ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව නිල එකඟතාවකට පැමිණියේ 2023 වසරේ මාර්තු මස 20 වැනිදාය. එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය මුදලෙහි පළමු වාරිකය එදිනම නිදහස් කිරීම ද සිදුවිය. 2023 දෙසැම්බර් 13 වැනිදා දෙවැනි වාරිකය රටට ලැබිණි.
තුන්වැනි වාරිකය නිදහස් කරන ලද්දේ 2024 ජූනි 13 වැනිදාය. හතරවැනි වාරිකය නිදහස් කිරීමට අදාළ තුන්වැනි සමාලෝචනය මේ වසරේ නොවැම්බර් 17 සිට 23 දක්වා කාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙහි දෙවැනි සමාලෝචනය පැවති කාලය වනවිට ආර්ථිකයේ බොහෝ අංශවල ධනාත්මක තත්ව දැකගත හැකි විය. විශේෂයෙන්ම කාර්තු කිහිපයක් අඛණ්ඩව ඍණ වර්ධනයක් පෙන්නුම් කළ ආර්ථිකය ධන වර්ධනයක් වාර්තා කළේය. සියයට 70 ඉක්මවා ගිය උද්ධමනය යම් ආකාරයකට පාලනය වීමක් දැකිය හැකි විය. මධ්‍යම බැංකුව සතු සංචිත ක්‍රමයෙන් ඉහළ ගියේය. එමෙන්ම රජයේ ආදායම් වැඩි වීමට අදාළව යම් නැඹුරුවක් ද දැකගත හැකිවිණි.
ආර්ථිකයේ යම් පිබිදීමක් ඇතිවූ පසුබිමක පැවැත්වූ මෙම තුන්වැනි සමාලෝචනයෙන් පසු හතරවැනි වාරිකය වශයෙන් අපට ඩොලර් මිලියන 330 ක මුදලක් ලැබීමට නියමිතය. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි අතර ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමතය ලැබුණු පසු ඉදිරි සති කිහිපයේදී එම වාරිකය රටට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ඩොලර් බිලියන 3 ක් වන මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකමෙහි හතරවැනි වාරිකය ලැබුණු පසු රටට නිදහස් කළ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.33 ක් පමණ වේ.
අයි.එම්.එෆ්. ආයතනය හතරවැනි වාරිකය නිදහස් කිරීම සඳහා විධායක මට්ටමේ එකඟතාවකට පැමිණීම සඳහා කාරණා දෙකක් සැලකිල්ලට ගන්නා බව ප්‍රකාශ විය. පළමුවැන්න නම්, මූල්‍ය අරමුදලෙහි ණය වැඩසටහනට අනුකූලව වසර 2025 සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කළ යුතු බවය. දෙවැන්න නම්, පෙර එකඟ වූ ව්‍යුහාත්මක ගැලපුම් ක්‍රියාත්මක කළ යුතු බවය. මේ සන්දර්භයේ 2025 වසර සඳහා වන අයවැය ලේඛනය පිළියෙල කිරීමේදී අයි.එම්.එෆ්. ඉලක්ක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය හවුල්කරුවන්ගේ කැප වූ මූල්‍ය දායකත්වය තහවුරු කිරීමට අදාළව සහතිකයක් තිබිය යුතු බවද අයි.එම්.එෆ්. ප්‍රකාශ කළේය. පෙර එකඟ වූ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නියමිත වේලාවට ක්‍රියාත්මක කරන බවට වන විශ්වාසය ගොඩනැගීමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බවත් ඔවුහු අවධාරණය කළහ.
පසුගිය කාලයේදී ආර්ථික වර්ධනය අතින් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ලංකාවට හැකි විය. ඒ අනුව, ගෙවුණු කාර්තු හතරක කාලයේදී ධන ආර්ථික වර්ධන වේග වාර්තා කළේය. පොලී අනුපාත අඩු කරමින් ඒකීය පොලී අනුපාතයක් පවත්වාගෙන යෑමට මධ්‍යම බැංකුව කටයුතු කරමින් සිටියි. උද්ධමනය පහළ යෑම ඇතුළු වර්ධනීය තත්ත්ව රැසක් රටේ ඇතිව තිබෙන බව අයි.එම්.එෆ්. හි ශ්‍රී ලංකාව සම්බන්ධ විශ්ලේෂණයෙන් ප්‍රසිද්ධ කෙරිණි. එහෙත් සමාජ සුබසාධන වියදම් සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක අවධානයක් යොමුව නැති බව එම ආයතනය පැවසීය. පසුගිය කාලයේ පැවති මැතිවරණ නිසා ණය වැඩසටහන හා එහි එකඟතා ක්‍රියාත්මක වීම යම් ආකාරයකට ප්‍රමාද වීමක් සිදු වූ බවද අයි.එම්.එෆ්. ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට නම් සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම හා ණය ධරණීයතාව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බව ඔවුහු නැවතත් අවධාරණය කළහ.
