ඇමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යලයකින් පරිසර විද්‍යාව සම්බන්ධයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් මා මිත්‍ර වෘත්තිකයකු හා සම්බන්ධ වීමට ඉකුත් සතියේදී මට වුවමනා විය. ඇය රටට පැමිණීමෙන් පසු කරන ලද වැඩ කටයුත්තකට අදාළව තොරතුරු එක්රැස් කරගැනීමට මට වුවමනාවක් ඇති විය. ඇයගේ දුරකතනයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. එමෙන්ම පිළිතුරු බලාපොරොත්තුවෙන් මම ඇයට ඊමේල් පණිවුඩ කිහිපයක් ද යැවීය.
ඇය මට පිළිතුරු එවා තිබූ අතර ඒ අතර එක් තැනක මෙසේ සඳහන් කර තිබිණි. “මම අවුරුදු දෙකකට කලින් ඇමෙරිකාවට ගියා. දැන් මම නිව් යෝක් නුවර ආයතනයක පරිසරයට සම්බන්ධයෙන් උපෙදස් දෙමින් වැඩ කරනවා.”. ඇයගේ වෘත්තීයභාවය ශ්‍රී ලංකාවට ඉහටත් උඩින් වූ නමුත් ඇය මෙහි සිටි සමයේ ඇය ඌන සේවා නියුක්තව සිටියේ ය. ඇය මෙරට සිටි කාලයේ රැකියාවක නිරත වුවත් ඇයගේ තත්ත්වය එසේ විය.
ඇරුණු දොරවල් සහ වැසුණු දොරවල්
උගත් සහ කුසලතා සහිත පිරිස් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට සංක්‍රමණය වීමේ ප්‍රවෘත්තිය අලුත් එකක් නොවේ. අලුත් පැරැණි සියලු පරම්පරාවලින් රටින් පිටව යන පිරිස ගැන වසර ගණනාවක සිට අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනා සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව යනාදී දියුණු ආර්ථික ඇති රටවල ය. එම රටවල් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් පැමිණෙන “උගත් සහ පුහුණු ශ්‍රමිකයන්ට” සිය දොරවල් විවෘත කර ඇත. කෙසේ නමුත් අප “විදේශීය දක්ෂතාවලට” අපේ දොරවල් වසා දමා ඇත.
අවම වශයෙන් විශ්‍රාමික විදේශිකයන්ට හෝ ශ්‍රී ලංකාව ඔවුන්ගේ දෙවැනි නිවහන කරගැනීමට අවස්ථාව සැලසීමට ඇත්තේ ඉතා කුඩා ඉඩකි. එමෙන්ම විදේශික පවුල් එම අවස්ථාව වුවද භාවිත නොකරන තරම් ය. විදේශිකයන් ශ්‍රී ලංකාවට පිළිගත්ත ද ඔවුන්ට ශ්‍රී ලංකාව ඔවුන්ගේ දෙවැනි නිවහන කරගැනීමට අවස්ථාව තිබුණ ද ඔවුන් එයින් ප්‍රයෝජන නොගැනීමට ප්‍රධාන හේතුව විදේශිකයන්ට මෙරට රැකියාවල නිරත වීමට ඇති තහනම සහ අපේ ආර්ථිකයට දායකත්වයක් සැපයීමට ඇති බාධා ය. තම පවුල සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාව සිය දෙවැනි නිවහන කරගැනීමට කොතරම් විදේශිකයන් පිරිසක් උත්සුක වේවිද යන්න ගැන දැන ගැනීමට මම කැමැත්තෙමි. අපට වසර ගණනාවක් අහස දෙසත් මුහුද දෙසත් බලා සිටින්නට සිදුවනු ඇත. අනෙක් අතට ශ්‍රී ලංකාවට කොතරම් දුරට විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ගේ අවසන් කාලයේ අවශ්‍යතා සපුරන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් තිබේද යන්න ගැනත් මට එතරම් විශ්වාසයක් නොමැත.
