(කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හිටපු මහාචාර්ය ගාමිණි අල්විස්)
කුණු හා ඩෙංගු මේ වනවිට තිබෙන්නේ සමස්ත ලාංකික සමාජයම භීත ගන්වන තැනකය. එහෙත් තවමත් මේ ප‍්‍රශ්න දෙකටම ස්ථිරසාර ලෙස පිළිතුරු සපයමින් නිවැරදි ආමන්ත‍්‍රණයක් කිරීමට ප‍්‍රතිපත්ති සම්පාදකයන් සමත්ව නැති බවක් පෙනේ. ඒ වෙනුවට බොහෝවිට දකින්නට ලැබෙන්නේ තැනින් තැන පක්ෂ විපක්ෂ දෙපිරිස ඉලක්ක කරගෙන එල්ල කෙරෙන දේශපාලන වාග් ප‍්‍රහාරය. මූලිකවම කතා කළහොත් ඩෙංගු ගැන විශාල භීතියක් පැතිර ගිය ද ඊට සරිලන මට්ටමින් මහජනතාව දැනුම්වත් කෙරෙන බවක් දකින්නට නැත.
සියල්ල සෞඛ්‍ය බලධාරින්ට පවරා නිහඬවීමට රටක් හැටියට අපට බැරිය. බටහිර වෛද්‍ය ආධාර ලැබෙන්නට ප‍්‍රථමයෙන් ලංකාවේ ක‍්‍රියාත්මක වුණේ ආයුර්වේද වෛද්‍ය ප‍්‍රතිකාරයයි. එසේනම් ඩෙංගු වුවදුර හමුවේ ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රම තිබෙන්නේ කොතැනද? අප දන්නා පරිදි ඩෙංගු උණට ප‍්‍රතිකාර කිරීමේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ප‍්‍රතිකාරවලට පුළුල් ලෙස පෙළඹීමක් ජනතාව අතරේ දකින්නට නැත. මෙවැනි අවස්ථාවක දේශීය වෛද්‍ය ප‍්‍රතිකාරවලට කළහැක්කේ කුමක්ද යන්න ගැන යම් ආකාරයකින් පර්යේෂණයක නියැලීම සුදුසුය. රාජ්‍යමය වශයෙන් එවැනි උත්සාහයක් ගැනීමේ වරදක් ද නැත. එතැන ඇත්තේ විශ්වාසය පිළිබඳ ප‍්‍රශ්නයකි.
දෙවැන්න නම් ඩෙංගු වැළඳුණු විට කළයුත්තේ කුමක්ද යන්නයි. ඩෙංගු රෝගීන්ට ප‍්‍රධාන වශයෙන්ම ලැබෙන වෛද්‍ය උපදෙස වන්නේ විවේක ගැනීම හා රුධිර පරීක්ෂාවය. රුධිරයේ ඇති පට්ටිකා නිරන්තරයෙන් මැන බැලීම එහිදී සිදුවේ. මෙය සිදුකිරීම සඳහා රෝහලකටම යා යුතුද? අප සතුව හොඳ ප‍්‍රජා සෞඛ්‍ය සේවයක් තිබේ. මෙය නිවෙසේදීම සිදුකරගැනීම සඳහා ප‍්‍රජා සෞඛ්‍ය සේවය දියුණු කරගතහැකි නම් රෝහල් ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී යාමේ ප‍්‍රශ්නයට යම් අස්වැසිල්ලක් ලබාගත හැකිය. මේ සඳහා ගම් මට්ටමේ ඇති අනෙකුත් ස්වෙච්ඡා ආයතන ද සම්බන්ධ කරගැනීමට අපට හැකිය. ඩෙංගු උණ රෝගීන්ගේ වර්ධනය හුදු සෞඛ්‍ය ගැටලූවක්ම නොවේ. එහි වර්ධනය රටේ සමාජ ආර්ථික දේහයට ද බලපායි. සාමාන්‍යයෙන් රෝගියකුගේ උදවුවට ඔහු හෝ ඇය අසල තවකෙක් රැඳේ. එසේ රැඳී සිටින තැනැත්තා බොහෝදුරට පවුලේ අයෙකු හෝ සමීපතමයෙකි. මෙය කෙළින්ම බලපාන්නේ පවුලේ එදිනෙදා වැඩවලටය. ඒ නිසා ඩෙංගු උණට ප‍්‍රතිකාර නිවෙසේදීම කළ හැකි බවට වූ විශ්වාසය ජනතාවට ලබාදීම වැදගත්ය. තවද මේ සඳහා රජය මගින් නොමිලේම ලබා දී ඇති ගිලන් රථ සේවය ද උපකාරයට ගතහැකිය.
