IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආරක්ෂාවට ගිහින් මෙහෙකාරකම් කරන ඇමැති ආරක්ෂකයෝ

22-Page-12-M-Head  

 

පාලකයන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් යෙදවීමේ වැඩ පිළිවෙළ පිළිබඳව ඉතිහාසය පුරා සාක්ෂි දරණ කරුණු බොහෝය. රජවරුන් රට පාලනය කරන සමයේත් ආරක්ෂාව කි‍්‍රයාත්මක විය. දොරටු පාලකයන්, රාජ පුරුෂයන් ආදී වශයෙන් සඳහන් වන්නේ මේ ආරක්ෂාව පිළිබඳව අදාළවන කරුණුය. ඇතැම් රජවරු රාජ පුරුෂයන්ට හොර රහසේ ගොස් රටවැසියන්ගේ දුක සැප සොයා බලා ඇත. ඒ එදාය. අද ඇමැති ආරක්ෂකයන්ය.

නම සඳහන් කළ නොහැකි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේ ඇමැතිවරයා ආරක්ෂා කිරීම හැර අනෙකුත් සියලූ බැල මෙහෙවරකම් කිරීමට සිදුවී ඇත්තේ ආරක්ෂක නිලධාරින්ට බවයි. වතුර වීදුරුව ගෙන ඒම, කාර්යාලයේදී බත් පාර්සලය මේසය මත තබා ඇමැතිවරයාට ආහාර ගැනීමට සැලැස්වීම, දරුවන් පාසලට ගෙනයාම, ටියුෂන් ගෙනයාම ඇතුළුව මෙහෙකරුවන් කළ යුතු රාජකාරි සියල්ල තමන්ට පැවරී ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළේය.


ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය මේ රටේ ස්ථාපිත වීමත් සමඟම එවකට දේශපාලනඥයන් සංචාරය කරන විට ආරක්ෂාව සැලසුවේ ඒ ඒ ප‍්‍රදේශ භාර පොලිසි විසිනි. දේශපාලනඥයා යම් පොලිස් වසමක සිටිනතාක් කල් ඔහුට ආරක්ෂාව සැපයුවේ එම පොලිස් වසම භාර පොලිස් ස්ථානය මගිනි.


ඇමැතිවරුනට ජීවිත තර්ජන ඇතිවීමත් සමඟ පෞද්ගලික ආරක්ෂක නිලධාරින් යෙදවීම සිදුවිය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ලෙන් පසුව ඇමැති ආරක්ෂක සේවාව වඩාත් පුළුල් විය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වූ ඇමැති ආරක්ෂාව එල්.ටී.ටී.ඊ. බලපෑමත් සමඟ දේශපාලනඥයන්ට ආරක්ෂක නිලධාරින්ගෙන් තොරව තම නිවසේ රැුඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබිණි.


ආරක්ෂක අංශ පිරිවරාගෙන සිටියදී හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ඝාතනය කරනු ලැබුණි. ආරක්ෂක ඇමැති රංජන් විජේරත්න මහතා ඝාතනය කෙරුණි. තවත් දේශපාලනඥයන් ගණනාවක් ඝාතනය කෙරුණි. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා යාපනයේ සංචාරයේ යෙදී සිටියදී ඔහුගේ ජීවිතය බේරුණේ ආරක්ෂක නිලධාරියකුගේ ස්ථානෝචිත ප‍්‍රඥාව නිසාය. බෝම්බ බැඳගෙන සිටි කොටි කාන්තාව නිමල් සිරිපාල ද සිල්වා මහතා සිටි රථය අසලට යාමට සූදානම් වනවිට ආරක්ෂක නිලධාරියා ඇය වැළැක්වීය. ඒ නිසා ඇමැතිවරයාට සිදුවන්නට ගිය හානිය අවම විය.


ඒ කාලයේදී ආරක්ෂක අංශවලට ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා කැපවීම හැරුණ විට වෙනත් කිසිදු කටයුත්තකට අවධානය යොමු කළ නොහැකි විය. ඇමැතිවරයා හමුවීමට එන අමුත්තන් හිසේ සිට දෙපතුල දක්වා පරීක්ෂා කිරීම, රැුගෙන එන බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම, ඇමැතිවරයාගේ නිවෙස හා අවට ගැවසෙන්නන් කෙරෙහි පරීක්ෂා කිරීම ඇතුළු ආරක්ෂාව පිළිබඳව රාජකාරිය පැවරී තිබිණි. දැන් යුද්ධය අවසන්වී ඇත. ආරක්ෂාව පිළිබඳ අවධානය ක‍්‍රමයෙන් තුනී වෙමින් පවතී.


