IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉතිහාසය වෙනස් කළ රණවිරුවකුගේ වික්‍රමය

 

 

ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා මේජර් ඩන්කන් වයිට් ය. ඔහු 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගනු ලැබුවේ මීටර් 400 කඩුුලු පැනීම ඉසවුවෙනි. එහෙත් එදා මේජර් ඩන්කන් වයිට් තරග වදින්නේ ශ්‍රී ලංකා යන නාමය යටතේ නොව, සිලෝන් යන නාමය යටතේය.   


1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලින් පසුව වසර 52 ක් ගතවන තෙක්ම අපට සිටි එකම ඔලිම්පික් පදක්කම් ලාභියා මේජර් ඩන්කන් වයිට් විය.   


එහෙත් ඉන් හරියටම වසර 52 කට පසුව, 2000 වසරේ සැප්තැම්බර් 28 වැනි දින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට අතිශය වැදගත් නව පරිච්ඡේදයක් උදාවිය. කොළඹට කිලෝ මීටර් 60 ක් පමණ දුරින් පිහිටි උඩුවක නම් හද්දා පිටිසර ගම්මානයේ දුප්පත් කෙල්ලක් එදා සිඩ්නි නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව යන නාමය ඉහළට ඔසවා තැබීය. ඇය නමින් සුසන්තිකා ජයසිංහ ය. එය ශ්‍රී ලංකාව ඔලිම්පික් තරගාවලියකදී දිනාගත් දෙවැනි පදක්කම ලෙසින් ඉතිහාසගත විය.   


සිඩ්නි නුවර පැවැති කාන්තා මීටර් 200 ඉසව්වේ අවසන් මහා තරගයේදී සුසන්තිකා ජයසිංහ දිනාගනු ලැබුවේ 3 වැනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කමය. එහෙත් තරගයේ පළමුවැනියා වෙමින් රන් පදක්කම දිනූ ඇමෙරිකානු ක්‍රීඩිකා මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක චෝදනාවලට වැරැදිකරු වීම හේතුවෙන් ඇයට රන් පදක්කම අහිමි විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් බහමාස් ක්‍රීඩිකා පවුලිනී ඩේවිස්-තොම්සන් ට රන් පදක්කම හිමිව, සුසන්තිකාට රිදී පදක්කම ලැබුණි.   


එම දෙවැනි ඔලිම්පික් පදක්කමෙන් වසර 21 කට පසුව, නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ඉතිහාසය රනින් සැරසීමට සුසන්තිකා මෙන්ම පිටිසර ගමකින් පැමිණි ක්‍රීඩකයෙකුට හැකියාවක් ලැබී තිබේ. රන් පදක්කම පමණක් නොව නව ලෝක වාර්තාවක් ද සමගින් මෙදා ශ්‍රී ලංකා යන නාමය ඉහළට ඔසවා තැබුවේ හේරත් මුදියන්සේලාගේ දිනේශ් ප්‍රියන්ත ය. ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඕනෑම ආකාරයක ඔලිම්පික් තරගාවලියක රන් පදක්කම් දිනාගත් පළමුවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.   


දිනේශ් ප්‍රියන්ත උපත ලබන්නේ 1986 ජූලි 15 වැනිදා අනුරාධපුරයේ කාගම ගම්මානයේය. පවුලේ දෙවැනි දරුවා වූ දිනේශ් අධ්‍යාපනය ලබන්නේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි. දිනේශ්ට අවුරුදු 12 ක්ව තිබියදී ඔහුගේ පියා මියයාම හේතුවෙන් දිනේශ්ට ගත කිරීමට සිදුවූයේ තරමක දුෂ්කර ළමා කාලයකි.   


පාසල් අධ්‍යාපනයෙන් පසුව දිනේශ් රැකියාව සඳහා තෝරා ගන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවය. 2004 වසරේදී අවුරුදු 18 දී යුද්ධ හමුදාවට සම්බන්ධ වන දිනේශ් පුහුණුවෙන් පසුව 3 වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර ඇත. 2008 වසර වන විට කෝප්‍රල් නිලය දක්වා උසස් වීම් ලබන දිනේශ් උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ අවසන් මහා සටනේදී ද ඉදිරිපෙළ සෙබළෙක් විය. එහෙත් අවසනාවකට මෙන් මෙහෙයුම අතරතුරේදී 2008 දෙසැම්බර් 16 වැනිදා කිලිනොච්චියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් දිනේශ්ගේ වම් අතට බරපතළ තුවාල සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට වෛද්‍යමය හේතූන් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත් වීමට සිදුවිය. එවිට ඔහු 22 හැවිරිදි වියේ පසුවිය.   


හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වසර 6 ක පමණ කාලයක් රාගම රණවිරු සෙවණ හි ප්‍රතිකාර ලබන දිනේශ්, ක්‍රීඩාව සඳහා යොමුවන්නේ ගජබා රෙජිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් සහ මගපෙන්වීම අනුවය.   


දිනේශ් මුලින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර රන් පදක්කමක් දිනා දෙන්නේ මැලේසියාවේ පැවැති තරගාවලියකදීය. අනතුරුව ඔහු 2012 වසරේ පැවැති පැරාලිම්පික් තරගාවලියට සහභාගි වීමට උත්සාහ කළත්, ඔහුට අවස්ථාව නොලැබී යන්නේ ඒ වන විට දිනේශ් ලෝක ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ඇතුළත්ව නොසිටි නිසාය. 2014 වසරේ පැවැති ආසියානු පැරා තරගාවලියට සහභාගි වන දිනේශ්ට හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් 6 වැනියා ලෙසින් සෑහීමකට පත්වීමට සිදුවිය.   


දිනේශ් 2016 වසරේදී බ්‍රසීලයේ රියෝ නුවර පැවැති පැරාලිම්පික් තරගාවලියට සහභාගි වූයේ 29 හැවිරිදි තරුණයෙකු ලෙසිනි. එසේම එය ඔහුගේ පළමුවැනි පැරාලිම්පික් තරගාවලියද විය. මෙම තරගාවලියේදී මීටර් 58.23 ක් දුරකට හෙල්ල වීසි කළ දිනේශ් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. එය 2012 වසරේදී පැවැති පැරාලිම්පික් තරගාවලියේදී මීටර් 400 ඉසව්වෙන් තෙවැනි ස්ථානයට පත්ව ප්‍රදීප් සංජය දිනාගත් ලෝකඩ පදක්කමෙන් පසුව ශ්‍රී ලංකා පැරාලිම්පික් ක්‍රීඩකයෙකු දිනාගත් පළමු පදක්කමද විය. 

 

 
අනතුරුව 2017 වසරේදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය, 2018 ආසියානු පැරා ක්‍රීඩාවලිය මෙන්ම 2019 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට දිනේශ්ට හැකිවිය.   
අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙසින් 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන දිනේශ්, ක්‍රීඩකයන් 9 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා මෙන්ම ධජය රැගෙන යන්නාද විය. මෙම තරගාවලියේදී හෙල්ල වීසි කිරීමේ වර්ගීකරණය යටතේ තරග කළ දිනේශ් මීටර් 67.79 ක් දුරකට හෙල්ල වීසි කරමින් රන් පදක්කම දිනාගන්නේ නව ලෝක වාර්තාවක්ද සමගිනි.   


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මළල ක්‍රීඩාපිටියේ පදක්කමක් වෙනුවෙන් බලා සිටින්නේ බොහෝ කාලයක සිටය. මෙවර ඔලිම්පික් තරගාවලියේදී ද යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි ගැන අප බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියත් ඔවුන් දෙදෙනාම මූලික වටයේ තරගවලින්ම ඉවත් වීමට සිදුවිය. කුඩා කාලයේදීම ස්වීඩන ජාතික යුවළකට හදා ගැනීමට දුන් මැටිල්ඩා කාර්ල්සන් ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනාදීමේ අවසාන බලාපොරොත්තු වුවත්, ඇයටද සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූවාය.   
සුපුරුදු පරිදි අවසානයේදී සිදුවූයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ නිලධාරීන් රොත්තක් ජපානයට ගොස් හිස් අතින්ම ලංකාවට පැමිණීමය.   


අවසානයේදී ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් පදක්කම් සිහිනය සැබෑවක් කිරීමට දායකවූයේ මවුබිම වෙනුවෙන් අභීතව සටන් වැද ආබාධිත වූ රණවිරුවෙකි. ඒ දිනේශ් ප්‍රියන්තය. මෙවැනි දස්කම් කළ හැක්කේ රණවිරුවෙකුටම පමණකි.   

 

 

අනිල් කරුණාරත්න     

 



අදහස් (0)

ඉතිහාසය වෙනස් කළ රණවිරුවකුගේ වික්‍රමය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 583 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 290 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 99 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4184 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12616 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 674 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 848 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site