ඩෙංගු වේගයෙන් පැතිර යාමට බලපෑ ප‍්‍රධාන කරුණක් වූයේ තැනින් තැන ගොඩගැසෙන කුණු කඳුය. කුණු කඳු ගොඩගැසීම අතීතයේ අපට ප‍්‍රශ්නකාරී දෙයක් වුණේ නැත. එය ප‍්‍රශ්නයක් වන තැනට වර්ධනය වුණේ වේගවත් වූ නාගරීකරණය සම`ග මිනිසුන්ගේ වාසස්ථානවල ගෙවත්ත පටුවීමය. එනිසා මෙතැන තිබෙන්නේ ඉඩම් ප‍්‍රශ්නයකි. දෙවැනි කරුණ නම් මෙසේ කුණු ලෙස අප ඉවතදමන්නේ මොනවාද යන්නයි. කුස්සියෙන් පිටතට වැටෙන ප‍්‍රධාන දෙය වන්නේ බත්ය. හොඳින් පරීක්ෂා කර බැලූවහොත් බොහෝ නිවෙස්වල ආහාරයට ගන්නා තරමේම ප‍්‍රමාණයක් ඉවත ලන බව දැකිය හැකිය. කන තරමට බෙදාගනින් යන අප පියවරුන් දුන් පැරැණි අවවාද දැන් සැබැවින්ම කාලය සමඟ යටපත්ව ගොස් තිබේ. මේ නිසා සැලකිය යුතු බත් ප‍්‍රමාණයක් සෑම නිවෙසකම කසළ බඳුන්වල ඉඩ වෙන්කරගනී. මෙය ඉතාමත් උත්ප‍්‍රාසජනක තත්ත්වයකි. මිල මුදල් හිඟතාව ආර්ථික අහේනිය ගැන මිනිස්සු නිතර කතා කරති. එහෙත් තම අවශ්‍යතාවට වඩා ප‍්‍රමාණයක් මිලට ගෙන හෝ ආහාරයට සකසා ඉවත් කරනු ලබන්නේ ද ඒ මිනිසුන්ම විසිනි. අප ඉඳුල් යැයි කීවාට මේ ඉඳුල් නිර්මාණය කරගන්නා ආකාරය ගැන අපි වැඩි තැකීමක් නොකරමු.
