IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඇතාගේ පහරින් තාත්තා මියයයි

 

dfh  fj

(පසුගිය සතියෙන්....)


ප‍්‍රැන්සිස්කු මේ කලබලය මොකක්දැයි බලන්නට ගියේය. ඔහුට දුරදීම ඇතා හඳුනාගන්නට හැකිවිය.


‘ඉලංගකෝන් මුදලිගේ ඇතා’ ප‍්‍රැන්සිස්කු තමන්ටම කියාගත්තේය.


සෙංකඩගල රාජධානියෙන් මුදලිට තෑගි ලැබුණු ඔය ඇතා හරිම කීකරු සතා. හැබැයි බොහොම තේජස්. ඒ හින්දම තරමක් චණ්ඩයි...

 

18_PAGE_04_T

ගජමන් නෝනා ඩොයිලි හමුව..
(අන්තර්ජාලයේ එන චිත‍්‍රයකි)


පත්තායමේ ලේකම් තමන් සමඟ කියන කතාව ප‍්‍රැන්සිස්කුට සිහිපත් විය.


පත්තායමේ ලේකම් යනු ඉලංගකෝන් මුදලිගේ ලියන අප්පු වන බැවින් ඔහු මේ ඇතා හඳුනන්නේ බොහෝ කලෙක සිටය.


‘මොකක්ද මේ වෙන්නේ?’ ප‍්‍රැන්සිස්කු රැස්ව සිටි පිරිසගෙන් විමසුවේය.


‘අද උදේ ඉඳලා ඔය ඇතා කොට ඇද්දා. දැන් වැඩ ඉවර වෙලා නාවන්න යන ගමන. ඒත් ඇත්ගොව්වා, ආයෙමත් අතර මගදී තව කඳක් අදින්න කියලා ඇතාට කිව්වා. ඒකට කෙන්ති ගිහින් ඉන්නේ.’


‘ඇත්තනේ ඌ තිරිසනා කියලා ඔහොමත් වැඩ ගන්නවද ඌටත් බඩගිනි ඇති, පිපාසේ ඇති...’


එවිටම ඇත්ගොව්වා ඇතාට කෑ ගැසුවේය. හෙන්ඩුව ඇදගත් ඔහු ඇතාගේ පස්ස පැත්තට ඉන් ඇන්නේය.


ඇතා වියරු වැටුණි.


වේගයෙන් සිරුර එහා මෙහා සෙලවූ ඌ පිට මත ඉඳගෙන විධාන දෙන ඇත්ගොව්වා බිම දැම්මේය.


ඊළඟ මෙහොතේ සිදුවන්නේ මේ ඇත්ගොව්වා මරා දැමීම විය හැකිය. ප‍්‍රැන්සිස්කු වහා ඇතා ළඟට දිවගියේ කෑගසමිනි. මේ මොහොතේ ඇතා සිටියේ හොඳටම කෝපයට පත්වය. ගොව්වා බිම වැටී සිටියේය. තමා ඉදිරියට කෑ ගසමින් එන මිනිසා වෙත පැමිණි ඇතා සිය හොඬවැලෙන් ඔහුටද පහරක් ගැසුවේය.

fgbn
ඒ පහරවැදී පසෙකට විසිවුණු ප‍්‍රැන්සිස්කු බිම පත බෑවුණේ කපා දැමූ කෙසෙල් කඳක් පරිද්දෙනි. එදෙස බලා සිටි ඇතා ඊළඟ මොහොතේ ඇත්ගොව්වා දෙස බැලූවේය. ඔහුද නිදිය.


අවට රැස්ව සිටි පිරිස හිස් හැරුණු අතේ දිවගියහ. වෙනත් ඇත් ගොව්වෙක් පැමිණ උපක‍්‍රමශීලී ලෙස ඇතාට කිට්ටුකර, ඌ මෙල්ල කර ගැනීමට සෑහෙන වේලාවක් ගියේය. පසුව ප‍්‍රැන්සිස්කුත්  ඇත්ගොව්වාත් වෙද මහත්තයකු කරා රැුගෙන ගිය නමුදු  හොඬවැලෙන් පහර කා සිටි ප‍්‍රැන්සිස්කු හිටියේ අසාධ්‍ය තත්ත්වයේය.


