IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ආර්ථිකය ගිනියම් කළ තෙල් මිල

පසුගිය දිනෙක ඉන්ධනමිල වැඩි කිරීමට රජය කටයුතු කළේය. ඒ අනුව ඩීසල් රු. 08.00කින් ද, පෙට්‍රල් රු. 20.00කින් ද වැඩි වීඇත.  සංශෝධිත මිල ගණන් අනුව වෙළඳපොළේ තෙල් මිල ගණන් වනුයේ ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක් රු. 157.00ක්, ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක් රු. 184.00ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111.00ක්, සුපර් ඩීසල් ලීටරයක් රු. 144.00ක් හා භූමිතතෙල් රු. 77.00ක් වශයෙනි. මෙම මිල ගණන් වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සලකා බැලීමේ දී ඔක්ටේන්-92  සියයට 14කින් ද, ඔක්ටේන්-95 සියයට 14කින් ද, ඔටෝ ඩීසල්  සියයට 6කින් ද, සුපර් ඩීසල් සියයට 9කින් ද, භූමිතෙල් සියයට 10කින් ද යනාදී වශයෙන් වැඩි වී තිබේ. කෙසේ වෙතත් මෙම තෙල් මිල වැඩිවීම රටේ ආර්ථිකයේ සියලු අංශවල මිල ගණන් වැඩිවීම කෙරෙහි පොදුවේ බලපානු ලබයි. ඒ අනුව මේ වනවිට ජනතාව අතරින් රජයට විශාල විරෝධයක් හා පීඩනයක් එල්ල වෙමින් පවතී.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තර්ක කරන රජයේ පාර්ශ්වයෙන් නගන තර්කයක් වන්නේ කලාපයේ අනෙක් රටවල් වල ඉන්ධන මිල සැසඳීමේ දී අඩුම ඉන්ධන මිලක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. ඒ අනුව ඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක මිල රු. 267.00ක් හා ඩීසල් ලීටරයක මිල රු. 246.00ක් වේ. බංග්ලාදේශයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 210.00ක් හා ඩීසල් ලීටරයක මිල රු. 153.00ක් ද වේ. පාකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 138.00ක් හා ඩීසල් ලීටරයක මිල රු. 141.00ක් ද වේ.  භූතානයේ  ඩීසල් ලීටරයක මිල රු. 182.00ක් ද, නේපාලයේ රු. 180.00ක් ද, මාලදිවයිනේ රු. 117ක් ද, ඇෆ්ගනිස්ථානයේ රු. 124ක් ද වන අතර, ලංකාවේ නව මිල සංශෝධනය අනුව පවතින මිල වන්නේ ඩීසල් රු. 111.00ක් හා  පෙට්‍රල් රු. 157.00ක් වශයෙනි.

ඉන්දියාවේ Express පුවත් පත වාර්තා කරන පරිදි ඉන්දියාව 2021 ජනවාරි මස තුළදී පෙට්‍රල් මිල ඉන්දියානු රුපියල් 10.8කින්ද ඩීසල් රු. 11.5කින්ද වැඩිකර තිබේ. අනෙක් අතට එම පුවත් පත පෙන්වා දෙන්නේ ඉන්දියාවේ මධ්‍යම හා ප්‍රාන්ත රජය අය කෙරෙන බදු පෙට්‍රල් සඳහා සියයට 58 කින්ද ඩීසල් සඳහා සියයට 52කින්ද ඉහළ දමා ඇති බවයි. ලෝකයේ ඛනිජ තෙල් වැඩියෙන්ම භාවිතා කරන තුන්වැනි රට වන්නේ ඉන්දියාවයි. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑම ඉන්දියාවට දැඩිව බලපානු ලබයි. අනෙක් අතට පුවත්පත් වාර්තා කරන පරිදි කොරෝනා වසංගතය නිසා කඩා වැටී ඇති රටවල් බොහෝමයක් 2021ආරම්භයේදී ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත. මේ සඳහා බලපා ඇත්තේ එම රටවල සෞඛ්‍ය වියදම් සඳහා විශාල මුදලක් අනපේක්ෂිත ලෙස දැරීමට සිදුවීමයි.

