තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
(මෙහි පළමු කොටස මීට පෙර පළ විය. පාසලේ පිට්ටනිය බස් පොළකට)
වසර 145ක් පැරණි තෙන්නකෝන් විමලානන්ද විද්‍යාලයයේ පිට්ටනියට අත්වන්නට යන ඉරණමට එරෙහිව විදුහල්පති ඇතුළු පිරිස නිරතුරුව අවදියෙන් සිටියේය. අවස්ථා දෙකකදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ලැබුණු ලිපි දෙකක කලාප අධ්‍යක්ෂගේ මත දෙකක් තිබීමේ ගැටලූ සහගත භාවය ගැන පසුගිය ලිපියෙන් කරුණු අනාවරණය කළේය.
2007 වසරේ ජුනි අට වැනි දා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට ලිපියක් එවමින් කියා ඇත්තේ මෙම භූමිය බස් නැවතුම්පොළක් ස`දහා යෝග්‍ය නොවන බව 2006 දෙසැම්බර 14 වැනි දා එවකට ජනාධිපතිවරයා විසින් එවනු ලැබූ ලිපියේ සඳහන් බවයි.
එසේ තිබිය දී 2009 නොවැම්බර 24 වැනි දාතමින් යුතුව සහකාර ඉඩම් කොමසාරිස් එච් කේ ඩී ඩබ්ලිව් එම් එන් හපුහින්න මහතාගේ අත්සනින් යුත් ලිපියක් කරළියට පැමිණියේය. එම ලිපියේ සඳහන් වන්නේ ප්‍රශ්නගත ඉඩම් කොටස කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව වෙත පවරා දීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි. මුලින් අනුමැතිය නුදුන් ජනාධිපතිවරයා පසුව අනුමැතිය දුන්නාද? එසේ නැති නම් එය ව්‍යාජ ප්‍රකාශයක් ද යන්න ගැටලූ සහගතය. ජනාධිපතිවරයා අනුමැතිය දුන්නායැයි කියන ලිපිය මෙතෙක් සොයා ගෙන නැත. කිසිදු පාර්ශ්වයක් එම ලිපිය එළියට දමා නැත. ඊට හේතුව සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා අනුමැතියක් දී නැති නිසා යන්න බොහෝ දෙනකුගේ අදහසයි.
පාසල් පිට්ටනියේ කොටසක බස් නැවතුම්පොළ සෑදීම වැළැක්වීම සඳහා විදුහලේ පිරිසක් මහනුවර දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර ඒ අනුව එම ඉඩමට ඇතුළුවීම වළක්වාලමින් එවකට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපති අසේල ඒකනායක මහතාට වාරණ නියෝගයක් ලබා දුන්නේය. පසුව කාරණා කිහිපයක් සඳහන් කළ අධිකරණය 2009 මැයි 15 වැනි දා පැමි‚ලිකරුවන් විසින් ආයාචිත වාරණ නියෝගය විසුරුවා හැරි අතර තහනම් නියෝගය ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව වසර ගණනක් තිස්සේ විභාගයට ගැනුණු අතර 2017 මාර්තු පළමු වැනි දා වන විට නඩුවේ පළමු වැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි අසේල ඒකනායක මහතා කුණ්ඩසාල ප්‍රාදේශීය සභාපති ධුරයේ සිටියේ නැත. එම හේතුව ඉදිරිපත් කරමින් පැමිණිල වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලාල් විෙජ්නායක මහතා නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලු අතර ඒ ගැන විත්තිකරුවන්ගේ විරෝධතාවක් නැති හෙයින් පැමිණිල්ල නිශ්ප්‍රභා කැරිණි.
ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද?
මෙම ඉඩම රජයට පවරා ගැනීම ප්‍රකාශයට පත් කළ 1960 අගෝස්තු 12 වැනි දා ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ ඉඩමේ පිහිටීම සඳහන් කර ඇත්තේ මෙසේය.
‘මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රාදේශීය ආදයම් කොට්ඨාසයේ උඩගම්පහ කෝරළේ ගුන්නෑපාන උඩගම්මැද්ද සහ අබසිංගම්මැද්ද යන ගම්වල පිහිටි‘
මෙහි සඳහන් වන අන්දමට මෙම ඉඩම ගම්මාන දෙකකට අයත්ය. උඩගම්මැද්ද හෙවත් උඩගම පිහිටා ඇත්තේ උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයටය. උඩුගුන්නෑව දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය අයත් වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. අබසිංගම්මැද්ද හෙවත් අබසිංගම පිහිටා ඇත්තේ පාතරදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. ඉඩම පිහිටා තිබූ ප්‍රාදේශීය ආදායම් කොට්ඨාසයට අයත් පාතදුම්බරය. එනම් එය කුණ්ඩසාලේ ප්‍රාදේශීය ආදයම් කොට්ඨාසයට නොවේ.
සහකාර ඉඩම් කොමසාරිස් විසින් දෙනු ලැබූ බව කියන මීට පෙර සඳහන් කළ ප්‍රශ්න ගත ලියුමේ ඉඩම හඳුන්වා දී ඇත්තේ මෙසේය.
