ඇමැති සංශෝධනය, එහි විද්‍යාත්මක පදනම, රුපියලේ අගය පිරිහීම, රටේ ණය බර ඉහළ ගියාද? අඩුම ආර්ථික වර්ධනයට හේතු, මූල්‍ය අරමුදලට ඕන දේ කරනවාද, බඩුමිල ඉහළ යාම පාලනයට නොහැකි ද? පක්‍ෂ ප්‍රතිසංවිධානය යනාදී කරුණු පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දැක් වූ අදහස් එළිදක්වමු.
ප්‍රශ්නය - තවත් වටයකින් ඇමැති සංශෝධනයක් කළා. හරියට ඇමැති මණ්ඩලයක්වත් පත්කර ගන්න ආණ්ඩුවට බැරිද?
පිළිතුර:- විවිධ මත දැරූ පක්‍ෂ දෙකක් එක් වී ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව තුළත් විවිධ මත ප්‍රකාශ වෙනවා. ඡන්දවලදිත් විවිධ මත දැරුවා. මෙහෙම ඉදිරියට යන එක ලේසි නෑ. 2015 දී මහ මැතිවරණයෙන් පසුව එජාප ආණ්ඩුවක් හදමු කියා අපි අගමැතිතුමාට කිව්වා. හැබැයි ප්‍රධාන පක්‍ෂ දෙක එක් වී ජාතික ආණ්ඩුවක් හදන බවට ජනතාවට පොරොන්දු වී තිබුණා. ජාතික ප්‍රශ්නවලට පිළිතුරු දීමට ජාතික ආණ්ඩුවක් හැදිය යුතු බවට මතවාදයක් තිබුණා. ඒ නිසා ජාතික ආණ්ඩුව හැදුවා. හැබැයි අපට තනි ආණ්ඩුවක් හදන්න ශක්තිය එදා තිබුණා.
මේ ජාතික ආණ්ඩුව නිසා ප්‍රජාතන්ත්‍රවාදය නැවත අපට ලැබී තිබෙනවා. ඒක මහ විශාල ජයක්. ආණ්ඩුවේ සියලු දෙනා විවේචනය කිරීමේ නිදහස අද තිබෙනවා. අද ආණ්ඩුව වැඩ කරන්නේ මිලිටරි බලයක් යොදාගෙන නෙමෙයි. ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ගත්තා. මේවා ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. මෙවන් ජයග්‍රහණ ගත් අතරම සමහර පැතිවලින් අපි අසාර්ථකයි.
මහා ලොකු ඇමැති මණ්ඩලයක් තිබුණා. දැන් එය 41 කට පමණ අඩුකර තිබෙනවා. ආණ්ඩුවෙන් ගිය අය වෙනුවට අලුත් ඇමැතිවරු පත් කරාවි කියා බොහෝ දෙනා සිතුවා.
ඒත් එහෙම කළේ නැහැ. ජනතාව ඒවාට හොඳ කියනවා. ඇමැතිකමක් ලැබීමට තමන් සුදුසු බව ඇතැම් අය කියන්න පුළුවන්. මේ වෙලාවෙදි ඇමැති මණ්ඩලය අඩුකර වියදම් අඩුකර ගන්න පුළුවන් නම් ජනතාව ඒවා අගය කරාවි. යම් යම් අය විවේචනය කළාට මේ ඇමැති සංශෝධනයෙන් හොඳ දේවල් ගොඩක් සිදුව තිබෙනවා. හිටපු ජනාධිපතියි ඔහුගේ පුතයි සරත් ෆොන්සේකා මහතා ගැන කියා තිබූ දේ අපි දැක්කා. හිටපු ජනපති කෙනකු සහ කවදා හෝ ජනපතිවීමට බලාපොරොත්තු වෙන් සිටින කෙනෙකු එතරම් පහත් ආකාරයට කතා කිරීම අනුමත කරන්න බැහැ. පුහු විවේචන එනවා. අභියෝග මැද්දේ ඉදිරියට යන වැඩ පිළිවෙළක් හදා තිබෙනවා. ඉදිරි වැඩ පිළිවෙළ ප්‍රකාශයට පත් වුණාම සියලු දෙනාගේ දායකත්වයෙන් රට ඉදිරියට ගෙනයනවා.
