අපි ඉතිහාසයෙහි ඇතැම් තැන් වරදවාගෙන තිබේ. අපි මේ මතු කරගෙන යන්නේ ඒ යෝධ කැණීමයි. හමුවන, සියලූ නටබුන් අද නැතත් හෙට හෝ ඉතිහාසය මේ යැයි පිළිගන්නවා ඇත. ලාංකීය උරුමයේ මහ මොළකරු, රාවණගේ කතාවේ අලූත් තැනකි.
රාවණ රජ සමය ලෝක ඉතිහාසයට අලූත් පිටුවකි. ඉන්දියාව, චීනය, ඊජිප්තුව පිළිගනිමින් ගොඩ නගන මහා ශිෂ්ඨාචාර අතරේ රාවණ යුගය මඟ හැරුණේ ඇයි...?
ලෝක ශිෂ්ඨාචාරයේ තූතන්කාමන්, පිරමීඩ වැනි නෂ්ඨාවශේෂ ඉතිහාසය පුදුම කරවද්දී රාවණ වැනි රජවරු මිත්‍යාවක්, ප‍්‍රලාපයක් හැටියට ඇතැම් ලාංකිකයන් විසින් මිහිදන් කරනු ලබන්නේ ඇයි? ඉන්දියාව අදත් රාම පිළිගනී සීතාව පිළිගනී. රාමාගේ හමුදාවේ හනුමාද පිළිගනී. රාමායනය ආදී මූල ග‍්‍රන්ථ ඔවුහු දේවත්වයෙන් සලකති. නමුත් ‘පෙරළුණු පිට හොඳයි’ කියන්නා සේ ලාංකිකයෝ මහා වංශය දේවත්වයෙන් පුදති. එයම ඉතිහාසය ලෙස ගෙන අදහති.
සියල්ලෝම විජයට එහා ලංකාවේ ඉතිහාසයක් තිබුණු බවද පිළි ගනිති. එය හාරා මතුකර ගැනීම ‘කම්මැලිකමට’ තබා ලැබුණ දෙය එකම සත්‍යය කොට ගනිති. එබැවින් පැහැදිලි වරදක් ඉතිහාසය සම්බන්ධයෙන් අපට තිබේ.
අපි ඉතිහාසයෙහි ඇතැම් තැන් වරදවාගෙන තිබේ. අපි මේ මතු කරගෙන යන්නේ ඒ යෝධ කැණීමයි. හමුවන, සියලූ නටබුන් අද නැතත් හෙට හෝ ඉතිහාසය මේ යැයි පිළිගන්නවා ඇත. ලාංකීය උරුමයේ මහ මොළකරු, රාවණගේ කතාවේ අලූත් තැනකි.
රාවණ රජතුමා ස්ථිර වහල් සේවයක් තබා ගත්තෙකි. ඒ සඳහා වහලූන් බඳවා ගත්තේ එරිත‍්‍රියාව, සුඩානය, අප‍්‍රිකාව යන රටවලිනි. රාවණට අවශ්‍ය සියලූ මෙහෙකම් මොවුන් හරහා කර ගත්තේය. යුද්ධයකට පවා ගෙන යා හැකි විශාල සෙනඟක් ඒ අතර වූහ.
රාම රාවණ යුද්ධයේදී වුව රාමව පරදවන්නට අවශ්‍ය බලය උපරිමය යෙදීමට හැකි වුවත් රාවණ ඒ කිසිවක් නොලබා සටනට ගිය වීර රජෙකි. කොයි ලෙසින් ගත්තත් රාම රාවණට වඩා සෑම අතින්ම දුර්වලයෙකි.
චීනයේ මාහෝ කුමාරයා රාවණට උපකාර පිණිස එන්නට කැමැත්තෙන් පසු විය. රාවණ ඒ කිසිම උපකාරයක් නැතිව සටනට බැස්සේය.
