රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය පෙරහර වෙනුවෙන් පේ වෙන කතරගම පුදබිමේ අසිරි සිරිය ඔබට ලියන්නට අපි ඉකුත්දා එහි ගියෙමු.
පරිසරය නිහඬය. ශාන්ත බවින් පිරුණේ වෙයි. දෙවියන් පිළිබඳ බැතිබර හැඟීමෙන් යුතු ජනයා සුදු වතින් සැරසී සිටිති. ඈතින් කාවාඩි නැටුමක් එනු පෙනෙයි. වේග රිද්මයෙන් සංගීතය නිකුත් වුවද දැහැන්ගත සිත බිඳ දැමීමට එය සමත් නොවේ. එය ඒ පුදබිමේම අනන්‍ය ලක්ෂණයකි. ආගමික විවිධත්වයත් සංස්කෘතික විවිධත්වයත් මුසුවීමෙන් නැගෙන විචිත‍්‍රවත්වය එහි උරුමය බවට පත් වී තිබේ.
අපි ඔබ මොබ ගියෙමු.
මාසයක් පුරා අලි හා වන සතුන් පිරි ගිරි දුර්ග හා ජල දුර්ගවලින් ගහන මහ වන මැදින් පැමිණි බැතිමත්හු දොවොල් බිමේ තුරු සෙවණේ ගිමන් හරිති. ඔවුන්ගේ ගමන සුපුරුදු පරිදි ආරම්භ වන්නේ කප් සිටුවීමෙන් පසුවය. කප් සිටුවා දින 45ක් තුළ ඇසළ මංගල්‍යය ඇරැඹෙන බැවින් ඒ දින බලා ඔවුහු පිටත්වෙති. මඩකළපුව, අක්කරෙයිපත්තුව, අම්පාර, තිරුක්කෝවිල්, සංගමන් කන්ද, තෙරමාරි, ඌරණී, පොතුවිල්, ආරුගම්බේ, පානම, ඔකඳ, කුමන හරහා රඹුක්කන් ඔයෙන් එතෙර වන ඔහු යාල අංක 2 කලාපයට පැමිණ මැණික් ගඟ තරණය කර කටගමුව, වල්ලිමාතාගම පසු කර ඔවුහු කතරගම පුද බිමට පැමිණෙති.
කපුගම සරණ තිස්ස හිමි |
සොමිපාල ටී. රත්නායක ප‍්‍රධාන කපු මහතා |
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පත්මසිරි රාජපක්ෂ |
ගමනට මාසයක් කල් ගෙවී යයි. මහ වන මැදින් එන ගමන අනතුරදායකය, බිහිසුණුය. කටුකය. කර්කෂය. අව් වැසි හා පින්නෙන් ලබන පීඩා එමටය. වන සතුන්ගෙන් එල්ල විය හැකි උපද්‍රවද බහුලය. මහ වන මැද ආහාරය සියතින්ම සාදාගත යුතුය.
”දෙවියන්ට තියෙන භක්තිය නිසා අපි එහෙම එන්නේ. දෙවියන් වෙනුවෙන් කැප වුණාම දෙවියන් අප වෙනුවෙන් කැප වෙනවා.” බැතිමතෙක් කීවේය. එහෙත් ඔවුහු මාධ්‍යයට කතා කිරීමට කැමැත්තක් නොදක්වති. ඒ ඔවුන්ගේ අරමුණ දෙවියන් පිදීම පමණක් වන හෙයිනි.
”මේ ගමනට එන්න පෙර මාස 5ක්වත් අපි පේ වෙනවා. මස් මාළු කිසිවක් කන්නේ නෑ. කිල්ලට අහුවෙන්නේ නෑ. එහෙම වුණොත් දෙවියන් වැඩ ඉන්න බිම අපිරිසුදු වෙනවා.” ඒ බැතිමතා කීවේය. පාද යාත‍්‍රාවේ අතීතය 1830 දක්වා තරම් ඈතට දිව යන අතර ඉන්දීය බැතිමතුන් පවා මෙම ගමනට එක් වන බව පැවසේ. ඔවුහු එකල ති‍්‍රකුණාමලය වරායට පැමිණ එතැන් සිට පාද යාත‍්‍රාවට එක් වන බවද කියැවිණි.
මාසයක් පුරා දුෂ්කර මගක් ගෙවා පැමිණි බැතිමතුන් අතර ගැබිනි මවක්ද සිටියාය.
