තිස්පස්වැනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලංකාව 1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්වීමෙන් පසු 1818 දී සහ 1848 දී වශයෙන් කැරලි දෙකක් පැන නැගුණ බව ඉතිහාසයේ සඳහන් වේ. එම අරගල දෙකම තුවක්කුවෙන් සහ වෙනත් ආයුධ මගින් මර්දනය කර දැමීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.
ඉන් පසු විශාල පරිමාණයේ සටනක් මේ රටේ ඇති වූයේ 1971 අප්‍රේල් මාසයේ පස් වැනිදාය. එය ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් ඇති වූ මහජන නැගිටීමකි. පවතින රජය ආයුධ බලයෙන් පෙරළා දමා ගොවි, කම්කරු ජනතාවගේ සුබ සිද්ධියට අදාළ වන ආකාරයෙන් නිර්ධන පන්ති ආඥාදායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීම එම සටනේ අභිප්‍රාය බව කියවුණි.
එම අරගලය ද ආයුධ බලයෙන් මර්දනය කර දැමූ ආකාරය අපි සියැසින්ම දුටුවෙමු. ඒ පිළිබඳව චූදිතයන් අධිකරණය හමුවට පමුණුවන ලද අතර එම නිමිත්ත සඳහාම යුක්තිය පසිඳලීම සඳහා අපරාධ යුක්ති පසිඳලීමේ කොමිසම පිහිටුවන ලදී. එම නඩු විභාගය සඳහා චූදිතයන් 3104 දෙනෙකුට විරුද්ධව නඩු පවරන ලදී. කැරැල්ලේ මහ නඩුවට සැකකරුවන් 41 දෙනකු වූ අතර එයින් තිදෙනෙක් වරද පිළිගත්හ. අරගලයේ නායක රෝහණ විජේවීර මහතා ඇතුළු පස් දෙනකු ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් කරන ලදී. මෙම සිද්ධිය නිසා සැකකරුවන් 18,000ක් පමණ අත්අඩංගුවට ගන්නා ලදී. එයින් 16,000ක් නිදහස් කරන ලදුව පුනරුත්ථාපනයට යොමු කැරිණි. 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය අපරාධ යුක්ති කොමිසම අහෝසි කිරීම නිසා සිර දඬුවම් විඳි පිරිස නිදහස ලැබූ බව අපට මතකය.
මේසා විශාල අරගලයක් සංවිධානය කළ නායකයා වූ රෝහණ විජේවීර මහතාගේ වචනවලින්ම මෙම අරගලය වටහා ගැනීමට උත්සාහ කිරීම අතිශය ප්‍රායෝගික වේ යැයි මම විශ්‍වාස කරමි. 1974දී අපරාධ යුක්ති කොමිසමට එරෙහිව කරන ලද කරුණු දැක්වීමේ මෙසේ සඳහන් වේ.
“ගරු සභාපතිතුමනි, කොමසාරිස් මහත්වරුනි. මම නීති වෘත්තිය හැදෑරූවෙක් නොවෙමි. වෛද්‍ය වෘත්තිය හදාරා මානව ප්‍රගතිය සහ යුක්ති ධර්මයටත් සමාජ සාධාරණත්වයටත් ඇති භක්තිය ඇප කැපවීම හේතු කොට ගෙන දේශපාලන වෘත්තියේ යෙදුණු මට මෙවැනි නීති කෘත්‍යයකට අත ගැසීමට සිදුව තිබෙනවාය යන්න ප්‍රථමයෙන් තේරුම් ගෙන මගේ විරෝධතාව සලකා බලනු ඇතැයි විශ්වාස කරමි.
මෙම ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රමය පිළිබඳව මට ඇත්තේ මගේම වූ අත්දැකීම් සම්භාරයක්. මේ අත්දැකීම් අනුව මට ඒ කෙරෙහි විශ්‍වාසයක් නැහැ. ඒත් මට යුක්තිය කෙරෙහි තදබල විශ්වාසයක් ඇත. යුක්තිය යනු කුමක්දැයි මට හොඳ හැටි තේරේ. යුක්තිය කුමක්දැයි මම හොඳින් දනිමි. මා ජීවත් වූ සුළු කාලය තුළ මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුළ නීතිය එකක් බවත් යුක්තිය තවත් එකක් බවත්ය. මේ සමාජයේ නීතියට යුක්තියක් නැත. යුක්තියට නීතියක් නැත. නීතියට යුක්තිගරුක මිනිසුන් සිර කිරීමට වධයට පැමිණවීමට, නින්දා අපහාස කිරීමට මරා දැමීමට හැකිය. ඒත් යුක්තිය ජනතාවගෙන් අමතක කිරීමට නීතියට නොහැකිය. යුක්ති ගරුක මිනිසුන්ට ධනේශ්වර නීතිය සඳහටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටු කළ හැකිය. ගරු සභාපතිතුමනි! යුක්තියේත් සාධාරණත්වයේත් මානව අයිතිවාසිකම්වලත් නාමයෙන් හෘදය සාක්ෂියට අනුව මගේ අදහස් හා විරෝධතාවන් ඉදිරිපත් කරමි.