පෙර සඳහන් කළ පරිදි 2022 දී පැවති තත්වයට වඩා මේ වනවිට ආර්ථිකයේ විවිධ අංශවල යම් යම් වර්ධනීය ලක්ෂණ දැකගත හැකිය. ඒ අනුව, රජයේ ආදායම්වල සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරයි. 2024 වර්ෂය සඳහා අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බිලියන 4,107 කි. මේ වසරේ සැප්තැම්බර් වනවිට එයින් ඉපැයීමට හැකිව තිබුණේ රුපියල් බිලියන 2,918 ක ප්‍රමාණයකි. ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නම් 2024 වසර අවසාන වෙද්දී තවත් රුපියල් බිලියන 1,189 ක මුදලක් ඉපැයීමට සිදු වේ. එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැකිය. මේ වනවිට රජයේ මාසික ආදායම වශයෙන් සටහන් වන්නේ රුපියල් බිලියන 325 කට ආසන්න මුදලකි. මේ අනුව රජයේ අපේක්ෂිත ආදායමට වඩා මාසිකව රුපියල් බිලියන 200 ක පමණ හිඟයක් පවතින බව පැහැදිලි වේ.
රජයේ ආදායම් ඉලක්ක ගැන සඳහන් කිරීමේදී ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති ඇතැම් බදු සහන ලබා දීමෙන් බදු ආදායමට බලපෑමක් සිදුවන බවට සමහරු මත පළ කරති. උපයන විට ගෙවීමේ බද්දට සහන ලබා දීම ගැන කතාවෙන බවක් පෙනේ. එවැනි බදුවලින් රජයට විශාල ආදායමක් නොලැබේ. නිදසුනක් ලෙස එම බද්දෙන් රජයට ලැබෙන්නේ රුපියල් බිලියන 150 ක පමණ මුදලකි. පාසල් ළමයින් සඳහා අත්‍යවශ්‍ය උපකරණවල වැට් බදු ඉවත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය. එය කළ ද රාජ්‍ය ආදායමට දැනෙන බලපෑමක් සිදු නොවේ. උපයන විට ගෙවීමේ බද්දට සහන ලබා දීම සහ ඇතැම් භාණ්ඩවලින් වැට් බදු ඉවත් කිරීම ආදියෙන් රජයේ ආදායමට විය හැක්කේ රුපියල් බිලියන 100 ත් 150 ත් අතර පරාසයක ආදායම් අහිමිවීමක් පමණි. එහෙත් බදු ගෙවීම පැහැර හරින අය බදු දැලට හසුකර ගැනීම සහ බදු ආදායම් පුළුල් කිරීම ආදී ක්‍රියාමාර්ගවලින් එම හිඟය පියවා ගැනීමටත් රජයේ අපේක්ෂිත බදු ඉලක්ක වෙත ළඟා වීමටත් හැකියාව ලැබේ.
පළාත් පාලන ආයතනවලින් බදු එකතු කළ ද එම ආදායම් නිසි ලෙස රජයට නොලැබෙන බව මගේ අදහසයි. ඒ වෙනුවට එම මුදල් නොයෙක් අය විසින් පරිහරණයට ගනු ලබයි. මේ තත්ව නිවැරැදි විය යුතුය. ලංකාවේ පවතින සංකීර්ණ බදු ව්‍යුහය බදු ගෙවීම පැහැර හරින්නන්ට පහසුවක් සලසයි. එබැවින් බදු ව්‍යුහය සරල විය යුතුය. ජනතා විශ්වසනීයත්වය ඉහළ නැංවීම ද බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය වේ.
මා නිතර අවධාරණය කරන කාරණයක් නම්, රටේ ප්‍රශ්නවලට අවශ්‍ය වන්නේ විසඳුම් නොව නිර්මාණශීලී විසඳුම් බවය. පැවති අධික වර්ෂාපතනය නිසා මේ වෙද්දී කුඹුරු අක්කර තුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි. එම කුඹුරු ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන වීවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 100 කට වැඩිය. විනාශ වූ වගා අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි දෙන බවද ප්‍රකාශ වේ. ඒ සඳහා රජයට රුපියල් බිලියන 15 කට ආසන්න මුදලක් වැය වේ. වර්ෂාව නිසා ගොවිතැනට මේසා විනාශයක් ඇතිවුණේ ඇළ වේලි වැව් අමුණු ආදිය නිසි කලට ප්‍රතිසංස්කරණය නොකර ආර්ථිකය කාලයක් තිස්සේ මෙහෙයවූ නිසාය. මෙය ආර්ථිකයට විශාල පිරිවැයකි. එය අවම කිරීම වෙනුවෙන් ඇළ වේලි වැව් අමුණු ආදිය නිසි පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතුය. වගා කටයුතු සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමටත් අවධානය යොමුවිය යුතුය. කඩාවැටුණු කෘෂිකාර්මික අංශය නගා සිටුවීම සඳහා නිර්මාණශීලී විසඳුම් අවැසිය. එකම විසඳුම සහනාධාර ලබා දීම නොවේ.
මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය වන්නෝ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවෝය. ඔවුන් වෙනුවෙන් 2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් රුපියල් බිලියන 50 කට ආසන්න මුදලක් වෙන් කරන ලදී. බිඳවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට එම මුදල් නිසි ලෙස ලැබුණේ නැත. එම මුදල් වැඩිවශයෙන් ලැබුණේ බැංකු සමග මනා සබඳතා පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පමණි. සෙසු අයට ඒවා නොලැබිණි. ආර්ථිකය දියුණු කළ හැක්කේ කෘෂිකර්මාන්ත කර්මාන්ත සහ සේවා යන අංශ තුන නගා සිටුවීමෙනි. ඊට අදාළ ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරි අයවැයෙන් ඉදිරිපත් කළ යුතුය. එසේ නොකර පවතින තත්වය එලෙසම තබා ගනිමින් සහ සහනාධාර ලබා දීමෙන් පමණක් ආර්ථිකය ගොඩගැනීමට හැකි වන්නේ නැත. පවතින ප්‍රශ්නවලට නිර්මාණශීලී විසඳුම් අයවැයෙන් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීමකි.
වාහන ආනයනයට ඉඩ දිය යුත්තේ ඒ සම්බන්ධයෙන් පුළුල් විශ්ලේෂණයක් කිරීමෙන් පසුය. දැන් රටේ තිබෙන්නේ පරණ වාහනය. ඒවා නිසා අනතුරු වැඩිවීම, ඉන්ධන පරිභෝජනය ඉහළ යෑම ආදී ප්‍රශ්න ගණනාවක් මතු වී තිබේ. අලුත්වැඩියා කිරීම සඳහා ද වැඩි මුදලක් වැය වේ. එම සියලු පිරිවැය මගී ප්‍රවාහනයට හෝ භාණ්ඩ ප්‍රවාහනය හෝ මත පටවා ජනතාව මත පතිත කිරීමක් සිදු වේ. මේ පසුබිමේ අවශ්‍යතාව මත වාහන ගෙන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුය. එය රජයේ බදු ආදායම් ඉහළ යෑමට ද හේතුවක් වේ. විදේශ සංචිත ප්‍රමාණය ගැන මනා අවබෝධයක් ඇතිව වාහන නැවත ආනයනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිය. එසේ නොකළහොත් එහි පිරිවැය අධික වීමට ඉඩ තිබේ.
මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය ඇතුළත විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 5.4 ක මුදලක් රටට ලැබී ඇත. අදාළ කාලයේදී සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.5 ක පමණ ආදායමක් උපයා ඇත. සංචාරක කර්මාන්ත දියුණු කිරීමට නම් රටේ හොඳ ප්‍රවාහන පද්ධතියක් තිබිය යුතුය. ඊට අවශ්‍ය වාහන තිබිය යුතුය. මේ සන්දර්භයේ විදේශ සංචිත ප්‍රමාණවත් නොවන බැවින් වාහන ආනයනයට ඉඩ දිය නොහැකිය යන තර්කය නිවැරැදි එකක් නොවේ. වාහන ගෙන්වීමේදී රජයේ අවධානය යොමුවිය යුත්තේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම සම්බන්ධයෙනි. ලංකාවේ පෞද්ගලික වාහන පරිහරණය ඉහළ ගොස් තිබෙන්නේ පොදු ප්‍රවාහනය දුර්වල මට්ටමක පවතින නිසාය. පොදු ප්‍රවාහනය දියුණු කර එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම හා සුහදශීලී සේවාව හා ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍යය. මේ ආකාරයට පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්නේ නම් අනාගතයේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා පවතින ඉල්ලුම ද අඩු විය හැකිය. මෙවැනි ඉදිරි දැක්මක් සහිතව වාහන ආනයනයට ඉඩ ලබාදීමෙන් ආර්ථිකයට ප්‍රශ්නයක් ඇති නොවන බව මගේ අදහසයි.
(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ආර්ථිකයට ඉදිරි දැක්මක් අවශ්‍ය ඇයි?