සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති. එමෙන්ම ආහාර යනු මූලික මිනිස් අවශ්‍යතාවකි. ආහාර අහේනියක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට වගබලාගත යුතු වන්නේ එහෙයිනි. එමෙන්ම ආහාර සුරක්ෂිතභාවය ආහාරයෙහි ඉහළ පෝෂණ තත්වය සහිත ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේද එහෙයිනි. අප කන හැටි ළිපා දනී යැයි කියන සැහැසි ඉරණමට යටත්ව සිටින ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබෙන බව ඒකාන්ත සත්‍යයකි.
එම ඉරණමට යටත්ව සිටින ජනතාවට ගහෙන් වැටුණ මිනිසාට ගොනා ඇන්නා වැනි කියමන සිහිපත් කෙරෙන පුවතක් අප ප්‍රවෘත්තිය ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ ආපනශාලා ආහාර පාන මිල ගණන් ඉකුත් 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බවය. ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 5 කින්ද, කිරි තේ එකක මිල රුපියල් 10 කින්ද කෑම පාර්සලයක මිල රුපියල් 25 කින්ද, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 50 කින්ද වැඩි කෙරුණු බව සමස්ත ලංකා ආපණශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා අප පුවත්පතට ප්‍රකාශ කියා සිටියේය. කෙසේ වෙතත් මෙම තීරණය වෙනස් කරමින් ආහාර පානවල මිල පැවැති තත්වයටම පහත දමන බව එම සංගමය කියා තිබේ. ඒ විදුලි බිල අඩු කිරීම නිසාය.
රටකට ආණ්ඩුවක් අවශ්‍යවන්නේ කුමකටද? යන්න පැහැදිලි කරගත යුතුවන්නේ මෙබඳු ප්‍රවෘත්ති කියවනවිටදීය. මේ රටේ සහල් මිල තීරණය කරන්නෝ වී මෝල් හිමියෝය. බස් ගාස්තුව තීරණය කරන්නේ බස් සංගමයයි. ආහාරපාන මිල තීරණය කරන්නේ ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයයි.
මෙම සංගම් කොහෙන් කොහොම කඩා පාත් වූයේ දැයි අපි නොදනිමු. එමෙන්ම මිල තීරණය කිරීමේ බලය කවර බලපුළුවන්කාරකමකින් පවරාගෙන ඇද්දැයි අපි නොදනිමු. රට තුළ පාරිභෝගික සේවා අධිකාරියක් තිබෙන බව පැවසෙන නමුදු එය ක්‍රියාත්මක තලයේ පවතින්නේද යන ප්‍රශ්නය මතුවන්නේ මෙබඳු ප්‍රවෘත්ති අසන දකින කියවන විටදීය. රට තුළ වෙළෙඳ ඇමැතිවරයකු සිටින බව කියැවුණ ද එම අමාත්‍යවරයාගේ වගකීම කුමක්දැයි පැහැදිලි නැත. අප ජීවත්වන්නේ මෙබඳු විපරීත රටකය.
ආපණශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ආහාරවල නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වූ බවය. එමෙන්ම යම්කිසි ආකාරයකින් රජය, පාරිභෝගික භාණ්ඩ මිල පහළ දැමුවහොත් එම සහනය ජනතාවට ලබාදීමට සූදානම් බවද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.
කඩ කෑම බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ආහාර විශේෂයකි. බතක්, එළවළුවක් පිස ගැනීමේ පහසුකම් නොමැති බෝඩිං කාමරවල විශාල පිරිසක් ජීවත් වෙති. එමෙන්ම කාර්ය බහුලත්වය නිසාම කඩ කෑමෙන් දවස ගෙවා දමන පිරිස් ද බහුල වෙති. ආපණ ශාලා ඒ අනුව කරන්නේ පළ කළ නොහැකි සේවාවක් බව ද අවධාරණය විය යුතුය.
අමතක නොකළ යුතු වැදගත්ම කාරණාව වන්නේ කඩ කෑම ලක්ෂ ගණනකගේ ප්‍රධාන ජීවනෝපාය බවය. මේ සියල්ලන්ම ආරක්ෂා විය යුතුය. කෑම මිල ගණන් ඉහළ යාම නිසා විශාල වශයෙන් කඩ කෑමෙන් ඉවත්වන තත්වයක් ද තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ආපණශාලා - පවත්වාගෙන යාමට නොහැකිවීමය. මිල ගණන් තව තවත් ඉහළ දැමීමෙන් සිදුවන්නේ ආහාර කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ හොත් ප්‍රතිඵල භයානක විය හැකිය.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආහාර මිල පාලනයට ක්‍රමවේදයක් නැද්ද?
ajith Monday, 11 March 2024 10:12 PM
ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් ඇති රටක අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල නියාමනය කිරීමට රජය මැදිහත් විය යුතුමයි.