දකුණු ආසියානු කලාපයේ රටවල් හා යුරෝපයේ අනෙකුත් රටවල් සලකා බැලීමේ දී ඛනිජ තෙල් මිල අඩු වැඩි වශයෙන් සංශෝධනය කර ඇති බව විදේශ වාර්තා සඳහන් කරයි. ආසියානු කලාපයේ රටවල් සැලකීමේ දී පෙට්‍රල් මිල අඩුම රට වන්නේ ඉරානය යි. දෙවැනි ස්ථානය කුවේටය යි. ඉන්දියාව 31 වැනි ස්ථානය ත්, බංග්ලාදේශය 27 වැනි ස්ථානය ත්, චීනය 26 වැනි ස්ථානය ත්, ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ රටවල් සමග සැසඳීමේ දී පෙට්‍රල් මිල අඩු රටවල් අතර 21 වැනි ස්ථානයේ පසුවෙයි. අනෙක් විශේෂ කාරණය වන්නේ ලෝකයේ පෙට්‍රල් මිල වැඩිම රට වන්නේ හොංකොං රාජ්‍යය යි. එම මිල ලංකා රුපියල් 495.8 කි. ලෝකයේ පෙට්‍රල් මිල අඩුම රට වන්නේ වෙනිසියුලාව යි. එය ලංකා  රුපියල් වලින් සැලකීමේ දී රු. 3.9කි. දෙවැනියට ඉරානයයි. එය රු. 12.8කි. ඩීසල් මිල වැඩිම රට වන්නේ හොංකොං රාජ්‍ය වන අතර, එය ලංකා රුපියල් වලින් සැලකීමේදී 422.13 කි. ස්වීඩනය තුළ ඩීසල් මිල රු. 392.6 කි. කලාපයේ ඩීසල් මිල අඩුම රට වන්නේ වෙනිසියුලාව වන අතර, ඉරානයේ ඩීසල් මිල රු. 2.3කි.

 

ඉන්ධන මිල වෙනස් වීමට බලපාන සාධක

පසුගිය කාලපරිච්ඡේදය තුළ දී ලංකාවට ආනයනය කරන ලද ප්‍රධාන බොර තෙල් වර්ග දෙකක් තිබේ. එහි දී ඉරානයෙන් ආනයනය කරන ඉරානියන් ලයිට් හා ඕමානයෙන් ආනයනය කරන ඕමාන් ලයිට් වර්ග දෙක ආනයනය කර තිබෙන අතර, ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් ඩුබායි රටේ නිෂ්පාදනය කරන Merban නැමති වර්ගය සිංගප්පූරුවෙන් ආනයනය කර තිබේ. පසුගිය වසර 10ක කාලය තුළ දී ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල සලකා බැලීමේදී 2011, 2012, 2013 යන වර්ෂවල  බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 94 සිට 97 දක්වා පරාසයක වැඩි වී තිබේ. 2015 සිට 2017 දක්වා කාලය තුළ දී එය ඇ.ඩො. 48 සිට 50 දක්වා පරාසයක ද, 2018 සිට 2019 දක්වා කාලය තුළ ඇ.ඩො. 56 සිට 65 දක්වා ද, 2021 වන විට සාමාන්‍යය ඇ.ඩො. 61 දක්වා ද වූ අගයක පවතී.

 පසුගිය වසර 15ක කාලය සැසඳීමේ දී බොර තෙල් බැරලයක මිල අඩුවෙන්ම වාර්තා වන්නේ 2020 වර්ෂයේ දීය. ඒ ඇ.ඩො. 39.68ක් වශයෙනි. ලෝක වෙළඳපොළේ  ඉන්ධන මිල ගණන් ඉහළ යාම  හමුවේ අප වැනි කුඩා රටකට ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කර කාර්යයකි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ යන බව පෙන්වා දිය යුතුය.

ඉන්ධන මිල වෙනස්වීම කෙරෙහි බලපාන ඍජු සාධක අතරින් තවත් සාධක ලෙස දැකිය හැක්කේ විනිමය අනුපාතයේ වෙනස් වීමයි. 2001 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්ඡේදය සලකා බැලීමේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය රු. 114.9 සිට 185.6 දක්වා රුපියල් 70කින් වැඩි වී තිබේ.

