ආපදා කළමනාකරණය පිළිබඳව රටේ යළි උනන්දුවක් ඇති වූයේ පසුගිය දිනවල ෆැනරල් කුණාටුව අපේ රටට බලපෑ පසුවය. පොදු සමාජයට බලපාන ආපදා තත්වයක් ඇති වූ පසු ආපදා කළමනාකරණය ගැන කතා කිරීම හැමදාම සිදු වූ දෙයකි. පසුගිය වර්ෂ ගණනාවක සිටම වූයේ ඒ දෙයයි. ආපදා කළමනාකරණය ගැන මේ යළිත් කතාබහක් ඇති වීම එහිම දිගුවකි.
ලංකාවේ ස්වාභාවික ආපදා ගැන සාකච්ජා කිරීමට පෙර ආපදාවක් යනු කුමක්දැයි තේරුම් බේරුම් කරගැනීම වැදගත් වේ. ආපදා සම්බන්ධයෙන් සංකල්පමය වශයෙන් කරන ලද වර්ගීකරණයක් වේ. එය කොටස් හතරකින් සමන්විතය. එම වර්ගීකරණය මුළු මහත් ලෝකයටම පොදු වූවකි.
භූ විද්‍යාමත්කව සිදුවන ආපදා මින් පළමු වැන්නයි. උදාහරණ ලෙස භූ චලන, නායයෑම්, සුනාමි, ගිනි කඳු ක්‍රියාකාරකම් ආදිය පෙන්වා දිය හැකිය. දෙවැන්න ජීවවිද්‍යාත්මක හේතු නිසා ඇති වන ආපදා තත්වයෝය. ගංවතුර සහ නිවර්තන ප්‍රදේශවල සිදුවන විශාල ජල ගැලීම්, හිම කඳු නායයෑම් ආදිය ඒ ගණයෙහි ලා හැඳින්විය හැකිය. තුන්වැන්න නම්, දේශගුණිකව ඇති වන ආපදා තත්වයෝය. දිගු කාලීනව පවත්නා අධික උෂ්ණත්වය, ඒ නිසාම ඇති වන නියඟය, එහි ප්‍රතිඵල ලෙස ඇති වන කැලෑ ගිනි ගැනීම් ආදිය මේ ගණයට උදාහරණ කිහිපයකි. කාලගුණ විද්‍යාත්මකව සිදු වන ආපදා මෙහි හතරවැන්නයි. මේ ගණයට අයත් වන්නේ වාසුළි, කුණාටු, වායු කැළඹීම් ආදි ආපදා තත්වයෝය.
මෙයින් කිහිපයක් හැරෙන්නට අන් සියල්ලම පාහේ ශ්‍රී ලංකාවට ද අදාළ වේ. ඒ අතරින් සුළි සුළං, ජල ගැලීම්, නායයෑම්, පස් කඳු කඩා වැටීම්, භූමිය කිදා බැසීම්, සුළු වශයෙන් ඇති වන භූ චලන, නියඟ, වෙරළ ඛාදනය, බීමට ගන්නා ජලයට ලවණ මිශ්‍ර වීම, වනාන්තර ගිනි ගැනීම්, වසංගත රෝග ආදිය ලංකාවට බලපාන ප්‍රධාන ආපදා ලෙස හඳුනාගත හැකිය.
ස්වාභාවික ආපදා පිළිබඳව සාකච්ජා කිරීමේදී ඒ සමගම මතු වන අනෙක් කාරණය, ආපදා කළමනාකරණයයි. මේ සම්බන්ධයෙන් අපේ රටේ විටින් විට මතු වෙමින් යට යන යළි මතු වන පුළුල් සංවාදයක් පවතී. ආපදා කළමනාකරණය පිළිබඳව ඉදිරිපත් වී ඇති න්‍යායාත්මක පසුබිමට අනුව ආපදා කළමනාකරණයේ විවිධ අවධි හඳුනා ගැනේ. එය ප්‍රධාන කොටස් හතරකට බෙදා වෙන් කර ඇත. ඉන් පළමුවැන්න නම්, සූදානම් වීමේ අවධියයි. දෙවැන්න, ප්‍රතිචාර දැක්වීමේ අවධියයි. තුන්වැන්න, ප්‍රතිපාප්තිය හෙවත්, නැවත ලබා ගැනීමේ අවධියයි. සිවුවැන්න, අවමකරණය වීමයි. මෙය ක්‍රියාත්මක වන්නේ එක්තරා චක්‍රයක් ලෙසය. මේ එක් එක් අවධිය යටතේ කළ යුතු දෑ වෙන් වෙන්ව විග්‍රහ කර තිබේ. එහෙත්, එය දීර්ඝව පැහැදිලි කිරීමට මෙය අවස්ථාව නොවුණත්, සංක්ෂිප්තව සහ සරලව මෙසේ පැහැදිලි කරගත හැකිය. මෙහි පළමුවැන්න ලෙස අප දැක්වූ සූදානම් වීමේ අවධිය තුළ ජාතික වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම පෙන්වා දිය හැකිය. එසේම, සන්නිවේදනය, ආපදාවකට මුහුණ දීමට පුරුදු පුහුණු කිරීම, ආපදාවකට ලක්වන ප්‍රදේශවල පදිංචිකරුවන්ට පූර්ව දැනුවත් කිරීම් සිදු කිරීම, එය සිදු කරන අන්දම සම්බන්ධව වැඩපිළිවෙළක් සකස් කිරීම උදාහරණයකි.
