IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ආර්ථික අර්බුදයකට පාර කැපූ අයවැයේ අංක විජ්ජා

සෑම වසරකම නොවැම්බරයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ රටේ සහ අපේ ප‍්‍රශ්නවලට විසඳුම්ය. අය කරන බදු ගැනත්, එමගින් උපයා ගන්නා ආදායම ගැනත්, ඒ බදු ජනතා සේවයට යොදවන ආකාරයත් විස්තර කරන වාර්ෂික අයවැය, රටක ආර්ථික ඉදිරිගමන පිළිබඳ ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි.

එය එසේ විය යුතු වුවද, අවාසනාවකට මෙන් එය එසේ නොවන බව මෑතදී වෙරිටේ රිසර්ච් ආයතනය ප‍්‍රකාශයට පත් කළ, 2022 අයවැය ඇස්තමේන්තු සහ ඊට පාදක කරගත් උපකල්පන පිළිබඳ විශ්ලේෂණයක් ඇතුලත් ”පබ්ලික් රිපෝර්ට් ඔන් 2022 බජට්” යන ප‍්‍රසිද්ධ වාර්තාව පෙන්වා දෙයි.

එම විශ්ලේෂණය තුලින් සොයාගත් කරුණු වලින් පැහැදිලි වන්නේ මේ අයවැය ප‍්‍රකාශනය, නිලධාරින් සහ දේශපාලකයන් බොරු ඉලක්කම් ඉදිරිපත් කරමින් ජනතාව රවටන ලියවිල්ලක් බවට පත්ව ඇති බවයි. අද අප අත් විඳිමින් සිටින්නේ වසර ගණනාවක් තුල සිදු වූ එවැනි රැවටිලිවල ප‍්‍රතිපලය.

එහි සඳහන් සොයාගැනීම් ඉදිරිපත් කරන්නට පෙර සඳහන් කළ යුතු වැදගත් කරුණක් ඇත. එනම්, මෙම රැවටීම, එක රජයකට සීමා නොවුණු දෙයක් බවයි.

මෙසේ වගකීම් විරහිත ලෙස බොරු ගණන් සහිත අයවැය ඉදිරිපත් කිරීම බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයකි. එබැවින්, දැනට පවතින ක‍්‍රමය, හෙවත් රට කරවීමේ කි‍්‍රයාදාමය, වෙනස් නොකර ආණ්ඩු මාරු කිරීමෙන් හෝ මුණු මාරු කිරීමෙන්, රටේ ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.

විනිවිදභාවයකින් හෝ වගවීමකින් තොරව පවතින ක‍්‍රමය, මහජන මුදල් අවභාවිතයට, දුෂණයට, වංචාවට තෝතැන්නකි. රට සංවර්ධනය කරන්නට නම්, මේ ක‍්‍රමය වෙනස් විය යුතුමය.


රු. බිලියන 421 ක අධි තක්සේරුවක්
රාජ්‍ය ආදායම යනු රජය විසින් සපයන අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහන, ආදී වූ සියලූ සේවා වල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක බව තීරණය කරන ප‍්‍රධාන සාධකයයි. එසේම අයවැයෙන් යෝජනා කරන ව්‍යපෘති, ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමටත්, එහි සඳහන් ආර්ථික සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමටත් ඇති හැකියාව තීරණය වන එක ප‍්‍රධාන සාධකයක් වන්නේ රජයට සිය අපේක්ෂිත ආදායම ලබා ගැනීමට ඇති හැකියාවයි.

එහෙත් කාලයක් පුරා රජයට සැබෑ ලෙස ලැබුණු ආදායම ඇස්තමේන්තුගත ආදායමට වඩා සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුය. එනම් රජය දෙන පොරොන්දු ඉටු කිරීමට හෝ, බලාපොරොත්තු වන ආර්ථික ඉලක්ක කරා ළඟා වීමට ප‍්‍රමාණවත් ආදයමක් රජයට ලැබී නැත.

මෙයට ප‍්‍රධාන හේතුව මුදල් අමාත්‍යංශය විසින් කරන ඇස්තමේන්තුවල දුර්වලතා සහ වැරදි බව මෙම වාර්තාව පෙන්වා දෙයි. නිවැරදිව ඇස්තමේන්තු කිරීමේ හැකියාව තිබියදීත්, මුදල් අමාත්‍යාංශය යලි යලිත් වැරදි ඇස්තමේන්තු ඉදිරිපත් කරමින්, ලබා ගත හැකි ආදායමට වඩා ඉහළ ආදායමක් ලබා ගත හැකි බව පවසමින් ජනතාව රවටන බව මෙම විශ්ලේෂණයෙන් පෙනී යයි.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙවැනි වාර්තාවක් 2021 අයවැය සම්බන්ධයෙන්ද ප‍්‍රකාශයට පත් කළේය.