කසළ ගොඬේ ඊළඟට වැඩිපුරම තිබෙන්නේ පොලිතින් හා ප්ලාස්ටික්ය. නොදිරන අපද්‍රව්‍ය ගොඬේ වැඩිපුරම අපට බලපෑම් කරන්නේ එයයි. මෙයට නියාමනයක් අවශ්‍යය. තද නීති මෙන්ම මිනිසුන්ගේ අවංක වුවමනාව ද ඊට අවශ්‍යයය. පොලිතින් බෑග් වැඩිවශයෙන්ම අපට ලැබෙන්නේ සුපිරි වෙළඳසල්වලිනි. ඇතැම් තැන්වල වේලාසනින්ම පොලිතින් බෑගවලින් ඈත්වීම ආරම්භ වුවද එය වේගයෙන් පැතිර ගියේ නැත. ඒ නිසා රජයක් හැටියට මීට මැදිහත් වී කිසියම් හෝ පිළිතුරක් සෙවීම වටිනේය. සුපිරි වෙළෙඳසල්වලින් පොලිතින් උර නොදෙන්නේ නම් පාරිභෝගිකයෝ නිවෙසින්ම මල්ලක් ගෙනයාමට පුරුදු වෙති. මේවා බරපතළ වැඩ නොවේ. එහෙත් ඉන් ඇතිකර ඇති දුර්විපාක නම් බරපතලය. මධ්‍යම පරිසර අධිකාරියට අනුව අපේ රටේ දිනකට පොලිතින් (සිලි සිලි) බෑග් ලක්ෂ 150ක් පමණ ඉවත දමයි. දිනකට පාවිච්චි කරන ලන්ච් ෂීට් සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 200කි. කුණු කසළ වලින් සියයට 10x15 ක් පමණ පොලිතින් බවට පත්වන්නේ මේ අනුවය. අද අපේ රටේ පුද්ගලයකු වසරකට පොලිතින් කිලෝ 5.71 ක් පරිහරණය කර ඉවත දමන බව කීවොත් ඔබ පුදුම වනු ඇත. මෙහි ආර්ථික විපාකය ද එවැනිමය. 2016 හි අපේ රටට පොලිතින් නිපදවීම සඳහා ආනයනය කළ අමුද්‍රව්‍ය ප‍්‍රමාණය මෙට‍්‍රික් ටොන් 113500 කි. මේ සඳහා විදේශවලට යැවූ අපේ සල්ලි ප‍්‍රමාණය රුපියල් කෝටි 2000 කට වැඩිය. මෙසේ අප රටින් විෂ කඳු ගොඩගැසීම වෙනුවෙන් විදේශයන්ට පටවන රුපියල් ප‍්‍රමාණය වසරින් වසර වැඩිකරමින් සිටිමු. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ද නිවෙස් මට්ටමින් නතර කරගැනීමට හැකිය.
එක් කලෙක පළාත් පාලන ආයතන සිය බලසීමාවේ කුණු එකතු කිරීමට භාවිත කළේ බක්කි ක‍්‍රමයයි. කුමන හෝ හේතුවක් නිසා බක්කි ක‍්‍රමය නතර විය. එහෙත් මට හිතෙන හැටියට නම් මිනිසුන් තැන නොතැන නොබලා මහ පාරේ කුණු දැමීමට පටන්ගත්තේ බක්කි ක‍්‍රමය නතරවූවාට පසුවය. බක්කිය තිබියදී හැම කෙනෙක්ම ඕනෑම අපද්‍රව්‍යක් බක්කියට දැමීමට පුරුදුව සිටියහ. තවද කුණු එකතු කිරීම ද තරමක් වේගයෙන් සිදුවිය. ඊට හේතුවූයේ කුණු එකතු කරන රථය එක් පටු මඟක නිශ්චිත එක් ස්ථානයකින් කුණු ටික ඒකරාශි කරගැනීමය. එහෙත් දැන් එසේ නොවේ. කම්කරුවන් නිවෙසක් පාසා සොයා යා යුතුය. වැඬේ හරියට කෙරෙන්නට නම් නිවෙස්වලින් ද කිසියම් හෝ සන්තෝසමක් ඔවුන් අත ගුලි කළ යුතුවේ. දැන් කුණු ප‍්‍රශ්නයේ කිසිදු පිළිවෙලක් නැත. කුණු ගොඩ නරක්වන්නේ අපේම වරදිනි. කුණු යැයි කීව ද එහි ඇත්තේ අප විසින් අපිළිවෙළට එකතු කරන ලද අපද්‍රව්‍යයය. ඒවා පිළිවෙළකට වර්ග කළ විට මේ කුණු කඳු යැයි කියන දේ කළමනාකරණය පහසු කරයි. එය අපට නිවෙසේදීම කළහැකිය. එනිසා දැන් හටගෙන ඇති අපිළිවෙළට මහජනතාව ද වගකිව යුතුය. බොහෝ දෙනෙකු පවසන්නේ ප‍්‍රාදේශීය සභා, නගර සභා ආදී පළාත් පාලන ආයතනවල ක‍්‍රියාකාරිත්වය බිඳවැටීම ද කුණු කඳු ගොඩගැසීමට බලපාන බවයි. එහෙත් වඩාත් විපරම්කාරීව බැලූවහොත් මේවායේ දේශපාලන නියෝජිතයන් සිටි කාලයේදී පවා මෙම ක‍්‍රියාවලින් හරියාකාරව සියයට සියයක් සාර්ථකව සිදුවූවා යැයි ඔවුන්ට කිවහැකිද? බොහෝ තැන්වල සිදුවුණේ කුණු කඳු කොමිස් කුට්ටිවලට යටවීමය. ඒවා පසුපස තිබුණේ විවිධාකාර මාෆියාය. මට හිතෙන හැටියට නම් කළමනාකරණය අතින් ඉදිරියෙන් සිටින පෞද්ගලික අංශයට (අවුට් සෝස්) මේ කටයුත්ත නිවැරදිව කළ හැකි බවයි.