”මගේ බාරය පිරිමි දරුවෙක් ලැබෙන්නයි. ඒ නිසා මට මේ ගමන අසීරු වුණේ නෑ.” ඇය කීවාය.
පාද යාත‍්‍රාවේ එන පිරිස් විවිධ තරාතිරම්වලට අයත් බැතිමත්හු සිටිති. ඒ අතර මහාචාර්යවරු, ඉංජිනේරුවෝ, විධායක ශ්‍රේණියේ නිලධාරීහු, පරිපාලන ක්ෂේත‍්‍රයේ නිලධාරීහු, වෛද්‍යවරු, විදුහල්පතිවරු, මෙන්ම ගොවි හා ධීවරයෝද වෙති. එහෙත් ඒ සියල්ලෝම එක සමාන වෙති. ජීවිතයේ වරක් හෝ මෙම පාද යාත‍්‍රාවේ යෙදීම දෙවියන් වෙනුවෙන් කරන ඉහළම පූාජව යැයි ඔවුහු සිතති.
එහෙත් ඔවුන්ට මෙවර කීමට අවනඩුවක් තිබිණි.
”ජූලි මාසයේ පැවැත්වෙන පෙරහර මේ පාර අගෝස්තු මාසයට කල් ගිහිල්ලා. ඒක අපි දන්නේ නෑ.” ඔවුහු කීහ.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය තුනක් පවත්වනු ලැබේ. පළමුවැන්න අවුරුදු මංගල්‍යය වේ. කතරගම දෙවිඳුන් වල්ලි අම්මා මාතාව බැලීමට යාම ස්මරණය කිරීම සඳහා මෙම අවුරුදු මංගල්‍ය පෙරහර පවත්වනු ලැබේ. දෙවැන්න ඇසළ මංගල්‍ය පෙරහර වේ. කතරගම දෙවිඳුන් හා වල්ලි අම්මා මාතාව අතර සිදු වූ විවාහය ස්මරණය කිරීම සඳහා මෙම ඇසළ මංගල්‍ය පෙරහර පැවැත්වේ. කප් සිටුවා දින 45කට පසුව ඇසළ පෙරහර ආරම්භ වන අතර නැකැත් යෙදීම අනුව ඇසළ පෙරහර මංගල්‍ය සඳහා දින 15ක් හෝ 16ක් ගත වේ. මංගල්‍යයේ අවසාන දින තුනේදී තේවානි අම්මාට හොරෙන් කතරගම දෙවිඳුන් වල්ලි අම්මා දේවාලය වෙත වැඩමවීම විශේෂ චාරිත‍්‍රයකි.
තුන්වැනි වාර්ෂික පෙරහර මංගල්‍ය වනුයේ ඉල්මහ කාර්තික මංගල්‍ය වේ. කතරගම දෙවිඳුන්ට වල්ලි අම්මා මාතාව හමුවීම සිහිපත් වීම සඳහා මෙම පෙරහර මංගල්‍ය සිදුකෙරේ. එළැඹෙන නව වසර සඳහා රුහුණු මහා දේවාලයේ නිලධාරීන් පත් කරන ලද පසු සිදු කරන පළමු උත්සවය ලෙස මෙය හැඳින්වේ.
පුරා මසක් කල් මහ වන මැදින් පාද චාරිකාවේ යෙදුණ බැතිමතුන්ට පෙරහර මාසය මෙවර වැරැදුණේ ඇයි? ජූලි මාසයේ සිිරිත් පරිදි පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍ය මෙවර අගෝස්තු මාසයට කල් ගියේ ඇයි? ඒ සම්බන්ධයෙන් විමසීමට නිවැරැදිම සුදුස්සා රුහුණ මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතාය. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
‘‘මේ අවුරුද්දේ වෙසක් පොහොය ගෙවී ගියේ උදේ 9.58ටයි. කප් සිටුවීම කළ යුත්තේ බ‍්‍රහ්ම මූර්තියට. ඒ කියන්නේ උදේ හයට විතර තමයි කප් සිටුවිය යුත්තේ. පොසොන් පොහොයත් මාසයේ අන්තිමට ගියා. පෞරාණික චාරිත‍්‍රවලට අනුව කප් සිටුවා දින 45කට පසුවයි පෙරහර මංගල්‍ය පැවැත්විය යුත්තේ. ඒ අනුවයි මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු මාසයට කල් ගියේ. එහෙම නැතිව වෙන කිසිම හේතුවක් නෑ. මේ තත්ත්වයන් ජනමාධ්‍ය මගින් දැනුම්වත් කළා. අද සන්නිවේදන පහසුකම් බහුලයි. ඕනෑම කෙනකුට යමක් පහසුවෙන් දැන ගන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවා නම් ”දන්නේ නෑ” කියලා ඒක පිළිගන්න බෑ’’.