උගත් සහ පුහුණු/කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රී ලාංකිකයන් බටහිර පිහිටි පොහොසත් රටවලට සංක්‍රමණය වන අතර අඩු අධ්‍යාපනයක් සහ අඩු පුහුණුවක් සහිත පිරිස් “සංක්‍රමණික සේවකයෝ” ලෙස ගෘහස්ථ සේවාවලට හෝ කර්මාන්ත ඇතුළු වෙනත් සේවා සඳහා බටහිර ආසියානු රටවලට ගමන් කරති. සෑම වසරකදීම 200,000ත් 250,000ත් අතර පිරිසක් සංක්‍රමණික සේවකයෝ ලෙස රටින් පිටවෙති. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හෝ වෙනත් රාජ්‍ය ආයතනයකට දැනුම් දීමට හෝ වාර්තා කිරීමට හෝ අවශ්‍ය නොවන නිසා රටින් පිටව යන උගත් සහ පුහුණු ශ්‍රමිකයන්ගේ ගණන සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැත.
දක්ෂතා රටින් පිටතට ගලා යෑම
අපේ අසල්වැසි ඉන්දියාව ද බටහිර රටවලට උගත් සහ පුහුණු ශ්‍රමිකයන් යවන රටකි. එමෙන්ම ඇමෙරිකාව යන රටවල් ද ඉන්දියාවෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු හොඳම ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් හපන්කම් කියති. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය හා සැසඳීමේදී ඇඟවීම් සහ බලපෑම් වෙනස් ය. එක පැත්තකින් ඉන්දියාවේ ජනගහනය බිලියනයකට වැඩි ය. එම නිසා එම රටේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ශ්‍රමිකයන්ගෙන් කොටසක් රටින් පිටට යෑම දරාගත හැකි ය. ඊටත් වඩා වැදගත් වන්නේ ඉන්දියාව සිය උගත් සහ පුහුණු ශ්‍රමිකයන් ගොඩනැගීම සඳහා “නිදහස් අධ්‍යාපනය” සමග ඉන්දියාව ඔවුන්ගේ බදු මුදල් වියදම් කරන්නේ නැත. ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළින් තිබෙන ඉන්දියාවේ තෘතීය අධ්‍යාපන ආයතනවලට යන දරුවන් ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතු ය.
ඉහළ අධ්‍යාපනය ලැබූ සහ පුහුණු ශ්‍රමිකයන් බටහිර රටවලට සපයන අතරේ ම ඉන්දියාව සිය දැවැන්ත ජනගහනයෙන් සැලකිය යුතු විශාල පිරිසක් විශේෂයෙන්ම අඩු අධ්‍යාපනයක් ලැබූ සහ අඩු පුහුණුවක් ලැබූ ශ්‍රමිකයන් බටහිර ආසියානු රටවලට සැපයීම ද අඛණ්ඩව සිදු කරයි.
චීනය යනු තවත් එවැනි විශාල රටකි. චීනය ඔවුන්ගේ අත්දැකීම් සහිත පුහුණු ශ්‍රමිකයන් මහ පරිමාණයෙන් ඇමෙරිකාවට සහ යුරෝපයට සපය යි. මා මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබුවේ 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ දී ය. ඒ යුරෝපයේ ය. එම කාලයේ දී සිය අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපයට පැමිණි චීන සිසු සිසුවියන් නැවත චීනය බලා නොගිය අතර මේ හේතුවෙන් චීනයෙන් පිටත උගත් සහ පුහුණු චීන ශ්‍රම බලකායක් නිර්මාණය විය. එය ඓතිහාසික පරිච්ඡේදයකි. ඔවුන්ගෙන් වැඩිදෙනා සිටින්නේ ඇමෙරිකාවේ සහ යුරෝපයේ ය. කෙසේ නමුත් මෙය චීනයට, ඓතිහාසික රටාවක වෙනස් වීමකි.
මේ වනවිට චීනය සෞභාග්‍යය කරා ගමන් කරමින් සිටින අතර එයින් ලැබෙන නව අවස්ථා ලබාගැනීම සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු චීන ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිට නැවත චීනයට පැමිණෙමින් සිටිති. ඔවුහු සෞභාග්‍යයට දායකත්වය සපයන අතරවාරයේ ම එයින් ප්‍රයෝජන ලබාගනිති.
