භූමිය නිශ්චිත රටක් වන්නේ රාජ්‍යයක් සඳහා වන දේශසීමා තුළට ඇතුළත්වන භූමිභාගයක් බවට පරිවර්තනය වීමෙනි. එසේ වන්නේ බලකාමී කණ්ඩායම්, පිරිස් හෝ පුද්ගලයන් අතර ඇතිවන සම්මුතියක් හෝ සම්මුති මගිනි. දේශසීමා අවිනිශ්චිත එනම් යුද ශක්තියට අනුව නිතර වෙනස්වන ඇවිදින දේශසීමා තිබූ අවධීන් තිබුණි. එකල රාජ්‍යය නිශ්චිත වුවත් රට නිශ්චිත නොවීය. ඒ නිසාම යුද්ධ සහ ඝාතනවල අඩුවක් නොවීය. බොහෝ යුද්ධවලට හේතුව වූයේ රාජ්‍යයයේ භූමි සීමා පිළිබඳ ප්‍රශ්නය. යුරෝපය මේ අර්බුදය විසඳා ගත්තේ අසූ අවුරුදු යුද්ධය අවසන් කරගැනීම සඳහා අත්සන් කළ 1648 වෙස්ට්ෆේලියා ගිවිසුම මගිනි. එතැන් සිට රාජ්‍යයේ අත්‍යවශ්‍ය අංග අතර නිශ්චිත භූමියක් යන්න අංක එකට පත්විය.
රාජ්‍යයක් යනු ඒ කියූ ආකාරයේ නිශ්චිත භූමියක්, නිශ්චිත ජනගහනයක්, ඒ ජනයාගේ පරමාධිපත්‍ය බලය සහ ඒ බලය ක්‍රියාවට නඟන එසේම මේ සියලු අත්‍යවශ්‍ය අංගවලින් සමන්විත ඒවා සංවිධානය කරනු ලබන සංවිධාන ව්‍යුහයයි. සංවිධානාත්මක භාවය වනාහි රාජ්‍යයක යහ පැවැත්ම සහ නොපැවැත්ම, ස්ථාවර භාවය සහ අස්ථාවර භාවය, විනය සහ අවිනය, පොදුජන යහපත සහ අයහපත, ශීලාචාරබව සහ අශීලාචාරකම, ප්‍රජාතන්ත්‍රවාදය සහ දාමරිකකම තීරණය කරන ප්‍රධානතම සාධකය ය.
යම් රටක සිටින අති මහත් ජනකායක් දැවැන්ත දරිද්‍රතාවක ගිලී පීඩා විඳින්නේ නම්, රාජ්‍ය පාලන යාන්ත්‍රණවලට වඩා රාජ්‍ය නොවන සහ පාතාල පාලන යාන්ත්‍රණ බලවත්ව ඇත්තේ නම්, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණ දූෂිතව ජනයාගේ මර්දන සහ පීඩක උපකරණ බවට පත් වී වෙනම බලගතු නිලධර තන්ත්‍රයක් බවට පත් වී ඇත්නම්, නීතිය මුළුමනින්ම පොදු ජනයා මඬිමින් බලගතු කීපදෙනකුගේ රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නේ නම්, පෞද්ගලික අධ්‍යාපන ව්‍යාපාර සහ අධ්‍යාපන කළුකඩ බලවත් වී රාජ්‍ය අධ්‍යාපනය සහ රාජ්‍ය අධ්‍යාපන ආයතන හෑල්ලු වී නිවට වී ඇත්නම්, රාජ්‍ය සෞඛ්‍ය සේවය අඩපණ වී එහි සිටින වුන්ම පෞද්ගලික සෞඛ්‍ය ව්‍යාපාර නඩත්තු කරමින් පොදු ජනයා සූරා කමින් අන්ත අසරණ භාවයට පත් කරන්නේ නම්, රාජ්‍ය සෞඛ්‍ය සේවය ජාවාරමුන්ගේ තිප්පොළවල් බවට පත් වී තිබේ නම්, ආහාර, බෙහෙත්, බීජ, කිරි, පිටිකිරි, පොහොර වැනි දෑ කිසිදු පරීක්ෂාවකින් සහ නියාමනයකින් තොරව හුදු ජාවාරම්කාරයන්ගේ නොහික්මුණු සහ මානව විරෝධී අණසකට පමණක් යටත් වී ඇත්නම් ඉන් පැහැදිලි වන්නේ ඒ රට අසංවිධානාත්මක රාජ්‍යයක හිමිකරුවකු බවයි.