ඉකුත් ජූනි 24 වැනිදා කප් සිටුවීය. නම සඳහන් නොකරන ගස් විශේෂයක් පොහෝ දිනයකදී කපා මැණික් ගෙඟන් නාවා වල්ලි අම්මා දේවාලයේ පූජාව අවසන් වූ පසු සළුවකින් වසා තැන්පත් කරනු ලබයි. එතැන් සිට කපු මහතුන් විසින් දේවාලය දක්වා පෙරහරෙන් ගෙන ගොස් නැකැතට අනුව දේවාලයේ ඇතුළත සිටවනු ලබයි. එම ගස කැපීමට පෙර රාජකාරි මණ්ඩලයේ ගොටු මසන කපු මහතුන් විසින් කැලෑ වැදී තෝරා ගැනීමෙන් පසුව කහ රෙදිවලින් වසා රැුගෙන එනු ලබයි. එම ගස් දෙක සමාන අතු රිකිලි තුනකින් සමන්විත වීම විශේෂ ලක්ෂණයකි. ඌලියන් පංගුකරු විසින් ගස සොයා කැලෑවැදීමේදී මඟ එළි කර දෙයි. කපු මහතුන් දෙදෙනෙක්ද ඔවුන් කැටිව යති. කනු රැගෙන එක් වරක් පැදකුණු කර කනු නානුමුර හෙවත් නහවා කරට ගනු ලබයි. නානුමුර කිරීමේදී පළමුව කප් කනු දෙක දෙහි ගා පිරිසුදු කර පැන්වලින් නහවා සඳුන් ගල්වා අනතුරුව සුවඳ දුම් අල්ලා පොල්තෙල් පහන් දැල්ලෙන් උණුසුම් කෙරේ. ඒ වෙනුවෙන් වූ ආලත්ති පූජාවක්ද වෙයි. ඒ කප් සිටුවීම හා නානුමුර මංගල්‍යය ඉකුත් ජූනි 24 වැනිදා පැවැත්විණි.
අගෝස්තු 7 වැනිදා ආරම්භක පෙරහරෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන අතර අවසන් මහ පෙරහර අගෝස්තු 26 වැනිදා පැවැත්වේ. අගෝස්තු 21 වැනිදා දිය කැපීමේ මංගල්‍යයෙන් ඇසළ පෙරහර මංගල්‍ය නිමාවට පත්වේ.
පෙරහර මංගල්‍ය සඳහා සූදානම කෙබඳුද? එය විමසීම සඳහා අප හමුවූයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ඇසළ පෙරහර මංගල්‍යයේ ජනාධිපති මෙහෙයුම් කමිටුවේ සභාපති පද්මසිරි රාජපක්ෂ මහතාය. ”ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා බස්නායක නිලමේ ධුරයට පත් වූ පසු පවත්වන 8 වැනි පෙරහර මංගල්‍යයයි පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. එය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ විධිවිධාන සලසා තිබෙනවා. මෙම පෙරහර මංගල්‍යයට ලක්ෂ සියයක් පමණ බැතිමතුන් සහභාගි වෙනවා කියලා අප බලාපොරොත්තුවෙන් සිටිනවා. 26 වැනිදා පැවත්වෙන අවසන් පෙරහරට පමණක් බැතිමතුන් ලක්ෂ 25කට ආසන්න පිරිසක් සහභාගි වෙනවා කියලා අපි විශ්වාස කරනවා.”
පත්මසිරි රාජපක්ෂ මහතාට අනුව සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දිනවලදී ලක්ෂයකට වැඩි බැතිමතුන්ගෙන් පූජා භූමිය පිරී ඉතිරී යයි.
”ගිය අවුරුද්දේ පෙරහර මංගල්‍යයට පාද යාත‍්‍රාවෙන් පැමිණි බැතිමතුන්ගේ ගණන තිස්පන් දහසක් පමණ වුණා. අපි හිතනවා මෙවර පනස්දහසකට අධික ජනතාවක් සහභාගි වෙයි කියලා.”
