IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අපටත් වැදගත්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එරට දේශපාලනයට පමණක් නොව මෙරට දේශපාලනයටද එකසේ වැදගත් ඓතිහාසික නඩු තීන්දුවක් පසුගියදා ලබාදී තිබිණි. ඉන්දීය දේශපාලන අපේක්ෂකයන්ට එරෙහිව පවතින අපරාධ නඩු ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් එරට පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සහ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ නවයකට එම තීන්දුවෙන් දඩ නියම කර තිබේ.

ඉන්දීය මැතිවරණ නීතිවලට අනුව සෑම පක්ෂයක්ම තම පක්ෂවල අපේක්ෂකයන් සම්බන්ධයෙන් අපරාධ නඩු පවතින්නේ නම් ඊට අදාළ සියලු‍ විස්තර පක්ෂ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත් එය නාමයෝජනා ලබාදී සතියක් දෙකක් ප්‍රමාද වී නොව පැය 48ක් ගතවීමට පෙර කළයුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සඳහන් කර ඇත. මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අපරාධ නඩු පවතින්නේ නම්, අදාළ මහාධිකරණයේ නියෝගයකින් තොරව, එම අපරාධ නඩු අහෝසි කිරීමට කිසිදු අවසරයක් නොමැති බවය.

මෙරට දේශපාලන පක්ෂ වුවද සැලසුම් සහගතව අපරාධකරුවන්ට නාමයෝජනා ලබා නොදෙන බව අපගේ වැටහීම වෙයි. එහෙත් දේශපාලන කරළිය තුළදී විවිධ අවස්ථාවලදී අපරාධ නඩු සම්බන්ධයෙන් චූදිතයන් වන තම මන්ත්‍රී සගයන් සම්බන්ධයෙන් අදාළ පක්ෂවල නායකයන් කටයුතු කරන්නේ ඔවුන් බේරාගැනීමේ ආකල්පයෙන් බව පෙන්වා දිය යුතුය. එසේ නොවන්නේ නම් මිනීමැරුම් චෝදනාවලට වැරැදිකරුවන් වී මහාධිකරණයෙන් මරණ දඬුවම හිමි වී ඇති ‘මන්ත්‍රීවරුන්’ට පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමට ඉඩක් තිබිය නොහැක. එසේම මන්ත්‍රීධුරයකට පත්වීමෙන් පසුව ඔවුන්ට එරෙහිව පවතින චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියකට දේශපාලන පක්ෂ නායකයන් කටයුතු කරන්නේ නැත. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදෙන ලද එකී නඩු තීන්දුව අපටද වැදගත් වන බව සඳහන් කළේ මේ තත්ත්වය හේතුවෙනි.

මෙයට ආසන්න එක් උදාහරණයක් වශයෙන් පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම සඳහන් කළ හැක. ඔහු මන්ත්‍රී ධුරයට පත්වූයේ මිනීමැරුම් චෝදනාවකට දඬුවම් ලබා සිරගත වී සිටියදීය. එසේම නැගෙනහිර පළාතෙන් තේරී පත්වූ එස්. චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ද එම මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වන විට රිමාන්ඩ් සිරකරුවෙකි. ඔහුට එරෙහි චෝදනාව වූයේ හිටපු ටී.එන්.ඒ. මන්ත්‍රීවරයකු වූ ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට එරෙහිවද අපරාධ චෝදනා එල්ල වී තිබිණි. නාමයෝජනා ලැබූවන් අතර හරක් හොරු, සංවිධානාත්මක අපරාධ චෝදනා ලැබූවෝ පමණක් නොව ගංජාකරුවෝද වූහ. මේ සෑම පක්ෂයකම කෙරුවාවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ අපරාධ චෝදනා එල්ලවීම මන්ත්‍රීධුරයක් දැරීමට නුදුසුදුකමක් වශයෙන් නොපිළිගන්නා බවය. මේ තත්ත්වය ඉදිරියේදී හෝ වෙනස් විය යුතු බවට විවාදයක් නැත. එහෙත් එය සිදුවීමට නම් ඒ සඳහා කැපවී කටයුතු කිරීමට අවශ්‍ය තරම් දේශපාලන ධෛර්යයක් පක්ෂ නායකයන්ට තිබිය යුතුය.