ලංකාවේ අධ්‍යාපන අර්බුදය හරි විධියට නම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයම ය. එනම් මෙරට අධ්‍යාපන ක්‍රමයම යනු අර්බුදයක් ය. කාලයක් තිස්සේ දැවැන්ත වැයක් යොදවමින් නඩත්තු කරන්නේ අර්බුදයක් මිස සංවිධිත අධ්‍යාපන ක්‍රමයක් නොවේ ය. මේ අධ්‍යාපන ක්‍රමය විසින් මෙරට අනෙකුත් අර්බුද ජනනය කළා මිස පවත්නා අර්බුදවලට විසඳුම් උත්පාදනය කරන්නේ නැත. අනෙක ඒ අධ්‍යාපන ක්‍රමයම නඩත්තු කරන්නට වැර දරනවා මිස අධ්‍යයන සංස්කෘතියක් ගොඩ නඟන්නට කිසිදු ආණ්ඩුවක් කිසිම උත්සාහයක් මහන්සියක් ගෙන නැත. අධ්‍යාපනය දරුවන් හීලෑ කිරීමේ පුහුණු මධ්‍යස්ථාන මිස නිර්මාණශීලී අධ්‍යයන කේන්ද්‍ර බවට පත් කළ යුතුය යන්න තේරුම් ගත් පාලකයනුත් නැත, නිලධාරිනුත් නැත, බුද්ධිමතුනුත් නැත, සිවිල් සමාජ ව්‍යාපාරත් නැත.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ කුමක්ද? එක ගොඩක අවිධිමත් ගුරුමාරු ගැටලුය. තවත් ගොඩක නුසුදුස්සන් ගුරු වෘත්තියට බඳවා ගෙන ඇති නිසා හටගත් ප්‍රශ්නය. තවත් ගොඩක විදුහල්පති ප්‍රශ්නය. තවත් ගොඩක වැඩ බලන විදුහල්පති ප්‍රශ්නය. තවත් තැනක ගුරු අතිරික්ත ප්‍රශ්නය. තවත් තැනක ගුරු හිඟයට අදාළ දුක් ගැනවිලි සහ මැසිවිලි ය. විෂයානු බද්ධ ගුරු හිඟය බොහෝ පාසල් මුහුණ දෙන දරුණු ගැටලුවක් ය. ගුරු පුහුණු වැඩසටහන් නොපැවැත්වීම නිසා ගුරුකම නොදන්නා ගුරුවරුන් බොහෝ ය. තවත් තැනක විදුහල්පතිට අවනත නැති මදාවි ගුරු කල්ලි ය, ආදි ශිෂ්‍ය සංගම් ය, පාසල් සංවර්ධන සමිති ය, පාසලට පිටින් ඉන්න චණ්ඩින් සහ බලවතුන් ය, පාසල නොතකා ටියුෂන් වෙළඳාමේ යන ගුරුවරු ය.
එක පැත්තකින් ළඟම පාසල හොඳම පාසල කිරීමට වෙර දරද්දී තවත් පැත්තකින් ළඟම පාසල නොලැබුණු දරුවන්ගේ සහ මවුපියන්ගේ මැසිවිලිය. ලකුණු අනූදෙකක් ලැබුණ ද ළඟම පාසල කිරීමට අදාළ අල්ලස් සහ අවභාවිත පිළිබඳ ආරංචි හැම තැනකින්ම ඇසෙන්නේ අමුතු ආරංචි ලෙස නොව සාමාන්‍ය තොරතුරු ලෙස ය. බහුතරයක් අධ්‍යාපන කලාපවල පාසල් නොමැති දරුවන් ගණන ඉහළ අගයක ය.