රාවණට අයත් වහලූන්ට කී පොදු නම වූයේ දසියුස්ය. රාවණ ‘දසිස්’ නමින්ද හැදින්විණි. රාවණ කතාවට අනුව මේ වහල් ජනයා පදිංචිකොට ඇත්තේ පුරාණ හරප්පාවේය. එදා ඉන්දියාවට අයත් වුවද අද පකිස්ථානයට අයත් ප‍්‍රදේශයෙකි. හරප්පාව යනු ඔබ අසා ඇති පැරැුණි ඉන්දීය ශිෂ්ඨාචාරයකි. රාවණ රජතුමාට සිහිමුර්ජා වීම රාමගේ හමුදාව පිළිගත්තේ රාවණගේ අවසානය හැටියටය. එබැවින් රාමගේ හමුදාව රාවණගේ උදවුකාරයන් විනාශ කිරීමේ මෙහෙයුමක් ආරම්භ කළහ.
රාමගේ වානර හමුදාව සයිබීරියාවට ගොස් එහි බෝම්බ නිෂ්පාදකයෙක් ලවා ජලකර බෝම්බයක් සකස් කොට ගත්හ. එහි පළමු බෝම්බයෙන් ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ රාක්‍ෂ ජනයා ජීවත් වූ ප‍්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වී ජලයේ ගිලී ගියේය. බෝම්බය කොතරම් දරුණුද කියනවා නම් බෝම්බය ඇට වූ වානර හමුදාවේ විශාල පිරිසක්ද මරණයට පත් වූහ. තවත් විශාල රාජ්‍යයක්ද විනාශයට පත් විණි. යුද්ධයෙන් පසු එළැඹි පළිගැනීමේ පශ්චාත් කාල සීමා රාවණගේ විශාල පිරිසක් මරණයට පත් වූ යුගයක් විය. රාවණට සහාය දුන් සියලූ දෙනා සොය සොයා යමින් ප‍්‍රහාර එල්ල කිරීමට හනුමා ඇතුළු වානර හමුදාව දිගටම කරගෙන ගියේය. මේ ක‍්‍රියාදාමය නිසා දහස් ගණනක් යක්‍ෂ ගෝත‍්‍රිකයෝ මිය ගිය අතර රාජ්‍යයක් පිටින් නැසී වැනසීමට පත් විණි.
හමුදාවේ ඊළඟ ප‍්‍රහාරය හරප්පාවට යොමු කිරීමට තීරණය විණ. එහි සිටියේ රාවණගේ වහලූන් සංචිතයයි. හරප්පාවටත් පෙර යක්‍ෂ ගෝත‍්‍රිකයන් සිටි තවත් ප‍්‍රධාන නගරයකට ප‍්‍රහාර එල්ල කිරීමට රාම හමුදාව කටයුතු කළහ. ඒ හරප්පාවට සැතපුම් 300ක් පමණ ඈතින් ඉන්දු නිම්නයේ පිහිටි රකුස්ජාරෝ ප‍්‍රදේශයයි.
සියවස් ගාණක් පොළොව යට වැළලෙන රාවණ රාජ්‍යය සීගිරිය යට ස්ථිරව රැුඳී තිබෙයි. එය ගොඩ ගත හොත් ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය ලංකාවෙන් ගොඩනැගෙනු ඇත. මොහෙන්දෝජාරෝ - හරප්පා පමණක් නොව මිසර-චීන ශිෂ්ඨාචාර වලට වඩා දියුණුවක් සංවර්ධන වූ, නාගරික ශිෂ්ඨචාරයක් තවම අපේ මහ පොළොව යට තිබේ. එයට කිඳා බසින දිනයක, රාවණ ලෝකයේ මහා අධිරාජ්‍යයා හැටියට කවුරු කවුරුත් පිළිගනු ඇත.
මේ රකුස්ජාරෝ ප‍්‍රදේශය ලංකාවේ සිටි යක්ෂ ග්‍රෝතික ජනයා සශ‍්‍රීකව සෞභාග්‍යමත්ව ගත කළ විශාල කොළණියකි. රාමගේ හමුදාව රකුස්ජාරෝව විනාශ කිරීමේ උපායට යොදා ගත්තේ ඉන්දු නිම්නයයි. වහාම දහස් ගාණක් හමුදාව එකතු වී ඉන්දු නිම්නයට වේල්ලක් කපා විශාල ජල කඳක් රකුස් ජාරෝවට එකවර නිදහස් කළේය. එම ජල කඳින් දැවැන්ත නගර නිර්මාණයක් ක්‍ෂණිකව යට වී ගියේය. එම රකුස්ජාරෝව පසුව මළවුන්ගේ නගරය වී මොහෙන්දොජාරෝ යැයි නම් විණ.