2020 දෙසැම්බරයේ පල කරන ලද එම වාර්තාව පෙන්වා දුන්නේ 2021 සඳහා ලබාගත හැකි වන රාජ්‍ය ආදායම සහ ඇස්තමේන්තුගත ආදායම අතර  රුපියල් බිලියන 496 ක පරතරයක් ඇති බවයි. එනම් රජය 2021 වසර සඳහා රුපියල් බිලියන 2019 ක් අපේක්ෂා කරද්දී, වෙරිටේ රිසර්ච් ආයතනය සිය ගණනය කිරීම් හරහා පෙන්වා දුන්නේ රජයට ලබා ගත හැකි වන්නේ ඊට වඩා අඩු ආදායමක් එනම්, රුපියල් බිලියන 1523 ක් බවයි.

වර්තමානයේ රජය 2021 වසර අවසානය වන විට ලබා ගත හැකි බවට ප‍්‍රකාශ කර ඇති සංශෝධිත ආදායම, රුපියල් බිලියන 1556 කි.  එම අගය, වෙරිටේ ආයතනය ඊට වසරකට පෙර පුරෝකථනය කළ අගයට ඉතා ආසන්න අගයකි. මෙයින් පැහැදිලි වන්නේ, 2021 අයවැයෙන් ඉදිරිපත් කළ  ආදායම පිළබඳ ගණනය කිරීම් නිවැරදි නොවන, ජනතාව මුලා කරන අගයන් බවයි.

2022 අයවැය සම්බන්ධයෙන් පලකළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, මුදල් අමාත්‍යාංශය මේ වසරේදීද පෙර වැරැද්දම කර ඇති බවයි.

වෙරිටේ රිසර්ච් සිය ගණනය කිරීම හරහා පෙන්වා දෙන්නේ රජය 2022 වර්ෂය සඳහා රුපියල් බිලියන 2311 ක ආදායමක් බලාපොරොත්තු වුවද, ලබා ගත හැකි වනුයේ රුපියල් බිලියන 1890 ක් බවයි. එනම් සැබෑ ආදායම, බලපොරොත්තු වන ආදායමට වඩා රුපියල් බිලියන 421 කින් අඩු අගයක් වන බවයි.


ගණනය කිරීමේ දුර්වලතා
අපේක්ෂිත ආදායමට වඩා ලබා ගත හැකි ආදායම අඩු අගයක් ගැනීමට ප‍්‍රධාන හේතුව වන්නේ බදු සංශෝධන සහ නව බදු හරහා ලබා ගත හැකි ආදායම පිළිබඳ කරන වැරදි ඇස්තමේන්තුය.

බදු ප‍්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් සිදු නොවුන විට, බදු ආදායම නාමික දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුකූලව වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙන් දැක්වෙන්නේ රටෙහි නාමික දල දේශීය නිෂ්පාදිතය 2022 වසරේදී 10.8% ක වර්ධනයක් පෙන්වනු ඇති බවයි.  මෙම ප‍්‍රතිශතයට ඉහල බදු ආදායමක් බලාපොරොත්තු වන්නේ නම් එම ආදායම ලබා ගත හැක්කේ බදු ප‍්‍රතිපත්තිය (උදා. බදු අනුපාත, බදු පදනම ආදිය) වෙනස් කිරීමෙනි.

එසේත් නැතිනම් බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනයට ගන්නා පියවර තුලිනි.

උදාහරහයක් ලෙස 2022 වසර සඳහා ආදායම් බදු ලෙස රජය රුපියල් බිලියන 496 ක් ඉපයීමට බලාපොරොත්තු වේ. 2021දී අපේක්ෂිත අගය රුපියල් බිලියන 295 කි.

ඒ අනුව රජය 2021 කට සාපේක්ෂව 2022 වසරේදී  ආදායම් බදු වලින් ලැබෙන ආදායමේ 68% ක වර්ධනයක් අපේක්ෂා කරයි. එනම්  රුපියල් බිලියන 201 ක වැඩි වීමක් අපේක්ෂා කරයි.