ප්‍රශ්නය:- විද්‍යාත්මක පදනමකින් ඇමැති සංශෝධනය කරන බව කිව්වා. එහෙම දෙයක් වුණාද?
පිළිතුරු:- මහාමාර්ග, උසස් අධ්‍යාපන දැන් එකට නැහැ නේ. ඒවා වෙනස් වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංස්කෘතික ගැලවී තිබෙනවා. එවැනි යම් යම් වෙනස්කම් සිදුව ඇති බව පේනවා. ඇමැති මණ්ඩලය විස්සකට තිහකට අඩුකරන ආකාරය ස්වාධීන අය සකස් කර තිබුණා. ඇමැති මණ්ඩලය අඩුකර ගැනීමේ. හැකියාවක් තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් ඇමැති සංඛ්‍යාව 30 දක්වා අඩුකර තිබුණත් ජාතික ආණ්ඩුව නිසා යම් වැඩිවීමක් සිදුව තිබෙන බව ඇත්ත. කොහොම වුවත් තිබූ ගණනට වඩා යම් අඩු කිරීමක් කර තිබෙනවා. මෙතන යම් විද්‍යාත්මක පදනමක් නැහැ කියල කියන්නත් බැහැ.
ප්‍රශ්නය:- හැබැයි විපක්‍ෂය නම් කියන්නේ මේ ඇමැති සංශෝධනය මහා විහිළුවක් කියල නේද?
පිළිතුර:- ඇමැති මණ්ඩලේ සම්පූර්ණ වියදම්වලින් සියයට හැටක් එදා රාජපක්ෂ ජනාධිපතිට තිබුණා. එහෙම කරපු අය තමයි අද ඔය කතා කියන්නේ. මුදල්, මහාමාර්ග, වරාය ආදී වශයෙන් ඇමැතිකම් ගණනාවක් එදා රාජපක්‍ෂ ජනාධිපති ළඟ තිබුණා. බැසිල්ට ආර්ථික සංවර්ධන තිබුණා. ආරක්‍ෂක බලධාරියා වුණේ ගෝඨාභය. මේ තුන්දෙනා තමයි සියල්ල පාලනය කළේ. දැන් ඔය පුහු විවේචන කරන අයට එදා ඒවා පෙනුණේ නැතිද? ඒවායේ තිබූ විද්‍යාත්මක පදනම මොකක්ද? සියයට අනූවක් පමණ අයියලා මල්ලිලා අතර බෙදාගැනීමද විද්‍යාත්මක පදනම කියන්නේ? ‘ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට’ කියා මේ අයට මතක් කරන්න වෙනවා.
ප්‍රශ්නය:- ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ විවේචනයට ලක් වෙද්දී රුපියලේ අගය වේගයෙන් පිරිහෙනවා. ඔබගේ අර්ථ දැක්වීම මොකක්ද?
පිළිතුර:- ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය මුලින්ම තීරණය වෙන්නේ මධ්‍යකාලීනව රුපියලට තිබෙන ඉල්ලුම සහ සැපයුම මතයි. ඩොලර්වලට ඉල්ලුම ලැබෙන්නේ අපි ආනයනය කරන නිසයි. රුපියල්වලට ඉල්ලුම ලැබෙන්නේ අපනයනය කරන නිසයි. මේවායේ යම් තුලනයක් තිබෙන්න ඕන. ආනයන වැඩි වෙනව නම් ඩොලරයට ඉල්ලුම වැඩි වෙනව නම් එය පාලනය කිරීමට අපනයන ආදායම් අවශ්‍යයි. නැති නම් විදේශ ප්‍රේෂණ, ඍජු විදේශ ආයෝජන කොටස් වෙළඳපොළට එන ඩොලර් තිබිය යුතුයි. මේ මොකුත් නැත්නම් ණයට ගන්න ඕන. දීර්ඝ වශයෙන් රුපියල පාලනය කිරීමේ හැකියාවක් අපට තිබෙනවද නැද්ද කියා මේ පැහැදිලි කිරීම හරහා තේරුම් ගන්න පුළුවන්.
