තවත් එක් අවාසනාවන්ත සිද්ධියක් ඉතිහාසයට එක්විය. ඒ මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමය. එම බන්ධනාගාරගත රැඳවියන් පිරිසක් එයින් පලා යාමට උත්සාහ දරා ඇත. ඒ බන්ධනාගාර නියාමකවරයකු හා හෙද නිලධාරියකු ප්‍රාණ ඇපයට ගනිමින්ය. රැඳවියන් 2500ක පමණ පිරිසක් මෙම කැරැල්ලට එක්වී සිටි බවත් ඔවුන් බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පැමිණ එය කඩා පලා යාමට උත්සාහ දරා ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. බන්ධනාගාර නිලධාරීන්ට එම තත්ත්වය පාලනය කර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක් ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එහි කැඳවා ඇති අතර සිද්ධියෙන් රැඳවියන් හය දෙනකු මියගොස් 28 දෙනකු තුවාල ලබා ඇතැයි ද අප පුවත්පත වාර්තා කළේය.
කවර හේතු සාධක මත පදනම්ව වුවද ප්‍රචණ්ඩත්වය හා අනීතික ක්‍රියා ශිෂ්ට සම්පන්න ජන සමාජය අනුමත නොකරයි. ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් බුද්ධිමත්ව විසඳා ගැනීම අනුමත පිළිවෙළ වේ. බන්ධනාගාරගතව සිටින රැඳවියන් වෙතින් එබඳු ප්‍රශස්ත හැසිරීමක් අපේක්ෂා කළ නොහැකියැයි තර්කයක් මතු කළ හැකි වුවද මහර බන්ධනාගාර කැරැල්ලෙන් අනාගතයට උගත යුතු පාඩමක් වෙයි. එනම් ප්‍රචණ්ඩත්වය හා අනීතික ක්‍රියා කිසි විටෙකත් විමුක්තිය රැගෙන නොඑන බවය. එම ක්‍රියාදාමයේ තාර්කික අන්තය පරාජය, විනාශය සහ මරණය බවය.
මහර බන්ධනාගාරයේ රඳවා තබා ගත හැකි පිරිස 850ක් පමණ වේයැයි වාර්තාවේ. එහෙත් මේ වනවිට එහි තුන් දහසකට වැඩි පිරිසක් සිටින බවද කියති. එමගින් එහි තදබදය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. මෙහි බරපතළ කාරණාව වී තිබෙන්නේ කැරැල්ල සිදුවූ දිනයේ එම බන්ධනාගාර රැඳවියන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබීමත් රැඳවියන් 183 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත්ය. තදබදයෙන් මිරිකෙමින් සිටි රැඳවියන්ට මෙම පුවත අසුබ වීම විමතියට කාරණාවක් නොවේ. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන ශිෂ්ට පිළිගැනීමට අනුව එම රැඳවියන්ට මරණ බිය ඇතිවීම සාධාරණ විය හැකිය. එහෙත් එයට විසඳුම බන්ධනාගාරය කඩා පැන යාම නොවන බවත් ඒකාන්තය.
කොරෝනා මාරාන්තික වයිරසයට එක් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වනුයේ එම වයිරසයට ‘අසීමාන්තික ලෙස බිය වීමයි’ අසීමාන්තික ලෙස බියවීම යන්නෙහි අරුත අතපය හකුලා ගෙන පැත්තකට වී සිටීම නොව සමාජ දුරස්ථකරණය රකිමින්, සංචරණය සීමා කරමින් සෞඛ්‍ය පිළිවෙත්වලට මුල්තැන දෙමින් කටයුතු කිරීමය. 850ක් පමණ පිරිසක් රැඳවිය හැකි ස්ථානයක තුන් දහසකට වැඩි පිරිසක් රඳවා තැබීමෙන් මෙම සමාජ දුරස්ථකරණය ආරක්ෂා කිරීම, සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට අනුගතවීම අපේක්ෂා කළ නොහැකිය.
‘ප්‍රශ්නය අනෙකාගේ වන තරමට පිළිතුර දාර්ශනික’ යැයි කියමනකි. මහර බන්ධනාගාර කැරැල්ලටද එය නිවැරදිව ගළපා ගත හැකිය. මේ මොහොතට අදාළ රැඳවියෝ වැරැදිකාරයෝ වෙති. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. පෙර සඳහන් කළ පරිදිම කවර හේතු සාධක මත වුවද ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට, අභීත ක්‍රියාවන්හි යෙදීමට කිසිවකුට අයිතියක් නැත. විශේෂයෙන්ම කවර හේතුවක් මත හෝ බන්ධනාගාරගතව සිටින රැඳවියකුට එය වටහා ගැනීම අසීරු නොවනු ඇත. එහෙත් සිදුවී තිබෙන්නේ රැඳවියන් ප්‍රචණ්ඩ වීමය. අනීතික ක්‍රියාවලට පෙළඹීමය. එහි ප්‍රතිවිපාක ඔප්පු වී තිබේ.
මහර බන්ධනාගාර කැරැල්ලෙන් උගත යුතු පාඩම් නම් මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවය. තදබදය නිසා ඔවුන් ප්‍රචණ්ඩත්වයට, අනීතික ක්‍රියාවලට යොමු විය හැකි බවය. එසේ ඒවාට යොමු වූ පසු ‘අවම බලය’ පා එබඳු කැරැලි මැඩ පැවැත්වීමට උත්සාහ කිරීමට වඩා වැදගත් වනුයේ එබඳු තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට හැකි වැර යොදා කටයුතු කිරීමය.