යක්‍ෂ ග්‍රෝතිකයන් බුරුතු පිටින් විනාශ කිරීමට රාමගේ හමුදාව කළ දැවැන්ත පළි ගැනීමකි. ඒ සමඟම අනගි ශිෂ්ඨාචාරයක් ජලය අතර සැඟවිණ. අද මොහෙන්දොජාරෝවෙන් ගොඩට පැමිණ ඇත්තේ රාවණ රජ සමයට අයත් ඒ මහා ශිෂ්ඨාචාරයය. ඉන්දියාවට අයත් යැයි ගැඹුරින් විශ්වාස කරන මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාරයන්හි මුල් ආරම්භය රාවණ යුගයට අයත්ය. එහි ජීවත්ව ඇත්තේ රාවණගේ පරම්පරාවේ ජන කොට්ඨාසයන්ය. අද ගොඩ ගන්නා මේ සියලූ ශිෂ්ඨාචාර නටබුන් රාවණ ඉතිහාසයේ නටබුන් බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මත පළ කරයි.
හරප්පාවද දැවැන්ත මිනිස් සංහාරයක් වූ ප‍්‍රදේශයකි. බැබිලෝනියාව හා ඊජිප්තුවේ මිනිසුන් ආයුධ රැුගෙන හරප්පාවට කඩා පැන එහි විසූ මිනිසුන් කපා කොටා මරා දැමී යැයි ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. හරප්පාව කැණීම් වලදී වැඩි වශයෙන් ආයුධ හමුවීමට හේතුව හැටියට ඝාතනයක් නිසා හරප්පා ජන සංහාරය වීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
කෙසේ වෙතත් මොහෙන්දොජාරෝ සහ හරප්පා ශිෂ්ඨාචාර දෙකම ලංකාවට නෑකමැති සීගිරියේ මුල් යුගයට අයත් දැවැන්ත නගර නිර්මාණ වෙයි.
සීගිරිය රාවණගේ ප‍්‍රධාන බල මූලස්ථානය බැවින් ඒ අවට අඩි සිය ගාණක් යට දැවැන්ත අධිරාජ්‍යයක් සතු අගනුවරක් මුණ ගැසෙයි. මොහෙන්දොජාරෝ හරප්පාවේ එතරම් දියුණු ලක්‍ෂණ හමුවේ නම් සිගීරිය යට සැඟවුණු දැවැන්ත අතීතයක් තිබේ.
දැනට සොයාගත් ඉන්දු නිම්න ලක්‍ෂණ වලට අනුව, නාන තටාක, ගෙවල් පේළි, වීදි, මාළිගා, දේවාල, නගර මන්දිර, ළිං, දිය බසින කාණු ආදිය හමුව ඇත. පර්යේෂණ කළ අයගේ මතයට අනුව මොහෙන්දොජාරෝ සහ හරප්පා ජලාශ‍්‍රිත නාගරික දියුණු ශිෂ්ඨාචාරයකි. නූතන ඉතිහාසඥයන් සඳහන් කරන පරිදි මෙවැනි දියුණු ශිෂ්ඨාචාර ලෝකයේ හමුවීමද දුර්ලභ දෙයකි.
විශේෂයෙන් රන්, රිදී, පිත්තල හා යකඩ කර්මාන්තයද, කපු භාවිතයෙන් ඇඳුම් සකසා ගන්නට ඇතැයිද කියන කාරණා මත ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රික නෑකම වඩාත් ඉස්මතු වේ. කුවේණිය කපු කටිමින් සිටි කතා පුවතට අනුව ඈතට ගියත් රාවණ රජ පරපුරේ අය කපු කැට ඇඳුම් සකසා ගන්නට ඇත. ඉන්දු නිම්න ලක්‍ෂණ හරහා එවැනි තොරතුරු ගොඩ ගැනීම රාවණගේ පසුබිමට වඩාත් ‘මුක්කු’ ගසන්නකි.
ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරන පරිදි ඉන්දු නිම්නයෙන් හමුවූ රැුවුළ වවාගත් ශ්‍රේෂ්ඨ මිනිසාගේ හිස මොවුන්ගේ රජු යැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව ශිෂ්ඨාචාරයේ ඉහත කී ප‍්‍රතිමාව රාවණ රජුගේද යන්න ගැඹුරින් විශ්වාස කිරීමේ ගමනට සූදානම් විය යුතුය.
