තරීතර භාවයට කළ අභියෝගයක් ලෙසිනි. අපේ අධිකරණයට කතානායක ඇතුළු දෝෂාභියෝගී කණ්ඩායම උසාවියට කැඳවීමට නියෝග නිකුත් කිරීමෙන් පිළිබිඹු කරන්නේ ඔවුන් ද තම ස්වාධීන හා උත්තරීතර බව හොඳින් බුක්ති විඳින බවය. කෙසේ නමුත් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුම අමු අමුවේම උත්සන්න වීමක් ලෙස දෝෂාභියෝග කාරක සභාවේ සාමාජිකයන් උසාවි කැඳවීම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ”78 ඒ” වගන්තියට නව අර්ථකතනයක් දීමට සූදානම් වීමෙන් පෙනේ. අවසාන විග‍්‍රහයේදී මේ ආයතන තුනටම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා වගකීම් හා බලය පවරා තිබෙන්නේ ජනතාවයි. එසේ නම් මේ කණ්ඩායම් තුනටම වඩා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වන අතර එම ව්‍යවස්ථාවටද උඩින් සිටින්නේ ජනතාවයි. මේ අනුව අවසානයේ උත්තරීතර වන්නේ ජනතාවයි. දැන් මේ දෙපාර්ශ්වයම තම තමන්ගේ ක්ෂේත‍්‍රවල හයිය පෙන්වීම ජනතාවට නැරඹීමට සිදු වී තිබේ. එහෙත් බලය පැවරූ අයට අවශ්‍ය වන්නේ තම පරමාධිපත්‍ය බලය අදාළ ක්ෂේත‍්‍රවල අය නිසි අයුරින් ඉටුකරනවා දකින්නටය. පසුගිය සමයේ එවැන්නක් සිදු වුණාද යන්න තම හෘද සාක්ෂියට අනුව කල්පනා කිරීමට මේ හැමදෙනාම දැන්වත් පටන් ගත්තේ නම් ජනතාවගේ පැත්තෙන් වැදගත්ය.
මේ රටේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ක්ෂේත‍්‍ර තුනම දැඩි ලෙස පිරිහෙමින් පවතින බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මෙම ක්ෂේත‍්‍ර තුනම පාලනය වන්නේ පුළුල් සංවාදයකින් නොව හදිසියේ සම්පාදනය කරගෙන සම්මත කරගත් 1978 ව්‍යවස්ථාව මඟිනි. වර්තමානයේ බලයේ සිටින්නේ මෙම ව්‍යවස්ථාවට එරෙහිව දැඩි ලෙස සටන් කළ එය පිළිකුලෙන් බැහැර කළ පිරිසකි. යුද්ධය නිසා ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි යැයි ජනතාවට උත්තර බැන්ද අය දැන් කිසිදු හිරිකිතියකින් තොරව තවමත් එය පරිහරණය කරමින් සිටින බව පෙනේ. වත්මන් ගැටුම මේ ව්‍යවස්ථාවට ආවේණිකය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඇතුළු විද්වත්හු රැසක්ම මේ බව කීප අවස්ථාවකදී ම පෙන්වා දුන්හ. ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට බැණ වදිමින් බහුබූත යැයි කියූ මේ ව්‍යවස්ථාව රැකගනිමින් තීන්දු තීරණ ගැනීමය. වසරක් ඇවෑමෙන් විධායකයට ඕනෑම මොහොතක විසුරුවා හැරිය හැකි පාර්ලිමේන්තුවක උත්තරීතර බව හෝ සමහර විටෙක විධායකයට ඇවැසි ලෙස නඩු තීන්දු හා අර්ථකථන දුන් අධිකරණයක ස්වාධීනත්වය ගැන කතා කිරීමෙන් පමණක් මෙවන් ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගත නොහැක.
”නිසැකවම හා ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම යුක්තිය ඉටු වෙනවා යැයි හැඟෙන ලෙස යුක්තිය ඉටු කළ යුතු බව අප හැමදෙනාම දන්නා නීතියේ දැක්වෙන ප‍්‍රකට සිද්ධාන්තයක්” අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක පසුගියදා පැවැති (22. 12. 2012) අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතා ප‍්‍රකාශ කර තිබුණි.
”නීතිය ඉටුවූවාට පමණක් මදි නීතිය ඉටු වන බව පෙනී යා යුතුයි”.
මේ දෙදෙනාගේම සහභාගිත්වයෙන් පසුගිය සමයේ දෙන ලද සමහර නඩු තීන්දුවල එම මූලධර්මය සුරැකිව තිබුණා ද යන්න ජනතාවට ප‍්‍රශ්නයකි. සමහර තීන්දු නිසා අධිකරණයම තම ගෞරවය හා ස්වාධීනත්වය නැතිකරගෙන තිබේ. ඒ නිසාම එය දිගින් දිගටම සිදුවිය යුතු යැයි මින් අදහස් වන්නේ නැත. එමෙන්ම අගවිනිසුරුතුමියට එරෙහිව පැවැති දෝෂාභියෝග චෝදනා විභාගයේදී ද ස්වාභාවික යුක්තියේ මූලධර්මය සුරැකිව පැවතුණාද යන්න ද ප‍්‍රශ්න කිරීමකට භාජන වෙමින් පවතී. එසේ පැවැතියානම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ හෘද සාක්ෂිය තවත් ස්වාධීන නිරීක්‍ෂණයකට විවර නොවීමටද ඉඩ තිබුණි.
