”අපි අපගේ පියාණන් වූ බොලිවර් සමග එකම බළඇණියක කඳු ශිඛර තරණය කළෙමු. දෙවියන් වහන්සේට ස්තූති වේවා. මාගේ මිනිසුන්ට ස්තූති වේවා. මගේ ජීවිතයට ස්තූති වේවා. හැමවිටම ජයග‍්‍රහණය වෙනුවෙන්. අපි ජයග‍්‍රහණය කරන්නෙමු. මා ආපසු එනතෙක් ඔබට ජයවේවා!” 2011 ජූනි මස 30 වැනි දින කියුබාවේ හවානා නුවර සිට එසේ ප‍්‍රකාශ කළ ලතින් ඇමෙරිකානු විප්ලවීය වීරයා හියුගෝ චාවේස් ආපසු නොඑන්නටම අප හැර ගොසිනි.
වෙනිසියුලාවේ බරිනාස් තණබිම් ආශ‍්‍රිතව දරුවන් හය දෙනකුගෙන් සමන්විත ගුරු පවුලක දෙවැනි දරුවා ලෙස 1958 ජූලි 28 වැනිදා හියුගෝ චාවේස් මෙලොව එළිය දුටුවේය. ඔහුගේ කුඩා අවදිය ගෙවෙන්නේ සිය මිත්තණිය වූ රෝසා ඉනේස් සමග ඇයගේ නිවසේය. කුඩා චාවේස් බේස් බෝල් ක‍්‍රීඩාවට කෙතරම් ඇලූම් කළේද යත් බේස් බෝල් ක‍්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන නිසා ඔහු වයස අවුරුදු 16දී යුද හමුදාවට බැඳෙන්නේය. අවසානයේදී ඔහු ලූතිනන් කර්නල් තනතුර දක්වා උසස් විය.
හමුදා නිලධාරියකුව සිටිමින්ම 1992 පෙබරවාරි මස ඔහු එවකට වෙනිසියුලාවේ ජනාධිපති කාර්ලෝස් ඇන්ඩේරස් පෙරෙස්ගේ පාලනයට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන්නේය. එහෙත් එම කැරැල්ල අසාර්ථක වන අතර චාවේස් අත්අඩංගුවට පත් වන්නේය. ඉන් අනතුරුව ඔහු විසින් කරන ලද රූපවාහිනී ප‍්‍රකාශයේදී ඔහු සිය සගයින්ට පවසන්නේ කැරැල්ල ”දැනට” පරාජය වූ බැවින් අවි බිම තබන ලෙසයි. ඔහුගේ මෙම ප‍්‍රකාශයෙන් ඔහු කෙරෙහි මහත් බලාපොරොත්තු තබාගෙන සිටි ජනතාව තුළ වූ බලාපොරොත්තු තවදුරටත් ජීවත් කරවන්නක් විය.
පුරා වසර දෙකකට අධික කාලයක් තිස්සේ සිරගතව සිටින්නට ඔහුට සිදුවූ අතර ඒ පිළිබඳව අලෙයිඩා ගුවේරා (චේ ගුවේරාගේ දියණි) සමග මෙසේ පවසා තිබුණි. ”පුරා වසර දෙකකුත් මාස දෙකක් මා සිරගත කරනු ලැබුවා. ඒ කාලය තුළ බොහෝ දේ ඉගෙන ගැනීමට මට අවස්ථාව ලැබුණා. මට නම් සිරගෙය එක්තරා පාසලක්. එහිදී ආත්මය වානේ මෙන් ශක්තිමත් වෙනවා. දැඩි විශ්වාසයන් තවත් ශක්තිමත් වෙනවා. ඒ වගේම අවබෝධය ගැඹුරු වෙනවා. යම් දැක්මක් සහිතව ඒ දෙස හැරී බලනවා නම් ඒ මුළු කාලය මුළුල්ලේම අප දැනුම්වත් සිරකරුවන් වුණා.
අපි අභිමානයෙන් යුත් සිරකරුවන් වුණා. සිරගෙයි වැටී සිටින්නේ කුමක් නිසාදැයි හොඳින් දැන සිටි සිරකරුවන් වුණා.
1992 පෙබරවාරි කැරැල්ල ජයගත්තේ නම් ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නැවතත් හමුදා බැරැක්කවලට යෑම ඔවුන්ගේ සැලසුම වූ අතර එය ඉතා වෙළෙඳ සිතිවිල්ලක් බව සිරගෙයි සිටි කාලය තුළදී අවබෝධ කරගැනීමට චාවේස් සමත් විය. සිරගෙයි ගත කළ කාලය තුළදී ව්‍යවස්ථාදායක සභාව නම් බීජාංකුරය හොඳින් දළුලා, වැඩුණු මහ වෘක්ෂයක් බවට පත්ව තිබූ අතර පසුව පස්වැනි බොලීවේරියානු ජනරජ ව්‍යාපාරයට පදනම වූයේ එම අදහස්ය. සිරෙන් නිදහස් වන අවධිය වනවිට තමන් යා යුත්තේ කවර අරමුණක් කරාදැයි යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් චාවේස් සතුව තිබුණි. සිරෙන් නිදහස්ව පැමිණෙන විට මාධ්‍යවේදීන් ඇසූ ”ඔබ දැන් කොහෙද යන්නෙ?” යන පැනයට ”බලයට” යනුවෙන් ඔහු ලබාදුන් පිළිතුරෙන් ඒ බව මනාව පැහැදිලි වේ.
