IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඇල වූ කුලූනේ අවන්හල ෆ‍්‍රැන්කි ටොමෑටෝ

 

 

ඉතාලියේ ඇති පීසා කුලූන ලෝ ප‍්‍රකට වූවකි. දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම පීසා කුලූන ලෝ ප‍්‍රකට වී ඇත්තේ, එය එක් අන්තයකට ඇලවී ඇති නිසාය. ලෝකයේ ඇති උසින් වැඩි කුලූනු අද දක්නට ලැබුණද ඉපැරැණි පීසා කුලූන ප‍්‍රකටව ඇත්තේ මේ ආනතිය නිසාමය. ඔන්න වැටේවි, මෙන්න වැටේවි යැයි කියා බොහෝ දෙනා විශ්වාස කළද, පීසා කුලූන නම්, තවමත් එලෙසින්මය. එය එරට ජාතික වශයෙන් වැදගත් ස්ථානයක් බවට පත්ව තිබේ.
පීසා කුලූන නැරඹීම සඳහා ඉතාලියට පැමිණෙන සංචාරකයෝ ඉතාලියේ ඇති රසවත් පීසා ආහාරයට ගැනීමටද අමතක නොකරති. මෙකී සියල්ල ගැන සිතා එක්තරා සමාගමකට අපූරු අදහසක් පහළ විණි. එනම් පීසා කුලූන සහ පීසා අවන්හලක් එක් ස්ථානයක තැනීමය. එය නම් කරනු ලැබුවේ ෆ‍්‍රැන්කි ටොමෑටෝ නමිනි.  අප මේ පැවසීමට සූදානම් වන්නේ එම අපූරු අවන්හල ගැන විස්තරය.

ඉතාලියේ පීසා කුලූනෙහි ආකෘතිය රැුගත් මෙම අවන්හල තනා ඇත්තේ කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේය. කැනඩාවේ අප කළ සංචාරයේදී සුදේශ් මුතු සහ රංජිත් වික‍්‍රමසිංහ මේ අපූරු අවන්හල වෙත අප රැගෙන යාමට අමතක නොකළේය. පුද්ගලිකව මා හට මෙම අවන්හල වෙත දෙවතාවක්ම යාමට ඉඩ ලැබුණේ ප‍්‍රකට ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර නිසාය. වරක් නොව කීප වතාවක්ම වුවද, මෙතැනට යාමට සිත් ඇතිවේ.

 

 

ෆ‍්‍රැන්කි ටොමෑටෝ නම් වූ මෙම අවන්හල වෙත පැමිණෙන  ඕනෑම අයෙකු මොහොතකට එහි ඉදිරිපස නතරව සිට මෙය තනා ඇති විදිය ගැන විපරම් කර බලන්නේ පීසා කුලූන මෙතැනට ආවේ කෙසේදැයි යන සිතිවිල්ලෙනි.

එය සැබෑම පීසා කුලූන මෙන් නිර්මාණය කිරීමට සිදුවූ නිසා ඒ වෙනුවෙන් විශාල මහන්සියක් මෙන්ම විශාල වියදමක් දැරීමට ද මෙම අවන්හල් ජාලයේ හිමිකරුවන්ට සිදුවිය. නමුත් අද ඔවුන්ගේ ආයෝජනයේ සහ මහන්සියේ තරමටත් වඩා ප‍්‍රතිඵල ලැබෙන බව නම් කිව හැකිය.

