ඉන්දියානු නිදහස් දින 75 වැනි සමරු උත්සවය ඉකුත් 15 වැනිදාට යෙදුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
දේශපාලනික, ආගමික, සංස්කෘතිකමය මෙන්ම තවත් නේකවිධ හේතු සාධක නිසාවෙන් ශ්‍රී ලංකාවට, ඉන්දියාව සමග ඇත්තේ ඓතිහාසික වූ ශක්තිමත් බැඳීමකි. එය මෙරට විජයාවතරණයටත් පෙර අප්‍රකට ඉතිහාස යුග දක්වාම දිවෙන ඥාති සබැඳියාවකි.
භාරතය සහ ලක්දිව අතර ප්‍රකටම සබැඳියාව මෙන්ම මුල්වරට භාරතයෙන් අප ලද වටිනාම දායාදය ද සනිටුහන් කෙරෙනුයේ දෙවන පෑතිස් රජ දවසේදීය. භාරතයේ අභිනන්දනීය චක්‍රවර්ති අධිරාජ්‍යයා වූ අශෝක රජු සමගින් පෑනේ මිතුරු බැඳීමක් පවත්වාගෙන යෑමට තරම් ලක්දිව රජු වූ තිස්ස රජු සමතෙක් වී ඇති අතරම එම මිත්‍රත්වයේ සංකේතයක් ලෙස එරට අබිසෙස් ක්‍රමවේදයෙන්ම පංචමයක් වූ රාජ කකුධ භාණ්‍ඩයන්ද සමග තිස්ස රජු දෙවනප්‍රිය යන අශෝක රජුගේ ගෞරව නාමයක්ද සහිතව විධිමත් දෙවන අභිෂේකය ලද බව මහාවංශයේ පවා සඳහන්ය.
එවැනි ප්‍රබල මිතුදමක ආශීර්වාදයෙන් අශෝක අධිරාජයා තම පුත්‍ර රත්නය වූ මහා මහින්ද තෙරුන් වහන්සේම ධූත මෙහෙවරෙහි ලංකාව වෙනුවෙන් වරණය කරන අතරම එනිසාම මහින්දාගමනයත් සමග ශ්‍රී ලංකාව එදාමෙදාතුර ඉන්දියාවෙන් ලද විසල්ම මෙන්ම තුන්කාලීනව වටිනාම ත්‍යාගයද දිනුවේය. එනම් නිර්මල වූ බුදු දහමය.
එතැන් පටන් අනුබුදු මිහිඳු හිමියන් බුදු දහමෙන් මෙරට ශිෂ්ටාචාරගත සභ්‍යත්වය පෝෂණය කළ අතරම සිය නැගණිය වූ එනම් අශෝක අධිරාජ්‍යයාගේ දෙටු දියණිය වූ සඟමිත් තෙරණින් වහන්සේද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ නමක් සමග මෙරටට වැඩමවා මෙරට ආරාම කලාව සිද්ධස්ථාන පිහිටුවීම මෙන්ම ශාසනික ප්‍රතිස්ථාපනයද සනිටුහන් කළ සේක. එමෙන්ම දුමින්දාගමනය සමග මෙරට බොහෝමයක් වෘත්තීය වපසරීන් පෝෂණය ලද අසූ සැටක් ශිල්ප ශ්‍රේණීන් ද භාරතයෙන් මෙරටට තිළිණ වූ අතර අදටත් අපට මාහැඟි නිර්මාණ බීජයන් වන කලා සම්ප්‍රදායයන් මෙන්ම සාහිත්‍ය ආඛ්‍යානයන්ද මේ හරහා භාරතයෙන් අප ලද දායාදයන්ය.
කිස්තිරි මෙවන් රජ දවස ලාංකිකයන්ට මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ අවතංස ශ්‍රී දළදා වහන්සේ හිමි වන්නේද දෙරට අතර පැවැති පාරිශුද්ධවූ අන්‍යෝන්‍ය සුහදත්වයේ නාමයෙන්මය.