කොළඹ කුණු අපට එපා යන්න පසුගිය කාලයේදී ජනතාව අතර වේගයෙන් ප‍්‍රචලිත වූ සටන් පාඨයක් විය. එය ජනතාවගේ සටන් පාඨයකට වඩා දේශපාලන සටන් පාඨයක් බවට පත්විය. එහෙත් ජනතාව වශයෙන් ”කොළඹ කුණු අපට එපා” යැයි කීමෙන් ප‍්‍රගතිශිලි ජනතාවක් විය නොහැකිය. මන්දයත් කුණු බැහැර කිරීමට ද ස්ථාන තිබිය යුතුය. තමාගේ වැට අයිනට කුණු පැමිනීමට පමණක් විරුද්ධ වී පරිසරය ආරක්ෂා කරගත නොහැකිය. සැබෑ පරිසර පේ‍්‍රමියා ජනතාවාදියකු ද විය යුතුය. බොහෝ දෙනා නොදැන සිටියාට කුණු නිසා වාර්ෂිකව අතිවිශාල සංඛ්‍යාවක් රෝග පීඩා ආදියෙන් මිය යති. ප‍්‍රශ්නය තිබෙන්නේ කුණු බැහැර කිරීමෙහි නොව ඊට නිසි ක‍්‍රියා පටිපාටියක් නැතිවීමෙහිය. කුණු කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය නිසියාකාරව සිදුවන්නේ නම් ජනතා උද්ඝෝෂණ එන්නේ නැත. බලංගොඩ නගර සභාව ඊට කදිම උදාහරණයකි. ජනතාවගේ කෑ ගැසීම් බොහෝවිට එන්නේ කුණු එක තැන කුණු වෙමින් කඳු ගැසෙනවිටය. අනෙක් අතට දියුණු රටවල කුණු එපා වැනි අඳබාල උද්ඝෝෂණ නැත. ඔවුන්ට එය සම්පතකි. මා නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලනයේ කටයුතු කරන සමයේ එක් ව්‍යාපෘතියක් වූයේ ඉලූක් හා මඩ මුසු සෙවිලි තහඩුය. ඒ සඳහා බොරැල්ලේ වෙනම කුඩා කම්හලක් ද ක‍්‍රියාත්මක විය. ඉවත ලන බත් මුසු කොට ගඩොල් නිෂ්පාදනය කරන තරුණයකු මම දනිමි. එහෙත් එයට ඔහුට අවැසි තරමින් දිරිදීමක් නැත. ඉවත ලන පුවත්පත්වලින් වුවද ලොව බොහෝ කර්මාන්ත බිහි වී තිබේ. කුඩා මලූ, පා වහන් පවා ඒවායෙන් සැකැසිය හැකිය. මේ ඕනෑම කටයුත්තකට තාක්ෂණයක් තිබේ. ඒවා වාණිජ මට්ටමට දියුණු කිරීමට රාජ්‍යමය මැදිහත්වීමක් වේ නම් මේ බොහෝ ප‍්‍රශ්න තවදුරටත් ප‍්‍රශ්න නොවනු ඇත. මන්දයත් ඔවුන්ට මහා පරිමාණ කර්මාන්ත සමඟ තරග කිරීමට තරම් වූ මූලික ප‍්‍රාග්ධනයක් නොමැති හෙයිනි. කුණු සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ජන හා දේශපාලන ඝෝෂා දකින විට නම් අපට හැඟී යන කරුණ වන්නේ ප‍්‍රශ්නයෙහි මුලම තිබෙන්නේ දැක්මේ අවුලක් බවය.
