උද්ධමනයේ කාණ්ඩ ගණනාවකි. ඒ අතුරින් වඩාත්ම ජනතාවට බලපෑම් ඇතිකරන්නේ ආහාර කාණ්ඩයේ උද්ධමනයයි. එය ජනතාවගේ මේ දිනවල හිස් මුදල් පසුම්බියේ සිට ගෙදර කුස්සිය දක්වාම බලපෑම් ඇති කරවයි. නිවෙස්වල සිටින බාල, තරුණ, මහලු සියලු වයස් කාණ්ඩවලට ආහාර උද්ධමනයෙන් ඇතිකරන බලපෑම අතිමහත්ය. අවසානයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයටත් සෙසු පිරිස් තුන්වේලෙන් දෙවේලට දෙවේලෙන් එක වේලට බහින්න වෙන මට්ටමටත් බලපාන සාධකයයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා සඳහන් කර තිබුණේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 94.9 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවය. එය අගෝස්තු මාසයේ පැවැති උද්ධමන අගය වූ සියයට 93.7 තවදුරටත් ඉහළ යාමකි. මේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ආහාර උද්ධමනය ඉහළම තලයට එනම් සියයට 100 ක් දක්වා ඉහළ නැගීමට ඇත්තේ සියයට 5 ක් පමණී. එළඹෙන්නට නියමිත ව්‍යාකූල තත්ත්වය පිළිබඳ මෙය භයානක පෙර නිමිත්තකි.
ආණ්ඩුව මෙහි දී සක්‍රීය ලෙස මැදිහත් වී තත්ත්වය පාලනය කර ගනිමින් උද්ධමන වේගය තරමක් හෝ අඩුකර ගැනීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය රටේ පොදු මහජනතාවගේ ප්‍රාර්ථනය ද වෙයි. රටේ ඔය කියන තරම් මන්දපෝෂණ තත්ත්වයක් හෝ ආහාර අහේනියක් හෝ නැති බවට පාරම් බාන උද්ධච්ඡ අමාත්‍යවරුන් කිහිප දෙනකුට මේ භයානක තත්ත්වය අවබෝධ නොවුණාට රටේ දූ දරුවන්ගේ, මාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ කුසට ආහාර උද්ධමනයේ කටුක ප්‍රතිඵල ගෙඩි පිටින් දැනෙමින් තිබේ. මේ බැරෑරුම් අවස්ථාවේ අවශ්‍ය වන්නේ පම්පෝරි ගැසීම් නොව පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට ක්ෂණික වැඩ පිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමය.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි සංඛ්‍යා ලේඛන සමාජගත කරන්නේ ඒවා කටපාඩම් කිරීමට නොවේ. ඉදිරියේ දී ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව රතු ඉර පනින බවට ආණ්ඩුව දැනුම්වත් කිරීමටය. ආණ්ඩුවේ වගකීම වන්නේ එම සංඛ්‍යා ලේඛන වලින් පෙන්වා දෙන යථාර්ථය පිළිබඳ අවබෝධයකින් කටයුතු කරමින් ජනතාව පීඩනයෙන් ගලවා ගැනීමට හැකි හැම වෑයමක්ම දැරීමය. එය එක් අමාත්‍යවරයකුගේ හෝ දෙතුන් දෙනකුගේ හෝ වගකීම නොවේ. කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීමකි. වරප්‍රසාද සහ වරදාන ලබා ගැනීමේ අවස්ථාවල දී සියලු මැති ඇමැතිවරුන් එකාවන්ව සාමුහිකව කටයුතු කර ඒවා ලබාගන්න බව නොදන්නා කෙනකු නැත. එසේ නම් රට මුහුණ දෙන බරපතළ ව්‍යසනයක දී එම වගකීම ඔවුන් අතින් ඉටුවිය යුතුය.
ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සම්බන්ධයෙන් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.. එහි සඳහන් වූයේ ආසියාවේ ඉහළම උද්ධමන අනුපාතය සහ පවතින ඉන්ධන හිඟය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට දිගින් දිගටම තර්ජනය කරන බවය. එය සත්‍යයක් නමුත් මේ රටේ ආහාර සුරක්ෂිතතාවට ප්‍රබලම තර්ජනය එල්ල වූයේ වී ගොවිතැන ඇතුළු රටේ කෘෂි නිපැයුම් සඳහා රසායනික පොහොර භාවිතය පැය 24 ක් තුළ දී තහනම් කිරීමට ගනු ලැබූ අත්තනෝමතික තීන්දුව බව අපගේ විශ්වාසයයි. මේ තීන්දුව ගෙන එය ක්‍රියාවට නැංවූ අවස්ථාවේ සිට එය රටේ ඉදිරි ආහාර සුරක්ෂිතතාවට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ද එය සාගතයක් තරම් භයානක තත්ත්වයක් කරා වර්ධනය විය හැකි යැයි ද මෙරට කෘෂි විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.