මෙයින් රුපියල් බිලියන 32 ක වැඩි වීමක් නාමික දල දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත 10.8 ක වර්ධනය නිසා ලැබේ යයි උපකල්පනය කල හැක. ඉතිරි රුපියල් බිලියන 169 ක ආදායම ලැබිය යුත්තේ බදු ප‍්‍රතිපත්තියේ වෙනසක් හෝ බදු එකතුකිරීමේ කාර්යක්ෂමතාවේ ඇති කල වෙනස්කම් නිසාවෙනි. එහෙත් වෙරිටේ වාර්තාව පෙන්වා දෙන්නේ, ආදායම් බදු ප‍්‍රතිපත්තියට සහ බදු එකතු කිරීමේ ක‍්‍රියාවලියට 2022 අයවැයෙන් විශාල වෙනසක් කර නැති බවත්, එනිසා, මෙවන් විශාල ආදායමේ වැඩිවීමක් අපේක්ෂා කිරීම යථාර්තවාදී නොවන බවත්ය.

අතීත අත්දැකීම්වලින්ද පෙනී යන්නේ මෙවැනි ඉහල වර්ධයක් කිසිසේත්ම ළඟා කරගත නොහැකි බවයි.

උදාහරණයක් ලෙස 2010-2020 යන දශකයක කාලයක් තුල ආදායම් බදු වලින් ලැබෙන ආදායම වාර්ෂිකව වර්ධනය වී ඇත්තේ 8% ක සාමාන්‍ය අගයකිනි. එම කාලය තුල වසරකට වාර්තා කළ ඉහලම වර්ධන වේගය 38% කි. එය 2019 වසරේ වාර්තා විය. එනිසා 2022 අපේක්ෂිත වර්ධන වේගය රජයට ළඟා කරගැනීමට ඇති හැකියාව ඉතාම අඩු බව එම වාර්තාව පෙන්වා දෙයි.

2022 වසරේ හඳුන්වා දුන් එක වරක් පමණක් අයකරන 25% ක අධිභාර බද්දෙන් අපේක්ෂිත රුපියල් බිලියන 100 ක ආදායම සහ බදු එකතු කිරීමේ ඇති විය හැකි කාර්යක්ෂමතාවත්  සැලකිල්ලට ගෙන, වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන්නේ රජයට ලබා ගත හැකි ආදායම  රුපියල් බිලියන 430 ක් බවයි. එනම් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 66 ක් අඩුවෙන් රජයට ආදායම් බදු වශයෙන් ලැබෙනු ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.  


අපේක්ෂිත ආදායමට වඩා 40% ක අඩුවක්
මෙසේ වැරදි ඇස්තමේන්තු වලට තවත් හොඳ උදාහරණයක් වන්නේ, 2022 අයවැයෙන් හඳුන්වා දුන් නව බද්දක් වන සමාජ සංරක්ෂණ දායක මුදලයි.  

රුපියල් මිලියන 120ක් ඉක්මවන වාර්ෂික පිරිවැටුමක් මත 2.5% ක අනුපාතයක් ලෙස අය කරන මෙම බද්දෙන් වසරකට රුපියල් බිලියන 140 ක ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි. මෙම වාර්තාව පෙන්වා දෙන්නේ රජයට මෙම අපේක්ෂිත ආදායම නොලැබෙනු ඇති බවයි.

රජය මෙම ආදායම ගණනය කිරීමේදී යොදා ගත් උපකල්පනවල  දුර්වලතා මිට හේතුවන බව මෙම වාර්තාව පෙන්වා දෙයි. පිරිවැටුම මත අයකළ මේ හා සමාන වූ බද්දක් වන්නේ ජාතිය ගොඩ නැගීමේ බද්දයි. එම බද්ද හරහා උපයා ගත ආදායම සමග සංසන්දනය කරමින් වෙරිටේ ආයතයන පෙන්වා දෙන්නේ, මෙම සමාජ සංරක්ෂණ මුදල හරහා ලබා ගත ආදායම අපේක්ෂිත ආදායමට වඩා සැලකිය යුතු ලෙස අඩු වනු ඇති බවයි.

ජාතිය ගොඩ නැගීමේ බද්ද (NBT) සඳහා 2018 සහ 2019 වසර සඳහා බදු පදනම වුයේ රුපියල් බිලියන 105 කි. ඒ මත පදනම්ව, ආර්ථික වර්ධන වේගයද සැලකිල්ලට ගනිමින්, නව බද්ද සඳහා බදු පදනම රුපියල් බිලියන 128 ක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි.

ජාතිය ගොඩ නැගීමේ බද්ද සඳහා බදු වලින් නිදහස් කරන ලද ආදායම වසරකට රුපියල් මිලියන 12 ක් වූ අතර, බද්ද 2% ක් විය. ජාතිය ගොඩ නැගීමේ බද්දට සමාන බද්දකින් 2022 වසර සඳහා රුපියල් බිලියන 160 ක පමණ ආදායමක් අපේක්ෂා කළ හැක. එහෙත් යෝජිත සමාජ සංරක්ෂණ මුදල, බදු අනුපාතය 2.5 ක් වුවද, බදු වලින් නිදහස් කරන ලද ආදායම ජාතිය ගොඩ නැගීමේ බද්දට සාපේක්ෂව දස ගුණයකින් ඉහළය එය රුපියල් මිලයන 120 කි.