බන්ධනාගාර තදබදය අද ඊයේ ඇතිවූ ප්‍රශ්නයක් නොවේ. සමාජ ප්‍රශ්නයක් වන තරමට මෙම මාතෘකාව සංවාදයට බඳුන්වී තිබේ. එහෙත් ගිනි නිවී යාමත් සමග මාතෘකාවද යටපත්වී යයි. කැරැල්ලකින් පසුව යළිත් එය සංවාදයට ගෙන විසඳුම් නොසැපයීම අමතක කර දමයි.
බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය එක රැයකින් දෙකකින් සමථයට පත්කළ හැකි නොවේ. රැඳවියන්ගෙන් සැලකිය යුතු පිරිසක් දඩ මුදල්, ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිව රඳවා තබා සිටින්නන් බවත් තවත් අතිවිශාල පිරිසක් සැකකරුවන් පමණක් බවත් වාර්තා වේ. මෙම දෙපිරිස සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නේ නම් බන්ධනාගාර තදබදය පහසුවෙන් අවම කරගත හැකිවනු ඇත. ’සුළු වැරැදි’ ගණයට වැටෙන වැරැදිකරුවන්ද එයට එක් කළ විට ප්‍රශ්නයට විසඳුම තවත් පහසුවේ. පසු කල්යෑම අවම කරගැනීමට වැඩපිළිවෙළක් යෙදීමද මෙයට පිළිතුරකි. කළ යුතු දේ නොකිරීමෙන් බලාපොරොත්තු නොවන ඛේදවාචක නිර්මාණය වන බව ඉතිහාසයේ පාඩම වේ.
(***)
වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්
අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහනායක පදවිය උසුළන ලැබූවේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වේ. අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියෝ දෙවෙනි උත්තරීත
නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉතිහාසයට එක්වූ තවත් අවාසනාවන්ත සිද්ධියක්
Nisha Tuesday, 01 December 2020 08:51 AM
කතුවැකියට ස්තුතියි. මෙම ලිපියෙන් බොහෝකරුණු පෙන්නා දී තිබෙනවා. මිනිස්සු නොවේ සත්තු වුණත් පීඩනය දරාගන්න කාලයක් තියෙනවා. ඊටපස්සේ නරක ප්‍රතිඵල අත්වෙනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරය සිද්ද වෙන්නේ බලධාරින්ගේ නොසැලකිල්ලෙන් කියලා දැන් කාටත් තේරෙනවා. ප්‍රශ්න තේරුම් ගැනීමට නොහැකි කයිවාරු කාරයින්ව බලයට ආවම ඔවුන් කරන්නේ බලපුළුවන් කමින් රට පාලනය කරන්නයි. අපි ලෝකය ඉදිරියේ ම්ලේච්ඡ ජාතියක් වෙලා ඉවරයි. හැමතැනම දූෂණය, වංචාව... මිනිස්සු නිදහසේ ජීවත් වෙන්න දෙන්නේම නැහැ. කවුරු මොන තර්කය ගෙනාවත් ලෝකයේ හික්මීමක් ඇති ජනතාවක් ඉන්නේ අපේ රටේ. මොන නීතිය දැම්මත් ඉවසන් ඉන්නවා පාලකයෝ.. ඒ ඉවසීම නීතියට ගරු කිරීම දඩමීමා කරගෙන...
Nuwan Tuesday, 01 December 2020 09:49 AM
අර රතුපස්වල වතුර ඉල්ලපු දරුවන්ට වෙඩි තියන්න කිව්වා මහරජතුමාට ඕවත් කජ්ජක්ද?
Jayasekara Tuesday, 01 December 2020 01:27 PM
මෙයට වසර කිහිපයකට පෙර මේ අයගේම පාලන කාලයක් තුළ සිරකරුවන් පිරිසක් වෙඩිතබා ඝාතනය කළා. නැවතත් එබඳුම අවාසනාවන්ත සිදුවීම් ආරම්භ වී ඇත. රටක් ලෙස ලෝකයා ඉදිරියේ ම්ලේච්ඡ තත්වයකට පත්ව තිබීම ඉතාමත් ශෝචනීයයි. බෞද්ධ රටක් වුව ද දේශපාලන බලය මත ඝාතනය, සොරකම, ගණිකා ව්‍යාපාර, බොරුව සහ විවිධ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක ව පවතියි. අපරාධ වර්ධනයට අවශ්‍ය සියලු පරිසරයන් අඩසියවසක කාලයක් තුළ සංවර්ධනය වූවා මිස සිත් සුවපත් කරන ගුණාත්මක දියුණුවක් නොවූ බව කාටත් පැහැදිලි කරුණකි. වසර 30 යුද්ධයක් කොට මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ වූ යුද්දයක් කළේ කුමකට දැයි මහත් ගැටළුවකි.
janahitha Wednesday, 02 December 2020 10:30 AM
ආදර්ශමත් වැඩක්. අවවාද කරලා බැරි තැන කළයුතු දේ මෙපමණයි.