උපවාස කරන්නේ යමකුට අසාධාරණයක් වූ විට සාධාරණ විසඳුමක් ලබාගැනීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීම සඳහාය. තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් මෙසේ උපවාසයන් කළ මිනිසුන් පිළිබඳව නොයෙකුත් කතා අප අසා ඇත. වරෙක මේ රටේ ගොවීන් උපවාස කරන ලද්දේ වී අස්වැන්නට ඉහළ සාධාරණ මිලක් ඉල්ලමිනි. තවත් වරෙක ඔවුන් උපවාස කළේ අර්තාපල් ආනයනය සීමා කර අර්තාපල් ගොවියා රැුක දෙන ලෙස බල කරමිනි. වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා උපවාස කළ අය මෙන්ම හාම්පුතුන්ගේ පලිගැනීම්වලට ලක්ව ඊට විරෝධය පා උපවාසය කළ අය ද සිටිති.
විශ්වවිද්‍යාල සිසුන්ගේ උපවාස ද අපේ රටේ උපවාස අතර කැපී පෙනේ. අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව හා අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලා ඔවුහු උපවාස කළහ. ‘උපවාස’ අපහාසයට ලක්වන අයුරින් ජනමාධ්‍ය ඔස්සේ ජනපි‍්‍රයවීමට උපවාසය කළ දේශපාලනඥයන් පිළිබඳව ද පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබිණි. මේ උපවාසය ඒ හැමටම වඩා වෙනස් එකකි.
ඉතිහාසයේ ප‍්‍රථම වරට අපේ රටේ වැදි ජනයා පාරම්පරික උරුමය ඉල්ලා මෙසේ උපවාසය කළෝය. එසේ කළේ හිටපු වැදිනායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන් හා රැුහේ පිරිසකි. හිටපු වැදිනායක ඌරුවරිගේ තිසාහාමි, ඔහුගේ පුතුන් වන ඌරුවරිගේ වන්නියා, ඌරුවරිගේ කෙන්දා සහ ඌනපාන කරිල් සුදුබණ්ඩියා ද තලාවරිගේ උක්කු බණ්ඩියා ද මේ පිරිසට ඇතුළත් වූහ.
දිනය 1992 මැයි මස 16 වැනිදාය. මේ පිරිස හිමිදිරි පාන්දරම දඹානේ සිට මහියංගණයට පැමිණ මහියංගණය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිමෙන්ති පොළවේ ඉඳගෙන, උපවාසය ආරම්භ කළෝය. වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වැදිනායකයාගේ මුුණුබුරන් වන ඌරුවරිගේ ආරියදාස සහ ඌරුවරිගේ අබේරත්න යන කැකුළන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීමට විරෝධය පා ඔවුන් වහාම මුදාහරින ලෙස ඉල්ලා මෙම උපවාසය පටන් ගත්හ.
වැදිනායක තිසාහාමි ඇත්තන්් මෙහිදී පැවසුවේ තම පැල්කොටයට නුදුරු වනබිමේ දී මේ දෙදෙනා අත්අඩංගුවට ගත් බවය. වනජීවි නිලධාරීන් පැවසුවේ අභය භූමි සීමාවේ දඩයම් කළ නිසා මොවුන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් කැකුළන්ට අමානුෂික ලෙස පහර දී ඇතැයි ද වැදි නායකයා චෝදනා කළේය. එහෙත් නීතිය අවඥාවට ලක් නොකිරීමටද ඔහු වග බලා ගත්තේය.
නීතිමය කටයුතු සඳහා අවශ්‍ය වන අවස්ථාවක ඉදිරිපත් කිරීමේ පොරොන්දුව මත තරුණයන් මුදා හරින්නැයි ඔහු ඉල්ලා සිටියේය. ඊට අමතරව වැදි ජනයාගේ ජිවිතවලට එල්ලවිය හැකි තර්ජන දුරුකර ජනාධිපති පේ‍්‍රමදාස මහතා පොරොන්දු වූ පරිදි වැදිපරපුරේ අයට කිසිම කරදරයකින් තොරව වනබිමේ ජීවත්වීමට ඉඩ සලසා දෙන ලෙස උපවාසකරුවෝ ඉල්ලා සිටියහ. 1992 අපේ‍්‍රල් මාසයේ වනජීවි නිලධාරීහු වැදි පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට දන්වා ඇතත්, ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුනොවූ බවත් වැද්දෝ කියා සිටියහ. ආදිවාසී නායකයා ජනමාධ්‍යවේදීන්ට මෙසේ ද කීවේය.