ඇමැති ආරක්ෂක නිලධාරින් පිරිසකට දැන් ඇමැතිවරයා ආරක්ෂා කිරීම වෙනුවට ඇමැතිවරයාගේ වෙනත් පෞද්ගලික කටයුතු ඉටු කිරීමට සිදුවී ඇත.
අද මේ සාකච්ඡුා කරනුයේ ඇමැති ආරක්ෂක සේවයේ යෙදී සිටින ඇතැම් නිලධාරින්ට පැවරී ඇති රාජකාරි පිළිබඳවය.

Z
ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක් සම්බන්ධ ආරක්ෂක නිලධාරින් පිරිසක් පූජා වට්ටි රැුගෙන යාමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවී තිබිණි. මෙම ප‍්‍රවෘත්තිය පසුව නිවැරැුදි කර තිබුණත්, අද ඇතැම් ඇමැති ආරක්ෂක නිලධාරීන්ට ඇමැතිවරයා ආරක්ෂා කිරීම වෙනුවට ඔහුට බැල මෙහෙවර කිරීමට සිදුවී ඇති බව දැන ගන්නට ඇත.


සියලූ බැල මෙහෙවරකම් කළත් ඇමැති ආරක්ෂක  සේවයේ නිලධාරින් යෙදී සිටින්නේ බෙහෙවින් දුෂ්කර රාජකාරියකය. හරිහැටි කෑමක් බීමක් නැත. නින්දක් නැත. බොහොමයක් ඇමැතිවරු මෙම ආරක්ෂක නිලධාරින් බැල මෙහෙවර සඳහා යොදවා ගත්තත් අඩු වශයෙන් ඔවුන්ට කෑමට බීමට පවා අවස්ථාවක් නොලැබෙන බව දැන ගන්නට ඇත. මාරුවෙන් මාරුවට රාජකාරි කරන අතරතුර හදිසියට කිසිවක් ගිල දැම්මත් මානුෂික වශයෙන් ඇමැතිවරයා මෙම නිලධාරින් ගැන සොයා බැලීමක් නොකරන බවක් කියති.


තත්ත්වය එය වුවත් ආරක්ෂක නිලධාරින් බොහෝ විට ඇමැතිවරයාගේ හා ඔහුගේ පවුලේ උදවියගේ සියලූ අණ කිරීම්වලට යටත්ව සිටීමට සිදුව ඇත.
එක්තරා මන්තී‍්‍රවරියකගේ ආරක්ෂක නිලධාරින් කීප දෙනෙක් ඇයට සේවය කිරීම ප‍්‍රතික්ෂේප කර තිබිණි. මිරිස් වේළීම, හරක් බැඳීම ඇතුළු පෞද්ගලික වැඩ කටයුතුවල යොදවන බවට මෙම නිලධාරීන් ඇමැති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියාට පැමිණිලි කර ඇත.


නම සඳහන් කළ නොහැකි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේ ඇමැතිවරයා ආරක්ෂා කිරීම හැර අනෙකුත් සියලූ බැල මෙහෙවරකම් කිරීමට සිදුවී ඇත්තේ ආරක්ෂක නිලධාරින්ට බවයි. වතුර වීදුරුව ගෙන ඒම, කාර්යාලයේදී බත් පාර්සලය මේසය මත තබා ඇමැතිවරයාට ආහාර ගැනීමට සැලැස්වීම, දරුවන් පාසලට ගෙනයාම, ටියුෂන් ගෙනයාම ඇතුළුව මෙහෙකරුවන් කළ යුතු රාජකාරි සියල්ල තමන්ට පැවරී ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
”ඉරිදා ලංකාදීප”ය කරනු ලැබූ සොයා බැලීමට අනුව අද ඇතැම් ඇමැතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීහු සුළු සේවකයන්ගේ තත්ත්වයට පත්වී සිටිති. රජයෙන් වැටුප් ලබාදී ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයට අමතරව තවත් සේවක පිරිසක් ලබා දුන්නා හා සමානය.