දරුවන්ට තබා ගුරුවරුන්ටවත් නිර්මාණශීලී නිදහස් අධ්‍යයනයකට ඉඩක් නැත. ගුරුවරුන් සිටින්නේ දැඩි පීඩනයකය. නිලධාරීන්ගේ, ලොකු පොඩි පාලකයන්ගේ සහ විදුහල්පතින්ගේ පවා දැඩි පීඩනයකට ලක්වූ ලක්වන ගුරුවරුන් අති බහුතරයකි. ඉගැන්වීමට අමතරව පැවරෙන වගකීම් කප්පරක් ගුරුන්ගේ හිසමතය. ඒ නිසාම ඔවුන් දැඩි පීඩනයකය. මේ දිනවල ෆේස් බුක් හි හුවමාරුවන එච් එස් කොඩිතුවක්කු නම් වූ මහතෙකුගේ හෝ මහත්මියකගේ පළකිරීමක දක්වා ඇති තොරතුරු ගුරු පීඩනයට හේතු වී අති ඉගැන්නුමට අමතර වගකීම් තේරුම් ගැනීමට කදිම උපකාරයකි.
ඔහු හෝ ඇය දක්වන අමතර වැඩ ලැයිස්තුව මෙසේය. පෝෂණ වාර්තා, සංගණන වාර්තා, ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු, සිසු දත්ත ගබඩා, සුරක්ෂා රක්ෂණ, හැඳුනුම්පත් ඉල්ලුම් පත්, වාර්ෂික සැලසුම්, වාර සටහන්, සති සටහන්, දිනසටහන්, පාඩම් සැලසුම්, ඇගයීම් සැලසුම්, ඇගයීම් ලකුණු වාර්තා, ප්‍රතිඵල විශ්ලේෂණ, ලකුණු විශ්ලේෂණ, ප්‍රතිකාර්ය වැඩසටහන්, සති සාරාංශ, මාසික සාරාංශ, ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්, විභාග ඉල්ලුම්පත්, ව්‍යාපෘති යෝජනා, ව්‍යාපෘති වාර්තා, පෙළපොත් ලේඛන, බඩු වට්ටෝරු පොත්, ප්‍රමිති, පන්ති කව පැවැත්වීම හා වාර්තා, ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය, මාසික පරීක්ෂණ, තක්සේරු වාර්තා යනාදිය සකස්කිරීම ඒ වද ලැයිස්තුවේ මුල් කොටසය.
මීට අමතරව, කලාප කාර්යාලයෙන් හෙටම පුරවා එවන්න යයි කියා එවන විවිධ ලේඛන, ඊටත් අමතරව, බෙහෙත් බෙදීම, ගැටුම් විසඳීම, පිරිසිදු කිරීම් අධීක්ෂණය, එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම, ක්‍රීඩා උත්සව, අලුත් අවුරුදු උත්සව, වෙසක්, පොසොන් දන් සිල් වැඩසටහන්, ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි, මාර්ගෝපදේශනය හා උපදේශනය, ක්‍රීඩා පුහුණු කිරීම්, පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු, ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම, දරුවන්ගේ පෞද්ගලික ගැටලු විසඳීම, ආර්ථික අපහසුතා වලදී පිහිට වීම, පෙළ පොත් බෙදීම, ප්‍රශ්න පත්‍ර ගෙන ඒම, නිළ ඇඳුම් වව්චර් සැපයීම, විනය මණ්ඩල, ක්ෂේත්‍ර චාරිකා, සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරග, කැඳ විකිණීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම, ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග, බෝධි පූජා, පා ගමන්, මවුපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්, ඊටත් අමතරව, ලියුම් ටයිප් කරන්න, ෆොටෝ කොපි කරන්න, කාර්යාලයේ කටයුතු, වැටුප් හදන්න, ගිණුම් හදන්න, බැංකු යන්න, පාසල මුර කරන්න, පරිසර අලංකරණ කටයුතු, අසනීප වෙන ළමයින් රෝහල් ගෙනයෑම, ආදී රාජකාරියෙන් බැහැර කටයුතු ය.
ඉහත කී වැඩ ගුරුන් අතර බෙදී යන අමතර සහ ඉගැන්නුමට වක්‍රව අදාළ ඒවා වුවත් ඉන් පෙනී යන්නේ ඔවුන් මත පැටවී ඇති වගකීම් සහ කාර්යය ප්‍රමාණාත්මකව ඉතා වැඩි බවය. මේ බරින් බොහෝ විට නිදහස් වන්නේ විදුහලපතිටත් පාට් දාන චණ්ඩි ගුරුන්, නොහික්මුණු ගුරු කල්ලි සහ ටියුෂන් ගුරුන්ය.