හරප්පාව හා මෙහෙන්දොජාරෝ ගැන මුල්ම පර්යේෂණ කර ඇත්තේ ඉංග‍්‍රීසි ජාතිකයන්ය. ඔවුන් දක්වන තොරතුරු අනුව ඉතා පැහැදිලිව මේ ශිෂ්ඨාචාර දෙකම රාවණ සමයේය. රාවණ කතා පුස්කොළ පොතට අනුව මෙකී නගර රාවණ රජුගේ බල ප‍්‍රදේශයට අයත් ඒවා වෙයි.
රැුවුළ වැවූ මිනිසාගේ හිස පර්යේෂණවල යෙදුණු ඉංග‍්‍රීසින්ටද පුදුම උපදවන සොයා ගැනීමක් විය. එවක රැුවුළ වවා ඇත්තේ ලංකාවේ යක්‍ෂ ගෝත‍්‍රිකයන් පමණි. අදත් ආදිවාසී ජනතාව යකුන් අදහන අතර ඔවුහු බොහෝ විට දිගු රැුවුළ වවා ගෙන සිටිති. රැුවුළ වැවීම පුරාණ ලාංකීය ලක්‍ෂණයකි.
කාල සමයන් ඔස්සේ ඉදිරියට යාමේදී ඉන්දියාවේ ශිෂ්ඨාචාර රාවණ රජුගේ බල ප‍්‍රදේශ යන තැන නැවතුමක් හදන්නට අපට සිදුවේ. ඒ අනුව රාවණ යනු ශිෂ්ඨාචාර ගොඩ නැගූ අධිරාජවාදී රජෙකි. රාවණ රජු ලංකාවේ වාසය කළ සියලූ තැන් කාලයාගේ ඇවෑමෙන් පසට යට වී තිබේ. සියවස් ගාණක් පොළොව යට වැළලෙන රාවණ රාජ්‍යය සීගිරිය යට ස්ථිරව රැුඳී තිබෙයි. එය ගොඩ ගත හොත් ලෝක ඉතිහාසයේ අති දැවැන්ත ශිෂ්ඨාචාරයේ ඇතුලාන්තය ලංකාවෙන් ගොඩනැගෙනු ඇත. මොහෙන්දෝජාරෝxහරප්පා පමණක් නොව මිසරxචීන ශිෂ්ඨාචාර වලට වඩා දියුණුවක් සංවර්ධන වූ, නාගරික ශිෂ්ඨචාරයක් තවම අපේ මහ පොළොව යට තිබේ. එයට කිඳා බසින දිනයක, රාවණ ලෝකයේ මහා අධිරාජ්‍යයා හැටියට කවුරු කවුරුත් පිළිගනු ඇත.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාවටත් පැතිරුණු රාවණගේ බලය
අසෝකා Thursday, 18 September 2014 09:10 AM
මම කැමතියි ඔබතුමා මහා වංශයට එහා ගිය අපේ අතීතය ගැන ලස්සනට පොතක් ලියනවා නම්.(දිල්)
හසන්ත Tuesday, 23 September 2014 07:10 AM
ඉතා හොඳ ලිපියක් (නි)
අමිළ Saturday, 20 September 2014 12:37 PM
රාවනා ලංකාවෙ දෙවි කෙනෙක් ලෙස වන්දනා නොකලට අදටත් ඉන්දියාව නේපාලය වගේ රටවල අදහනවා. (නදී)
නිමල් ජයසිංහ Friday, 19 September 2014 04:10 AM
පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වන ලද සුන්දර නිර්මාණශීලී ඉතිහාස කථාවක්. (නදී)
ලෙස්ටර් Monday, 22 September 2014 06:37 PM
ඔබතුමාට ගොඩක් පිං යටපත් වූ ශ්‍රේෂ්ඨ අතීතයක් නැවත අපට මතක්කර දුන් එකට. රාවණා රජතුමා ගැන පොතක් ලියන්න කියලා ඔබගෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටිනවා. (නි)
රවීන්ද්‍ර - ඕමාන් Saturday, 20 September 2014 12:52 PM
අදහා ගන්නත් බෑ.. ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් අපිට තියනවා. මේ වගේ ලිපියක් ඉදිරිපත් කල ඔබතුමන්ට ස්තුති වේවා... රාවනා ඉතිහාසය බොරු නෙවෙයි මමත් ගොඩක් මේ පිලිබදව පොත් කියවලා තියනවා. (නදී)