ඒ ෆ‍්‍රැන්කි ටොමෑටෝ රසවතුන් අතර එතරම්ම ජනප‍්‍රියව තිබීම නිසාය. එලෙසින් ජනප‍්‍රිය වීමට හේතු බොහෝය. මෙහි ආකෘතියේ මෙන්ම ගොඩනැගිල්ලේ සැළසුම එක් හේතුවකි. එහි ඇතුළත සැකැස්ම මෙහි සේවය කරන පිරිසද ඇතුළත් වේ. ඔවුහු සියලූ දෙනාම ඉතාලි ජාතිකයෝ වෙති. ඔවුන් ඇඳ පැළඳ සිටින්නේද ඉතාලි ක‍්‍රමයටය. ඇතුළත අලංකරණ සියල්ලද කර ඇත්තේ ඉතාලි පරිසරයට අනුවය. ඇතුළත කෝට්යාඞ් වැනි ස්ථානවල තක්කාලි ගස් - වැල් වවා තිබේ. ඒවායෙහි පීදී ඇති රතු තක්කාලි ගෙඩි දක්නට ලැබෙන්නේ සැරසිළි සඳහා යොදා ගන්නා විදුලි බල්බ ලෙසිනි. තක්කාලි යනු ඉතාලි ආහාර වේලක විශේෂිත වූ දෙයකි. රතු තක්කාලිවලට අමතරව තවත් රතු වර්ණයෙන් යුතු දෙයක් දැක ගත හැකිය. ඒ ඉතාලියේ නිපදවූ රතු වයින් සහ ඉතාලියට ආවේනික වූ වයින් වර්ගය. ඒ සඳහා වෙනම ස්ථානයක් මෙහි වෙන්කර ඇත. ඉතාලි වයින් රසය තොලගා බැලීමට වඩා බොහෝ දෙනා මෙතැනට එන්නේ කදිම ඉතාලි අහරක රස විඳ ගනු රිසියෙනි.

 

 

බුෆේ ක‍්‍රමයට රිසිසේ ආහාරපාන රස විඳගත හැකිය. මුලින්ම සලාද  වර්ගයක හෝ ඉතාලි තක්කාලි යොදා පිළියෙල කරන ලද සුප් වර්ගය හෝ අනෙකුත් සුප් රස තොලගා බැලිය හැකිය. එළවළු වර්ගවලට අයත් සලාදවලට අමතරව, මාංශවලට අයත් කෙටි සලාද වර්ගද රස බලන බොහෝ දෙනා මෙහි ඇති බෙල්ලන්ගෙ වට්ටෝරුවට වඩා කැමතිය. සමහර සංචාරකයින් මෙතැනට පැමිණෙන්නේ බෙල්ලන්ගේ ආහාරය පමණක් රස විඳීමටය. තවත් සමහරු මෙතැනට එන්නේ කදිම ඉතාලි පීසාවක රස විඳ ගැනීමේ රිසියෙනි. ඉතාලියේ ප‍්‍රකට පැස්ටා සහ ස්පැගටි යොදා පිළියෙල කරන ලද ආහාරද ඉතාලියේ විවිධ ක‍්‍රමයන්ට අනුව පිළියෙල කරන ලද තවත් ආහාර වර්ග මේ බුෆේ වට්ටෝරුවට ඇතුළත්ය. අපට පුරුදු ”බත්” පවා ඊට ඇතුළත්ය. නමුත් ඒ බත පිළියෙළ කරන්නේ තරමක බෙරි වූ තලපයක් මෙනි. මෙකී සියලූ ආහාර පිළියෙල කිරීම් සඳහා යොදා ගන්නේ ඉතාලියට ආවේනික කුළුබඩු සහ කළමනා වර්ගය. විශේෂයෙන්ම යොදා ගන්නා ඔලිව් ගෙඩි සහ කොළ මෙන්ම තෙල් ගැනද සඳහන් කළ යුතුමය.

ප‍්‍රධාන ආහාර වේල හොඳහැටි සප්පායම් වීමෙන් අනතුරුව මෙහි ඇති අතුරුපස කුටිය වෙත ගොස්  ඕනෑ තරමට පැණි රසයෙන් යුතු නේක විධ අතුරුපස මෙන්ම මිදි, ඇපල් රසයෙන් කුස පුරවා ගත හැකිය. නමුත් බොහෝ දෙනාගේ වැඩි මනාපය ඇත්තේ අයිස්ක‍්‍රීම් වර්ග දහයක් පමණ ඇති තැනට ගොස් තමුනට කැමති වර්ගය තමුන් විසින්ම ඇති පදමට බෙදාගෙන විත් අයිස්ක‍්‍රීම් ඉමිහිරි රස විඳ ගැනීමටය. මෙකී සියල්ලෙහි පහස රිසිසේ විඳ ගැනීමට මෙහි ඇති අවකාශය සැබැවින්ම නිදහසක් ගෙන දෙන්නකි. මෙනිසා බොහෝ දෙනා උපන්දින සාද පැවැත්වීම සඳහා මෙතැන තෝරා ගනිති.