ඔහුගේ සිරුර තැලී තිබිණි. අභන්තර අවයව රාශියකටද හානි සිදුවීම නිසා ඔහුගේ මරණය අපේක්ෂා කළ යුතු බව වෙද මහතාගේ තීරණය විය.
මේ ඛේදනීය පුවත ගජමන් නෝනා වෙත ලැබෙන විට ඇය සිටියේ කිට්ටුව පාත පන්සලක පැවැති කවි මඩුවකට යන්නට සූදානමිනි. මෙකල කවි මඩු යනු අතිශය ජනප‍්‍රිය කලා අංගයකි.


ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, රංචාගොඩ බාල මහත්තයා, මැද්දේගොඩ උපාසක අම්මා, වයි සිංෙක්‍දා්, ඩිංගිරි මුදලාලි, පුයි අප්පු මෙකළ කවි මඩුවල නිතර කවි කී ජනප‍්‍රිය කවීහූය.


නමුත් ගජමන් නෝනාගේ නෝනා ඇඳුමත්, වියැකී නොගිය රූ සිරියත්, ශෘංගාරය මුසු මියුරු කවිත් නිසා අන් කිවිඳියන්ට වඩා ඇය කැපී පෙනුණි.
මේ නිසාම රංචාගොඩ ළමයා වැනි ඇතැම් කිවිඳියක සිටියේ ගජමන් නෝනා සමඟ ඊර්ෂියාවෙනි. ඇගේ සැමියන් මිය යෑම මෙන්ම ඇලපාත මුදලි හා පැවැති රහස් පෙම අවියක් කරගෙන ඇයට අපහාස කිරීම රංචාගොඩ ළමයාගේ පුරුද්දක් විය. එහෙත් ගජමන් නෝනාද පසු බැස්සේ නැත. හොඳ කුණුහුරුප උත්තර ඇගෙන්ද ලැබිණි.


තාත්තාට ඇතා ගැසූ පුවත කණ වැකුණු විගසම ගජමන් නෝනා කසාගල යන්නට පිටත් වූවාය. තාත්තා යනු ගජමන් නෝනා මෙලොව වඩාත්ම ආදරය කළ පුද්ගලයාය. ඔහු නැත්නම් ගජමන් නෝනාත් ඇගේ දරු පැටවුනුත් මෙලහකටත් හිඟාකන්නට පටන් ගෙනය.


තාත්තාට කරදරයක් වෙයිද? ගජමන් නෝනා තමාගෙන්ම අසාගත්තාය.

SLTK_04.qxd
‘තාත්තේ’
ප‍්‍රැන්සිස්කු සේනාරත්න ගිලන් ඇඳ මත හොවා තිබෙනු දුටුවිට ගජමන් නෝනාට ඇඬිනි. ඇය තම පියාගේ හිස සිපගත්තාය. යාන්තමට උණුසුමක් ඉතුරු වී තිබුණද හිසෙන් ඇයට දැනුණේ සීතලකි.


‘මොකද මගේ තාත්තාට?’


ඇය ඇසුවේ වෙද මහතාගෙනි.


‘තව දෙතුන් පැයකට වැඩිය ජීවත්වෙන එකක් නෑ නෝනේ.’


ඒ වචන තම සවන වැටෙන විට දෑස නිලංකාර වන සෙයක් ගජමන් නෝනාට දැනුණි. ඇය අසල තිබූ පුටුවක් අල්ලාගත්තේ අත්වැලක් අවශ්‍යම නිසාය.
එහෙත් ඇයට තිබුණු සවිමත්ම අත්වැල දැන් බිඳී ගොසිනි.