සිරෙන් නිදහස් වී වසරකට පසුව 1995 දී පෙබරවාරි 4 කැරැුල්ලේ තෙවැනි සංවත්සරය සමරණ අතර 1998 දී චාවේස් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඔහුගේ ප‍්‍රතිවාදියා වූයේ වරක් ලෝක රූ රැජිනක් වූ ඉරිනි සඑන්ස් ය. සාධාරණ මැතිවරණයක් ලෙස කිසිසේත්ම හැඳින්විය නොහැකි එම මැතිවරණයෙන් 68%කට අධික ඡන්ද ප‍්‍රතිශතයකින් ඉරිනි ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය. දේශීය ධනපතියන්ගේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු විදේශීය අධිරාජ්‍යවාදීන්ගේ සම්පූර්ණ සහයෝගය හිමිවන්නේ ඇයටය. එහෙත් අවසානයේ 1998 දෙසැම්බර් මස 6 වැනි දින ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ හියුගෝ චාවේස්ය.
ජනාධිපති ධුරයට පත්වූ චාවේස් වෙනිසියුලාව ”වෙනිසියුලා බොලිවේරියානු ජනරජය” ලෙස නම් කරන අතර ජනමත විචාරණයක් ඔස්සේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා නව වෙනිසියුලාවක් ගොඩනැගීමේ කර්තව්‍යයට මුල පුරන්නේය. මෙය එතරම් ලේසි පහසු කාර්යයක් නොවන්නේ තෙල් සම්පතින් සපිරි රටක් වුවද එක්සත් ජනපද වුවමනා එපාකම් මත කලින් සිටි රජයන් වෙනිසියුලාව ආර්ථික අගාධයේ පත්ලේ ගිල්වා දමා තිබූ හෙයිනි. චාවේස් වෙනිසියුලාව භාරගන්නා විට උද්ධමනය 35%කටත් වැඩිවූ අතර විරැකියාව 20% ඉක්මවීය. දිළිඳු බව රටපුරා පැතිර තිබුණි. මෙම අභියෝග ජයගැනීම සඳහා චාවේස් ”බොලිවර් 2000 සැලැස්ම” ක‍්‍රියාත්මක කරන්නේය.
වසර 2002 දී චාවේස්ගේ පාලනයට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණයක් ඇතිවන අතර චාවේස් අත්අඩංගුවට ගෙන පෙඞ්රො කාමෝනා බලය අල්ලා ගත්තද දින තුනකට වඩා බලය රඳවා ගැනීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැත. හමුදා කුමන්ත‍්‍රණයට එරෙහිව වීදි බසින මිලියන ගණනක ජනතාව නිසා බලය අල්ලා ගැනීමේ අදහස අතහැර දමන්නට කාර්මෝනාට සිදුවිය. විස්මයජනක පැය 72ක කාලය තුළදී සිය දිවි ගලවා ගැනීමට සමත්වන චාවේස් යළිත් බලයට පත්විය.
එතැන් පටන් තමන්ගේ ප‍්‍රියතම ඇඳුම වන හමුදා නිල ඇඳුම සහ රතු පැහැති හමුදා හිස් වැස්ම පැළඳි චාවේස් වෙනිසියුලාව තුළ පමණක් නොව සමස්ත ලතින් ඇමෙරිකාවේම මෙන්ම සමස්ත ලෝකයේම ජනප‍්‍රිය චරිතයක් බවට පත්වන්නේය. ඔහුට එරෙහි එක්සත් ජනපද ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ ඔහු මුසෝලිනි කෙනෙකු නැතිනම් තවත් ෆිදෙල් කැස්ත්‍රෝ කෙනකු ලෙස හඳුන්වන ලදී. එපමණක් නොව ඔහු නිදාගන්නේ හිට්ලර් විසින් රචිත ග‍්‍රන්ථයක් කොට්ටය යට තබාගෙන බවද ප‍්‍රචාරය කෙරුණි. එහෙත් සැබෑ චාවේස් කවුද යන්න ජනතාව දැන සිටියහ.
1999 බලයට පත්වූදා සිට 2011 දී අසනීප වනතුරුම ඔහු එක් දිනක් හෝ විවේක ගෙන නොමැත. එම මුළු කාලය මුලූල්ලේම ඔහු සිය සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැර තිබුණි.