එමෙන්ම චීනයට පැමිණෙන පිරිස්වලට චීන රජය ඉතා ආකර්ෂණීය දිරි දීමනා ලබා දෙයි. චීනයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ විශේෂයෙන්ම විද්‍යා, තාක්ෂණ සහ ව්‍යාපාරික අංශවල මෙම තත්ත්වය තවත් ඉහළ මට්ටමක පවතී.
අප බොහෝදෙනකු ඇමෙරිකානු සහ චීන සම්බන්ධතා දෙස බලන්නේ ඔවුන් අතර තිබෙන ගැටුම් දෙස විශේෂ අවධානයක් යොමු කරමින්. නැතිනම් වෙනත් කෝණවලිනි. බොහෝ විට බාහිරිනි. එහෙත් එම රටවල් දෙකම එකිනෙකා මත යැපෙන බව, එය විශාල වශයෙන් සිදුවනවා යන කරුණ සෑමවිටම අපි නොසලකා හරින්නෙමු. ඊට අමතරව එම රටවල් දෙකටම ඔවුන්ගේ වෙළෙඳපොළ අවශ්‍ය වේ. චීනයේ ඉහළ වර්ධනයට ඇමෙරිකාවේ විද්‍යාව, තාක්ෂණය, දැනුම මෙන්ම ආයෝජනය විශාල වශයෙන් උපකාරී වී තිබේ. අනෙක් රටවල තත්ත්වය එයින් වෙනස් නොවේ. කෙසේ නමුත් ඇතැම් රටවල් මෙම යථාර්ථය තේරුම් නොගනිමින් තමන්ගේ උත්සහායෙන්ම සංවර්ධනය අත්පත් කර ගැනීමට උත්සාහ කරයි. ඒ සඳහා වසර 100 ගණනාවක් ගතවනු ඇත.
අඩපණ වූ හොඳ දෑ
ආරම්භයේ සිට අප සතුව තිබූ “හොඳ දෑ” සම්බන්ධයෙන් පුරසාරම් දෙඩුව ද ඒ සියල්ල අපට උරුම වූයේ අපගේ යටත් විජිත අතීතයෙන් යන කරුණු අපි සෑම විටම අමතක කරන්නෙමු. එය අමතක කර අප වෙනත් දිසාවකට ගමන් කිරීම ආරම්භ කර ඇත. වැවිලි කර්මාන්තය මූලික කරගත් අපනයන මත පදනම් වූ ආර්ථික සෞභාග්‍යය, විදේශ විනිමය අතිරික්තය, ආණ්ඩුවල ඉතා ශක්තිමත් අයවැය, පුළුල් සුබසාධන පද්ධතිය, සිවිල් පරිපාලන පද්ධතිය, ඉතා හොඳින් සංවර්ධනය වූ යටිතල පහසුකම් පද්ධතිය යනාදිය අපට උරුම වූ හොඳ දේවලින් කොටසක් ය. කෙසේ නමුත් අපට උරුම වූ යහපත්/හොඳ දෑ සියල්ල මේ වනවිට වෙහෙසට / අඩපණ වී තිබේ. අපට ලැබුණු හොඳ දේ මත ගොඩ නැගෙනවා වෙනුවට අප අද ජීවත් වන්නේ වෙනස්ම තත්ත්වවලය.
ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය
1963 - 13.8
1973 - 24.0
1981/82 - 11.7
1996/97 - 10.4
2003/04 - 9.0
2019 - 4.8
2020 - 5.5
අප ශ්‍රමිකයන් සඳහා රට වසා දමද්දී, අප බටහිර රටවල් සමඟ තිබෙන ආර්ථික සම්බන්ධතා සඳහා ද රට වසා දම යි. හුදෙකලා වීමෙන් ප්‍රගතියක් අත්පත් වනු ඇතැයි ද සෞභාග්‍යය කරා ගමන් කරනු ඇතැයි ද සලකා කටයුතු කළ ද අප ගමන් කරමින් සිටින්නේ ලැබෙන ප්‍රතිඵලය ඊට හාත්පසින්ම වෙනස් දිසාවකටය. ආර්ථිකය පුළුල් කිරීම වෙනුවෙන් 1960 සහ 1970 දශකවල දී ඌන සේවා නියුක්තිය ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ආර්ථිකය හැකිළීමකට ලක්විය.