රුපියල යම් ස්ථාවරයක තබා ගැනීමටත් ඒ අතර පොලී අනුපාත අඩුවෙන් තබා ගන්නත් සමහර වෙලාවට දේශපාලනඥයන්ට ඕන වෙනවා. මේක කරන්න පුළුවන් කියා සමහරු සිතනවා. රාජපක්‍ෂ මහත්තය බලයට එනවිට මේ රටේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 27 ක්. ඒ මහත්තය ගියේ මේ සියයට 27 සියයට 13ට බස්සලා. රුපියල පිළිබඳව කොතරම් අර්බුදයක් මේ අය නිර්මාණය කරල ගියාද කියා මේකෙන්ම තේරුම් ගන්න පුළුවන්. අපනයන කඩා වැටී ඇති පසුබිමක ඩොලර් ඉල්ලුම වැඩිවන විට ඩොලර් ණයට ගන්නවා. ඒවා වෙළෙඳපොළට සපයනවා. මේ හරහා ඩොලරයට ඇති ඉල්ලුම පාලනය කරනවා. වෙළෙඳපොළට ඩොලර් දමා ඒ වෙනුවට ගන්නේ රුපියල්. යම් රුපියල් ගණනක් ගත්තොත් ඒ වෙනුවට පොලී ගෙවන්න වෙනවා. වෙළෙඳපොළේ රුපියල් අඩුවන විට පොලී අනුපාතය වැඩිවෙනවා. ඒකට දේශපාලනඥයා කැමැති නැහැ. පොලී අනුපාත අඩු කරන්න නැවත රුපියල් වෙළෙඳපොළට දමන්න ඕන. වෙළෙඳපොළට රුපියල් දමන විට ණය ගන්නන් පහසුයි. රුපියලත් ශක්තිමත්.
ණය ගැනීම පහසු නිසා ණයට බඩු ගන්නවා. මේ ණය වැඩියෙන් පරිභෝජන ණය. මෙහෙම ගන්නා ගොඩක් බඩු ආනයනය කරන ඒවා. ආනයනය කරන විට ඩොලරයට ඇති ඉල්ලුම වැඩිවෙනවා. එවිට මහ බැංකුව ඩොලර් ණයට ගෙන වෙළෙඳපොළට විකුණනවා. එවිට රුපියල් අඩුවෙනවා. පොලිය වැඩිවෙනවා. දේශපාලනඥයා දොස් කියනවා. එවිට රුපියල් අච්චුගසා වෙළෙඳපොළට දානවා. මේක කිසි දිනෙක ස්ථිරසාරව කරගෙන යන්න බැහැ. මේ වැඬේ එදා කබ්රාල්ලා කළා. බැරිම තැන අයවැයෙන් රුපියල් තුනකින් රුපියල අවප්‍රමාණය කළා. හැබැයි 2012 පෙබරවාරි 14 වැනිදා මේ ගේම් එකෙන් පැරදුණා. අවසානයේ සංචිතවලින් ඩොලර් මිලියන 4300 ක් වෙළඳපොළට විකුණුවා. 113 ට තිබූ රුපියල 132.50 ට ගියා. සියයට 9ට තිබූ වර්ධන වේගය සියයට 3.5 ට වැටුණ. මේ මිනිසුන්ට මේවා අමතක ද?
