IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීම

 

රට පාලක සභාග රජයේ ප‍්‍රධාන පාර්ශවයන් ද්විත්වය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අර්බුදය, පසුගිය සතියේ නව මානයක් සනිටුහන් කළේ සුපුරුදු ලෙස ජනතාව මත අයහපත් රට පාලනයක ප‍්‍රතිඵල පටවමින්ය.

ඉන්ධන මිල ඉහළ දැමීම ඉන් ප‍්‍රධාන විය. පසුගිය බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කැරුනු, සිකුරාදා මාධ්‍ය මගින් රට පුරා ප‍්‍රචාරය කැරුනු, නිවේදනයකට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 8කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 7කින් ද, සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 10කින් ද, ඉහළ දැමින.

රටේ ජනතාව මේ බව දැනගත්තේ සිකුරාදා උදයේ ඉන්ධන පිරවුම්හල් කරා ගිය විටය. පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කළ ආකාරයට, ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද, කියා සිටියේ තමන් ද එය දැනගත්තේ එදින උදැසන බවය. වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීම අහෝසි කිරීමට ඔහු කටයුතු කළේ ය.

අනුවණ තීරණයක් වුවද, ජනපතිවරයාගේ නියෝගය ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පළාත්බද කළමණාකරුවන් හරහා එම එක් එක් පළාතේ ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දීමට සිදුවිය. ඇතැමුන් එය පිළිගත් අතර, තවත් අය කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් අවශ්‍ය බවය. තවත් කොටසක් ඉන්ධන පිරවුම්හල් වසා දැමූහ. මේ සියල්ල බලා සිටි ජනතාව සිටියේ අඳුරේය. මේ අරබයා කිසිදු නිල නිවේදනයක් නිකුත් නොකෙරුනු බව කණගාටුවෙන් සදහන් කළ යුතුය.

ජනපතිවරයාගේ ප‍්‍රතිචාර දැක්වීම අනපේක්ෂිත විය. ඔහු ඇත්ත වශයෙන්ම ඉන්ධන මිල පහළ දැමීමට නියෝග කළේ නම්, එසේ සිදුකළේ මන්දැයි ජනතාව දැනුම්වත් කිරීමට ඔහුගේ ලේකම්තැන අපොහොසත් විය.

ආන්දෝලන ඇතිකිරීමෙහිලා මුල් තැන සිටින ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ද මෙම අවස්ථාවේ දී මුනිවත රැක්කේය. මේ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස අනතුරුව එළැඹුනු දින පහක කාලය පුරාම ඉන්ධන අලෙවි වූයේ පැරණි මිලයට. පසුව, කිසිත් සිදුනොවුනාක් මෙන්, අගහරුවාදා, එනම් ජූලි 10 වැනිදා මධ්‍යම රාති‍්‍රයේ සිට නව ඉන්ධන මිල ගණන් කි‍්‍රයාත්මක වන බව දැනුම්දෙනු ලැබින. පිට පිටම දෙවැනි වතාවත් ජනතාව අපහසුතාවයට පත්කිරීමට රජය කටයුතු කළේ ඒ ආකාරයටය. මේ හමුවේ රජය තවදුරටත් ජනතාවගේ අප‍්‍රසාදයට ලක්වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එයද, කිසිත් නොකර ඔහේ බලා සිටීමේ රජයේ පිළිවෙත නිසාය.

වැඩිකෙරුණූ ප‍්‍රතිශතය නිසා ඇතිවුණූ අර්බුදය

ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය සහ එය අහෝසි කිරීමට ගැනුනු පියවර පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩලය හමුවේ සාකච්ඡාවට ගැනුනු ප‍්‍රධාන කාරණය විය.

එහිදී අදහස් දැක්වූ ජනපතිවරයා, ජූලි මස 5 වැනිදා, එනම් ගෙවුනු අගහරුවාදා දින තමා භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා හමුවූ බවත්, ඉන්ධන මිල ඉහළ යන්නේ රුපියල් තුනකින් හෝ හතරකින් වැනි ගණනකින් යැයි ඔහු තමාට දැනුම්දුන් බවත් කීවේය. එදින රාති‍්‍රයේ ජනපතිවරයා අමතා තිබෙන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඔහුට දැනුම් දී තිබෙන්නේ ඉන්ධන මිල රුපියල් නවයකින් හෝ දහයකින් පමණ වැඩි වන බවය.