පියුමි Thursday, 18 September 2014 12:50 PM
මේවා අපේ ජැක්සොන් අන්තෝනි මහා පණ්ඩිතය නොදන්නවාද? (අ)
සුපුන් මදුරංග Saturday, 20 September 2014 01:46 PM
රාවනා කියන්නේ මහා ආත්මාර්ථකාමී මිනිහෙක්. තමන්ගේ දඬුමොනරෙත් හංගල තමා මැරුණේ. එක්කෝ ඕක කාටහරි දුන්නනම් පදිනවනේ. (නදී)
අරුණ Saturday, 20 September 2014 03:33 PM
රාවණා නැවත පැමිණියා කියා ඔබ තුමා පොතක් ලියන්න (නදී)
අරුණ Saturday, 20 September 2014 03:40 PM
ඔබ තුමා රාවනා වත කියලා පොතක් ලියන්න ගොඩක් වටිනවා එහෙම කලොත් (නදී)
අයි.කේ.එස්.චන්ද්‍රසිරි Friday, 19 September 2014 03:10 PM
ඇත්තටම හරිම පුදුම විස්තරයක්. මේ සත්‍යය අනාගතයේ දී වඩාත් පැහැදිලිවේවි. (ස)
ලියොන් ගුණවර්ධන Monday, 24 November 2014 05:46 PM
මෙම 24 දිනට යෙදුනු සායිබබා උතුමන්ගේ 89 වන ජන්ම දිනය සැමරීම සඳහා කැනඩාවේ රිච්මන්ඩ් හිල් නගරයේ විෂ්ණු මන්දිරයේ පැවැත්වූ උත්සවය නැරඹීමට ගිය මා එහිදී හින්දු භක්තිකයන් දේවත්වයෙන් සළකන රාම ,සීතා ,හනුමන්තා ගැන වූ ගීතිකා ඇසුවා. මුළු විශ්වයම ජයගත් රාවණා නිරිඳුන් දේවත්වයෙන් පිදියයුතු බව එහිදී මට වැටහුණා (නි)
සෙනවිරත්න Thursday, 18 September 2014 04:43 AM
රාවණ යනු විහිළුවක් නොව සත්‍යකි. එය යතා කාලයේදී සැබෑවෙනු ඇත. (ස)
මංජූල Saturday, 01 October 2016 07:55 AM
ලංකාවේ දේවල් ලංකාවේ අයට අගයක් නැහැ. සමහර අයගේ අදහස් බැලුවම ඒක පේනවා (නි)
සමන්ති Wednesday, 17 September 2014 10:06 PM
අපි පාසල් සමයේ කියැවූ ඩීමන් ආනන්දගේ මාරක කතා පොත් මතක්වුණා (නි)
සජී Tuesday, 23 September 2014 05:30 AM
ලංකාවට සුන්දර ඈත අතීතයක් තිබුණු බව සත්‍යකි. නමුත් මේ රාම රාවනා කියන්නේ එවකට ඉන්දියාවේ මිනිසුන් විසින් ගොතපු සුරංගනා කතාය. මිනිසුන් විසින් රචිත ග්‍රන්ථ. (නදී)
නවෝදා Wednesday, 24 September 2014 10:02 AM
රාවණාට විතරක් මොකුත් කියන්න එපා (දී)
නිල්මිණි Wednesday, 24 September 2014 10:04 AM
බර්ම්යුඩා වල තියෙන්නෙත් රාවනා රජුගේ කාලයේ යපස් උදුනක් ලු ඒක තවමත් සක්‍රියයි (දී)
නාලක Wednesday, 24 September 2014 10:02 AM
යාග බලි තොයිල් ආදියේ බොහෝ කවි වල රාවනා ගැන කියා වෙනවා (දී)
අැනී Sunday, 02 November 2014 01:21 PM
රාවනා ගේ යලි පිබි දීමට අපිත් සහය වෙමු ... අපේ රට එදා තිබුනා සේම දියුණු රටක් කරමු (නදී)
රෝහණ Tuesday, 23 September 2014 07:02 AM
රාවනා නිසා තමයි අපේ පැවැත්ම ඇතිවෙන්නේ (දී)