ගෘහ නිර්මාණවේදය, යුධ තාක්ෂණය, චිත්‍ර සහ මූර්ති වැනි කලා මධ්‍යයන්, වාස්තුවේදය, ජෝතිෂ්‍යය, ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම, වෙළෙඳ අධිකාරි බල පවත්වාගැනීම මෙන්ම පසුකාලීනව කෘෂිකර්මය සහ වාරි තාක්ෂණය සඳහා පවා ශ්‍රී ලංකාව, සහෝදරය භාරතයෙන් යම් යම් පුනරුද ආභාසයන් ලබා ඇති බව පැහැදිලිය. විශේෂයෙන් ප්‍රතිමා, කැටයම්, චිත්‍ර සහ මූර්ති වැනි නිර්මාණ කලාව ගත් කළ ගුප්ත අමරාවතී සහ පල්ලව යන භාරත කලා ගුරුකුලයන්හි නියත ආභාසයක් ලද බව මෙරට අව්කන පිළිමය, පොළොන්නරු රාජධානි අවශේෂ, ඉසුරුමුණි විහාරය සහ රන්මසු උයන වැනි කැපී පෙනෙන නිර්මාණ නෂ්ටාවශේෂ ඔස්සේ සනාථ වන්නේය.
දේශීය නිදහස් ව්‍යාපාරයට මෙන්ම අධ්‍යාපනික, ශාස්ත්‍රීය සහ දේශපාලනිකව මෙරට හටගත් නවෝදය විෂයෙහි ද බොහොමයක් ශ්‍රී ලාංකේය ප්‍රමාණික වියත්හු ඉන්දියානු සහාය සමග ශක්තිමත් වූහ.
ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රුපියල් බිලියන විසිපහක පමණ මුදලක්ද ඉන්දියානු ආණ්‍ඩුව විසින් කැපකරමින් වටිනා හමුදා ජීවිත දහස් ගණනක් ද අහිමි කර ගත් අනුවේදනීය පරිත්‍යාගය අදටත් අපට ප්‍රත්‍යවේක්ෂා කළ හැකිය. වර්තමානයේ පවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යාබද අපේගම සංස්කෘතික කේන්ද්‍ර පරිශ්‍ර පිවිසුම පසුකරමින් යනෙන විට භාරත සෙබළුන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරකය දැකීමෙන් පසු අපේ සිතේ උපදිනුයේ ඒ අනුවේදනීය අතීතයේ රුදුරු මතක සටහන්ය. අපගේ මාතෘ භූමියේ ස්වාධිපත්‍යය හා නිදහස වෙනුවෙන් දිවිපිදූ භාරත වීරෝදාර සෙබළුන් අනුස්මරණය වෙනුවෙන් ඉදිකළ එම ස්මාරකයන්ද සදාකල් ජීවමානව පවතිමින් දෙරට අතර වූ රුධිරගත බැඳීමක යටගියාව පසක් කරදෙන්නේය.
1974 වසරේ ජූනි මාසය වන තෙක්ම ඉන්දියාව සතුව තිබූ කච්චතිවු දුපත ශ්‍රී ලංකාව වෙත නැවත නෛතිකවම පවරාදෙන ලද්දේ ද තමිල්නාඩු ප්‍රාන්තයෙන් පැන නැගි තද බල විරෝධය පවා නොසලකා හරිමිනි.
ශ්‍රී ලංකාවේ යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සිවිල් යුධ තත්ත්වය අවසන් වූදා සිටම ඉන්දියාවෙන් ලත් මූල්‍යමය සහාය ඇමෙරිකානු ඩොලර් මිලියන විසිපහක පමණ දළ අගයක් ගන්නා අතරම යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කරවීම ත්‍රස්ත චූදිතයන් පුනරුත්ථාපනය කිරීම, කැඩී බිඳීගිය ස්ථානය නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය, පරිහරණය කළ නොහැකි තත්ත්වයේ වූ මහා මාර්ග හා දුම්රිය මාර්ග අලුත්වැඩියාව, නව යටිතල පහසුකම් සහ නිවාස පහසුකම් සැපයීම, ජීවනාධාර ප්‍රදානය යනාදින් සඳහා මෙලෙසින් භාරතය ලක්දිවට අනුපමේය සහයෝගයක් ලබා දී ඇත.
භාරතයට සුවෙන් සපිරි ජයග්‍රාහී අනාගතයක්ම උදාවේවා.
(***)
බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති
ආචාර්ය දමෙන්ද පෝරගේ
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉන්දියානු නිදහස් දින 75 වැනි සමරුව