ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඇමෙරිකාවේ නියෝජ්‍ය සහකාර ලේකම්වරුන් වන (වමේ සිට) ජේම්ස් ආර්. මුවර්, ජේන් සිමර්මන් සහ වික‍්‍රම් සිං |
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරු තිදෙනෙක් මේ දිනවල ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිති. ඒ අතරම ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවලට ඇමෙරිකානු පාර්ශව ප‍්‍රකාශ කර තිබුණේ මීළඟ මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු එක්සත් ජනපදය සූදානම් වන බවයි. ඇමෙරිකාව ඇතුළු සමහර බටහිර රටවලට ඇඟිිලි ගැසීමට ශ‍්‍රී ලංකාව හැරුණුකොට වෙනත් රටක් නැතැයි සිතෙන තරමට එම රටවල් ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගැසීම් කරති. ලේකම්වරුන් තිදෙනාගේ ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ ද ඒ ආකාරයට රට කෙරෙහි බලපෑම් ඇතිකරන්නටය යන්න නොරහසකි.
ඇමෙරිකානු නියෝජිත පිරිසගේ ශ‍්‍රී ලංකා සංචාරය සිදුවන අතරතුරම පසුගිය අඟහරුවාදා (29) පුවත්පත් වාර්තාකර තිබුණේ මේ වසරේ මාර්තු මස පවත්වන මීළඟ මානව හිමිකම් කවුන්සිල රැස්වීම වර්ජනය කිරීමට ඊශ‍්‍රායලය විසින් තීරණය කර ඇති බවයි. ඊශ‍්‍රායලය අල්ලාගෙන සිටින බටහිර ඉවුර ප‍්‍රදේශයේ මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කිරීමට එම කවුන්සිලය තීරණය කිරීම නිසා මේ ආකාරයේ පියවරක් ගැනීමට සිදුවූ බවද ඊශ‍්‍රායෙල් රජයේ ප‍්‍රකාශකයකු සඳහන් කර තිබුණි.
ඊශ‍්‍රායලය ඇමෙරිකාවේ කිට්ටුම හිතවතෙකි. ඊශ‍්‍රායලය විසින් පලස්තීනය සම්බන්ධව අනුගමනය කරනු ලබන ක‍්‍රියා පිළිවෙත පිළිබඳව ලොව බොහෝ රටවල් කැමැත්තක් දක්වන්නේ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී ඒ සම්බන්ධයෙන් ඊශ‍්‍රායලයට එරෙහිව විවිධ යෝජනා සම්මත වී ඇත. එවැනි අවස්ථාවලදී ඊශ‍්‍රායලයට සහාය දක්වන ප‍්‍රධාන රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
පසුගිය වසරේදී පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සාමාජික රටක් ලෙස බඳවා ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිවූ රටවල් නවයට ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය අයත් විය. රටවල් 131 ක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙද්දී ඇමෙරිකාව එයට විරුද්ධ වූයේ මුළු ලෝකයම එරෙහිව සිටියත් ඇමෙරිකාව ඊශ‍්‍රායලය සමග සිටින නිසාය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ‍්‍රායලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද යන්න අපට වැදගත් වන්නේ එමගින් එරටේ අභිලාෂයට සහ ගමන්මඟ පිළිබඳ අපට තේරුම් ගැනීමට ඉඩ ලැබෙන නිසාය. ඊශ‍්‍රායලය පලස්තීන භූමිය අල්ලාගෙන සිටීමට විරුද්ධව 2012 මාර්තු 22 වැනිදා මානව හිමිකම් කවුන්සිලයේ දී ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 44 ක්ද විපක්ෂව එක් ඡුන්දයක්ද ලැබුණි. එදිනම එහිදී පලස්තීනයට ස්වයං පාලනයට ඇති අයිතිය පිළිගනිමින් යෝජනාවක් ඉදිරිපත් වූ අතර පක්ෂව ඡන්ද 46 ක් හා විපක්ෂව එක් ඡන්දයක් ද ලැබුණි. අල්ලාගත් ප‍්‍රදේශවල ඊශ‍්‍රායලයට කරනු ලබන ජනාවාස පිහිටුවීමේ ක‍්‍රියාවලියට එරෙහිව යෝජනාවට පක්‍ෂව ඡුන්ද 36 ක් සහ විපක්‍ෂව එක් ඡුන්දයක් ලැබුණි. ගාසා තීරයට තොරතුරු සෙවීමට එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් යැවිය යුතුයැයි යන යෝජනාව පක්‍ෂව ඡුන්ද 29 ක් සහ විපක්‍ෂව එක් ඡුන්දයකින් සම්මත විය. අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ මානව හිමිකම් පිළිබදව යෝජනාවක් පක්‍ෂව ඡුන්ද 33 ක් ද විපක්‍ෂව එක් ඡුන්දයක් ද ලැබී සම්මත විය.
ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත් එම සමුළුවේදී ඊශ‍්‍රායලය සම්බන්ධ යෝජනා පහම අති විශාල ඡුන්ද සංඛ්‍යාවකින් සම්මත කරද්දී එක් විපක්ෂ ඡන්දයක් ලැබී ඇති බව පැහැදිලිවේ. මෙම යෝජනා පහටම විරුද්ධ ඡන්ද දුන් රට කුමක්ද? යෝජනා පහටම විරුද්ධ ඡුන්දය දුන් එකම රට වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
පසුගිය මාර්තු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආවේය. එයට අනෙක් රටවල සහාය ලබා ගැනීමෙන් එම යෝජනාව සම්මත කරගැනීමට කටයුතු කළේය. එහෙත් ඊශ‍්‍රායලයට එරෙහිවූ යෝජනා පහටම ඇමෙරිකාව විරුද්ධව ඡුන්දය දුන්නේය. ඇමෙරිකාවට ලොව මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නම් ඊශ‍්‍රායලයට විරුද්ධව ඉදිරිපත් වූ යෝජනා පහටම විරුද්ධව ඡන්දය දුන් එකම රට බවට පත්වන්නේ කෙසේද?
ශ‍්‍රී ලංකාවට එරෙහිව නැඟෙන ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතා හඳුනාගැනීමට මෙම නිදසුන් ප‍්‍රමාණවත් වේ යැයි සිතමි. විපක්ෂයේ සමහර පක්ෂ ප‍්‍රකාශ කරන්නේ මෙම රජය ජාත්‍යන්තර බලවේගවලට ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇඟිලි ගැසීම් ඇති කිරීමට අවශ්‍ය වාතාවරණයක් සකසා දෙන බවයි. බටහිර රටවලට ගැතිකම් කිරීමට රජය ඉදිරිපත් නොවන තාක් ශ‍්‍රී ලංකාවේ කවර යහපත් තත්ත්වයක් පැවැතියද මේ ඇඟිලි ගැසීම් නතර වනු ඇතැයි සිතිය නොහැකිය.
ඊශ‍්‍රායලය පසුගිය මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් රැස්වීම වර්ජනය කළ අතර ඉන්පසුව එහි කටයුතුවලට සහභාගීවූයේ නැත. මෙවර රැස්වීමද වර්ජනය කරන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එහෙත් එම රටට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජනා ගෙන එන බවක් හෝ ශ‍්‍රී ලංකාවට එවූ ආකාරයේ නියෝජිත පිරිසක් එරටට යවන බවක් පිළිබඳව වාර්තා නොවේ. මේ වනවිට ඊශ‍්‍රායලය මානව හිමිකම් සමුළුවේ සියලූ කටයුතු වර්ජනය කර ඇති අතර එරට රජයේ නියෝජිතයකු ප‍්‍රකාශ කර තිබුණේ අඩුම තරමින් මානව හිමිකම් කවුන්සලයේ දුරකතන පණිවිඩයකට පිළිතුරු දීමටවත් ඊශ‍්‍රායල් රජය ඉදිරිපත් නොවන බවයි.
එහෙත් ශ‍්‍රී ලංකාව පසුගිය කාලය තුළදී මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශවලට යහපත් අයුරින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා කටයුතු කළේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් ඉදිරිපත් කළ අතර පසුගිය අයවැය ලේඛනය මඟින් ඒ සඳහා ද අරමුදල් වෙන් කරනු ලැබීය. එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා විවිධ ආයතනවලට විවිධ වගකීම් පැවරීමට කටයුතු කර ඇති අතර ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රජය දියත්කර ඇති වැඩපිළිවෙළ ඇමෙරිකානු නියෝජිත පිරිසේ ප‍්‍රසාදයට හේතුවී ඇති බව පුවත්පත් විසින් වාර්තා කර තිබුණි. සාමය ගොඩනැඟීමෙන් පසු ගතවූ මේ කෙටි කාලය තුළදී යුද්ධයෙන් හානියට පත්වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහාත් එම ප‍්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒම සඳහාත් රජය වේගවත් වැඩසටහන් රැසක් දියත් කර ඇත. අද වනවිට එම පළාත් මේ රටේ වේගයෙන්ම සංවර්ධනය වන පළාත් බවට පත්ව තිබේ. යුද්ධයකට මුහුණ දුන් කිසිම රටක් මෑත කාලයේදී එවැනි දියුණුවක් අත්කර ගෙන නැත.
වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම මගින් යළිත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොලැබෙන අයුරින් කටයුතු කිරීම රජයේ මෙන්ම විපක්‍ෂයේද වගකීම වන්නේය. එහෙත් ඒ සඳහා ක්‍ෂණික විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත. ද්‍රවිඩ සන්ධානය බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර බලපෑම් මගින් එම ප‍්‍රශ්නයට විසඳුම් ලබාගැනීමටය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විසඳුම් ඉදිරිපත් කිරීමට රජය ගෙන ඇති තීරණයට එම පක්‍ෂය එකඟතාව දක්වන නමුත් දිගින් දිගටම ඒ සඳහා නියෝජිතයන් පත් කිරීමෙන් වැළකී සිටී. රට තුළ සියලූ ජන කොටස්වල එකඟතාවෙන් තොරව මෙම ගැටලූවට විසඳුම් සෙවීම අපහසු බවත් කල්පවත්නා විසඳුමක් සඳහා සියලූ පාර්ශවවල එකඟතාව අත්‍යවශ්‍ය කොන්දේසියක් බවත් පිළිගැනීමෙන් තොරව මෙම ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය.
ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට ඉක්මන් දේශපාලන විසඳුමක් ගෙන එන ලෙස බලපෑම් කරන විදේශ මෙන්ම ඒ සඳහා බලපෑම් කරන සහ ඒ මත බලාපොරොත්තු තබන දේශපාලන පක්‍ෂද තේරුම් ගත යුත්තේ විදේශ මැදිහත්වීම් මත ගෙන එන විසඳුම් මේ දක්වාම අසාර්ථක වී ඇති බවයි.
බොහෝ කලක සිට ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය පිළිබඳව යම් ආකාරයකින් මැදිහත්ව සිටි ඉන්දියාවේ බලපෑම් මත 13 වැනි සංශෝධනය ගෙන ඒමටත් පළාත් සභා ක‍්‍රමය බිහි කිරීමටත් හැකිවිය. එහෙත් ඒ තුළින් ස්ථිර විසඳුමක් ලැබුණේ නැත. අර්බුදය පෙර පැවති තත්ත්වයටත් වඩා දරුණු විය. විනාශ වූ ජීවිත සංඛ්‍යාව අති විශාල විය.
විදේශ මැදිහත්වීම මත මෙම ප‍්‍රශ්නය විසඳීම සඳහා ගනු ලැබූ ඊළඟ ප‍්‍රයත්නය වූයේ නෝර්වේ රටේ අධීක්‍ෂණය යටතේ අත්සන් කරනු ලැබූ සටන් විරාම ගිවිසුමයි. විදේශ සටන් විරාම නිරීක්‍ෂණ කණ්ඩායම් මගින් රටේ සාමය ආරක්‍ෂා කිරීමට බලාපොරොත්තු විය. එහෙත් ප‍්‍රතිඵලයක් අත්වූයේ නැත. සාමයක් ඇති නොවූ අතර අහිමිවන ජීවිත ප‍්‍රමාණයේ අඩුවක්ද සිදුවූයේ නැත.
සාමයට මඟපෑදීම අරමුණු කරගෙන ඇතිකරගත් ඉන්දු - ලංකා ගිවිසුම මෙන්ම සටන් විරාම ගිවිසුම මඟින්ද පැහැදිලි වූයේ මේ රටේ ජනතාව මත බලෙන් පටවනු ලබන කිසිම විසඳුමකින් ප‍්‍රයෝජනයක් අත් නොවන බවයි. ආනයනය කරනු ලබන විසඳුම්වල ජීවිත කාලය කෙටි බව එමගින් පැහැදිලි වේ. විදේශ බලපෑම් මඟින් විසඳුම් ලබාගත හැකි යැයි සිතන ද්‍රවිඩ සන්ධානය ඇතුළු කණ්ඩායම්ද තම බලපෑම් මත මෙම ප‍්‍රශ්නය ඉක්මනින් විසඳිය හැකියැයි සිතන විදේශ රටවල්ද අවබෝධ කරගත යුතු මූලික සත්‍යය එයයි.