ප‍්‍රැන්සිස්කු සේනාරත්නගේ අවසාන හුස්මපොද වාතලයට නික්ම ගියේ ඇතාගේ පහර කා දෙදිනකට පසුවය. ගජමන් නෝනාගේ හැඬුම් හඬ ද ඒ සමඟම වාතලයට එකතු විය.

මා පිය පියා මැරවෙද රුදු මත     වරන
මා පිය පියා කරවා ඒ රුදු     කමින
මා පිය පියා නිදි නොව දළ සෝ    දුකින
මා පිය පියා සිහිකර හඬමි     හැමදින

 

පිය සිය  නගමිනේ යනෙනා තුරු     යෙහෙන
පිය සිය නගමිනේ සිය උකුලට     රැගෙන
පිය සිය නගමිනේ වැඩු අප සුත    පෙමින
පිය සිය රුදුවනේ මරුමුව වැද     ගිලූන

 

ගජමන් නෝනා තම පියා වෙනුවෙන් කවි ලීවාය.


‘ගජමන් ආරච්චිට ඇතෙක් ගහලා’


‘ගජමන් නෝනාගේ තාත්තාට ඇතෙක් ගහලා’


මේ පුවත ගිරුවාපත්තුව පුරා පමණක් නොව අහල පහළ කෝරළවලටද පැතිර ගියේය.


‘මොනවා.. ගජමන් නෝනාගේ තාත්තා’


මේ පුවත ඇසුණු හැටියේම ඇලපාත මුදලි ඇසුවේය.


ඒ මොහොතේම ඔහු වේරගම්පිට යන්නට සූදානම් වූයේය.


‘මේ කොහේ යන්නද?’


ඇලපාත මුදලිගේ බිරිඳ දෙල්ගොඩ මැණිකේ ඇසුවාය.


‘මගේ ආරච්චි කෙනෙකුට ඇතෙක් ගහලාලූ මැණිකේ. මම බලලා එන්නම්.’


ඇලපාත මුදලි කීවේය. ඇතා පහරදී ඇත්තේ ගජමන් නෝනාගේ තාත්තාට බව ඔහු ඇගෙන් ඒ මොහොතේ වසන් කළේය.


ඇලපාත මුදලි වේරගම්පිටට යනවිට ප‍්‍රැන්සිස්කුගේ මිනිය එහි ගෙනවිත් තිබිණි. සුදුපාට කබා කුරුත්තාවක් ඇඳගෙන සිටි ගජමන් නෝනාගේ ඇස්වල තිබුණේ මළානික පෙනුමකි. ඇගේ නීල උත්පල දෙනෙත, රත්පියුම්වල පැහැය ගෙන තිබුණේ අඬා වැලපුණු නිසා බව ඇලපාතගේ කවිකාර සිතට තේරුම් ගියේය. ගජමන් නෝනාගේ දෑතම අල්ලාගෙන ඇගේ සෝබර මුහුණ දෙස බලා සිටි ඇලපාත මුදලි ඇගේ දෑත අතහැරියේ දුකිනි.


සතළිස් හය හැවිරිදි වූවත් ගජමන් නෝනාගේ රූ සිරිය තවමත් එබඳුමය. තරමක් දුරින් සිට ඇගේ රූසිරිය නරඹමින් සිටි මුදලි යන්නට කලින් මුදල් නෝට්ටුවක් ගෙන ගජමන්ගේ අතේ තැබුවේය.


‘මං ආයේ හෙට දිහාවට එන්නම්’ ඔහු කීවේය.


ප‍්‍රැන්සිස්කු සේනාරත්ගේ දේහයට පාංශුකූලය දෙන්නට කරතොට ධම්මාරාම හාමුදුරුවෝද වැඩම කළහ. ඒ හිමියෝ ප‍්‍රැන්සිස්කු ගැන කතා කළේ රටට ඉතාම වැඩදායි සේවයක් කළ මිනිසෙකු ලෙසිනි. ගජමන් නෝනා වැනි කිවිඳියක මෙලොවට බිහිකිරීම පමණක් වුවද ප‍්‍රැන්සිස්කු රටෙන් පිදුම් ලබන්නට සෑහෙන බව කරතොට හාමුුදුරුවෝ ප‍්‍රකාශ කළහ.