පාවෙන විනිමය අනුපාතයක් ඇති රටක දේශපාලනික වුවමනාවට බලෙන් විනිමය අනුපාත තීරණය කරන්න ගියොත් වැඩ වරදිනවා. 2015 දී අපේ ආණ්ඩුවෙදිත් ඒ දේ වුණා. ඩොලර් මිලියන 850ක් එදා සිටි මහ බැංකු අධිපති සහ දේශපාලන අධිකාරිය එක්වී වෙළෙඳපොළට විකිණුවා. එහෙම කළාට රුපියල අල්ලගෙන ඉන්න බැහැ. මේක තමයි ඇත්ත. මේකට තිබෙන විසඳුම අපනයන වැඩිකර ගැනීමයි. දැන් අපනයන ටිකක් වැඩිවෙමින් යනවා. 2017 දී වැඩිම විදෙස් ආයෝජන ලැබුණා. මෙහි හොඳ පැත්තක් තිබෙනවා. යම් පමණකට විනිමය අවප්‍රමාණය අපනයනකරුවන්ට හොඳයි. ලැබෙන වාසිය උද්ධමනය හරහා නැතිකර දමන්නේ නැති ස්වාධීන මහ බැංකුවක් තිබෙනව නම් එය රටට වාසියක්. දැන් අපේ මහ බැංකුව ස්වාධීනයි. පිටරටින් එන බඩුවල මිල වැඩි නිසා ඒ බඩු සමග තරග කරන දේශීය ව්‍යාපාරිකයාට එය හොඳ තත්ත්වයක්. මේ රටේ නිපදවන්නේ නැති භාණ්ඩවල මිල වැඩි වෙන්න පුළුවන්. එහෙම බැලුවාම මෙහි දෙපැත්තක් තිබෙනවා.
ප්‍රශ්නය:- රුපියලේ අගය පිරිහීමෙන් රටේ ණය බර රුපියල් බිලියන 47 කින් ඉහළ ගොස් ඇති බවට නැගෙන චෝදනාව ගැන කියන්නේ මොකක්ද?
පිළිතුර:- ඕවා මහා බොළඳ අතාර්කික ආර්ථික විද්‍යාව ගැන අබ ඇටයක් තරම්වත් නොදන්නා අය කියන කතාවක් පමණයි. මේ ගැන මහ බැංකුව ඉතා හොඳින් කරුණු පැහැදිලි කර තිබුණා. විදේශ ණය ගන්නේ ඩොලර්වලින්. ඒවා ගෙවන්න ඕනේ ඩොලර්වලින්. ඔය කියන කතාවල තිබෙන්නේ කල්පිත ගණනය කිරීමක් පමණයි. කල්පිත වශයෙන් ඒවා හරියන්න පුළුවන්. ප්‍රායෝගිකව ගත්තාම ඔය කියන කතා එහෙම වෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- වසර 17 කට පසුව අඩුම ආර්ථික වර්ධනය වන 3.1 ක අගය පසුගියදා වාර්තා කර තිබුණා. ආර්ථිකය හැදුවා නම් මෙහෙම වුණේ ඇයි?
පිළිතුර:- ඔව්, අපි පිළිගන්නවා. ඒ පිළිබඳව මහා ලොකු තර්ක ඉදිරිපත් කර ඒක එහෙම නෙවෙයි කියන්න තරම් අපි බොළඳ නැහැ. මේ වර්ධනය හොඳටෝම මදි. ඒකට හේතු කීපයක් තිබෙනවා. ගිය වසරේ දැඩි නියඟයක් තිබුණා. දිස්ත්‍රික්ක විස්සකට මේක බලපෑවා. කෘෂිකර්මය සම්පූර්ණයෙන් විනාශ වුණා. යල කන්නයේ අස්වැන්න සියයට 50ක් පමණ අඩු වුණා. මේ තත්ත්වය යටතේ මෙයට අදාළ අනෙක් ක්ෂේත්‍රවලත් වර්ධනය අඩුවුණා. මූලිකවම බලපෑවේ කෘෂිකර්මයේ ගැටලුවයි.