පසු අවස්ථාවක තම අමාත්‍ය මණ්ඩල සගයකු හා අදහස් දක්වමින් රණතුංග මහතා පැවසූයේ, නින්දේ සිටි ජනපතිවරයා අවදි කර ඔහුට ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමට තමාට සිදුවූ බවයි. එදින රාත්‍රීයේම සංශෝධිත ඉන්ධන මිල බලාත්මක කිරීම අහෝසි කැරෙනු ඇතැයි රණතුංග අපේක්ෂා කෙරුවේ වුවද එය එසේ සිදුවූයේ නැත.

දීර්ඝ සාකච්ඡාවක් අතරතුර තම අදහස් පළකළ ජනපති සිරිසේන මහතා ඉන්ධන මිල ඉහළ දැමීමේ කි‍්‍රයාවලිය නියමාකාරයෙන් සම්බන්ධීකරණයව නොමැති බව කියා සිටියේය. ඔහු තම අමාත්‍ය මණ්ඩල හමුවේ සදහන් නොකළද, ඉන්ධන මිල ඉහළ දැමීම අහෝසි කිරීමට තීරණය කළ දිනයේ පටන් ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් විමසීම් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබින.

එක් අවස්ථාවකදී, ඉන්ධන මිල කමිටුවේ ගණනය කිරීම් මත නව ඉන්ධන මිල තීරණය කර තිබෙන්නේ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු බව ඔහුට දැනගැනීමට හැකිව ඇත. එම නිලධාරියා එසේ ඉන්ධන මිල ඉහළ දැමීමේ දී කටයුතු කර ඇත්තේ ලංකා - ඉන්දියා ඔයිල් සමාගමේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අපේක්ෂාවන් මුදුන් පමුනුවා දීමේ අරමුණින් බවට චෝදනාවක් ද ඇත්තේයැයි ජනපතිවරයා දැනුම්වත්ව තිබේ.

නමුත් ඉන්ධන මිල සංශෝධනය කිරීම අරභයා පදනම ලෙස යොදාගත්තේ කමිටුවේ නිර්දේශයන් බව මහා භාණ්ඩාගාර ආරංචි මාර්ගයක් අවධාරණය කර කියා සිටියේය. එසේවුවද, ජනපතිවරයාට දැනගැනීමට හැකිව තිබෙන්නේ එම කමිටුවේ සිටින ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජිතයාගේ නිර්දේශ නොසළකා මෙම ඉන්ධන මිල සංශෝධනය සිදුකර තිබෙන බවකි.

ලෝක වෙළදපලේ ඛනිජ තෙල් මිල අනුව රටේ ඉන්ධන මිල වෙනස් කිරීම සදහා සූත‍්‍රයක් සකස් කිරීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ නිල වශයෙන්ම ඒ සදහා පත්කර තිබෙන කමිටුවකටය. මෙම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ ප‍්‍රකාරව සෑම දෙමසකට වරක්ම මිල සංශෝධනයක් කිරීමට නියමිත වූ අතර එම සංශෝධනය තෙවැනි මාසයේ පළමු සතිය ඇතුළත කි‍්‍රයාත්මක කිරීමට සැළසුම් කර තිබින.

අමාත්‍ය මණ්ඩල හමුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, ජනපතිවරයා දැනුම්වත් කිරීමෙහි ලා වන සම්බන්ධීකරණයේ දුර්වලතාවයක් තිබෙන බව පිළිගත්තේය. නමුත් එසේ යැයි පසුගිය සතියේ සිදුවීම කිසිසේත්ම දෙවැනි තැනට දැමීමටවත්, නොසළකා හැරීමටවත් නොහැකිය.

මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය ගන්නේ ඔහුගේ අමාත්‍යංශයයි. ඒ අනුව එම තීරණය ජනපතිවරයාට දැනුම්දීම අමාත්‍යවරයා හෝ සෘජුවම අදාළ නිලධාරීන් හෝ කළ යුතුම වේ.

ජනතාව හමුවේ කිසිවක් නොදන්නා අයකු මෙන් පෙනී සිටීමේ වුවමනාවක් තමාට නොමැති නිසා මෙම කටයුතු සැළකීමේ දී මනා සම්බන්ධිකරණයක් පැවැතිය යුතුම බව ජනපති සිරිසේන මහතා එම අවස්ථාවේ දී අවධාරණය කළේය.

අනෙක් අතට, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉන්ධන මිල ඉහළ යන්නේ යැයි දැනුම්දුන් අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ඔහුට හැකියාව තිබින. නමුත් ඔහු කළේ අනෙක් අතට නැවත නිදාගැනීමය. ජනපතිවරයා කලබල වූයේ සිකුරාදා උදැසන පළව තිබූ මාධ්‍ය වාර්තා දැකීමෙනි. ඉන්ධන මිල සංශෝධනය අවලංගු කිරීමට ඔහු කටයුතු කළේ ඉන් පසුවය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අගහරුවාදා දිනම පස්වරු 4.00ට යෝජිත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ හමුවක් ජනපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට තමා පියවර ගන්නා බව ජනපතිවරයා දැනුම්දුන්නේය. මෙම හමුවේ දී, ජාතික ආර්ථික කවුන්සිලයේ ප‍්‍රධානී ලලිත් සමරකෝන් මහතා ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

මංගල සමරවීර, දයා ගමගේ, රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුද, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග සහ ඔහුගේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්.ඇතිගල, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ලේකම් උපාලි මාරසිංහ, යන නිලධාහුද, මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේ වුවත් එකම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයකු හෝ මෙම හමුවට සහභාගීව නොසිටීම කැපී පෙනින.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වූ ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබද කැබිනට් කමිටුව ජනපතිවරයාගේ නියෝගයෙන් අහෝසිකර, ඒ වෙනුවට ජනපති නියමයෙන් පිහිටැවුනු ජාතික ආර්ථික කවුන්සිලයේ වගකිවයුතු පුද්ගලයකු වන සමරකෝන් මහතා ඉන්ධන මිල සූත‍්‍රය සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, එය සකස් කිරීමට යොදාගෙන තිබෙන ක‍්‍රමවේදය විවේචනයට ලක් කළේය. තතු දත් ආරංචි මාර්ගයන්ට අනුව එම ක‍්‍රමවේදය වැරදි යැයි සදහන් කර තිබෙන ඔහු, එය පාරිභෝගිකයාට සාධාරණ අයුරින් කි‍්‍රයාත්මක නොවන බව ද පවසා තිබේ.

 

ඉන්ධන මිල සූත‍්‍රය පදනම්ව තිබෙන්නේ කරුණු තුනක් මතය. ඒවා නම්,

 

1. සිංගප්පූරු මිල සැළකිල්ලට ගනිමින් ගෙන්වන ඛනිජ තෙල්, මෙරටට ගොඩබැස්වීමේ දී ඒවායේ මිල

2. ප‍්‍රවාහන, බෙදාහැරීමේ ගාස්තු සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානවල ලාභාංශයන්

3. ඉන්ධන මත පදනම් වන නිශ්පාදන සදහා රජය අයකරන බදු

 

ගැටළුව ඇත්තේ ඉන්ධන මිල සූත‍්‍රයක නොව සමස්ථ මෙහෙයුම් මිල මත බව සමරකෝන් මහතාගේ තර්කය විය. ඒ මත ඉතාම ඉහළ බදු පනවා තිබෙන බව ඔහුගේ අවධානයට ලක්විය. එම ආරංචි මාර්ගයන්ම ඉදිරිපත් කළ ජාතික ආර්ථික කවුන්සිලයේ දත්තවලට අනුව මෑතකදී සිදුවූ ඉන්ධන මිල වැඩිවීම, ප‍්‍රතිශතයක් ලෙස සැළකූ විට, ඉහළය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 53 කින් (මිල සූත‍්‍රයේ අගයට වඩා 36% කින්), ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් (මිල සූත‍්‍රයේ අගයට වඩා 39% කින්), ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 21කින් (මිල සූත‍්‍රයේ අගයට වඩා 24 % කින්) එම දත්තවලට අනුව ඉහළ ගොස් තිබේ.

