අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැනීමට විදෙස් ණය ලබා ගැනීමය. ගැටලුවට මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් විසඳුමක් ලබා දුන්නේ නැත. ඒ බව සනාථ කෙරෙන හෙළිදරව්වක් පසුගියදා අපගේ ලංකාදීපය පළ කළේය.
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය මෑතකදී සිදුකළ එම හෙළිදරව්වට අනුව මේ වසරේ (2024) අයවැයෙන් අපේක්ෂිත ආදායම සියයට 14 කින් අඩුවනු ඇතැයි ප්‍රකාශ වී තිබේ. ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් එහි වැඩිදුරටත් සඳහන්ය. ආණ්ඩුව මෙවර අයවැයෙන් රුපියල් කෝටි 4,16,400 ක ආදායමක් අපේක්ෂා කළද ලැබිය හැක්කේ රුපියල් කෝටි 3,57,000 ක ආදායමක් පමණක් බව කියන වෙරිටේ රිසර්ච් සඳහන් කරන්නේ එය රුපියල් කෝටි 59,400 ක අඩුවක් බවය.
මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙසේ ආදායම් තත්වයේ අපේක්ෂිත ඉලක්කයට ළඟාවීමට නොහැකි වීමට හේතු වශයෙන් සඳහන් වන කාරණා කිහිපයයි. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ මේ ආදායම් අඩුවීමට ප්‍රධාන හේතුව, ලබාගත හැකි බවට හඳුනාගෙන තිබූ බදු පිළිබඳ තබා ඇති අධිතක්සේරුව බව අනාවරණය කර තිබිණ. එම හිඟයෙන් සියයට 61 ක් වැට්බදු අධිතක්සේරුව නිසාත්, ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසාත් නිර්මාණයවී ඇති බව හඳුනා ගෙන ඇතැයිද ප්‍රකාශවී තිබේ.
මෙහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ වැට් බදු රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ඉහළ දමන විට එයින් සිදුවිය හැකි ප්‍රතිවිපාක කෙරෙහි රජය කිසිදු අවධානයක් නොදැක්වීමය. වැට්බදු මේ මට්ටමට ඉහළ දමන විට ඒ වන විටද රටේ ජනතාවගේ ආදායම් තත්වය බරපතළ පිරිහීමකට ලක්ව තිබීම නිසා ජනතාවගේ මිලදී ගැනීම් ශක්තිය තවදුරටත් පහළ බසිනු ඇතැයි මෙරට බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස් හා යෝජනාවලට ආණ්ඩුව සවන් දුන්නේ නැත. ඒ වෙනුවට රජයේ බලධාරීන් දිගින් දිගටම ප්‍රකාශ කළේ වැට් බදු මේ ආකාරයට ඉහළ දැමීමකින් තොරව රජයේ ආදායම වැඩි කර ගැනීමට නොහැකි බවයි. එහෙත් දැන් සිදුවී ඇත්තේ එසේ ජනතාවගේ ආර්ථික ශක්තිය පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව වැට් බදු ඉහළ දැමීමෙන් අපේක්ෂිත ආදායම අහිමිවී යාමය. පෞද්ගලික ආදායම් බදු සහ රේගු ආනයන බදු වලටද මේ කාරණාව බලපා තිබීමද බදු අධිතක්සේරුවට හේතුවී තිබෙන බවද පැහැදිලිය.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ හෙළි කිරීම් වලට අනුව පසුගිය වසරේදී (2023) අපේක්ෂිත ආදායම් ඉලක්කය සියයට 13 කින් අඩුවී ඇති බවද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කර තිබේ. එසේම ලොවේ වැඩිම පොලී පිරිවැය සහ ආදායම් අනුපාතය ඇති ශ්‍රී ලංකාව ආර්ථික තිරසාරභාවය සඳහා එම අනුපාතය අඩුකිරීමේ වැදගත්කමද එම වාර්තාව උපුටා දක්වා තිබේ. මෙම කාරණා සම්බන්ධයෙන් මෙරට ආර්ථික විශ්ලේෂකයන් වරින්වර පෙන්වා දුන් කාරණා මේවනවිට සත්‍ය වී තිබෙන බව මේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එම විශ්ලේෂකයන්ගේ අදහස් ඉවත දැමීමේ ඵලවිපාක දැන් ආර්ථිකයට දැනෙමින් තිබෙන බව මේ වාර්තාව සනාථ කර තිබේ.
අපේ රටේ ආර්ථිකයේ අයවැය පරතරය පියවා ගැනීමට යොදාගත් පියවර අසාර්ථකවී ඇති බව අප මුලින්ම සඳහන් කළේ මේ ඉහත සඳහන් කාරණා සැලකිල්ලට ගනිමිනි. 1991 වසරේ පටන්ම මේ රටේ ආණ්ඩු ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වී නැත. අපේ ආර්ථිකය තවමත් මේ විෂම චක්‍රයෙන් ගලවා ගැනීමට නොහැකිවීම සැබෑ ඛේදවාචකයකි.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක