IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඇවිළෙන ගින්නට පිදුරු දැමීම

 භාරකාර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දින දෙකකට පෙර දෙදෙනා අතර පැවැති රහස්‍ය සාකච්ඡාවෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු පසුගිය ඉරිදා නැවත වතාවක් මීගමුව ග්‍රැන්ඩීසා නිවාඩු නිකේතනයේ පැවැති මංගල උත්සවයක දී එකිනෙකා හමුවූහ.

සිනහමුසුව ජනපති සිරිසේන මහතා පිළිගත් රාජපක්ෂ මහතා “වැඬේ කෙළවෙලා නේද?” යැයි විමසුවේ ය.

“ඒකනේ...” ජනපතිවරයා පිළිවදන් දුනි.

දෙදෙන මේ කතාකරන්නේ කුමක් ගැනදැයි ඔවුන්ගේ ප්‍රතිචාර කණවැටුනු අනෙක් අමුත්තෝ පුදුමයෙන් බලා සිටියහ. ඔවුන් කිසිවෙකුත් එදින සන්ඬේ ටයිම්ස් පුවත්පත නොදැක තිබුණු බව එයින් පැහැදිලි විය.

මාධ්‍ය වාර්තාවල, විශේෂයෙන්ම සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙහි පසුගිය සතියේ පළව තිබූ ආකාරයට සභාග රජයක් පිහිටුවීම සදහා රාජපක්ෂ මහතා සහ සිරිසේන මහතා අතර සාකච්ඡාවක් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ බත්තරමුල්ලේ නිවසේදී පැවැත්විණ. වත්මන් සභාග රජයෙන් එක්සත් ජාතික පක්ෂය ඉවත් කිරීමට තිබෙන අවස්ථා සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරුණු මෙම සාකච්ඡාව සදහා ජනපති සිරිසේන මහතා තනිව එක්ව සිටියේ වුවද හිටපු ජනපතිවරයා පැමිණ සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපායකරු වන බැසිල් රාජපක්ෂ මහතාද සමගය.

සභාග රජයක් පිහිටැවුවහොත් වත්මන් අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කර නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේ අවධානය යොමු විය.

දෙදෙනා සහභාගී වී සිටි විවාහ මංගල උත්සවය ද සතුටු සන්ධානයක් හා සමවිය. 

මනාලිය වූ නිලූෂා ජනපති සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සංජය සිරිවර්ධන මහතාගේ දියණිය විය. ඇයගේ මව සන්ධ්‍යා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කැරන බස්නාහිර පළාත් සභා මන්ති්‍රීනියකි. යුවළ අතිනත ගත්තේ භාරකරුවන් ලෙසින් පෙනී සිටීමට නොව විවාහ බැම්මෙන් දිවි තිබෙන තෙක් එකිනෙකා හා බැඳෙමිනි.
ඉතාම සීඝ්‍රයෙන් නටඹුන් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ ආදී වාසී (වැදි ජනයා) කොට්ඨාසය නියෝජනය කරමින් එහි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝද මෙම උත්සවයට එක්ව සිටියහ. ප්‍රධාන මේසයේ ඔහුටත් අසුන් පනවා තිබිණ.

නායක දෙපළගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඇස නිරන්තරයෙන් ඔහු වෙත යොමු වූයේ සිරිසේන මහතා හා රාජපක්ෂ මහතා අතර අසුන්ගෙන සිටි ඔහුගේ කරමත සාම්ප්‍රදායිකව ගෙන යන කුඩා අත්පොරවක් රැදී තිබුණු නිසා විය හැකිය. 

වර්තමානයේ ඔවුන් තවදුරටත් පොරව හෝ දුනු ඊතළ හෝ භාවිතා නොකළද, සංකේතාත්මකව ඒවා තමන් හා රැගෙන ඒම හා තබා ගැනීම, වියැකී යමින් තිබෙන වැදි ජන කොට්ඨාසයේ ඉතිරිව තිබෙන එක්ම සංකේතයන් ලෙස හැදින්විය හැකිය. වැදි නායකයා හා ජනපති සිරිසේන මහතා අතර මුහුණට මුහුණ කතාබහක් පැවැති අතර එහිදී ජනපති ආරක්ෂක අංශයේ බලවත් පෙරැත්තයකින් පසුව ඔහු තම කර තිබූ පොරව ඉවත් කළේය. 

මනාලිය වූ නිලූෂා වැදි ජනතාවට ආධාර කිරීම සදහා නිතර දඹාන ප්‍රදේශයේ සංචාරයන්හි නිරත වන බව පසුව දැනගන්නට ලැබිණ.
මංගල උත්සවයකට සහභාගීව සිටියේ වුවද ජනපති සිරිසේන මහතාගේ සිත තිබෙන්නේ වෙනත් තැනක බව ඔහු කෙරේ අවධානයෙන් සිටි අමුත්තෝ බොහෝ දෙනෙක් වටහා ගත්තෝය. වර්තමාන දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තතු දන්නා අයෙක් සඳහන් කළ ආකාරයට තමන් හා රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ තොරතුරු ප්‍රසිද්ධ කළේ යැයිද එම තොරතුරු මාධ්‍යවල පළවීමට, විශේෂයෙන් සන්ඬේ ටයිම්ස්හි, පාර සැදීයැයි, ඔහු ඉරිදා උදැෑසනම එස්.බී.දිසානායක මහතාට දැඩි සේ දොස් පවරා තිබේ.

තමන් හා රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවට මාර්ගය පෑදූයේ එස්.බී නම් තැරැව්කරුවා පමණක් නොව තම ළගම හිතවතකු බව ජනපති සිරිසේන මහතාගේ සැකයට ලක්ව තිබේ. මෙම පුද්ගලයා වුවමනාවට වඩා කරුණු දැන සිටි බව ජනපතිවරයාගේ හිතවත්හු කියා සිටියහ. ලියුම්කරුගේ නම ද එහි දී සදහන් විය.

පුදුමවීමට හේතුවක් නැත. එම ඉරිදා උදැෑසනම එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් වෙත කලබලයෙන් දිව ගිය එස්.බී දිසානායක මහතා මෛත්‍රී - මහින්ද හමුවක් තම නිවසේ නොපැවැති බව අවධාරණය කළේය. පසුදා (සදුදා) නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු එයම නැවතත් සඳහන් කර සිටියේ ය.

නමුත්, හිටපු ජනපතිවරයා මාගේ නිවසේ පිළිගැන්වුනු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ බව නම් සත්‍යයකි. විශේෂ දේශපාලන සාකච්ඡාවක් නොපැවැති මුත් හිටපු ජනපතිවරයා පැමිණ සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රීන් හා සුහද පිළිසදරක යෙදිණ. රටේ ආර්ථික තත්ත්වය සහ ජාතික ආරක්ෂාවට එල්ලව තිබෙන තර්ජනයන් ඔවුන්ගේ කතාබස්වල ප්‍රධාන මාතෘකා විය.

මෛත්‍රී - රාජපක්ෂ හමුවක් තම නිවසේ නොපැවැත්වුණු බවට දිසානායක මහතා නිකුත් කළ නිවේදනය ඬේලි මිරර් සහ රජයේ ඬේලි නිවුස් යන පුවත්පත්වල පළව තිබිණ. එවන් නිවේදනයක් නිකුත් කිරීමට සිදුනොවුනේ නම් යැයි ඔහුට සිතෙන්නට ඇතුවාට සැකයක් නැත. 

දෙපැත්තටම ඇදෙන කතා පැවසීමේ සහ තමන් සිරවන අවස්ථාවල දී සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ ඉතිහාසයක් ඇති දිසානායක මහතා මෙම නිවේදනය නිකුත් කිරීම, සතිය පුරාම ඒ සම්බන්ධයෙන් දේශපාලන නායකයින් හා සාකච්ඡා පැවැත්වීමට සහ පුරෝකථනයන් සිදුකිරීමට රටේ මාධ්‍යයන්ට කදිම අවස්ථාවක් විය.

හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයකු, එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයකු මෙන්ම නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඉතිහාසක් තිබෙන එස්. බී. දිසානායක මහතා වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි. 

භාරකාර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දිසානායක මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ යැයි මීට පෙර අවස්ථාවකදී ද ජනපතිවරයාගේ උදහසට ලක්විය. ඔක්තෝබර් 4 වැනිදා, මෛත්‍රී - රාජපක්ෂ හමුවෙන් දිනකට පසු, සන්ඬේ ටයිම්ස් වාර්තාව පළවීමට දින 2කට පෙර, එස්.බී දිසානායක මහතා මාධ්‍ය හමුවක් කැඳවූයේය. පහත දැක්වෙන්නේ ඔහු එහිදී දැක්වූ අදහස්ය.