සංඛ්‍යා දත්තවලට අනුව විරැකියාව ලක්වූ බොහෝ දෙනා උගත් තරුණ තරුණියන් ය. එහි අදහස නම් අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන් වැඩිවෙත්ම එම පිරිස වැඩි වැඩියෙන් විරැකියාවට ලක්වීමේ අවස්ථාව ද වැඩියි යන්නයි. විවිධ තත්ත්ව මධ්‍යයේ බලාපොරොත්තු සුන්වූ සහ කනස්සල්ලට පත් උගත් තරුණ තරුණියෝ විවිධාකාරයෙන් එම තත්ත්වලට ප්‍රතිචාර දැක්වූහ. අප එම කරුණු අමතක නොකළ යුතු ය. එම නිසා අපේ ඉතිහාසයේ තරුණයන් අතර දේශපාලන ගැටුම් ඇති කරන භූමියක් අප විසින්ම නිර්මාණය කර තිබෙන බව අමතක නොකළ යුතු ය.
විරැකියාවේ අඩුවීම ?
ඉකුත් වසර කිහිපයේදීම විරැකියා අනුපාතය ශීඝ්‍රයෙන් අඩුම අගයක් දක්වා අඩු වුව ද අප මෙම සංඛ්‍යා සැලකිල්ලට ගත යුතු ය. ඇතැම් අවස්ථාවල විරැකියා අනුපාතිය සියයට පහක් ලෙස ද දැක්විණි. 1960 සහ 1970 දශකවල මෙන් නොව අද වනවිට සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ලෝකය විවෘත වී තිබේ. මේ නිසා තරුණ තරුණියෝ මේ අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගනිති. ඉතා හොඳ අධ්‍යාපනයක් ලැබූ පුහුණු ශ්‍රමිකයෝ බටහිරට රටවලට යන අතර ඊට අඩු පිරිස් බටහිර ආසියාවට යති. තාවකාලික සංක්‍රමණික සේවකයන්ගේ ගණන මිලියන දෙකකට ආසන්න වේ. ඊට ස්ථීර වශයෙන් සංක්‍රමණය වන පිරිස කොතරම් ද කියා සඳහනක් නැත. මේ තත්ත්වය අපේ විරැකියා අනුපාතය අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වේ. එය දේශපාලනික කළ යුතු නිවැරැදි දෙයකි. කෙසේ නමුත් එය ඔවුන්ට සෑහීමකට පත්විය හැකි ප්‍රතිලාභයක් සහ යහපත් ආර්ථික අවස්ථා දීමට ඇති නොහැකියාව පිළිබඳ ආර්ථික දර්ශකයකි.
මෙරට සමස්ත ශ්‍රම බලකාය මිලියන 8.6ක් වේ. එයින් මිලියන 1.5ක් සේවය කරන්නේ රාජ්‍ය අංශය යේ ය. තවත් මිලියන 2.2ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිටින අතර මිලියනයක් පමණ දෙනා ත්‍රී රෝද රථ පදවති. නිගමනවලට එළැඹීමට මා හදිසි වන්නේ නැත. එහෙත් රැකියාවල නිරත වන අයගේ ඌන සේවා නියුක්තිය සහ ඵලදායී ක්‍රියා සඳහා මානව සම්පත් ප්‍රමාණවත් පරිදි යොදා නොගැනීම සම්බන්ධයෙන් සාධාරණ තක්සේරුවක් කරන්නට මම ඔබට ආරාධනා කරමි.
මහාචාර්ය
සිරිමල් අබේරත්න විසිනි.
(***)
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ
පළවූ ලිපියේ පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇරුණු-වැසුණු දොරවල්