විහාරාරාම සහ දේවාලවලට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් අතරින් වැඩි ඉඩම් ප‍්‍රමාණයක් බුක්ති විඳින්නේ සාමාන්‍ය ජනතාවය. එසේ බුක්ති විඳින්නෝ ඉඩම අයිති පංසලට හෝ දේවාලයට අස්වනු කොටස් පූජා කරති. එවන් පූජා ධාන්‍ය වශයෙන් පිළිගනිද්දී අනිකුත් අවශ්‍යතා සඳහා මුදල් සෙවීමේ ගැටලූවලට භික්ෂුන් වහන්සේලා මුහුණ පාති. විවෘත ආර්ථිකයත් සමග අධ්‍යාපනය ලබන ඇතැම් භික්ෂුන් වහන්සේලා මූල්‍යමය වශයෙන් ගැටළුවලට මුහුණපාන බවත් එවන් අවස්ථාවල දී විහාරස්ථාන භාර හාමුදුරුවන් වහන්සේලාට නොයෙකුත් කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවන බවත් දැන ගන්නට ලැබුණේ ලංකාදීපය රිදීගම ප‍්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවෙහිදීය. රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹකොටේ ප‍්‍රදේශයේ අක්කර 50 කුඹල්ලංගාපිටිය පුරාණ විහාරය පිහිටා ඇත. භික්ෂුන් වහන්සේලා 18 නමක් පමණ වැඩවාසය කරන කුඹල්ලංගාපිටිය විහාරස්ථානය සාමණේර භික්ෂු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යයි. සාමණේර භික්ෂුන් වහන්සේලා වෙලේ බැහැගෙන ගොවිතැන් කටයුතු කරන බවට ලද තොරතුරක් අනුව අපි එම ස්ථානය කරා ගියෙමු. අක්කර 10ක් පමණ වූ විශාල කුඹුරක බැහැගෙන ගොවිතැන් කටයුතුවල නිරත සාමණේර හිමිවරුන්ගේ රුව නෙත ගැටෙන, ඕනෑම අයකුගේ නෙත්, සිත් පැහැර ගැනීමට තරම් ඒ දසුන සමාජයට පණිවිඩ රැසක් දෙන බව නම් සැබෑය. ඒ නිසාම මේ පිළිබඳ විහාරාධිපති පොළොන්නරුවේ රතනජෝති හිමියන්ගෙන් විස්තර අසා දැන ගත්තෙමු. ”අපට ඕනෑ වුණා මූලිකවම මේ ආවාසෙ වැඩ අවසන් කර ගන්ඩ. මේ පන්සලට අයිති ඉඩම ගොඩමඩ දෙකම අක්කර 10ක් 15කටත් වැඩිය තියෙනවා. ඒවයෙ ගොවිතැන් කටයුතු කළේ මේ ගමේ දුප්පත් මිනිස්සු. අපේ ආවාසෙ වැඩ කටයුතු කරන්ඩ කිසියම් ආයතනයක් භාරගෙන අපි මුලා කරලා දැම්මා. ඊට පස්සෙ මම හිතුවා ඉඩකඩම්වලට වටිනාකමක් දෙමින්, මේවායේ තිබෙන වටිනාකම සාමණේර භික්ෂුන් වහන්සේලාටත් කියාදෙන්ට. අපි වත්තේ හිටවලා තියෙනවා මිරිස්, බටු, මෑ, තක්කාලි, කරවිල වගේ එළවළු වර්ග. ගම්මිරිස්, කෙසෙල්, පොල් වගේ ආර්ථිකමය භෝගත් වවලා තියෙනවා. මේ ගමේ ගොඩක් අය පන්සලට ඇවිත් එළවළු අරගෙන යනවා. අපි අමුමිරිස් විතරක් මේ කන්නෙදි කිලෝ හැට, හැත්තෑවක් විකුණලා තියෙනවා. මේවයෙන් ලැබෙන ආදායම් සාමණේර භික්ෂුන්ගේ අවශ්‍යතාවලට යොදා ගන්නවා. මේ වගේ පුංචිවට වත්තේ එළවළු වගා කරගෙන ඉද්දි තමයි අපි හිතුවෙ මහා පරිමාණ වගාවක් කෙරුවොත් ආවාසයේ ඉතිරි වැඩ කටයුතු කරගන්ඩ පුළුවන් බව. මං මගේ ගෝල හාමුදුරුවන්ට මේ බව කිව්වා. ඒ අයත් කැමැති වුණා. ඊට පස්සෙ තමයි වෙලේ අක්කර දහය, දොළහ වවන්ඩ ගත්තෙ. මහ කන්නයේ වී ගොවිතැන් අස්වනු නෙළා ගැනීමෙන් පසුව අතුරු කන්නයක් විදිහට කෙටිකාලීන වගාවක් දැමීම තමයි අරමුණ වුණේ. ඒ නිසා ගර්කින් වගා කරන්න