ව්‍යවස්ථාවට අනුව තේරීම් කාරක සභා කි‍්‍රයාවලිය නිවැරැදිය. ලෝකයේ සෑම රටකම විනිසුරුවරුන්ට එරෙහිව අනුගමනය කරන්නේ මෙවන් කි‍්‍රයාදාමයක් බව අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා සඳහන් කරන කාරණය සත්‍යයකි. එසේම ලෝකයේ මේ සඳහා නව විධික‍්‍රම තම තමන්ගේ ව්‍යවස්ථාවලට එක්කරගෙන තිබෙන බවද මේ වනවිට රහසක් නොවේ. කවදත් යූ.ඇන්.පී. විරෝධී පිල නියෝජනය කළ රට පිළිගන්නා ප‍්‍රබල වමේ නායකයකු වූ ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගම මන්තී‍්‍රවරයා ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ්මන් ජයකොඩි වැනි මන්තී‍්‍රවරුන් අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ කි‍්‍රයාපිළිවෙත ගැන ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාව වත්මන් දෝෂාභියෝග කාරක සභාව නොදැන සිටීමට ද හේතුවක් නැත.
වත්මන් අගවිනිසුරුවරියට තරම් බරපතළ චෝදනා මෙතෙක් එම තලයේ සිටි කිසිවකුට හෝ විනිසුරුවරයකුට හෝ ඉදිරිපත් වී නැත. එ්වා දේශපාලන චෝදනා ද නොවන්නේය. චෝදනාවක් එල්ල වූ පමණින් ම කිසිවෙක් වැරදිකරුවෙක් හෝ වරදකාරියක වන්නේ නැත. මේ පිළිබඳ විභාගය සාධාරණ යුක්තියේ මූලධර්මවලට යටත් විය යුතුය යන්න පිළිබඳව දැන් විවාදයක් පවතී. මේ වන විට ඉදිරිපත් වී ඇති චෝදනා යටපත් වී චෝදනා විභාග කළ ආකාරය පිළිබඳව විවාදයක් ගොඩ නැඟී ඇත. එම විවාදයට නායකත්වය දෙන නීතිඥ ප‍්‍රජාව හා අධිකරණ ක්ෂේත‍්‍රය එක පිලක් ලෙස තම මතය සමාජගත කරමින් සිටී. හරි හෝ වැරැදි එය මේ වන විට මධ්‍යම පන්තිය අභිබවා සමාජයේ පහළ ස්ථරවලට කාන්දුවෙමින් පවතී. ඊට හේතුව පොල් ගැහුවත්, මිරිස් ඇඹරුවත් මේ අය ඕනෑම රටක සමාජය පිළිගත් හා පිළිගැනුමට ලක්වන ප‍්‍රජාවක් නිසාය. ඊට ආණ්ඩු විරෝධී විපක්‍ෂයේ ද මතවාදය එකතුවීම නිසාත්, විපක්‍ෂයේ දේශපාලන නීතිඥයන්ද කළු කබා පැළඳ එම සටනට නායකත්වය දීම නිසාද ප‍්‍රශ්නය වඩාත් දුරදිග යමින් පවතින බව පෙනේ.
”නඩුකාරයො ඡන්දෙට එනවද?”
”ඡන්දෙ ඉල්ලන්නෙ දේශපාලකයො.”
”ඒ නිසා ඡන්දෙකට ගියාම මේ මොනවත් ආණ්ඩුවට ප‍්‍රශ්නයක් නොවෙයි.”
”මිනිස්සු ඉන්නෙ ආණ්ඩුව සමඟනෙ.”
මේ කතාවේ සත්‍යයක් තිබේ. ජනතාව සිටින්නේ ආණ්ඩුව සමඟය. ආණ්ඩුවට උපදෙස් දෙන සමහරුන් තර්ක කරන්නේ මෙහෙමය. මේ නිසා ඕනෑම දෙයක් ”ජනමත ගල්රෝලට” චප්ප කළ හැකි යැයි ආණ්ඩුවේ සමහරුන් කල්පනා කරන බව පෙනේ. එය නිවැරැදි කල්පනාවක් නොවන්නේ යම් දිනක කළය පිරෙන්නේ බින්දුව බින්දුව එකතුවීමෙන් බව බලයත් සමඟ මේ අයට දැන් නොතේරෙන නිසාය. නැති නම් දැන දැනම ආණ්ඩුව අමාරුවේ දැමීමේ යටි අරමුණකින් සමහරු උපදෙස් දෙමින් සිටින්නේදැයි කියන්න දන්නේ නැත.