පන්ති සමාජයක නීතිය, පන්ති සටනේදී පීඩක, පාලක පන්තියේ පැත්ත ගනී. ඒත් යුක්තිය පීඩිත පැත්තේය. මේ අනුව ධනපති සමාජයක ධනපති පන්තියත් නිර්ධන පන්තියත් අතර පවතින ප්‍රතිවිරුද්ධමය අරගලය නීතියක් යුක්තියක් අතර පවතී. මෙහිදී නීතිය සූරා කන පාලන පන්තියේ අතළොස්සක් දෙනා නියෝජනය කරන අතර යුක්තිය පීඩිත බහුතර සමූහයා නියෝජනය කරයි. ශක්තිමත් හා භක්තිමත් කොමියුනිස්ට්වාදියකු වශයෙන් පන්ති සටන් අරගලය පිළිගන්නා මම ධනේශ්වර සමාජයේ පන්ති සටන අධිකරණ ආයතන තුළ දී ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් අතර ගැටුමක් බව තේරුම් ගෙන සිටිමි.
සූරා කන, පන්ති සමාජයක, පාලක පක්‍ෂය විසින් සිය පන්ති ඵල ප්‍රයෝජන තහවුරු කර සුරක්ෂිත කර සාක්ෂාත් කර තබාගැනීම සඳහා තමන් වෙනුවෙන් තමන් විසින්ම බිහිකර හදාවඩාගත් ධනේශ්වර නීතිරීති හා සමාජ සම්මුතීන් ක්‍රියා පටිපාටි, පිළිවෙත් සහ සම්ප්‍රදායන් සූරා කන පාලක පන්තීන්ට සෑම විටම සේවය කරයි.
යම් කිසි සමාජ ක්‍රමයක නිෂ්‍පාදන සම්බන්ධතාවන් ආර්ථික ව්‍යුහය එහි පදනම වන අතර එය එහි උත්තර නිර්මිතය වන සමාජයේ දේශපාලනමය නීතිමය, දාර්ශනික, සදාචාරාත්මක, සෞන්දර්යාත්මක ආගමික මතයන් සහ අනුරූප සම්බන්ධතා, ආයතන හා සංවිධාන සඳහා අත්තිවාරම ලෙස සේවය කරයි. මේ හෙයින් යම් සමාජයක උත්තර නිර්මිතයේ එක් අංගයක් වූ නීති ක්‍රමයේ ඇතිවන අර්බුදයක් වේ නම් එය අන් කිසිවක් නොව එහි පදනම වූ ආර්ථික ව්‍යුහයේ අර්බුදයක දෝංකාරය බව පැහැදිලිය. සතුරු පන්ති සමාජයක පදනම ප්‍රතිවිරෝධ වේ. නිෂ්‍පාදන මාර්ග වෙත ඇති මිනිසුන්ගේ විවිධ සම්බන්ධතා ප්‍රකාශ කිරීම මගින් එය පන්ති අයිතිවාසිකම්වල ප්‍රතිබන්ධනය පීඩාවට භාජන වූවන් හා පීඩකයන් අතර සතුරුභාවය පිළිබිඹු කරන බැවින් එය ප්‍රතිවිරෝධී වේ. එහි විවිධ පන්තීන් හා සමාජ කණ්ඩායම්වල අදහස් හා ආයතන පැතිර පවතී. මෙසේ හෙයින් කොමියුනිස්ට්වාදියකු වශයෙන් පන්ති දෘෂ්ටි කෝණයෙන් බලන විට මට පෙනී යන සරල සහ පැහැදිලි සත්‍යය නම් මා විසින් විරෝධතාව දැක්විය යුත්තේ මෙම සමාජ ක්‍රමයේ උත්තර නිර්මිතයේ එක් අංගයක් වූ මේ නීති පද්ධතියට නොව මුළු සමාජ ක්‍රමයටම බවයි. එය මා විසින් සෑමදා කරන ලද සහ කරනු ලබන සෙයයි. පැසිස්ට්වාදීන් විසින් මරා දැමීමට පෙර ප්‍රාග් නුවර සිර ගෙදර සිට ලියන ලද “පෝරකයේ සටහන්” අතර සහෝදර ජුලියස් පුචික් විසින් ලියන ලද වාක්‍යයක් මෙහි සඳහන් කරමි. එය නම් “ජනතාවනි, මම ඔබට ප්‍රේම කරන්නෙමි” යන්නයි. සකල ලෝකයේම සියලු තැන්හි නොයෙක් විට පන්ති සටනේදී දිවි පිදූ සෑම කොමියුනිස්ට්වාදියකුගේම හදවත් තුළ ලියා තිබූ බව සහතිකය.