 

 

මෙහි සත්කාරක සේවක මඩුල්ල ගැනද යමක් කිව යුතුමය. ඔවුනගේ ආගන්තුක සත්කාරය ඉතා මිත‍්‍රශීලී යැයි කිව හැකිය. ෆ‍්‍රැන්කි ටොමෑටෝ අවන්හල කැනඩා දේශයේ ජනප‍්‍රියවීමට එයද ප‍්‍රධාන හේතුවක් ලෙස සඳහන් කළ හැකිය.

 

 

 

සුන්දර නයගරාව...

රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන

නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව

සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...

කැනඩාවේ ප්‍රෞඪත්වය.. මොන්ටි‍්‍රයල්

මොන්ටි‍්‍රයල් නුවර පුණ්‍ය භූමිය

 



අදහස් (0)

ඇල වූ කුලූනේ අවන්හල ෆ‍්‍රැන්කි ටොමෑටෝ

පහන් Thursday, 05 September 2013 08:21 PM

ජසි තිසර ඔබ කතෝලික බැතිමතෙක්ද?(නදී)

:       0       0

කැළුම් Thursday, 05 September 2013 03:22 PM

මටත් අතන රැකියාවක් ලැබෙනවා නම්.(නදී)

:       0       0

සෙනරත් Wednesday, 04 September 2013 02:59 PM

කටට කෙල උනනවා (ස)

:       0       0

චමත් Wednesday, 11 September 2013 10:22 PM

තක්කාලි කියන්නේ ඉතාම උෂ්ණ කෑමක්. ඉතාලි කාරයෝ කොහොම කනවද මන්ද ඕවා.(නදී)

:       0       0

මොහාන් Thursday, 05 September 2013 05:11 PM

අනේ සඳුන් මහත්තයෝ හැමදාම කැනඩාවේ වරුනේ ඉවරයක් නැහැ වගේ පින් සිද්ද වෙයි දැන් ඇති ඔබ වැනි දක්ෂ ලේකඛයෙකුට ලියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?(නදී)

:       0       0

ජයී තිසර Friday, 06 September 2013 02:03 AM

පහන්, දුටුගැමුණු රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 161-137 කාලයේදී නවමහලින් තනන ලද අති විශාල ලෝවාමහාපායට සමවන විශාල ආකෘතියක්වත් ලංකාවේ හෝ ඔන්ටාරියෝ/මොන්ට්‍රියාල්වල හෝ ලෝකයේ ඕනෑම සුදුසු තැනක කෙනෙකුට අද තැනීමට හැකිනම් මම බෞද්ධයෙක් වශයෙන් ඉතාමත් සතුටු වෙමි. ලෝවාමහාපාය එකල කොතරම් උසද යත්, ලෝවාමහාපායේ සිට කි.මී. 100ක් පමණ දුරින් ඉන්දියන් සාගරයේ සිට ලෝවාමහාපාය දැකගත හැකිබව අප රට කටකථා වල සඳහන් වේ. (නි)

:       0       0

රව් Sunday, 08 September 2013 05:53 PM

පිසා කුලුනට අගෞරව කරන්න එපා. (නදී)

:       0       0

ජයී තිසර Thursday, 05 September 2013 01:55 PM

අටසිය පනස් වසරක් පමණින් පරණ.. ඉතාලියේ නිර්මානක බල පෙනෙන.. ඇලවුණ කුළුන අණුකරනය කර තැනුන.. ෆ්‍රැන්කි ටොමෑටෝ නිව්වා බඩගින්න--- ක්‍රිස්තු පූර්ව එකසිය හැත්තෑ පමණ.. ගල් කණු එක්දහස්හයසිය මත තිබුණ.. ලෝවාමහපාය තවමත් අපි දකින.. තනමුද මෙවැන්නක් ලක්මව් නම් දරන.(නදී)

:       0       0

ජයී තිසර Saturday, 07 September 2013 12:26 AM

පහන්, කෙනෙකුගේ ආගම කුමක්ද යනු ප්‍රසිද්ධියේ ඇසීම එතරම් නොසුදුසු දෙයක් වුවත් ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ලිව්වෙමි. ඔබ ඒ ප්‍රශ්නය මගෙන් ඇසූවේ ඇයිද යනු දැනගැනීමට කැමැත්තෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5404 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1333 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site