වැදි පරපුරේ සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීම සඳහා සුදුසු පරිදි වනාන්තරය ලබා දීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමා පොරොන්දු වී තිබෙනවා. නමුත් ඒවා ඉටු වුණේ නැහැ. තිසාහාමි දිගින් දිගටම කියාගෙන ගියේය. එවකට බදුල්ල දිස්ති‍්‍රක්ක (I) සහකාර පොලිස් අධිකාරිවරයා වූයේ ඇල්ෆ‍්‍රඞ් විජේවර්ධන මහතාය.
ගුවන්විදුලිය ඔස්සේ මේ සිද්ධිය දැනගත් ඔහු වහාම මහියංගනයට පැමිණියේය.
තම ඉල්ලීම සඳහන් කර ජනාධිපතිතුමාට ලියූ සන්දේශයක පිටපතක් වැදිනායකයා ඔහුට ඉදිරිපත් කළේය. සහකාර පොලිස් අධිකාරී විජේවර්ධන මහතා තිසාහාමි සමග සාකච්ඡුා කර උපවාසය නතරකරවා ගැනීමට දැඩි උත්සාහයක යෙදුණේය.
බොහෝ වේලාවක් කී කරුණු සාවධානව අසා සිටි වැදිනායක තිසාහාමි, ”ලොකු හූරලා හැමදාම සීනිබෝල් දෙනවා දැයි විමසුවේය.
ජනාධිපතිතුමා හෝ ප‍්‍රධාන ඇමතිවරයා සමග සාකච්ඡුා කර විසඳුමක් ලැබෙනතුරු උපවාසය අත් නොහරින බවද වැදිනායකයා නොපැකිළිව කියා සිටියේය. එදින රැය පහන්වන තුරු නිරාහාරව උපවාසය කළ වැදි පිරිස පසුදින වනවිට තරමක් අඩපණව සිටියහ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම්වලට නව ප‍්‍රාණයක් ලැබී තිබිණි. අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා මුදාහැරීම සඳහා එම ස්ථානයට රැගෙන ආහ.
ඌරුවරිගේ අබේරත්න සිය අප්පිල ඇත්තෝ වන ඌරුවරිගේ සුදු බණ්ඩාටත් ඌරුවරිගේ ආරියදාස සිය අප්පිල ඇත්තන් වන ඌරුවරිගේ කෙන්දාටත් වැඳ වැටුණාහ.
පිය පුතු සෙනෙහස උතුරා යමින් ගිලිහුණු කඳුළු කැට සිමෙන්ති පොළවට පතිත විය. දුටුවන්ගේ දෙනෙත් ද කඳුළින් තෙත්විය.
එවකට මහියංගනය ප‍්‍රාදේශීය ලේකම්වරයාව සිටි ආර්.ඩබ්ලිව්. ගුණරත්න, පළාත් සභා මන්තී‍්‍ර සුනිල් ශාන්ත උල්හිටිය, වනජීවි නිලධාරී වයි.ජී.පී. කරුණාරත්න, බදුල්ල දිස්ති‍්‍රක් (I) සහකාර පොලිස් අධිකාරී ඇල්ෆ‍්‍රඞ් විජේවර්ධන, නීතිඥ පරාක‍්‍රම සිගේරා යන මහත්වරුද මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මීගහකිවුලේ සුගතවංශ හිමි යන කණ්ඩායම තිසාහාමි සමග ඊළඟ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළහ.