කුණු කළමනාකරණ ප‍්‍රශ්නයේදී ප‍්‍රධාන වශයෙන් බැණුම් අසන තැන් බවට සෞඛ්‍ය හා පළාත් පාලන ආදී විෂය පත්ව තිබේ. එහෙත් මෙවැනි ප‍්‍රශ්නවලදී මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි බොහෝ විෂය සංඛ්‍යාවක් දරන අමාත්‍යංශ නිසොල්මන්ව සිටී. උදාහරණයකට කුණු වැඬේ පළාත් පාලනයටම බාර දී අත පිසදා ගන්නා පිළිවෙත වෙනුවට බර කරට ගෙන වැඩ කරන්නට සමාජ සවිබල ගැන්වීම්, කුඩා කර්මාන්ත, ග‍්‍රාමීය ආර්ථිකය, ව්‍යවසාය සංවර්ධන ආදී විෂය බාර අමාත්‍යංශවලට නොහැකි ද? සැබැවින්ම හැකිය. එමගින් පෙනී යන තවත් කරුණක් වන්නේ අමාත්‍යංශ විෂය අතර පවතින දුරවබෝධය හා දුරස්ථ ස්වභාවයයි. කුණු කඳු වර්ග කළ පසු තවදුරටත් කුණු නොවන තරම්ය. එහෙත් කුණු වී ගඳ ගසන දේශපාලනයටත් මහ පොළොවේ පය ගසා නැති ප‍්‍රතිපත්ති සම්පාදනයටත් මේවා පෙනෙන්නේ නැත. රටට සම්පතක් බදු දෙයක් මහා ප‍්‍රශ්නයක් බවට පත්කරගැනීමම නොහැකියාවද අනවබෝධයදැයි නොතේරේ. එහෙත් මේ බොහෝ දේ පසුපස දේශපාලනය ඇති බව නම් අපට අවබෝධ කරගැනීමට අපහසු නැත.
රත්නපුරයේ මැණික් ඉල්ලම් රැල්ලට හාරන කාලයක් තිබුණේය. පසුව ඒවා ප‍්‍රශ්න බවට පත්වුණේ නාය යෑම් හා මදුරු තවාන් සමඟය. මැණික් සොයා පස් ගොඩදැමීම කළා මිස ඉවතලන පස්වලින් නිර්මාණාත්මක වැඩක් කිරීමට කවුරුවත් සිතුවේ නැත. දැක්මේ අවුල් යැයි කියන්නේ මෙවැනි විටය. මේ දිනවල යාපනය ප‍්‍රදේශයේ ගඩොල් හිඟයක් තිබේ. ඒ වැලි හා සිමෙන්ති ප‍්‍රශ්න නිසාය. මේ නිසා දැන් කර්මාන්තකරුවන් උත්සාහ ගනිමින් සිටින්නේ ගඩොල්වලට විකල්පයක් සෙවීමටය. බොහෝ ප‍්‍රශ්නවලට විකල්ප සෙවීමේදී බාධා පැමිණෙන එක් ක්‍ෂේත‍්‍රයක් වන්නේ වෙළෙඳපොළ මූලික කරගත් විලාසිතාය. මිනිසුන්ට වෙනස්වීමට ඇති ප‍්‍රධාන බාධකයක් වී තිබෙන්නේ ද මෙම වෙළෙඳපොළ විසින් මෙහෙයවනු ලබන චින්තන සම්ප‍්‍රදායයි. සුපිරි වෙළඳසලින් ලබාදෙන පොලිතින් උරය ප‍්‍රතික්ෂේප කර රෙදි මල්ලකට බඩු ගෙන යන ක‍්‍රමයක් අපටම සැකැසිය හැකිය. අවශ්‍ය වන්නේ සමාජයේ මූලික සංස්ථාවලින් ඊට තල්ලූවක් දීම පමණි. විශේෂයෙන්ම පන්සල වැනි සංස්ථාවලට එහිදී ඉතාම මනරංජන කාර්යභාරයක් ඉටු කළහැකිය. මන්දයත් අතිශය පරිසර හිතකාමියකු වූ බුදු රදුන්ගේ දර්ශනය ප‍්‍රචලිත කිරීමෙහි දුත සේවයට සමාජයෙන් ඉහළ පිළිගැනීමක් ද ලැබෙන බැවිනි. එහෙත් තවමත් සමාජයේ මූලික ප‍්‍රශ්න අරභයා ඉතා පහසුවෙන් ළඟා විය හැකි පිවිසුම් දොරවල් වෙත ප‍්‍රතිපත්ති සම්පාදකයන් ළඟා වී නැති බව පැහැදිලිය.