අද රටේ ආහාර අහේනිය සහ උද්ධමනය සම්බන්ධයෙන් අති පණ්ඩිත කතා කියන මැති ඇමැතිවරුන් අතුරින් බහුතරයක් එදා එම තීන්දුව වැරදි බවත් ඒ හේතුවෙන් මේ රටේ දූ දරුවන් ඇතුළු ජනතාව බලවත් ආහාර අර්බුදයකට තල්ලු කරනු ඇති බවත් ප්‍රකාශ කළේ නැත. එක්කෝ ඔවුන්ට එසේ කීමට කොන්දක් තිබුණේ නැත. නැත්නම් තමන් භුක්ති විඳින වරප්‍රසාද වලට තට්ටු වේ යැයි බියවෙන්නට ඇත. මේ කුමන හේතුව වුවද අද රටේ ඇති වී තිබෙන අධික ආහාර උද්ධමනයට එදා එම තීන්දුවට අත් එසවූ සියලු මැති ඇමැතින් වගකිව යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු.
ආහාර කාණ්ඩයේ අධි උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීමට අප්‍රමාදව පියවර ගත යුතුය. කුරුණෑගල ප්‍රදේශයේ එක් ප්‍රධාන පෙළේ පාසලක සිසුන් පිරිසක් වෙනත් සිසුන්ගේ ආහාර පාර්සල් සොරාගෙන කන බවත් එයට හේතුව ආහාර අහේනිය බවත් අපගේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රධාන සිරස් තලයකින් පසුගියදා හෙළිකර තිබිණි. තවත් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එකතුව ආහාර අහේනියෙන් පෙළෙන සිසු දරුවන් සඳහා ‘ආහාර බැංකු’ ක්‍රමයක් සකස් කර තිබෙන බව ද ඊට පෙර වාර්තා විය. මේ ආහාර උද්ධමනය සියයට 100 ක් කරා කිට්ටු වන විට ඇතිවෙමින් තිබෙන තත්ත්වයයි. ඒ අනුව එය 100 ඉක්මවා ගියොත් ඇතිවිය හැකි තත්ත්වයේ බරපතළකම සියලු බලධාරීන් විසින් තේරුම් ගත යුතුව තිබේ.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාර ගත්තේ මේ සියලු නරක පෙර නිමිති පහළ වෙමින් තිබියදීය. ඔහු සියලු වැර වෑයම් යොදමින් උද්ගත වෙමින් තිබෙන තත්ත්වය පාලනය කර ගැනීමට මහත් කාර්යභාරයක් කරමින් සිටී. සෙසු මැති ඇමැතිවරුන්ගේ කාර්ය භාරය විය යුත්තේ තම තමන්ගේ ගැටලු විසඳා ගැනීමට පෙර රටේ ගැටලු විසඳා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දීමය. රට මැදි වී තිබෙන ආර්ථික සුළි කුණාටුව කිසිසේත් අවතක්සේරු කළ යුතු නැත.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආහාර උද්ධමනයේ රතු ඉර නොපන්නනු
ganegoda Friday, 07 October 2022 11:23 AM
අද ලෝකයේ බලවත්ම සංවර්ධනය ක්‍රියාත්මක වන්නේ චීනයෙන්... ! ඇයි අපිටත්, චීනයට, රුසියාවට, ඉන්දියාවට එකතුවෙලා සංවර්ධනය වෙන්න බැරි..?
විනිවිද Saturday, 08 October 2022 07:24 AM
ශ්‍රී ලංකාව යනු කිසිඳු ආකාරයකට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ගැටළුවක් ඇතිකර ගත යුතු රටකි. රට පුරාම වැව්, ගංගා, සහ වෙනත් වාරිමාර්ග ජලය සැපයීම සඳහා තිබේ. නිසි ආකාරයට කෘෂි උපදෙස් මත ක්‍රමවත්ව සැලසුමකට අනුව රටපුරාම කෘෂිකර්මාන්තය කරන්නේ නම් මෙවැනි අර්බුද මතුවන්නේ නැත. ලංකාවේ සෑම අංශයකම තිබෙන ප්‍රධාන ගැටලුව නම් නිසි කළමනාකාරීත්වයක් නොමැතිකම සහ "වැඩබලන පිරිස් වැඩිවීම" සහ වැඩකරනා පිරිස් නොමැතිවීම වේ..!
Akila Sunday, 09 October 2022 10:51 AM
අහාර උද්දමනය වැඩි වෙන්න පටන් ගත්තේ රනිල් අවට පස්සේ , ජනතාවට එකතු කරපු අධික බදු බර මේකට ප්‍රදාන හේතුවක් .අනික තමයි දමා තිබෙන ආනයන සිමා