බලාපොරොත්තු වූ තරමට අපනයන වර්ධනය කරන්න බැරි වුණා. තව තවත් කර්මාන්ත ව්‍යාපාර ආවානම් හොඳයි. වැඩ වර්ජනම කීයක් තිබුණද? කකුලෙන් ඇදීම් තීරණ වෙනස් කිරීම් කීයක් වුණාද? මේවා සියල්ල මේ තත්ත්වයට බලපෑවා. හැබැයි අපි මේ ඉලක්කම් වෙනස් කරන්න ගියේ නැහැ. ගිය ආණ්ඩුව අංක වෙනස් කළ හැටි රටම දැක්කා. අවශ්‍ය පමණට වැඬේ කරන්න බැරි වුණා කියා පිළිගන්න අපි සූදානම්. ඒ අතරවාරයේ ගණන් හිලව්වල ප්‍රශ්නෙකුත් තිබෙනවා. පික් මී එක මනින්නේ කොහොමද? රටපුරා හෝටල් කාමර සෑදෙනවාට වඩා ගෙවල් ගෙස්ට් හවුස් වගේ කර සංචාරකයන්ට දෙනවා. මේ හරහා ගම තුළ තවත් ආර්ථික කටයුතු වෙනවා. මේවා මැන ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දළ ජාතික නිෂ්පාදනය ගැන කාර්තුවක් පාසා මීට වඩා සමීක්‍ෂණ කරන්න ඕන. පෝට් සිටි ව්‍යාපෘතිය ආර්ථික වර්ධනවට ඇතුළත් වී නැහැ. ලංකාවේ ලොකුම ව්‍යාපෘතියක් ඇතුළත් නොවීම ප්‍රශ්නයක්. දැන් මේවා නිවැරැදි කරගෙන යනවා ඉදිරියේදී වෙනස් වේවි.
ප්‍රශ්නය:- ආණ්ඩුව ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාව අනුව නොවේද?
පිළිතුරු- මුල්‍ය අරමුදල නොයෙක් රටවලට ගොස් නොයෙක් දේ කියනවා. ඒ සමහර ඒවා හරි. සමහර ඒවා හරි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් අපි කරන්න ඕන නැහැ. අපි කරන්න ඕන අපිට හරි දේ පමණයි. දැනට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.6 ක ණය වාරිකයක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් එකඟ වූ යම් කාරණා තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වත් නැතත් රටක් හැටියට කළ යුතු දේ අපි කරන්න ඕන.
ප්‍රශ්නය:- ගෑස්, කිරිපිටි මිල ඉහළ ගියා. ඉන්ධන මිල ඉහළ යාමක් ගැන කියැවෙනවා. තවත් බොහෝ මිල ගණන් මේ සමග ඉහළ යාවි. ජීවන බර පාලනයට ආණ්ඩුව අසමත් ද?
පිළිතුර:- වසර 2014 දී ගෑස් මිල තිබුණේ රුපියල් දෙදහස් ගණනකට බව අමතක ද? රවි ඇමැතිතුමාට නොයෙක් කතා කිව්වත් එතුමා ගෑස් මිල අඩුකළා. දැන් රුපියල් 250කින් වැඩි වුණාට තවමත් රාජපක්‍ෂ යුගයට වඩා ගෑස් මිල ගොඩක් අඩුයි. පෙට්‍රල් මිල රුපියල් 117 ට දිනටම පවත්වාගෙන තිබෙනවා. කලාපයේ සෑම රටකම පාහේ අපිට වඩා පෙට්‍රල් මිල වැඩියි. මේවා කොච්චර අඩුවට දුන්නත් ජනතාවට අගයක් නැහැ. චුට්ටක් මිල වැඩි වුවොත් කතා කරන්නේ ලෝකයම පෙරළුණා වගේ. මිල වැඩි වීමේ පොඩි තත්ත්වයක් තියේවි. එහෙත් මේවායෙන් ජනතාවට තදට වදීවි කියා මම විශ්වාස කරන්නේ නැහැ. මෑත ඉතිහාසයේ අඩුම උද්ධමනය වූ සියයට 2.6 වාර්තා වුණේ ගිය මාසයේ. වැඩි උද්ධමන වාතාවරණයක සිදුවනවාට වඩා අඩු උද්ධමන වාතාවරණයක මිල වැඩි වීම හොඳයි. එවිට යම් තුලනයක් ඇති වෙනවා.