ඇමැතිවරයකුගේ කාර්ය මණ්ඩලය 10 දෙනෙකි. ඊට අමතරව ආරක්ෂක නිලධාරින් සංඛාව 6ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයකි.


එක්තරා ඇමැතිවරයෙක් තම ආරක්ෂක නිලධාරින් පුතාගේ ආරක්ෂාව සඳහාද යොදවා ඇති බවට අවස්ථා කීපයකදීම අනාවරණය විය.


තවත් ඇමැතිවරයෙක් තම නිවසේ පැවැත්වෙන සාදවලට අවශ්‍ය මස් මාංශ රැුගෙන ඒමට ආරක්ෂක නිලධාරින් යොදවා ඇත.

sv
මැරවැඩ  සඳහා ආරක්ෂක නිලධාරින්ගේ සහාය ලබාගත් අවස්ථා ඇත.
මැතිවරණයකදී පෝස්ටර් ඇලවීමටත්, පෝස්ටර් ගැළවීමටත් ආරක්ෂක නිලධාරින් යොදවා ගත් අවස්ථා ඇත.
එක්තරා පළාත් සභාවක මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආරක්ෂක නිලධාරින් යොදවා ඇත.


ඇමැතිවරයාගේ විරුද්ධවාදීන් බිය ගැන්වීම සඳහා යොදවන්නේද ආරක්ෂක නිලධාරියාය. ඇමැති ආරක්ෂක නිලධාරින් කණ්ඩායම මැති ඇමැතිවරුන්ට රජයෙන් ලබාදී ඇති සම්පතක් බව පෙනී යයි.


ඇමැති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් පලිහක්කාර
ඇමැති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරින් 2000ක පමණ පිරිසක් යොදවා සිටිනවා. මේ සියලූම නිලධාරින්ට සේවයේ යෙදවීමට පෙර පුහුණුවක් ලබා දෙනවා. ඒ පුහුණුව මාසයක කාලයක්.


ප‍්‍රථමාධාර, ගිනි නිවීම, කී‍්‍රඩා, ආරක්ෂාව ඇතුළුව කුඩා අවි පාවිච්චිය පිළිබඳව ද මෙහිදී පුහුණුවක් ලබා දෙනවා. ඒ සියලූ පුහුණුවීම් ඇමැතිවරයාගේ ආරක්ෂාව පිළිබඳවයි.


ඇමැති ආරක්ෂක නිලධාරියාගේ එකම වගකීම තමන් භාරයේ සිටින ඇමැතිවරයාගේ ආරක්ෂාවයි. ආරක්ෂාවට පිටස්තර කිසිදු රාජකාරියක් ඔහුට අදාළ නොවේ.


නිලධාරියාගේ පෞද්ගලික දේශපාලනය කුමක් වුවත් ඔහු තමන් ආරක්ෂා කරන ඇමැතිවරයා වෙනුවෙන් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප විය යුතුව ඇත.


බාහිර වශයෙන් ඇතිවන සියලූ උපද්‍රවවලින් ඇමැතිවරයා ආරක්ෂා කිරීම හැර වෙනත් කිසිම රාජකාරියක් මෙම නිලධාරින්ට අයත් නොවේ.


මෙම නිලධාරින්ට කහ පැහැයට හුරු කමිසයක් හා කලිසමක් ලබාදී ඇති අතර පොලිස් නිල ඇඳුම ඇඳිය යුතු නොවේ. ඇමැතිවරයාගේ ආරක්ෂාවට අදාළ රාජකාරිය හැරුනකොට වෙනත් පෞද්ගලික රාජකාරීන් පවරන බවට පැමිණිලි කරන පොලිස් නිලධාරීහුද වෙති. එසේ පැමිණිලි කරන අය වෙනත් ස්ථානයක රාජකාරිය සඳහා යොදවනු ඇත.


එසේ පැමිණිලි කර වෙනත් ස්ථානයක රාජකාරියට යොදවන නිලධාරීන්ට කිසිදු බලපෑමක් ඇති කරනු නොලබයි. පැමිණිලි ඉදිරිපත් කරන සෑම නිලධාරියෙක්ම ඇමැති ආරක්ෂක සේවාවෙන් ඉවත් කිරීම සිදු කරයි.