නාමයෝජනා ලබාදීමෙන් පසුව ඔවුන් තෝරා පත් කරන්නේ ජනතාව විසින් යැයි ප්‍රකාශ කිරීමෙන් මේ වරදින් පක්ෂ නායකයන්ට ගැලවිය නොහැක. මෙරට දේශපාලන සම්ප්‍රදායට අනුව බොහොමයක් ඡන්ද දායකයන් මන්ත්‍රීවරයකුට ඡන්දය ලබාදෙන්නේ ඔහු හෝ ඇය නියෝජනය කරන දේශපාලන පක්ෂයට තිබෙන බැඳීම සහ ලැදියාව හේතුවෙනි. එහිදී මන්ත්‍රීධුර අපේක්ෂකයාගේ අපරාධ චෝදනා පැටිකිරිය ඔවුන්ගේ සැලකිල්ලට යොමුවන්නේ කලාතුරකිනි. එය අපේ රටට පමණක් නොව දකුණු ආසියාවේම දේශපාලනයට අදාළ පොදු සාධකයකි.

යහපාලන ආණ්ඩු කාලයේ විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ මැති ඇමැතිවරු ගණනාවක්ම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිති. ඔවුන් බොහෝ දෙනෙක් මේ වනවිට නිදොස්කොට නිදහස් කරනු ලැබ සිටිති. හිටපු සමහර මන්ත්‍රීවරු විශේෂ සමාවක් ලබා නිදොස් වී පැමිණ රජයේ විවිධ තනතුරුවලටද පත් වී සිටිති. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විවිධ චෝදනා මත නඩු පැවරීමත් ඉන්පසු විපක්ෂය ආණ්ඩුව බවට පත්වීමෙන් පසුව එම නඩු තීන්දුවලින් නිදොස් කොට නිදහස් වීමත් මේ රටේ දේශපාලන විලාසිතාවක් බවට පත්වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අප මොනතරම් පුරසාරම් දෙඩුවත් මෙරට බලයට පත්වන කිසිම ආණ්ඩුවක් මේ වැරැද්ද නිවැරැදි කිරීමට කටයුතු නොකිරීම ලොකුම අවාසනාවය.

එම ක්‍රමවේදය නිවැරැදි නොකර දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහැර තිබීම මෙරට බොහොමයක් මන්ත්‍රීවරුන්ගේ වාසනාවකි. නීතිය කැඩීමේ චෝදනා හේතුවෙන් සිරගතව සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණ නීති හැදීමේ අණපනත්වලට ඡන්දය ප්‍රකාශ කිරීම මේ කතාවේ ලොකුම විහිළුවයි.

මේ තත්ත්වය වෙනස් කිරීමට නම් අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඒ ගැන නීතිමය වශයෙන් අභියෝගයක් එල්ල කිරීමට තරම් ශක්තිමත් සිවිල් සමාජයක් හෝ දේශපාලන බලවේගයක් හෝ තිබිය යුතුය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ඓතිහාසික නඩු තීන්දුව ලබා දුන්නේ එරට සුප්‍රසිද්ධ නීතිඥයකු වන අශ්විනි කුමාර උපද්යාය විසින් ගොනුකරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය. අඩුම තරමින් එවැනි සටන්කාමී නීතිවේදීන් හෝ අප රටට සිටිය යුතුය. මේ තත්ත්වය වෙනස් කිරීමට දේශපාලන පක්ෂයක් ඉදිරිපත් වනු ඇතැයි බලාපොරොත්තුවීම මිරිඟු‍වක් පමණි.

(***)



අදහස් (1)

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අපටත් වැදගත්

Deepal Nirosh Monday, 16 August 2021 10:45 PM

ඉතින් අප රටේ මැතිවරණවලට ඉදිරිපත් වන බහුතරයක් නීතිඥයින්. කවුද තමුන්ට එරෙහිව තමුන් විසින්ම පෙත්සම් ගහන්නෙ. අනෙක මෙහෙම නීතියක් දැම්මොත් කවු ද අපේ රටේ මැතිවරණවලට ඉදිරිපත් වෙන්නෙ? මේව පක්ෂ වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කරන්න ගියොත් වෙබ් අඩවිවල වෙන පණිවුඩයක් දාන්න ඉඩක් නැතිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 714 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 346 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 120 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4247 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12670 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38273 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site