ජනපි‍්‍රය ආණ්ඩුවක් වුවද ‘කූරියා’ ගැහීමට වැඩි කාලයක් ගතවන්නේ නැත. මේ මොහොතේ අගවිනිසුරුවරියට එරෙහිව ඇති චෝදනා යටපත් කර චෝදනාව විභාග කිරීමට පාවිච්චි කළ ක‍්‍රමවේදය ඉස්මතු කර සාධාරණත්වය හා යහපාලනය පිළිබඳ කාරණය රජයට එරෙහිව ඉස්මතු කිරීමට අදාළ පිරිස කි‍්‍රයාකරමින් සිටින්නේ මේ පිළිබඳව වැටහීමක් ඇතිවය. මේ මොහොතේ අගවිනිසුරුතුමිය ඉස්මතු වෙමින් සිටින්නේ එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු සැපයීමේ ක‍්‍රමවේදය හරහා නොව පරීක්ෂණය පැවැත් වු ක‍්‍රමවේදයේ කි‍්‍රයාපිළිවෙත පදනම් කරගෙනය. මීට වඩා වෙනස් ක‍්‍රමවේදයක් පවතින ව්‍යවස්ථාවට අනුව නොමැති බව සත්‍යයකි. එහෙත් චූදිතයා පරීක්‍ෂණය තුළ උපක‍්‍රමශීලිව රඳවා ගැනීමට අපොහොසත්වීම හා ඊට යොදා ගත් කාල රාමුව පිළිබඳ ප‍්‍රශ්නයෙන් කෙසේ හෝ දෝෂාභියෝග කාරක සභාව හිරකර තම මතය සමාජයට මුදාහැරීමට නීතිඥ ප‍්‍රජාව හා විපක්ෂය කටයුතු කරමින් සිටී.
මේ වන විට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායකගේ අඩියක් පස්සට ගන්නැයි කරන ඉල්ලීම හා වමේ නායකයන් පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට කරනු ලබන ඉල්ලීමෙන් ආණ්ඩුවේ පිරිසකට වෙනස් මතයක් තිබෙන බව පෙනේ. එය දෝෂාභියෝග කි‍්‍රයාදාමයට එරෙහිව කටයුතු කරන පාර්ශවයට රුකුලකි. හොඳ තල්ලූවකි. ඔවුන්ගේ ප‍්‍රබෝධයට හේතු වන්නකි. වමේ නායකයන් හා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කල්පනා කරන්නේ ආණ්ඩුව උගුලකට හසු වී ඇතැයි කියා විය හැකිය. මේ නිසා ඔවුන්ගේ යෝජනාව රජය බේරාගැනීමේ පැත්තෙන් වාගේය. එහෙත් මේ ආණ්ඩුවේ අයට කැබිනට් සාමුහිකත්වයක් කියා දෙයක් ගෑවිලාවත් නැති ගානය. අර්බුදකාරී ප‍්‍රශ්නයකදී වුවද කැබිනට් මණ්ඩලයේ කතා කළ යුතු දේවල් එළියේ කතා කරන්නේ ඒ නිසාදැයි කියන්න දන්නේ නැත. කැබිනට් රැුස්වීම්වල හා කණ්ඩායම් රැස්වීම්වල ගොළුවන් බිහිරන් මෙන් සිට එළියේ ආතක් පාතක් නැතුව ඕනෑම දෙයක් ඇද බෑම අද මේ ආණ්ඩුවේ සංස්කෘතික ලක්ෂණයක් වී තිබේ.
මේවා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දුන් සමහරුන් දැන් ඉන්නේ ”අනේ අපි ඕවාට නැහැ” කියලාය. ඔවුන්ට එළියේ රහසිගත තැන්වල මේ කි‍්‍රයාදාමයට එරෙහිව වෙනස් මතයක් තිබේ. ඒ අනුව බිල්ලට ගොස් සිටින්නේ දෝෂාභියෝග කාරක සභාව වාගේ ය. දිගින් දිගටම මෙවන් අර්බුදයක් නඩත්තු කරමින් රටකට ඉදිරියට යා නොහැක. මෙවන් පසුබිමක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තනි තීරණයක් ගතහොත් එයත් සමහරුන්ට දිරවන්නේ නැති විය හැක. එහෙත් රටක් ලෙස ගතහොත් එවැන්නක් ගැනීමේ අයිතියක් විධායකය සහ ආණ්ඩුව සතුය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආණ්ඩුවට මත දෙකක්
නිමාලි Saturday, 29 December 2012 07:37 PM
මම මොනවා කියලා කියන්නද (දී)
මුතුකුඩ Saturday, 29 December 2012 09:14 PM
උණු හින්දා බොන්නත් බෑහැ, කිරි හන්දා විසිකරන්නත් බෑහැ. (නි)
ජිනා Saturday, 29 December 2012 09:36 PM
අවි ගනුදෙනුවකට සම්බන්ධ කෙනෙක් නිසා මේ තත්ත්වය ඇතිවී ඇති බව මම ලිපියක කියවා ඇත්තෙමි. (නි)