ගජමන් නෝනා දැන් මෙලොව හුදෙකලාය. තල්පේ ආරච්චිත්, උයන්වත්තේ මුහුන්දිරමුත් තමා හැරගිය පසුව ඇයට රැුකවරණයට ඉතුරු වූයේ තම තාත්තා පමණි.


දැන් ඒ තාත්තාත් නැත.


දැන් ඇයට ඇති එකම සරණ කවියම පමණි.


ඇලපාත මුදලිගේත්, තවත් මිනිසුන්ගේත් ඇල්ම බැල්ම ඇතත් ඒ පේ‍්‍රම කතා සියල්ලම සඳ එළිය වැන්න. ඇයට අවශ්‍ය හිරු එළියකි.

 

චන්ද්‍ර සූරියා වැනි එළඳගේ     උවන
ඉන්ද්‍රනීල දෙක වැනි ළමැද එන     තන
අන්ධකාරයට ඇවිලූන පාන    මෙන
කින්ද තනි යහනේ නිිදියන්නේ     නෝන


ඇලපාත මුදලි ගජමන් නෝනාගෙන් අසා එවුවේය.
ඒ කවිය දුටුවිට ගජමන් නෝනාට කට වසාගෙන  සිටින්නට  නොහැකි විය. ඇය වහා කවියකින් ඔහුට පිළිතුරු යැව්වාය.

බැන්ද මගේ හිමි පරලොව ගිය     බැවින
නින්ද අපට පුරුදුය තනියම     යහන
වින්ද රති සැපත මට මතක     නැතිවුණ
කින්ද තමුසේට විමසන්න     කාරණ


ගජමන් නෝනාට ආර්ථික අහේනිය තදට දැනුණි. ඉඳහිටක කවිමඩුවකට ගියත් ඉන් ලැබෙන මුදල දෙතුන් දොහකට වඩා සෑහුනේ නැත.


‘අම්මේ බඩගිනියි’


පුංචිම එව්වෝ කීහ.


‘අම්මේ මේ බත් රහ නැහැ’


ලොකු එවුවෝ කීහ..


කරන්නේ මොකක්්දැයි ගජමන් නෝනා දහඅතේ කල්පනා කළාය.


‘ඩොයිලි මහත්තයාටවත් ලියලා බලන්න  ඕනෑ’ අවසානයේ ගජමන් නෝනා කල්පනා කළාය.


‘තාත්තා මළෙත් ඇතෙක් ගහලනේ. සමහර විට වන්දි මුදලක්වත් ඉල්ලගන්න පුළුවන් වෙයි.’


ශ්‍රීමත් ජෝන් ඩොයිලි  වූ කලී සිංහල ද පාලි ද හොඳට උගත් නිලධාරියෙකි. ඔහු එම භාෂාවන් ප‍්‍රගුණකළේ කරතොට ධම්මාරාම හාමුදුරුවන් ගෙනි. මේ නිසාම ඔහු කවියටද මනාපය. ගජමන් නෝනා ඩොයිලිට කවියෙන් තම දුක ලියා යැව්වේ අන්න ඒ නිසාය.

 

සඳ මෙන්  කවා ඇති දැඩි කළ     පැටවුන්ට
අද දින පමණ නැත වත උන් රැකගන්ට
සොඳ ගුණ ජෝන් ඩොයිල් මේ දිසා     මැතිදුන්ට
වැඳගෙන දුක කියමි පිහිටක්     ලැබගන්ට

 

සිත් ලෙසින් දයා බැඳ වැඩු පිය     සුගන
බත් දියන් කියා ඉඳ අඬති තැන     තැන
පත් මේ නොයා මේ තද ඇති     ලෙසින
අත් මුදුන් තියා දුක කියමි     වැඳගෙන


මෙබඳු කවි පෙලකින් සමන්විත වූ මෙම ලියුම ජෝන් ඩොයිලි කියවූයේ සතුටෙනි. ඔහුද සිංහල කාව්‍ය රසිකයකු වීම ඊට හේතුවයි.
ලියුම ලද විලස ඔහු ගජමන් නෝනා තමා හමුවට කැඳවීය.