හිතුවා. මේ වනවිට පස සම්පූර්ණයෙන්ම සකස් කරලා පැළ සිටුවලයි තියෙන්නෙ. සාමණේර භික්ෂුන් පිරිවෙන් යන වෙලාව හැර අනිත් වෙලාවේ වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. ඒ නිසා ගමේ ගැහැණු පිරිමි කීප දෙනෙක් දවසේ පඩියට සේවයට අරගෙන ඉන්නවා. ඔවුන්ට අපි පඩි ගෙවනවා” යැයි විහාරාධිපති හිමියෝ පැවැසූහ. රිදීගම සැඟෑලෙන පරිවේනාධිපති වහන්සේ ලෙස කටයුතු කරන්නේ ද පොළොන්නරුවේ රතනජෝති හාමුදුරුවෝය. සැඟෑලෙන පිරිවෙනෙහි ඉගෙනුම ලබන දන්තුරේ ධම්මානන්ද පොඩි හාමුදුරුවෝ සමස්ත ලංකා (පිරිවෙන්) රචනා තරගයෙන් ප‍්‍රථම ස්ථානය හිමිකරගත් ශිෂ්‍ය හාමුදුරුනමකි. උන්වහන්සේද ගොවිතැන් කටයුතුවලට සහභාගි වී විඩා නිවාගන්නා අතර තුරදී අප සමග කතා බහ කළහ. ”අපේ ලොකු හාමුරුදුවන් වහන්සේ එක දවසක් කිව්වා පංසලට අයිති ඉඩම් වගා කරමු. හැමෝගෙම සහයෝගය ලැබුණොත් අපට අපේ ආවාසෙ වැඩ කටයුතු ඉවර කරගන්ඩ පුළුවන් කියලා. ඒ විදිහට තමයි අපි මේ කටයුතු පටන් ගත්තේ” යැයි උන්වහන්සේ පැවැසූහ. උන්වහන්සේ සමග සිටි කුඩා සාමණේර වහන්සේලා හැමෝම එක්කෙනකුට නොදෙවැනි ලෙස වැඩ කරමින් සිටි අයුරු අපට දැක ගන්නට ලැබුණි. පන්සල් ඉඩමේ එක් කෙළවරක සිට ඉඩමේ අවසාන කෙළවර දක්වාම මායිම්ව ඇත්තේ කොස්පොතු ඔයයි. මේ නිසා වගා කරන ඉඩමට වතුර සපයන්නේ කොස්පොතු ඔයෙනි. වතුර පොම්ප කරමින් වගාවට දායකත්වය සපයන තරුණ භික්ෂුන් වහන්සේලා දැක ගන්නට අපට හැකිවිය. හොඳ සිල්වත් රටට ආදර්ශවත් ආගමික නායකයන්ගෙන් සමාජය වෙනස් කරන්ඩ පුළුවන්. ඒ වගේ ආදර්ශයක් දෙන්ඩ පුළුවන් පිරිවෙනක් තමයි මේක. මෙතන මීට අවුරුදු කීපයකට පෙර ඉගෙන ගත්ත හාමුදුරුවරු අද හොඳ තැන්වල ඉන්නවා. ඉදිරියටත් ඒ දේ මේ ආයතනයෙන් සිද්ධ විය යුතුයි. එහෙම වුණොත් ඔය වගුරුවන දහඩිය රන් දහඩිය වේවි. විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා දවසේ වැඩ කටයුතු හමාරකොට කොස්පොතු ඔයෙන් අතපය සෝදාගත්හ. ලංකාදීපයෙන් ගිය අපි කොස්පොතු ඔයෙන් අතපය සෝදාගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයද ගෙන ආපසු පැමිණියෙමු.
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ආවාසය තනාගන්න ගොවිතැන් කරන හාමුදුරුවෝ
ජයන්ත Sunday, 08 April 2012 03:41 PM
සුබ්බා දුක්ක නිස්සාරනං නිබ්බාන සච්ච කරනත්ථයා ඒතං කාසවන් දත්වා පුබ්බාජේත මා බුන්තේ.
ශ්‍රී ලාල් Saturday, 14 April 2012 04:17 AM
මේ වගේ ස්වාමීන්වහන්සේලා තව තවත් ලංකාවට බිහිවෙන්න ඕනේ. මේ ගරුතර ස්වාමීන්වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. මේවා ප්‍රචාරය කළොත් මෙවැනි අයට ධෛර්යයක් වේවි.
රංග Saturday, 14 April 2012 04:33 AM
මේවා ඇත්තනම් ලියන කියන ස්වාමීන් වහන්සේව අමතන විදියක් ලියන එක තමයි හොද. මුදල් ත්‍යාග එවන්න කැමති ඕනත තරම් අය ඇති. දුරකථන අංකය සහ ලගම ඇති බැංකුව ගැන ලියන්න පුළුවන්නම් හොදයි.