‘මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරී වසමේ මහ/කු/2007/10 දරණ අනුරේඛයේ කැබලි අංක ඒ යන කොටසේ‘
එම ප්‍රශ්නගත ලිපියට අනුව ඉඩම පිහිටියේ උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරී වසමේය. පෙර සඳහන් කළ පරිදි උඩගුන්නෑපාන දකුණ අයත් වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. මෙම ලිපිය ප්‍රශ්නකාරී වන්නේ ජනපති අනුමැතිය දුන් ලිපිය ඇමුණුමක් ලෙස ඉදිරිපත් නොකිරීම මතම පමණක් නොවේ.
බස්නැවතුම්පොළ සඳහා එම ඉඩමෙන් කොටසක් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ‘රජයේ ඉඩම් ආඥා පනතේ 27 වන වගන්තිය යටතේ පැවරුම් නියෝග‘ 2010 දෙැම්බර් 24 වැනි දා අත්සන් තැබූ බවට ලේඛනයක් ඉදිරිපත් වී තිබේ. එම ලේඛනයේ අත්සන් තබා ඇත්තේ එවකට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාපතිව සිටි අසේල ඒකනායක මහතා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරයාය. එහි පළමු උප ලේඛනයේ ඉඩම හඳුන්වා ඇත්තේ මෙසේය.
‘මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අබසිංගම්මැද්ද ගමගෙහි පිහිටියා වූ මු.පි.මහ. 6081 දරණ පිඹුරෙහි කැබලි අංක 01 දරන‘
එහි සඳහන් වන්නේ මෙම ඉඩම් කොටස අබසිංගම්මැද්ද හෙවත් අබසිංහගම පිහිටා ඇති බවයි. අබසිංගම්මැද්ද හෙවත් අබසිංහගම අයත් වන්නේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නොවේ. එය අයත් වන්නේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. එසේ නම් පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්ට අත්සන් තැබීමේ හැකියාවක් නැත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක වෙන් වන්නේ මේ ඉඩමෙනි.
ඉඩම අයිති කුමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටදැයි තහවුරු කර ගැනීම සඳහා උඩගුන්නෑපාන දකුණ ග්‍රාම නිලධාරීට අපි දුරකතන ඇමතුමක් ගෙන කරුණු විමසීමු.
ප්‍රශ්නය - උඩගම්මැද්ද අයිති කොහේටද?
පිළිතුර - අපේ ග්‍රාමසේවා වසමටයි අයිති.
ප්‍රශ්නය එතකොට අබසිංගම්මැද්ද අයිති ඔබතුමාට ද?
පිළිතුර -නෑ. අබසිංගම්මැද්ද අයිති අපිට නෙමෙයි.
ප්‍රශ්නය - අබසිංගම්මැද්ද අයිති කොහෙටද?
පිළිතුර - ඒක අයිති පාතදුම්බරටනේ.
ප්‍රශ්නය අර බස් නැවතු්ම්පොළක් දැමීම සම්බන්ධයෙන් ගැටලූවක් තියෙන පිට්ටනිය අයිති කාටද?
පිළිතුර - ඒක අයිති අපේ ග්‍රාමසේවා වසමට.
ප්‍රශ්නය - ඉඩම පවරා ගැනීමේ ගැසට්ටුවේ ඉඩම ගැන හ`දුන්වා තිඛෙන්නේ උඩගම්මැද්ද සහ අබසිංගම්මැද්ද යන ගම්වල පිහිටි කියලයි.
පිළිතුර - මේ කියන ඉඩමෙන් තමයි කුණ්ඩසාලේ සහ පාතදුම්බර වෙන් වෙන්නේ. කොහොම වුණත් ඔය කියන ඉඩම් කොටස අයිති අපේ ග්‍රාම නිලධාරී වසමටයි.
ග්‍රාම නිලධාරීගේ ප්‍රකාශයෙන්් එක් කරුණක් තහවුරු වෙයි. එනම් අබසිංගම්මැද්ද අයත් වන්නේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය. තවදුරටත් කියතොත් අබසිංගම්මැද්ද කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නොවේ. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති 2010 දී අත්සන් කළ ඉඩම් පැවරුම් නියෝගයේ සඳහන් වන්නේ ‘අබසිංගම්මැද්ද ගමෙහි පිහිටියා වූ‘ යනුවෙනි. ග්‍රාමනිලධාරීට අනුව ද අබසිංගම්මැද්ද අයත් වන්නේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ය. එසේ නම් ඉඩම් පවරා ගැනීමේ නියෝගයට කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරයා අත්සන් කරන්නේ කෙසේද? ඉඩමයේ අයිති ප්‍රදේශය ගැන විවිධ ලේඛනවල දැක්වෙන්නේ එකිනෙකට වෙනස් කරුණුය. එසේ නම් එය තහවුරු කර ගැනීමකින් තොරව එවැනි පවරාගැනීමක් කිරීම වැරදි බව නීති විශාරදයෝ කියති.
මතුසම්බන්ධයි...
(පාසලට ප්‍රමාණවත් පිට්ටනියක් අවශ්‍ය බවට අධ්‍යාපන අධ්‍යක්ෂ යෙදූ සටහන)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉඩම අයිති කුණ්ඩසාලෙටද? පාතදුම්බරටද?
sena Friday, 14 July 2017 10:19 AM
ඉඩම අයිති ළමයින්ටයි. ඔවුන්ට එය ලැබිය යුතුයි.