(සටහන - බිඟුන් මේනක ගමගේ)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉල්ලුමක් නැති කුණු ඉල්ලුම
විජිත් Wednesday, 19 July 2017 07:06 AM
හොඳ ලිපියක්...නමුත් නුගත් දුෂිත දේශපාලුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් පිනුම් ගසන මේ අහිංසක ලස්සන රටේ ..පවතින තත්වයට වඩා යමක් අපිට අවංකවම බලාපොරොත්තු විය හැකිද.. රටේ ජිවත්වන අහිංසක දුප්පත් රටට ආදරය කරන මිනිසුන්ගේ සදාතනික පසුතැවීම එයයි...
කමනි Wednesday, 19 July 2017 08:35 AM
රටට වී ඇති දේ පවසන්නට විජිත කී ආකාරයට වඩා හොඳ විදියක් නැත.
ranes Wednesday, 19 July 2017 10:51 AM
අපි හැමෝම දැන් දන්නවනේ මේ රට විනාස කරන දුෂිත දේශපාලුවන් ගැන. අපිට කරන්න පුළුවන් එකම දේ .... රට වෙනස් කරන්න කලින් අපි වෙනස් වෙලා.... පක්ෂ දේශපාලනට චන්දය නොදී ... උගත් දැක්මක් තියන තරුණ මිනිස්සු ටිකක් පාර්ලිමන්තුවට යවමු...
sachith Thursday, 20 July 2017 04:05 AM
මේ කතාව ලංකාවේ හැක්ෂේත්‍රයකටම අදාලයි. වෙනස් නොවෙන නිසා අපේ මිනිස්සු හැමදාම මේ තට්ටු මාරු ක්‍රමයට චන්දෙ දෙනවා, ඊට පස්සේ ඉතින් හැමදාම ජනතාවට මේ වගේ ප්‍රශ්න.
sabriya shihabdeen Thursday, 20 July 2017 06:15 AM
කොලොන්නාව නාගහමුල්ල පාරේ කුණු ගෙනියන්න එන්නේ සතියකට දවසක්. එත් කුණු ගෙනියන අයට සල්ලි දෙන්න ඕන මන් අහන්නේ අපි වරිපනම් බදු ගෙවන්නේ මොකටද. එයලගේ ගෙම්බර් බලන්න ඕන. කුණු එකතු වෙනකොට පනුවෝ දානවා. ගොඩක් අය නගර සබාවට පැමිණිලි කරන්න බයයි. හේතුව කුණු ගෙනියන්නේ නැතුව ඉඳි කියල. මේවා ගැන පොඩ්ඩක් බලන්න.
සරත් Thursday, 20 July 2017 10:10 AM
මේ රටේ මේ විනාශයට ,රාජ්‍ය අංශයේ හොරු සහ දේශපාලක හොරු වැඩිමනත් වගකියන්න ඕනේ.