ප්‍රශ්නය:- පක්‍ෂයේ ප්‍රතිසංවිධාන ගැන ඔබලා තෘප්තිමත්ද?
පිළිතුර:- කවුරුත් හැමදේ ගැනම සියයට සියයක් තෘප්තිමත් නැහැනේ. නායකත්වයේ වෙනසක් අවශ්‍යයි කියා හඬක් තිබුණා. ඒ වෙනුවෙන් නායකතුමා ලොකු වෙනසක් කර දුන්නා. නායකවරයාට කවුරුවත් අභියෝග කළේ නැහැ. ඊළඟ ස්ථානය ඉදිරියට ගන්න බව එතුමා කිව්වා. මම එජාපයට බැඳුණේ මෑතකදී දේශපාලනයට සම්බන්ධ නැති මැද පන්තියේ පවුලකින් ආපු වෘත්තීයවේදියෙක් හැටියට. එජාපයේ ප්‍රධාන තනතුරු හතර පහෙන් එකක් ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. අනෙක් අයටත් සතුටු වෙන්න පුළුවන්. අපි මහන්සියෙන් උඩට ආපු අය.
ප්‍රශ්නය:- ඔය ඔළුගෙඩි මාරුවෙන් පමණක් ඉදිරි ඡන්ද දිනන්න ඔබලාට පුළුවන්ද?
පිළිතුර:- ජනාධිපතිවරණයක් තියෙනවද නැද්ද කියා මුලින්ම බලන්න ඕන. අපි ආවේ ජනාධිපති ක්‍රමය අයින් කරන්න නේ. විස්ස ගොඩ ගියොත් ජනාධිපතිවරණයක් නැහැ. ඒ නිසා අපි ඒවා වෙලාවට කතා කරමු.
සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති මාරුවෙන් හොඳ දේත් වුණා
ajith Tuesday, 08 May 2018 08:32 AM
විස්ස ගොඩ ගියොත් ජනාධිපතිවරණයක් නැහැ.
Bamunuarachchi Wednesday, 09 May 2018 02:43 AM
මහාමාර්ග, උසස් අධ්‍යාපන දැන් එකට නැහැ නේ. ඒවා වෙනස් වී තිබෙනවාලු. තව කොච්චර තිබෙනවාද? ලොතරැයි මණ්ඩලය විදේශ ඇමතිට දීම වගේ අවිද්‍යාත්මක වැඩගැන යද 2015 බලයට ආවේ. විද්‍යාත්මක වෙන්න නම් ඔබ සියලු දෙනාම 2020 ට කලින් අපේ දෑසට නොපෙනී යන්න.
santha Sunday, 13 May 2018 05:06 PM
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංස්කෘතිය ගැලවුවාට මදි .අකිල විරාජ් ඇමති තුමාගෙන් අධ්‍යාපනය ත් ගැලෙව්වානම් තමා හොඳ .බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ ගුරු මාරු ක්‍රියාත්මක කරන්නට මෙයාට මේ පාරත් බැරි වුනා .ඒකහුදකලා පාසලක්ලු .මේ ගුරු වරු නිසා ළමයි හුදකලා වුනාට අධ්‍යාපන අමාත්‍යංශයට කමක් නැහැ .කඩන්න බැරි මිඳි ඇඹුල් කියනවනේ .