මෙම ආපදා තත්වය ලංකාවට අදාළව සලකා බැලුවොත්, විවිධ සාකච්ඡා සංවාද ඒ සම්බන්ධයෙන් මතු වී ඇති බව පෙනේ. 2005 දී ප්‍රථම වරට ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගැනිණි. ඒ පනත ක්‍රියාත්මක කිරීමට වෙනම ආයතනයක් පිහිටුවාගත් අතර, 2005 ජනවාරි මාසයේ ආපදා කළමනාකරණය සම්බන්ධ අමාත්‍යාංශයක් ද පිහිටුවා ගනු ලැබීය. එම අමාත්‍යාංශය මගින් ජාතික මට්ටමින් වගේම පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් ආපදා කළමනාකරණය කිරීම පිණිස ආයතන සම්බන්ධිකරණයක් ඇති විය. එය මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ලක්ෂණයකි. එය ක්‍රියාත්මක වීම් පිළිබඳ යම් යම් ගැටලු තිබුණත් මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීමට අවධානය යොමු කිරීම පිළිබඳ එය මනා සාක්ෂියකි.
අනෙක් වැදගත් කරුණ, මේ පනතේ ඇතුළත් ලියවිල්ලේ ඇති වටිනාකමයි. ආපදාවන් සේම ලංකාවේ ආපදා කළමනාකරණය සම්බන්ධ දිගු විස්තරයක් මෙහි ඇතුළත්ය. මෙරට ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් දැනගැනීමට අවශ්‍ය නම් මෙම පනත ඉතාම වැදගත් වූවකි.
එසේම, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ද ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත් මැදිහත් වීමක් සිදු වේ. ගංවතුර ආපදා ආදිය ඇති වන අවස්ථාවලදී එම ආයතනයේ මැදිහත් වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙබඳු ආයතන හා ප්‍රතිපත්ති ආපදා කළමනාකරණය වෙනුවෙන් මේ රටේ ගොඩනගා තිබේ. එසේම, ආපදා සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ ආයතන ද මෙරට දක්නට ලැබේ. උදාහරණයකට, සුනාමි ආපදා තත්වයට පසු ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල රජය විසින් සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් පිහිටුවා තිබේ. මේ බොහෝ කාර්යයන් රජයේ මැදිහත් වීම මත ක්‍රියාත්මක වේ. එහෙත්, මේ සම්බන්ධයෙන් අපට නිශ්චිත සහතිකයක් ලබා දීමට නොහැකි වී ඇත්තේ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද යන්න සැක සහිත බැවිනි.
පසුගිය දා ඇති වූ කුණාටුව පදනම් කරගෙන කතා කළත්, මේ ගැටලුව අපට මතු වේ. කුණාටු තත්වය සම්බන්ධයෙන් එය ඇති වීමට ප්‍රථම මහ ජනතාව නිසි පරිදි දැනුවත් කළා ද යන්න නිශ්චිතව කිව නොහැක. එම ආපදාව අවම කරගැනීමට රජයේ නිශ්චිත වැඩපිළිවෙළක්, පෙර සූදානමක් පැවැතියේ ද යන්න සැක සහිතය. මෙරට සෑම වර්ෂයක් පුරාම ඇති වන ආපදා ලේඛනගත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඒ අනුව, සෑම වර්ෂයකම සුළි සුළං, ගංවතුර හා නියඟ වැනි ආපදා තත්ව සෑම වසරකම එන කාලවකවානු සම්බන්ධයෙන් යම් පූර්ව අදහසක් ඇති කරගැනීමේ හැකියාව පවතී. ඒ නිසා ආපදා සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් පවතී. රටේ මෙම දේශගුණික වෙනස් වීම් සම්බන්ධයෙන් සමාන්‍ය ගොවි ජනතාව තුළ පවා නිශ්චිත අදහසක් පවතී. ඔවුහු ඒ සඳහා සූදානම් වෙති. එබඳු තත්වයක් තුළ ජාතික වශයෙන් මේ රටේ ආපදා කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්නට ඉතා විධිමත් වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වේ. එහෙත්, එබඳු වැඩපිළිවෙළක් ජාතික වශයෙන් යොදා තිබේ ද, ඒවා හරියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න මෙතැන ඇති ප්‍රධාන ගැටලුව වේ.