2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර 05ක කාලය තුළ දී පමණක් ඇමෙරිකානු ඩොලරයේ වෙනස්වීම රුපියල් 49.2කි. මෙයින් පෙනී යන්නේ ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමන් මගයි.  මෙම කාල පරිච්ඡේදය තුළ දී රුපියල ඉතා විශාල ලෙස අවප්‍රමාණය වීමෙන් ගොඩනැගුණු ආර්ථික අර්බුද ගණනාවක් වර්තමානයට ඉතිරි වී තිබේ.  2020 වර්ෂයේ සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල සියයට 8.6කින් අවප්‍රමාණයවීම ඉදිරියේ දී ආර්ථික අර්බුද ගණනාවකටම මුහුණපාන බව පෙනේ. දිගින් දිගටම රුපියලේ අගය අවප්‍රමාණය වීම ඉන්ධන මිල කෙරෙහි ඍජුවම බලපා ඇති බව මෙයින් පසක් කරගත යුතුය. එම නිසා මෙවැනි පාලනය කළ නොහැකි සාධක ලංකාව වැනි කුඩා රටක ආර්ථිකයකට දැරිය නොහැක.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජය මගින් නිකුත් කරන ලද නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ආර්ථික ස්ථායීතාව ආරක්‍ෂා කර ගැනීමටත්, බැංකු ක්‍රමයට එල්ල වී ඇති මූල්‍යමය අස්ථායිභාවය ආරක්‍ෂා කිරීමට මෙම පියවර ගත් බවයි.  මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව ලංකාවේ ප්‍රධාන බැංකු දෙක වන ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවීමට ඇති මුළු ණය කන්දරාව රුපියල් බිලියන 600කි. එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 30කි. මේසා විශාල ණය කන්දරාවක් සහිතව මෙම ආයතනය පවත්වාගෙන යා හැකි ද යන්න ගැටලුවකි.  අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මෙම ණය ප්‍රමාණය හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බැංකු දෙක පවත්වාගෙන යෑමට මතුවන අර්බුදයයි. තවත් වැදගත් කාරණාවක් වන්නේ රජයේ බොහෝ අංශ වලින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමණය 2020 වර්ෂය වනවිට විශාල ලෙස වැඩි වී තිබීමයි.  ඒ අනුව බලන කල රජයේ ආයතන පද්ධතිය ම විශාල අර්බුදයක පැටලී තිබේ. පසුගිය දිනක පුවත්පත් වාර්තා කර තිබුණේ විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය  රු. බිලියන    72 ක් වන බවය.

 

සැබෑ අර්බුදය හඳුනා ගැනීම

ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකාවේ පමණක් නොව මුළු ලෝකය තුළම විශේෂයෙන් ම ඉන්ධන නිෂ්පාදනය නොකරන සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ආර්ථික හා දේශපාලන අර්බුදයකි.  ලංකාව  කාලීන වශයෙන් මුහුණ දී ඇති වර්තමාන අර්බුදය වන්නේ  වසර 05කට පෙර තිබූ තත්ත්වයට වඩා ලෝක වෙළඳපොළේ  බොරතෙල් මිල ඉහළ ගොස් තිබීමය. මේ වනවිට රුපියල අවප්‍රමණය වීමෙන් තෙල් ආනයන වියදමද ඉහළ ගොස් තිබේ.  එය පැහැදිලිව ම පෙනෙන්නට තිබෙන සත්‍යයයි.

මෙයට අමතරව ආයතනයක් ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යා හැකි ද යන ප්‍රශ්නයත් ඒ තුළින් ප්‍රධාන බැංකු පද්ධතියට එල්ල වී ඇති බලපෑමද සුළුපටු නොවේ. තවත් පැත්තකින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට රජයට අවශ්‍ය වියදම් දැරීමට නොහැකිවීම හා බදු ආදායම අඩු වීමෙන්  මහා භාණ්ඩාගාරයට වන බලපෑමද තිබේ. 

පසුගිය මාස කීපය තුළ දී සංචරණ සීමා නිසාවෙන් වාහන පරිහරණය සීමාවී තිබූ අතර, ඉන්ධන පරිභෝජනය ඉතාමත් අඩුවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ආදායම විශාල ලෙස අඩු වී ඇති බව පෙනෙන්න ට තිබේ.  තවද, මෙම තෙල් අර්බුදයේ තවත් පැතිකඩක් වන්නේ තෙල් ආනයනයෙන් සියයට 70ක් පමණ ආනයනය කරන්නේ පිරිපහදු කළ තෙල් වීමයි. 