නියම කරගත් දිනයක මාතර දිසාපති කාර්යාලයේදී ගජමන් නෝනාට ඩොයිලි මුණ ගැසිණි. රුහුණේ ජනපි‍්‍රයම කවිකාරිය තමා ඉදිරියට පැමිණීම ජෝන් ඩොයිලිට ආඩම්බරයට කරුණක් විය.


ඇගේ දුක සැප අසා දැනගත් ඩොයිලි අතිශයින්ම කම්පාවට පත්විය.


අන්තිමේදී ඔහු කළේ ගජමන් නෝනාට නින්දගමක් පවරා දීමය. එම නින්දගම පසු කලෙක නෝනාගම නමින් ප‍්‍රසිද්ධියට පත්විය.


අපි අන්න ඒ නින්දගමට ගියේ ගජමන් නෝනා ගැන තොරතුරු සොයා දැන ගන්නටය.


නෝනාගම හන්දියේ පදිංචිව සිටින විශ‍්‍රාමික  ගුරුවරයෙකු වන ගුණදාස මහතා අපට ඒ ගමනේදී මුණ ගැසිණි. නෝනාගමේම උපන් ඔහු ගජමන් නෝනාත් නින්දගමත් ගැන ඔහු දන්නා දේවල් පැවසුවේය.


ගජමන් නෝනාට මේ නෝනාගම පවරලා දුන්නාට මොකද එයා මෙහේ පදිංචි වෙලා හිටිය බවට ඒ තරම් සාක්ෂියක් නම් නැහැ. ඒ වගේම ගජමන් නෝනාගේ පුත්තු මේ නින්දගමේ සිටිය බවට කිසිම සඳහනක් නැහැ.


එසේ වුවත් නෝනාගම ගජමන් නෝනාට නින්දගමක් සේ පවරා දුන්නේ ඇගේ ජීවිතයේ දුෂ්කර සමයේදීය. එසේ හෙයින් ගජමන් නෝනා මේ නින්දගමට නොපැමිණීමට කිිසිම හේතුවක් නැත. සමහරෙකු කියන්නේ ගජමන් නෝනා නෝනාගම වැව අසළ ජීවත්ව සිටි බවයි. ඇය සිය ජල අවශ්‍යතා සපුරාගත්තේද නෝනාගම වැවෙන් බවද කියති.


ගජමන් නෝනාගේ දීර්ඝ ජීවන ප‍්‍රවෘත්තිය සටහන් කළ ලියුමක් ගිය සතියේ මට ලැබිණි. දෙනිපිටියේ ධම්මික එස්. ජයවර්ධන විසින් එවනු ලැබූ ඒ ලිපියට අනුව. මේ කාල වකවානුව වන විට ගජමන් නෝනාගේ ලොකු පුතුන් දෙදෙනා සිටියේ කොල්ලූපිටියේය. ඒ වනවිටත් ගජමන් නෝනාගේ පියාත් මවත් පදිංචිව සිටියේ කොල්ලූපිටියේය. ඔවුහු ගජමන් නෝනාගේ වැඩිමල් පුතුන් වූ ගිරිගෝරිස් ද ජුවානිස්ද තම භාරයට ගෙන ඔවුන්ට හොඳින් අධ්‍යාපනය ලබාදුන්හ.