එවකට ඌව ප‍්‍රධාන ඇමැතිවරයාව සිටි පර්සි සමරවීර මහතා නියෝජනය කරමින් එවකට පළාත් සභා මන්තී‍්‍රව සිටි සුනිල් ශාන්ත මහතා සහභාගී විය.
දඹානේ වැදි ජනතාව ඉල්ලා සිටින පරිදි බාධාවකින් තොරව නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට හා වැදි පිරිසකට වෙඩි තැබූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්වීමට ප‍්‍රධාන ඇමැතිවරයා පොරොන්දු වූ බව, සුනිල් ශාන්ත මහතා වැදි නායක තිසාහාමි ඇත්තන්ට දැනුම් දුන්නේය.
වැදි ජනයා ඉල්ලා සිටින ගම්මාන 5 ඇතුළත් වන සේ වනබිමේ අක්කර 1500ක් ලබාදීම ගැන අවධානය යොමු කිරීමටත් ඊට වඩා වෙනසක් වුවහොත් ජනාධිපතිතුමා සමග සාකච්ඡුා කර තීරණයක් ගැනීමටත් ප‍්‍රධාන ඇමතිතුමා බලාපොරොත්තු වන බවද සුනිල් ශාන්ත මහතා දන්වා සිටියේය.
”මට ඔය පොරොන්දුවලින් වැඩක් නැහැ, ඒවා ලිඛිතව දෙන්නැ” යි තිසාහාමි ඉල්ලා සිටියේය.
ඒ අනුව යතුරුලියනය කළ පහත සඳහන් පොරොන්දුව ප‍්‍රාදේශීය ලේකම්තුමාගේ අත්සනින් යුතුව තිසාහාමිට ලබා දුන්නේය.
තිසාහාමිට ලබාදුන් ලිපිය වන්නියලැ ඇත්තන්ගේ අභය භූමිය සඳහා අක්කර 1500ක් වෙන්කිරීම මා මගින් ජනාධිපතිතුමා ඇමතූ ඔබේ දින රහිත සන්දේශය හා බැඳේ.
අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය අනුව ඔබ ඇතුළු වැදි පිරිස වෙනුවෙන් වෙන්කර ඇති 1500ක බිම් ප‍්‍රමාණය 1992.6.4 වැනි දින ක්‍ෂේත‍්‍ර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පහත සඳහන් කුඩාතලා පෝරුගම්පොජ්ජ, බුලූගහතැන්න පෝරුගම් පෝජ්ජ, කන්දේගම්වල පෝරුගම් පොජ්ජ, කෑරගොඩ පෝරුගම් පොජ්ජ, කොටබකිනිය පෝරුගම් පොජ්ජ යන බිම් කොටස් ඇතුළත් වන සේ ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරන බව කරුණාවෙන් දන්වා සිටිමි.
මෙම ලිඛිත පොරොන්දුවෙන් පසු ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසීන් කරන ලද උපවාසය අවසන් විය.
මාවරගල ආරණ්‍ය සේනාධිපති මීගහකිවුලේ සුගතවංශ හිමියෝ නිරාහාරව සිටි උපවාසකරුවන්ට කුරුම්බා ගෙඩි කීපයක් කපා බොන්නට දුන්හ. එහෙත් ආදීවාසීන්ගේ උරුමය ගැන දුන් පොරොන්දු තිසාහාමි ඇත්තන් මියයන තෙක්ම රැහේ ජනතාවට ඉටු වී නැත. වත්මන් වැදිනායක ඌරුවරිගේ වන්නියලැඇත්තන් එම අරගලය ඉදිරියටම ගෙන යමින් සිටියි. එහෙත් තවමත් වගකිව යුත්තන් දෙසවන් වසාගෙන ඇතැයි වන්නියලැ ඇත්තෝ අප‍්‍රසාදය පළ කරති.
බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1
වැදි රැහේ ජීවිතය-2
වැදි රැහේ ජීවිතය-3
වැදි රැහේ ජීවිතය-4
වැදි රැහේ ජීවිතය-5
වැදි රැහේ ජීවිතය-6
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඉතිහාසගත වැදි උපවාසය