ඉන්ධන මිලෙහි සාමාන්‍ය අගය සැළකිල්ලට ගෙන මාස දෙකකට වරක් උපරිමය 3 % ක මිල වැඩිවීමක් හදුන්වාදීම වඩා සුදුසු බව සමරකෝන් මහතා යෝජනා කර තිබේ. මේ යටතේ ස්වයංක‍්‍රීයව ඉන්ධන මිල වෙනස්වෙන ක‍්‍රමවේදයෙන් රජය බැහැර වන බව ඔහු පවසා ඇත.

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ මුල්‍ය දෙපාර්තමෙන්තුව මෑතක දී ඉන්ධන මිල සූත‍්‍රයන් සම්බන්ධයෙන් අධ්‍යන වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර, එහි දැක්වෙන ආකාරයට ඉන්ධන මිල සූත‍්‍රයක් හදුන්වාදීම හරහා ඉන්ධන වෙළදපොළ හා සම්බන්ධව සිටින පාර්ශවයන්ගේ අපේක්ෂා සුරක්ෂිත වීම සහතික කැරෙන අතරම, සම්පූර්ණයෙන්ම නිදහස් වෙළදපොලක් ඇතිකිරීම සදහාද ඉහත සදහන් කළ අයුරින් ඉන්ධන මිල සූත‍්‍රයක් හදුන්වාදීම ඉතාම වැදගත් බව ඔහු සඳහන් කර තිබේ.

අඟහරුවාදා සන්ධ්‍යාවේ පැවැති සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දක්වා තිබෙන සමරකෝන් මහතා, රජය ඉන්ධන මත අතිවිශාල බදු ප‍්‍රමාණයක් පනවා තිබෙන බවත්, එනිසා ඉන්ධන මිල සංශෝධනයක් සළකා බැලිය යුත්තේ පාරිභෝගිකයා අපහසුතාවයට පත්නොවන හෝ ඉතාම සුළු වශයෙන් අපහසුතාවයකට පත්වන බව සැළකිල්ලට ගෙන බවත් කියා තිබේ.

ඉන්ධන මිල සංශෝධනයක් 3 %ක ප‍්‍රතිශතයකට සීමාවිය යුතු බව ඔහුගේ තර්කයව ඇත. නමුත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි මතයක සිටිමින්, දැනටමත් ඉන්ධන මිල සංශෝධනය නිර්දේශ කර තිබෙන බැවින් පසුපසට යාමක් ගැන සිතිය නොහැකි බව අවධාරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යංශයේ නිලධාරීන් වෙනුවෙන් සහ ඔවුන් ගත් තීරණය වෙනුවෙන් පෙනී සිටින බව නොරහසකි. අනෙක් අතට අමාත්‍යවරයාගේ ස්ථාවරයට බලපාන වෙනත් ප‍්‍රබල හේතු ඇත. ඉන් ප‍්‍රධාන වන්නේ මහා භාණ්ඩාගාරයේ මුල්‍ය හිඟයයි. ඒ නිසාම, මුදල් උපයා ගැනීමෙහිලා ඉදිරිපත් කැරෙන නිර්දේශයන්ට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. ඉන් එකක් වන්නේ මෝටර් රථ හිමිකරුවන්ට එම රථවල හිමිකාරීත්වය වෙනුවෙන් පනවා තිබෙන බද්දය.

සාමාන්‍ය ජනතාවට එසේ බදු පනවා තිබෙන්නේ දේශපාලඥයින්ට බදු රහිතව මෝටර් රථ මිලයට ගැනීමට, නොමිලයේ වාහන බලපත් ලබාගැනීමට, එම වාහන බලපත් විකුණා මුදල් ලබාගැනීම, හැකි වාතාවරණයක් ඔවුන්ම, ඔවුන් වෙනුවෙන්ම නිර්මානය කරගෙන තිබෙන අවස්ථාවකය.

 



අදහස් (0)

ඇවිලෙන ගින්නට ඉන්ධන දැමීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 124 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 150 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 126 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 167 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1699 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 775 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 978 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site