ලෝක වෙළඳපොළේ පිරිපහදු කළ ඉන්ධන වල මිල අධික ය.  ඉතිරි සියයට30 පමණක් බොරතෙල් ලෙස ආනයනය කරයි.  අපට බොරතෙල් ආනයනය වැඩි කොට දේශීය වශයෙන් පිරිපහදු කළ හැකි නම් තවදුරටත් තෙල් මිල අඩු කළ හැකි බව පෙනී යයි. පිරිපහදු කිරීමෙන් ලැබෙන අතුරුඵල මගින් විවිධ නිෂ්පාදන කිරීමෙන් විශාල ආදායමක් රටට ඉතිරි කර ගත හැකි බව පෙනේ.

විශේෂයෙන්ම ලංකාවේ තෙල් පිරිපහදු කිරීමේ පහසුකම් තවදුරටත් පුළුල් කළ යුතු බව වසර ගණනාවක සිට සාකච්ඡා කරමින් පවතින අතර, මේ සඳහා සැළසුම් සකස් කිරීමට හැකි වී ඇත්තේ මෑත කාලය තුළ දීය. ලංකාවට අති නවීන තෙල් පිරිපහදුවක් නොමැතිවීම තෙල් අර්බුදයේ තවත් පැතිකඩකි. අනෙක් අතට විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම තෙල් මිල ගණන් පාලනය සඳහා හෙජින් ක්‍රමය නැවත හඳුන්වා දිය යුතුය යන්නයි.  කෙටි කාලීන වශයෙන් තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කරන තෙක්  නිසියාකාර අධ්‍යයනයකින්  හෙජින් ක්‍රමය සැලසුමක් වූවත් හෙජින් ක්‍රමය තුළ සිදු වූ වාංචා නිසා ජනතාවට මෙම ක්‍රමය පිළිබඳව ඇත්තේ අප්‍රසන්නතාවකි.  එහෙත් ලෝකයේ බොහෝ රටවල් මෙම හෙජින් ක්‍රමය ඉන්ධන මිල පාලනය සඳහා ක්‍රමවේදයක් ලෙස භාවිතා කරනු ලබයි.

ලංකාවේ ඉන්ධන මිල ගණන් වැඩිවීම පාලනය කිරීම සඳහා පසුගිය රජය මිල සූත්‍රයක් හඳුන්වා දී තිබිණි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල  ගණන් උච්චාවචනය වීමේ දී එයට සාපේක්‍ෂව මිල ගණන් සංශෝධනය කිරීම මෙහි අරමුණක් වී පැවති බව පෙනේ. කෙසේ නමුත් මෙම මිල සූත්‍රය පිළිබඳව විවේචන පැවති අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමක් සිදුනොවූ අතර මිලසූත්‍රය ගැළපීමේ දී මිල ගණන් දිගින් දිගටම ඉහළ ගොස් තිබිණි. මෙම තත්ත්වය තුළ මිල සූත්‍රය ප්‍රායෝගික නොවණු බව පෙනේ. ලංකාවේ ආණ්ඩුවලට දිගු කලක් ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් පීඩනයක් ඇති කරන මෙම අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් සෙවීමට වඩා සිදු කර ඇත්තේ අර්බුදයට පැලැස්තර දැමීමයි. දැන්වත් මෙම ඛනිජ තෙල් අර්බුදයට දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට කාලය එළැඹ තිබේ. මේ සඳහා මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා ප්‍රායෝගික ක්‍රමවේද ලෝකයේ නොපවතින්නේද? නැත්නම් ඒ සඳහා උපදෙස් ලබා දීමට සුදුසු විශේඥයන් නොමැති ද යන ප්‍රශ්නය මතු වේ.