පද්මසිරි රාජපක්ෂ මහතා කළ මෙම ප‍්‍රකාශය ඓතිහාසික කතරගම පුදබිමේ හාස්කම් කියාපාන්නකි.
”නළලේ මොට්ටු තියන තින්නූන් ගෙනෙන්නේ කොහෙන්ද කියලා ඔබ දන්නවද? මේ කිට්ටුවම තියෙනවා කොච්චිපොතාන කියලා ගමක්. ඒ ගමේ විශේෂ පාෂාණ වර්ගයක් තියෙනවා. පෙනුමෙන් ඒක සුදුපාට ගලක් වගෙයි. හැබැයි පෙරහර කාලෙට ඒ ගල් වර්ගය පිටි බවට පත් වෙනවා. ඒවා තමයි තින්නූර් වශයෙන් යොදා ගන්නේ. පෙරහර සමය ගෙවී ගිය පසු ඒ පිටි යළිත් සුදු පැහැති ගල් බවට පත් වෙනවා.”
කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් ප‍්‍රකාශ කළේ මෙවර පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බවට ඉඟි පළ වී ඇති බවය.
”මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ පින් බිමක්. ඒ අනුහස් මේ පින් බිමේ තියෙනවා.” උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
කතරගම දොවොල් බිමේ අභිනවාරාමය ඉදිවුණේ කොහොමද? අපේ ප‍්‍රශ්නයට උන්වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
මේ පන්සල හදලා තියෙන්නේ 1924දි. ඒ කාලේ මේ පළාත් දියුණු නෑ. මහා වනාන්තරයක්. කිරි වෙහෙරත් තනිකරම පස් ගොඩක් බවට පත්වෙලා තිබිල තියෙන්නේ. බැතිමතුන් එන්නේ කරත්තවලින්. හරිහමන් පාරක් තොටක් නෑ. හාමුදුරුවරු වැඩියට දින ගණන් ගස් ගල් යට තමයි ඉන්නේ. මේ තත්ත්වය දැකපු කතරගම දේවාලයේ ඒ කාලයේ හිටපු ප‍්‍රධාන කපු මහත්තයා ටී.ආර්. බාරිස් මහත්තයා මේ පන්සල හදලා කතරගම ආයුපාල නායක හාමුදුරුවන්ට පූජා කළා. ඇත්තටම මේ පළාත් පුදබිම දියුණු වෙන්න පටන් ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පූජා භූමි සංකල්පයත් සමගයි’’.
කපුගම සරණතිස්ස හිමියන් ප‍්‍රකාශ කරන පරිදි එකල කිිරිවෙහෙර පස් ගොඩකි. මම කිරිවෙහෙර දෙස බැලූවෙමි. එය සුදෝ සුදට බබළයි. අලූත තීන්ත ආලේප කර ඇති සෑ රදුන් දෙස බලන ඕනෑම සැදැහැතියකුගේ සිත් නිවී සැනසීම් බවට පත් වෙයි. සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිරී යයි.
”පසුගිය දවස් ටිකේම කොළඹ මහත්වරු වගයක් අලූතෙන් සෑ රදුන් තීන්ත ආලේප කළා. ඒ මහත්වරු පුදුම විදියට මහන්සි වුණා. මේ පිනම ඇති මහත්වරුන්ට පවුලේ අයට බුදුන් දැක නිවන් දකින්න.” සලපතල මළුවේ වැතිර බුදුන් වඳිමින් සිටි සැදැහැතියෙක් කීවේය.
ආබාධිත අයකුට වුවද සෑ මළුවට ඇතුළු වී බුදුන් වැඳීමට පහසු වන පිණිස රෝද පුටු ගමන් කළ හැකි නව මාවතක්ද කිරිවෙහෙරේ ඉදි වී තිබේ.
”ඒක නම් පින් ඇති වැඩක්” උපාසක අම්මා කෙනෙක් කීවාය.
රුහුණු මහා කතරගම පෙරහර මංගල්‍යයට සූදානම එපරිදිය.
කතරගම පුදබිමේ හාස්කම් හා චාරිත‍්‍ර ලබන සතියේ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇසළ පෙරහර වෙනුවෙන් පේවෙන කතරගම