ගජමන් නෝනාගේ තෙවැනි පුතා වූ දාවිත් සිය කැමැත්තෙන්ම පැවිදි බිමට ඇතුළත්ව සිටියේය. මේ නිසා මේ වෙද්දී ගජමන් නෝනා සමඟ ජීවත් වූයේ ඇගේ බාලම පුතා වූ දියෙස් හෙවත් බබා ගුරුන්නාන්සේ පමණි. ඔහුද හොඳට සිංහල බස උගත් කවි හා සිංදු රචනයේ දක්ෂයකුව සිටි බව ජයවර්ධන පවසයි. ගජමන් නෝනා කලක් බෙහෙත් ගත් ජයවර්ධන වෙද පරම්පරාවේ වත්මන් පුරුකක් වන ඞී.එස්. ජයවර්ධන මහතාටත් තවත් ලියුම් එවූ, දුරකථනයෙන් බොහෝ තොරතුරු ලබාදුන් ඉරිදා ලංකාදීප පාඨකයන්ටත් ස්තුතිය පුද කිරීමටද අමතක නොකරමු.


(ලබන සතියට...)

M11



අදහස් (0)

ඇතාගේ පහරින් තාත්තා මියයයි

වීරකෝන් Thursday, 23 July 2015 01:54 AM

බොහොම රසවත් ලිපියක් (නි)

:       0       0

සුනිල් ච.බ. Saturday, 25 July 2015 07:33 AM

බොහොම රසවත් ලිපි පෙළක්, බොහොම ස්තුති මෙවැනි ලිපි කරනවාට. බොහොම ස්තූතියි ලංකාදීප. (ස)

:       0       0

රන්දි Friday, 24 July 2015 11:40 AM

ඉතිහාසය පිළිබඳ මෙහි එන සියලුම ලිපි ඉතා ආසාවෙන් කියවමි.(ම)

:       0       0

සම්පත් Sunday, 26 July 2015 12:46 PM

කතෘ තුමනි, මම සියලුම ලිපි කියවනවා. ඉවරවෙයි කියල පොඩි දුකකුත් තියනවා. ඇත්තටම අද ගජමන් නෝනගේ පුතුන්ගෙන් අාපු පරන්පරාවෙන් කවුරුත්ම නැද්ද? ප්‍රතිචාර වලින්වත් හම්බ උනොත් හොඳයි අපිටත් දැන ගන්න. ඔබට හැමදාම වගේ ගොඩක් ස්තුති ලිපි පෙලට. (නදී)

:       0       0

සමන්මලි Tuesday, 04 August 2015 07:59 AM

ඉතාමත් වටිනා රසබර ලිපි පෙළක් බොහොම ස්තුති මෙවැනි ලිපි කරනවාට.කෙනුත් චාරිතා ප්‍රදාන ඉතිහාස සහ රජ කතා වලට තමයි වැඩියෙන්ම කැමති තව දුරටත් මෙවැනි ලිපි පලකරන ලෙස මන් ඉල්ලා සිටිනවා. ඉලෙක්ට්‍රොනික වූ අපගේ මනස ටිකක් හෝ නැවත සාහිත්‍යමය කරන්නේ මේ වගේ ලිපි. නැවතත් බොහොම ස්තුති ලංකාදීපයට (ම)

:       0       0

සේන Saturday, 25 July 2015 09:11 AM

ඉතාමත් වටිනා රසබර ලිපි පෙළක්. ලංකාදීපෙට බොහොම ස්තුතියි. (ස)

:       0       0

සෞදි රොහාන් Saturday, 25 July 2015 09:29 AM

මෙම ලිපි පෙළක් පටන්ගත්දා සිට කියවා රසවිඳින අයෙකු හැටියට මගේ ගෞරව පුර්වක ආචාරය ඔබට බොහොම හරවත් රසවත් ලිපි පෙළක් ඉදිරපත් කිරීම ගැන ලංකාදීපයටද මගේ ස්තුතිය. (ස)

:       0       0

ගයාන් Thursday, 23 July 2015 07:37 AM

හොඳ ලිපියක්. ගජමන් නෝනාගේ පසුව අයගේ පරම්පරාවට මොකද වුණේ? කිසිම තොරතුරක් නැහැ. බොහොම ස්තුති මෙවැනි දේ පළ කරනවාට මම හරි ආසාවෙන් කියවනවා මේ ලිපි මාලාව (ම)