2011 ජූනි මස හවානාවේදී ඔහු යම්කිසි අපහසුතාවයකින් පෙළෙන්නේදැයි ෆිදෙල් කස්ත්‍රෝ විමසන තෙක්ම ඔහු සිය සෞඛ්‍ය නොසලකා හැර තිබුණි. ඉන් අනතුරුව ෆිදෙල් ඔහුව ප‍්‍රතිකාර සඳහා යොමු කරන්නේ බලෙන්ම වාගේය. තම සෞඛ්‍යය පිළිබඳව නොසලකා හැරීම තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් බව පිළිගැනීමට තරම් නිහතමානී වූ චාවේස් අඩුම තරමේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව වෙනුවෙන්වත් එම අත්වැරදීම සිදු නොකළ යුතුව තිබූ එකක් බව පිළිගත්තේය.
චාවේස් විසින් සිදුකරනු ලබන මෙම ”අත්වැරැදීම” ඇමෙරිකා එ.ජ. ඇතුළු ඔහුගේ විරුද්ධවාදීන්ට නම් ඉතා ප‍්‍රීතිය ගෙනදෙන එකක් විය. ඔවුහු ලෙඩ ඇඳේ සිටි චාවේස්ටද බිය විය. ඒ බිය කෙතරම්ද යත් 2011 සැප්තැම්බර් මාසයේ නම සඳහන් නොකළ ලේඛකයකු එ.ජනපද පුවත්පතකට පවසා තිබුණේ රසායනික ප‍්‍රතිකාර වට හතරකින් පසු චාවේස්ගේ වකුගඩු නරක් වී ඇති බැවින් ඔහු මරණයේ දොරටුව එළිපත්තේ සිටින බවයි. එහෙත් චාවේස් පසුදින උදෑසනම මිරාෆේලොරොස් මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවූ විට එම බොරුව අතේ පත්තු විය.
ශාරීරිකව කෙතරම් දුබල වුවද ඔහු පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දින පැවැති මැතිවරණයටද ඉදිරිපත් වූ අතර ඉන් ජයග‍්‍රහණය කළේ තවත් වසර හයක කාලයක් සඳහා වෙනිසියුලාව පාලනය කිරීමේ ජනවරම ලබා ගනිමිනි. කෙසේ වුවද දෛවය ඒ සඳහා ඔහුට ඉඩ ලබා නොදීම ඔහුගේ ජීවිතය උදුරා ගන්නේ කියුබාවේ හවානාහිදී තවත් සංකීර්ණ ශල්‍යකර්ම හතරකට මුහුණදීමෙන් අනතුරුවය.
සත්‍යය පිළිගත යුතුව ඇත. චාවේස් අප හැර ගොසිනි. ඒ අධිරාජ්‍ය විරෝධී සටනට චාවේස්ලා සිය දහස් ගණන් අවැසි මොහොතකය. ඔහු වෙනුවෙන් අපට මේ මොහොතේ කළ හැකි හොඳම උපහාරය නම් ඔහුගේ අතින් ගිලිහුණ අධිරාජ්‍ය විරෝධී සටනේ ධජය ඔසොවාගෙන අධිරාජ්‍යවාදීන් මේ මිහිමතින් තුරන් කරන තුරු සටන් වැදීමයි.
ඒ සුන්දර මිනිසා අද සුව නින්දේය.
පිළිකාව වැළදී සිටියදී... |
දියණියන් දෙදෙනා සමඟ. |
කැස්ත්‍රෝ සමඟ. |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආදරණිය චාවේස් නික්ම යයි
රොබට් Sunday, 10 March 2013 09:16 PM
රටේ සම්පත් තමන් හා තමන්ගේ හිතවතුන්ගේ සාක්කුවලා දා නොගෙන සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් පීඩිත මිනිසුන් උදෙසා තම ජීවිතයම කැපකළ, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් රටේ ජනාධිපති පදවිවියට පත් අපේ කාලයේ විප්ලවීය සමාජවාදී නියමුවාණෙනි, ඔබ වැනි නායකයෙක් අප ශ්‍රී ලංකාවේ පහළවේවා යන්න අපගේ එකම පැතුමයි! {ලෝකයෙ අඩුම පෙට්‍රල් මිළ තියෙන්නෙ වෙනිසියුලාවෙ, ලීටරයක් US $ ශත 3යි (රු 3.80ක් විතර )(අ).
ජයී තිසර Sunday, 10 March 2013 03:07 PM
තෙල් කුමකට රන් කුමකට බඩගින්නට කෑම නැතේ.. ඒ කාලේ මිනිස්සු ලඟ තිබුනේ නැත අතේ සතේ .. දුබල වුවත් ඔහු ඉස්සුව දුබලුන් ලොව හතර අතේ.. නියම ප්‍රජාතන්ත්‍රය ගැබ්වී ඇත්තේ ඔහුගෙ මතේ... (නි)