“හැකි ඉක්මනින් රජයෙන් ඉවත් වන්න කියන පණිවුඩයයි අපි අපගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිත්‍රයින්ට ලබා දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට අපි ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අපි ජනපතිවරයාට කියනවා”

“රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවත්, අගමැතිවරයාට එය නිවැරදි කිරීමට හැකියාවක් නොමැති බවත්, තමයි අපි කියන්නේ. එම තත්ත්වය නිවැරදි කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට ඔහු අවස්ථාවක් දෙන්නේ නැහැ. අයවැය පරාජය කිරීමට අපට වුවමනායි. අප එක්සත් ජාතික පක්ෂයේ කොටස්වලට සහ සුලුතර පක්ෂවලට ආරාධනා කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහට මේ රට ගෙනයා නොහැකි බවත්, ඡන්දයෙන් පත්වූ අනෙක් නායකයින්ට හෝ රට ගෙන යාමට ඔහු අවස්ථාවක් ලබා නොදෙන බවත් අපි කියනවා”

ප්‍රශ්නය - මෑත කාලයේ ඔබ කතාකළා භාරකාර රජයක් පිහිටුවීම සම්බන්ධව. ඒ පිළිබඳ ස්ථාවරය කුමක් ද?

පිළිතුර - රට තිබෙන්නේ භයානක තත්ත්වයක.

ප්‍රශ්නය - භාරකාර රජය කියන්නේ මොකක් ද?

පිළිතුර - සියලු පක්ෂ එකට එකතුවෙලා තනන රජයක්.

ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හා පැවැති සාකච්ඡාවේ දී ලැබුණු ප්‍රතිඵලය කුමක් ද?

පිළිතුර - අපි දිගටම සාකච්ඡා පවත්වනවා. එක්සත් ජාතික පක්ෂය සමග පවා අපි සාකච්ඡා පවත්වමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එක්කත් අපි සාකච්ඡා පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජනතා නිදහස් සන්ධාන වාමාංශික රජයක් තමයි අප දකින සිහිනය.

ප්‍රශ්නය - ඒත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැහැ?

පිළිතුර - හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. මම එතැන සිටයි මේ පැමිණියේ (තම නිවස ගැන කියයි). මේ එක්සත් ජාතික රජය හැකි ඉක්මනින් ගෙදර යවන්න වුවමනායි කියා ඔහුත් පිළිගන්නවා.

මෛත්‍රී - මහින්ද හමුවක් තම නිවසේ පැවැති බවට පළව තිබූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීමට එස්.බී.දිසානායක මහතා කටයුතු කිරීම මුග්ධ ක්‍රියාවක් වූයේ ජනපතිවරයා හෝ හිටපු ජනපතිවරයා හෝ එවැනි හමුවක් පැවැති බව ප්‍රතික්ෂේප නොකිරීම නිසාවෙනි.
වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීම තමාට අතිශයින් දුෂ්කර බවත්, ඔහු යා යුතුව තිබෙන බවත් ජනපති සිරිසේන මහතා සඳහන් කිරීම අතිශය බැරෑරුම්ය. 

පළාත් පාලන මැතිවරණ පරාජය හමුවේ තනතුරින් ඉල්ලා අස්වන ලෙස ඔහු වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව බොහෝ දෙනා දන්නෝය. පරාජයට ඔහුගේ චෝදනාව එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂයටය. අනතුරුව වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමෙන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් වුනු අවස්ථාවේදීත් ඔහු එයට පක්ෂව හෝ විපක්ෂව හෝ පෙනී නොසිට මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළේය. 

එක්සත් ජාතික පක්ෂය එම විශ්වාසභංගය පහසුවෙන්ම පරාජය කළේය. ජනපතිවරයාගේ ඉහත ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයද කැළඹුමට පත්කර තිබෙන බව දැනගන්නට ඇත. 

දෙදෙන අතර හමුවක් තම නිවසේ නොපැවැති බවට දිසානායක මහතා නිකුත් කළ නිවේදනය හමුවේ මේ සම්බන්ධයෙන් සිදුවෙමින් තිබූ කතාබහ නතර වනු ඇතැයි ජනපති සිරිසේන මහතාගේ ඇතැම් උපදේශකයින් අපේක්ෂාවෙන් සිටියද සිදුවූයේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වැනි දෙයකි.

සන්ඬේ ටයිම්ස් වාර්තාව පළවූ පසු අමාත්‍යවරු තිදෙනෙක් ඒ සම්බන්ධයෙන් එක් එක් අවස්ථාවල දී ලියුම්කරුගේ අදහස් විමසූහ. එවැනි සාකච්ඡාවක් පැවැති බව ලියුම්කරු හරහා තහවුරු කරගැනීම දෙදෙනෙකුගේ අවශ්‍යතාවය විය.

තමාට එය විශ්වාස කිරීමට පවා නොහැකි බව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පැවසුවේ ය. තෙවැන්නාට වැඩිදුර විස්තර අවශ්‍ය විය. බොහෝ දෙනාට හා සමානව මෙම පුවත ඔවුන්ට ද කම්පනයක් වී තිබිණ.

 

 



අදහස් (0)

ඇවිළෙන ගින්නට පිදුරු දැමීම

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 497 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1018 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 939 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 172 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 112 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 996 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17820 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site