:       0       0

අචිනි Thursday, 23 July 2015 07:50 AM

බොහොම රසවත් ලිපි පෙළක් .... ස්තූතියි ලංකාදීප .... (ම)

:       0       0

නිෂා Tuesday, 11 August 2015 06:01 AM

බොහොම රසවත් ලිපියක් ස්තුතිය ලංකාදීපයට (ම)

:       0       0

නිෂා Friday, 24 July 2015 03:24 AM

පරිගණකයත් එක්ක ජීවිතය ගෙවන අපි වගේ තරුණ පරම්පරාවට මෙවැනි ලිපි කියවීමට අවස්ථාව ලබාදීම ගැන මගේ හෘදයාංගවම ස්තුතිය ලංකාදීපයට. ගොඩක් අසාවෙන් කියවන ලිපි පෙළක් මේක මම. තව දුරටත් මෙවැනි ලිපි පලකරන ලෙස මන් ඉල්ලා සිටිනවා. ඉලෙක්ට්‍රොනික වූ අපගේ මනස ටිකක් හෝ නැවත සාහිත්‍යමය කරන්නේ මේ වගේ ලිපි. නැවතත් බොහොම ස්තුති ලංකාදීපයට. (ම)

:       0       0

සමන් Friday, 24 July 2015 08:52 AM

ඔබ සිලුදෙනගේ අදස් වලට මම එකඟයි. මේවගේ ලිපි වලින් මනසට ලොකු සතුටක් ලබන්නේ. ලංකාදීපයට මගේ ප්‍රණාමය (බ)

:       0       0

ආලෝකා Saturday, 25 July 2015 04:41 AM

නින්දගමක් නෙවි, ගම්වරයක්. නින්දගම් දුන්නේ පන්සල්වලට විතරයි (නදී)

:       0       0

විජිත Thursday, 03 September 2015 07:18 AM

වටිනා මෙවන් ලිපි පෙලක් පල කරනවාට ලංකාදීපයට බොහොම ස්තූතියි.(හේ)

:       0       0

චම්පි Sunday, 16 August 2015 04:11 PM

මේ අයගේ පරම්පරාවේ කවුරුවත් හොයාගන්න බැරිද? (නි)

:       0       0

පහන් Friday, 24 July 2015 06:26 PM

එසැනෙහි මා වඩාත්ම ප්‍රිය කරන්නේ මේ පහලම තියන කොටසේ ලිපි වලට. එ්කෙනුත් චාරිතාපදාන සහ ඉතිහාස කතා වලට තමයි වැඩියෙන්ම කැමති (නදී)

:       0       0

ටිකිරි Monday, 03 August 2015 01:04 PM

මේ සම්බන්ධයෙන් තවත් කතාවක් තිබෙනවා. බ්‍රිතාන්‍යයන් මෙරටට ගෙන්වාගත් මැලේ හමුදාවේ නිලයන්ගේ භාර්යාවන් පදිංචිවෙලා හිටපු නිසා නෝනාගම ලෙස හැඳින්වුණාය කියලා. මැලේ ජාතික විවාහක කාන්තාවන්ගේ නම අගට නෝනා යන පදය එකතුවීම නිසා එම නෝනාවරුන් පදිංචිව සිටි ගම නෝනාගම ලෙස හැඳින්වූ බව තමයි ඒ කතාවේ මුල. සම්පන් නමැති කුඩා නැව් මලයාව සහ ගොඩවාය අතර වෙළඳාම සඳහා යාත්‍රා කිරීමත් එම නැව් නැංගුරම් ලු තොට "සම්පන්තොට" (පසුව හමබන්තොට) ලෙස ප්‍රසිද්ධියට පත්වූ සත්‍ය කතාවේ පසුබිමත් එක්ක සංසන්දනය කරලා බැලුවාම නෝනාගමට මැලේ ජාතික කාන්තාවන්ගේ සම්බන්ධයක් තියෙන්න ඇති කියලත් තර්ක කරන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 0 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 203 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 145 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 68 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 165 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 84 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 617 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site