1971 ජනතා විමුක්ති සටනේ හරය එහි නායක රෝහණ විජේවීරයන් විස්තර කළේ ඒ අයුරිනි. ඒ බක් මහ අරගලයයි. මෙම සටන සඳහා තම පක්‍ෂයේ සගයන් දැනුවත් කළේ “පන්ති පහ” නම් වූ චිර ප්‍රසිද්ධ පාඨමාලාව ඇසුරිනි. එහි එකක් වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදයයි. මෙරට උද්ගත වුණු දෙමළ ඊළාම් අරගලයට පැවති ඉන්දියානු බලපෑම කිසිසේත්ම සුළුපටු නොවේ. 1987 දී එම බලපෑම් මත, ඉදිරියට යමින් තිබුණු වඩමාරච්චි මෙහෙයුම නතර කරවීම, ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝණය කරමින් රටට ඇතුළු වූ එරට ගුවන් යානා උතුරේ ස්ථානවලට පරිප්පු හෙළීම නොයෙක් බලකිරීම් මත ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීම, එමඟින් ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටට ගොඩ බැසීම, දේශයේ භෞමික අඛණ්ඩතාව බිඳ වැටෙන පරිදි යැයි කියවුණු පළාත් සභා පිහිටුවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය ගෙන ඒමට බලකිරීම ආදී ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ අභිමානයටත් ස්වෛරීභාවයටත් කරන ලද අනිසි බලපෑමක් ලෙස බොහෝ දෙනා වටහා ගත්හ. ජනතා විමුක්ති පෙරමුණටත් එයට පිටු පෑමට නොහැකි වූවා පමණක් නොව, ඔවුහු අරගලයටද පිවිසියහ. මේ සෑම කටයුත්තක්ම මතභේදකාරී වූ බව සත්‍යයකි. ශ්‍රී ලංකාවේ දේශපාලන වටපිටාව සැකසී ඇති ආකාරය සැලකිල්ලට යොමු කිරීමේදී පෙනී යන කරුණක් වන්නේ කිසිම කටයුත්තක් මතභේදකාරීත්වයෙන් තොරව සිදුකිරීම දුෂ්‍කර බවයි. ඒ අනුවම ඉන්දියානු විරෝධී ක්‍රියාමාර්ග ද දැඩි විවාදයට ලක් වූ බව අපට මතකය. ඒ නිසාම ගැටුමක් ද නිර්මාණය වූයේ නිරායාසයෙනි. විරෝධයට ප්‍රතිවිරෝධයක් එල්ල විය. මේ සියලු කාර්යයන්හි අවසාන ප්‍රතිඵලය වශයෙන් ශ්‍රී ලංකාව තුළ සිවිල් යුද්ධයක් නිර්මාණය විය. මෙම ගැටුම හේතුවෙන් දැඩි මර්දනයක් මුදාහරින ලදුව විවිධ සමාජ තලයන්ට අයත් හැට දහසක පමණ පිරිසක් ඝාතනයට ලක් වූ බව කියවුණි. ජ.වි.පෙ. නායක රෝහණ විජේවීරත් එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකත් ඇතුළු මධ්‍යම කාරක සභිකයන් මෙන්ම විවිධ තරාතිරම්වල ක්‍රියාධරයන් සමූල ඝාතනයට ලක් වූ ආකාරය මෑත සමකාලීන ඉතිහාසයට අයත් කරුණක් බැවින් තවමත් කාගේත් මතකයේ රැඳී ඇතිවා නිසැකය. ඒ නිසා දිගින් දිගටම සඳහන් කිරීම අනවශ්‍යය.
මිනිසෙකු සතු උතුම්ම වස්තුව ඔහුගේ ජීවිතයයි. ඒ නිසාම ලෙනින් මෙසේ පැවසීය. “පරාර්ථය උදෙසා ජීවිතය පරිත්‍යාග කරන්නෝ නිසැකවම වීරයෝය” අපරාධ යුක්තිය විනිශ්චය කොමිසම හමුවේ විජේවීරයන් පැවසූ වදන් පිළිගැනීමට අප එකඟ වන්නේ නම් සහ ලෙනින්ගේ අර්ථ නිරූපණය බාරගනුයේ නම් මේසා විශාල පිරිසක් ජීවිත පූජාවෙන් අපේක්‍ෂා කළේ සමාජවාදී සමාජයක් ගොඩනගා සිරි ලක් ධරණි තලය මත සූරා කෑම අහෝසි කිරීමය. මාඕ සේතුංතුමා කීවාක් මෙන් දහසක් මල් පිපේවායි පැවසීමට මම මැළි නොවෙමි. ඉල් මහේ විරුවන්ට ඔවුන්ගේ සගයන් රතු ධජය පහළ හෙළා ගරු සරු කරනු ඇත. එය තවත් බොහෝ කලක් කඩ නොවනු ඇතැයි අනුමාන කරමි.
(*** සෝමසිරි වික්‍රමසිංහ)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඉල්මහ විරුවෝ
Edward Wednesday, 13 November 2024 12:06 PM
අදත් මේ වෙනුවෙන් රැස්වීම් ආකාරයට මැතිවරණ කටයුතු කරන්න පුළුවන් නේද කොමිසම මොකද කියන්නේ කරන්නේ කියලා බලාගෙන සිටිමු