 

අර්බුදයට විසඳුම් සෙවීම

ඛනිජ තෙල් මිල වැඩිවීම පාලනය සම්බන්ධයෙන් කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් විසඳුම් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ හැකිය. මේ සියලු විසඳුම් සෙවීමට ප්‍රථම මෙම ආයතනය දීර්ඝ කාලීනව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවිය යුතුය. තවදුරටත් රාජ්‍ය ආයතන වලට ණයට ඉන්ධන ලබා දිය හැකි ද යන්න ගැටලුවකි. විදුලිබල මණ්ඩලය ලාභ ලබනවා නම් ඔවුන්ගෙන් ණය අය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතුය. තවදුරටත් ණයට ඉන්ධන ලබා දීමෙන් ණය උගුලක මෙම ආයතනය පැටලෙනවා ඇත. 2001 වර්ෂයේ දී ලංකාව තුළ ඛනිජ තෙල් සම්බන්ධයෙන් රජයේ ඒකාධිකාරය බිඳ දමමින් ඉන්දියානු තෙල් සමාගමට ඛනිජ තෙල් ආනයනය බෙදා හැරීම හා විකිණීමට අවසරය ලබා දීමෙන් තරඟකාරීත්වයෙන් ඛනිජ තෙල් මිල ගණන් පහත යා හැකියැයි උපකල්පනය කළද, එසේ සිදු නොවුණි.

ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් අඩුවන අවස්ථාවලදී මිල දී ගැනීම් කිරීමට ඛනිජ තෙල් සංස්ථාවට ක්‍රමෝපාය නැතිවා නොවේ. එහෙත් ලෝක වෙළඳපොළේ තෙල් මිල විශාල ලෙස අඩුවීමක දී වැඩියෙන් මිල දී ගෙන ගබඩා කර තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් තිබේ ද යන්න ගැටලුවකි. ගබඩා පහසුකම් දියුණු කිරීම, පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය පෞද්ගලික ආයෝජකයන් ඉදිරියේ දී අවස්ථා උදාකිරීම මෙම අර්බුදයට තවත් විසඳුමක් වන බව පෙනේ. දැනට පවතින මූල්‍යය අර්බුද හේතුවෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් ආනයනික වියදම් වශයෙන් දැරීමට ලංකා ආණ්ඩුවට නොහැකිය. ඉහතින් සඳහන් කළ පරිදි සියලු බැංකු පද්ධතියෙන් ණය උපරිමෙන් ලබාගෙන ඇති බව කියැවේ. අනෙක් අතට ඛනිජ තෙල් සංස්ථාව ලබාගත් ණය වෙනුවෙන් පොලී ගෙවීමට සිදුවීමත් එම පොලී අනුපාතිකයද අවසානයේ තෙල් මිල සැකසීමේ දී එකතු වන නිසා වියදම වැඩිවීම ඛනිජ තෙල් මිල කෙරෙහි වක්‍රව හෝ බලපානු ලබයි. එම නිසා මෙහිදී වියදම් අඩුකර ගැනීම ඉතා වැදගත් වේ.

ලංකාව තුළ තෙල් මිල සාපේක්ෂව අඩුකිරීමට ක්‍රමෝපාය සැකසීමේදී විශේෂයෙන් තෙල් මිලදී ගැනීමේ සිට බෙදා හැරීම යන ප්‍රධාන ප්‍රවාහයන් තුළ පවතින වියදම් සීමා කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බලා ඉතා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු ය.

මෙම අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස පෙනීයන්නේ මහා පරිමාණයෙන් තෙල් පිරිපහදුවක් ඇති කිරීමයි. අවසාන වශයෙන් අවධාරණය කළ යුතු තැන් කිහිපයක් තිබේ.  එනම්, මෙම තෙල් මිල ගණන් මොන යම් හෝ ආණ්ඩුවකට දීර්ඝ කාලීනව පාලනය කළ නොහැකි බවය.  2015-2019 දක්වා ආණ්ඩු කාලය තුළ දී තෙල් මිල විසි දෙවතාවක් සංශෝධනය කර තිබේ. වර්තමාන ආණ්ඩුව බලයට පත් වී දැනට වසර එක හමාරක් වැනි කෙටි කාලයක මෙය එම ආණ්ඩුවේ ප්‍රථම මිල සංශෝධනය බව පෙනේ. තෙල් මිල ඉහළයාම ලෝකයේ කිසිඳු රටකට තිරසාර ලෙස විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. මේ නිසා මෙම ඛනිජ තෙල් මිල තවදුරටත් දේශපාලනීකරණය නොකොට ආර්ථික අර්බුදයක් සේ සලකා කඩිනමින් විසඳුම් සෙවීමට සියලු පාර්ශ්වල සහාය ලැබිය යුතු බව අවධානය කළ යුතුය.

(***)



අදහස් (0)

ආර්ථිකය ගිනියම් කළ තෙල් මිල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 787 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12688 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 690 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site