එසේම බද්ද ක‍්‍රියාත්මක වන්නේ අපේ‍්‍රල් මාසයේ සිට බැවින්, අවුරුද්දේ ප‍්‍රථම මාස තුන තුල පිරිවැටුම මේ ගණනයට ඇතුලත් නොවේ.  මේ සියලූ කරුණු සලකා බැලූ කල සමාජ සංරක්ෂණ බද්දෙන් රුපියල් බිලියන 140 ක ආදායම අපේක්ෂා කිරීම අතාත්වික බව වෙරිටේ රිසර්ච් සිය විශ්ලේෂණයෙන් පෙන්වා දෙයි.

වෙරිටේ ආයතනයට අනුව, සමාජ සංරක්ෂණ බද්දෙන් රජයට 2022 වසරේ ලබා ගත හැකි වන්නේ රුපියල් බිලියන 84 කි.

මෙවැනිම වූ ගණනය කිරීමේ ඇති දුර්වලතා නිසා රජයේ අනෙකුත් බදු සම්බන්ධයෙන්ද රජය ඇස්තමේන්තු කර ඇති ආදායම රජයට නොලැබෙනු ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි. උදාහරණ ලෙස දේශීය භාණ්ඩ සහ සේවා මත බදු වලින් රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1065 ක් වුවද, වෙරිටේ රිසර්ච් ගණනය කිරීම් වලට අනුව රජයට ලැබෙන ආදායම රුපියල් බිලියන 811 ක් වනු ඇත. විදේශ වෙළඳාම මත බදු වලින් රජය රුපියල් බිලියන 478 ක් බලාපොරොත්තු වුවද, වෙරිටේ රිසර්ච් ගණනය කිරීම් වලට අනුව ලබා ගත හැකි ආදායම රුපියල් බිලියන 405 ක් වනු ඇත.


අයවැය පිළිබඳ විශ්වාසනීයත්වය අඩු වීම
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ දිගු කාලයක් තිස්සේ වැරදි ඇස්තමේන්තු සහ උපකල්පන මත පදනම්ව ආදායම තක්සේරු කිරීම දිගින් දිගටම පවතින ගැටළුවක් බවයි. එනිසා රජයට නිරන්තරයෙන්ම පොරොන්දු  වූ වියදම් කප්පාදු කිරීමට සිදුවන අතරම, යෝජිත සංවර්ධන ව්‍යපෘති ක‍්‍රියාත්මක කිරීමටද එය අහිතකර ලෙස බලපානු ඇත. ආදායම ඇස්තමේන්තු වල ඇති වැරදි, සමස්ත අයවැය පිළිබඳව ඇති විශ්වසනීයත්වයට අඩු වීමට විශාල ලෙස හේතු වී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

වෙරිටේ රිසර්ච් මෙම සියලූ ගණනය කිරීම් කර ඇත්තේ රජය විසින්ම ප‍්‍රකාශිත දත්ත ඇසුරින්ය. ඒ සඳහා භාවිතා කර ඇති ප‍්‍රධාන මුලාශ‍්‍ර හතරකි. ඒවා මෙසේය. 2021 නොවැම්බර් 12 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල 1) අයවැය කතාව, 2) දළ අයවැය ඇස්තමේන්තු 3) රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාව සහ 4) ශ‍්‍රී ලංකා මහා බැංකුව ප‍්‍රකාශයට පත් කරන වාර්ෂික වාර්තාව යන මුලාශ‍්‍ර වේ.

මෙම ගණනය කිරීම් සඳහා රජයේ මාධ්‍ය කාලින ආර්ථික රාමුව (එනම් උද්ධමනය, ආර්ථික වර්ධන වේගය, විනිමය අනුපාත, අයවැය හිඟය) යන කරුණුද සැලකිල්ලට ගෙන ඇත.


”පබ්ලික් රිපෝට් ඔන් 2022 බජට්” හෙවත් ”2022 අයවැය සම්බන්ධ මහජන වාර්තාව” ඇසුරිනි. මේ සටහන තබන ලද්දේ වෙරිටේ රිසර්ච් ආයතයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනි අබේසිංහ විසිනි.

 



අදහස් (0)

ආර්ථික අර්බුදයකට පාර කැපූ අයවැයේ අංක විජ්ජා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3150 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12276 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 568 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 942 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1021 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 498 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site