නිසි වැඩපිළිවෙළක් නොමැති නිසාම බොහෝ විට සිදුවන්නේ, ජනතාව ආපදාවට ලක් වූ පසු විවිධ ආයතන මැදිහත් වී ඔවුන්ට කෑම බීම ඇතුළු සහනාධාර සැපැයීමය. එහෙත්, එයින් ප්‍රශ්නයට සැබෑ උත්තර ලැබෙන්නේ නැත. ඒවා හුදු තාවකාලික පැලැස්තර පමණි. ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව දිගු කාලීනව ඊට මුහුණ දිය හැකි නිශ්චිත වැඩපිළිවෙළකි. එය නිසියාකාරව සිදු වන බවක් නොපෙනේ. අපේ රටේ සිදු වී තිබෙන්නේ අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු වන විට ප්‍රතිපත්ති හා සැලසුම් ද වෙනස් වීමය. ජාතික ප්‍රතිපත්ති සකසා තිබුණත් ඒවා නිසි පරිදි බලාත්මක කිරීමට ඍජුව මැදිහත් වනවා ද යන්න ගැටලුකාරි තත්වයකි. සිදු වන ආපදා පොත්පත්වල ලියා තැබූ පමණින් ඒවාට විසඳුම් ලැබෙන්නේ නැත. ආපදා කළමනාකරණය බොහෝ දෙනකුට මතක් වන්නේ කවර හෝ ආපදාවක් පැමිණි පසුව පමණි. සියලු රැස්වීම් කැඳවන්නේත්, සැලසුම් හදන්නේත් ඉන් පසුවය. එලෙස ක්‍රියා කිරීමෙන් පමණක් මෙම ගැටලුවට උත්තර සෙවිය නොහැක. ආපදාවකදී ක්‍රියා කරන්නේ කෙසේ ද, ඊට පෙර සූදානම කවරාකාරද යන්න චීනය වැනි රටවලින් අපට බොහෝ පාඩම් උගත හැකිය. රටේ පවත්නා ආණ්ඩුව මොන තරම් ඒවාට මැදිහත් වනවා දැයි බලාගත හැකිය. එහෙත්, අපේ රටේ බොහෝ සැලසුම් කතාවට පමණක් සීමා වී තිබීම කනගාටුවට කරුණකි.
අනෙක් පැත්තෙන් ආපදා අවම කරගැනීම සදහා ජනතාවගේ සහයෝගය ද අවශ්‍ය වේ. මිනිසුන්ගේ අනවශ්‍ය ක්‍රියාකාරකම් නිසාද ආපදා තත්ව වර්ධනය වන බවක් දැකිය හැකිය. අනවශ්‍ය ලෙස භූමිය ගොඩ කිරීම, නිරපරාදයේ කැලෑ ගිනි තැබීම්, පිළිවෙළක් නොමැතිව කොරල් කඩා බිද දැමීම, අසීමාන්තික ලෙස ගංගාවල වැලි ගොඩ දැමීම්, මැණික් පතල් කැපීම් ආදී මිනිස් ක්‍රියාකාරකම් ඒ සදහා උදාහරණ කිහිපයකි. මේ ක්‍රියාකාරකම් නිසා පරිසරය විනාශ වී යෑමෙන් විවිධ ආපදා තත්ව ඇතිවීමට අවශ්‍ය පරිසරයක් අපිම නිර්මාණය කරනවා වැනිය. නිසි විචාරයකින් තොරව කටයුතු කිරීම ගැන ජනතාව ද මීට වඩා කල්පනාකාරී විය යුතුය.
එසේම නිසි පාලනයකින් තොරව සිදුකෙරෙන සංවර්ධන කටයුතු ද ආපදා තත්වයන් තව තවත් වර්ධනය වීමට හේතුවකි.එහි ප්‍රතිඵලය වන්නේ ජීවිතවලින් වන්දිගෙවීමට සිදුවීම සහ රටේ සම්පත් විශාල ප්‍රමාණයක් අහිමි වී යාමය. එම තත්වය තේරුම්ගෙන අනාරක්ෂිත ප්‍රදේශවල නිවාස ඉදිකිරීම හෝ නගර නිර්මාණය කිරීම හෝ සුදුසු නොවේ. උදාහරණයකට කැලණි ගං ඉවුරේ ජල ගැලීම්වලට යටවන ප්‍රදේශ පවා ගොඩකිරීම හේතුවෙන් මේ වනවිට විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවනු ඇත.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආපදා පාලන ආපදාව