ඇමැති ආරක්ෂක සේවය සඳහා විශේෂ අවධානයක් යොමු කරනු ලබන අතර ඒ සඳහා ඔවුන් බඳවා ගැනීමේදී ලබාදෙන මාසික පුහුණුවට අමතරව උසස් පුහුණු පාඨමාලාවක්ද පවත්වනු ලබයි.


මේ සියලූ පුහුණුවීම් කරනු ලබන්නේ ඇමැතිවරයකුට උපරිම ආරක්ෂාව ලබාදීම සඳහාය. එහිදී ඇමැති ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුවම ආරක්ෂාව ගැන අවධානයෙන් සිටීම, පරීක්ෂා කිරීම්, හඳුනා ගැනීම්, සැක සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම ආදී වශයෙන් ආරක්ෂක නිලධාරින්ට බලතල පැවරේ.


ඇමැතිවරු පුද්ගලයාගෙන්, පුද්ගලයාට දෙනු ලබන ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාවද වෙනස් වේ. ඇතැම් ඇමැතිවරුනට ආරක්ෂක නිලධාරින් දස දෙනෙක් ලබාදී ඇත. විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. තර්ජන පැවැති සමයේ ඇමැති ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමුකර තිබුණි.


රටේ පාලකයන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඇමැති ආරක්ෂක අංශයටයි.


M



අදහස් (0)

ආරක්ෂාවට ගිහින් මෙහෙකාරකම් කරන ඇමැති ආරක්ෂකයෝ

තුසා Sunday, 30 November 2014 10:39 AM

අයියෝ (අ)

:       0       0

කුමාර Sunday, 30 November 2014 10:39 AM

නියමයි (අ)

:       0       0

දිලීප Friday, 28 November 2014 08:16 PM

ඉත්තෑවගේ ගෙට රින්ගුවම ඉන්න වෙන්නේ කොහොමද? ඕව ඇමති ආරක්ෂක අංශේට යන්න කලින් දැනගෙන-ඉල්ලන් කන පරිප්පුනේ. කෑම,වතුර පරික්ෂා නොකරද දෙන්න ඕන.ඕවා ආරක්ෂාවේම කොටසක්නේ.ඇයි ඕවා ඔච්චර කියවන්නේ? කොයි ආරක්ෂකයටත් ඕව කරන්න වෙනවා.අකමැතිනම් ඇමති ආරක්ෂක අංශයට නොයා හිටියම ඉවරනේ.නාහෙන් අඩන්න දෙයක් නැහැ.(හේ)

:       0       0

ලසිත් Wednesday, 26 November 2014 06:41 AM

ධම්ම, තමයි හොදම කතාව කියල තියෙන්නේ. (ර)

:       0       0

උපාලි රංජිත් අරුප්පොල Friday, 28 November 2014 02:13 AM

අාරක්ෂකයෝ තමන්ගේ පැවැත්මට සැම දෙයක්ම කරනවා [බබාලා නලවන්නත් එයාලට අවස්තාව ලැබෙනවා ] නියම අාරක්ෂකයින් හට රාජකාරිය කරන්න අමාරු බවක් තියනවා (නදී)

:       0       0

ධම්ම Tuesday, 25 November 2014 12:35 PM

මගේ ගෙදර යාබද නිවසේ ඉන්නේ උසාවියේ විනිශ්චයකාරවරයෙක්. එතුමාගේ වාහනය හෝදන්නේත් ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන්. හැබැයි කඩේ යන වෙලාවට මොනවාද ගේන්න ඕනැ කියලා අපේ ගෙදරිනුත් අහලා බලන්න තරම් ඒ නිලධාරීන් කාරුණික වෙනවා. (නදී)

:       0       0

සෙනරත් Wednesday, 26 November 2014 07:59 AM

මෙහෙම පෞද්ගලික වැඩ ආරක්ෂක නිලදාරීන් ලවා කරවා ගන්නේ ගොඩක් දුරට හරි පවුල් පසුබිමක් නැතිව මැති ඇමති කම් ලබපු අය. එහෙම නැත්නම් උගත්කමක් නැති අය. අනිත් කාරණාව තමයි අද ඉන්න ගොඩක් නිලදාරීන් ලොක්කන්ට ඕනෙවට වැඩිය දෙකට නැමිලා පොඩ්ඩන්ට පාට් දමනවා. එමනිසා දේශපාලකයොත් හැම දෙයක්ම එයාලට කියනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 63 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 54 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 24 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 58 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 33 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 551 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site