දශක ගණනාවක් තිස්සේ බලපවත්නා ප‍්‍රශ්නයකට ක්‍ෂණික විසඳුමක් ලබාදිය නොහැකිය. දැන් රට තුළ මින් පෙර කිසිදු කාලයක නොතිබුණු ආකාරයේ සාමයක් ගොඩනැඟී තිබේ. දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟී තිබේ. ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ සෑම ප‍්‍රදේශයකටම, සෑම ජන කොටසකටම භුක්ති විඳීමට අවස්ථාව සැලසී තිබේ. ජනවර්ග අතර විෂමතාවක් පවතින්නේ නම් ඒවා විසඳා ගැනීමේ අරමුණෙන් සාකච්ඡාවට එළඹීම සඳහා ඉතා හොඳ කාලයක් උදාවී තිබේ.
මනාප ඡන්ද ක‍්‍රමය එය හඳුන්වා දුන් දා සිටම රටේ දේශපාලන ක‍්‍රමය තුළ පිළිලයක් බවට පත්විය. එම ක‍්‍රමය අහෝසි කළ යුතුයැයි මේ රටේ සියලූම දේශපාලන පක්‍ෂ ප‍්‍රසිිද්ධියේ ප‍්‍රකාශ කළ නමුත් දශක ගණනාවක් යන තුරුත් ඒ සඳහා කිසිදු පියවරක් ගැනීමට නොහැකි විය. එයට හේතුව බලයට පත් දේශපාලන පක්‍ෂ එක් මතයක් දරද්දී අනෙක් පක්‍ෂ වෙනත් මතයක් දැරීම හෙවත් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීමයි. එහෙත් මනාප ක‍්‍රමය අහෝසි කිරීම සඳහා දැන් මුල පිරීමක් කර තිබේ. ඒ පළාත් පාලන ආයතන ඡන්ද ක‍්‍රමය සම්බන්ධයෙන් පසුගිය දා ගෙන එනු ලැබූ සංශෝධන යයි. එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් තුළ දිගු කලක් තිස්සේ ඇතිවූ බුද්ධිමය සංවාදයක ප‍්‍රතිඵලයකි. රටේ බරපතළ ගැටලූවකට විසඳුම් ලැබුණේ සියලූ පාර්ශව අතර ඇතිකර ගන්නා ලද සම්මුතියක් මගිනි.
ශ‍්‍රී ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම පිළිබදව උනන්දුවක් දක්වන රටවල සහ ජාත්‍යන්තර ආයතන ඔවුන්ගේ එම අභිලාෂය සැබවින්ම ඉටුකරගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් කළ යුතුව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වී එකඟතාවක් ඇතිකර ගන්නා ලෙස උනන්දු කරවීමය. එසේ නැතිව රටට ද්‍රෝහිවීම සඳහා විවිධ කණ්ඩායම් අතර පෙළඹවීම් ඇතිකර එමගින් විපක්‍ෂ කණ්ඩායම් විසඳුමකට පැමිණීමේ ක‍්‍රියාදාමයෙන් ඈත්කර තබන්නට උත්සාහ කරන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ එම රටවල අවශ්‍යතාව වී ඇත්තේ වෙනත් අරමුණු ඉටුකරගැනීම යන්නයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇත්තට තඩිබෑම
නිත්‍යා Saturday, 02 February 2013 03:08 PM
ආවට ස්තූතියි (ස)
වෙනුර Friday, 01 February 2013 12:11 PM
ගොඩක් ස්තූතියි (ස)
විල්ගොඩ Friday, 08 February 2013 08:15 AM
මේවා තේරුම් ගන්න බැරි අය විපක්ෂයේ සිටීමයි ගැටළුව (ස)
විලියම් Saturday, 02 February 2013 07:42 PM
කාලෝචිත කතාවක් (දී)
චූලා Friday, 01 February 2013 02:27 PM
යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් ගියත් අපි මොනවද කරලා තියෙන්නේ? ඉතින් අපිම නෙමෙයිද මේ තත්ත්වය හදා ගත්තේ? (නි)
නිකි ප්‍රනාන්දු Saturday, 02 February 2013 01:13 PM
මට හිතෙන විදියට සුනන්ද මහත්තයා ලංකාවෙ ඉන්න නැතිව ඇති පසුගිය දිනවල..!(නු)