මෙවැනි පසුබිමක සමහර පාසල් හැමදාම දුෂ්කර පාසල් ය. සමහර පාසල් වැසී යාමේ තර්ජනයකය. සමහර ඒවා පාසල් නොව ශිෂ්‍ය ජනපද ය. මේ ස්කෝල ක්‍රමය අපේ එකක් නොව යුරෝපයේ කඩාපාත්වීමක් ය. යටත්විජිත මුද්‍රාවක් ය. යුරෝපයේ පාසල්වල සිසුන් දහස් ගණනින් නැත. ඒකට අපේ රටේ සමහර පාසල්වල ශිෂ්‍ය ගහනය දසදහසට එක්කෝ එහාය, නැතහොත් ඒ ආසන්නයේ ය. මේ ශිෂ්‍ය ජනපදවල පාසල් බිමේ කොනක සිට තවත් කොනකට යාමට ෂටල් සර්විස් එකක් අවශ්‍යය ය. මෙය විකාරයක් මිස වෙන කුමක්ද? ගස් යට පන්ති පවත්වන පාසල් බොහෝ ගණනක් තිබෙද්දී අර පාසල් ජනපදවල ගොඩනැගිලි හැදෙන්නේ හැමදාමය. ගොඩනැගිලි අරමුදල් නිතර දැල්වෙන දොළොස්මහේ පහනක් සේ ය. නිවෙන්නෙත් නැත, තෙල් දැමීම නවතින්නෙත් නැත. එහි අනුහසින් ගොඩනැගිලි වැඩිවුණ පාසල් පෙනෙන්නේ පාසල් මුඩුක්කු ලෙසය. සමහර ඒවා ගොඩනැගිලි නොමැතිව හූල්ලද්දී සමහර පාසල් ස්වයං-මුඩුක්කුකරණයකට ලක් වී ඇත. ස්මාර්ට් පන්ති කාමර සහ පාසල් ළමුන්ට ලැප්ටොප් දීම පිළිබඳ තීරණවලට නොපෙනෙන ඩෙස්ක් පුටු නැති වැසිකිළි කැසිකිළි පහසුකම් නැති පාසල්ය. යන්නට පාරක් නැති බොන්නට පිරිසිදු වතුර ටිකක් නැති පාසල් ය. යුරෝපයේ පාසල්වල ඇත්තේ නිදහස සහ නිර්මාණශීලිත්වය ය. අපේ ඇත්තේ මර්දනය සහ හීලෑ කිරීමය. ඒ හීලෑ කිරීමත් සාර්ථක වී නැත. රට අශිෂ්ට වී ඇත්තේ ඒ නිසා ය.
රාජ්‍ය අනුග්‍රාහක පාසල් යටකරගෙන නගර ගම් නියංගම් සිසාරා පෞද්ගලික පාසල් ව්‍යාප්ත වන්නේ ගමේ නගරයේ පොඩි කඩ යටකරමින් පොඩි වෙළෙන්ඳා නන්නත්තාර කරමින් සුපිරි වෙළෙඳසල් ජාල ව්‍යාප්ත වෙන ආකාරයට සමාන වෙමිනි. ඒ රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලික අධ්‍යාපනය ඉදිරියේ නිවට වී ඇත. නිදහස් යැයි කියන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ටියුෂන් ව්‍යාපාරිකයන් ඉදිරියේ නිවට වී ඇත. ටියුෂන් ව්‍යාපාරිකයින් බලවත් වීම නිසා පාසල් ගුරුන් හෑල්ලු වී ඇත. දරුවන්ට පාසල් ගුරුන්ගේ වටිනාකමක් දැනෙන්නේ පෙනෙන්නේ නැත. පාසල්වල නාමපුවරුත් වසාගෙන ටියුෂන් ව්‍යාපාරිකයන්ගේ නැතහොත් ස්වයං-රැකියාකරුවන්ගේ ඊස්ට්මන් වර්ණ දැවැන්ත කටවුට් ය.
මේ සියල්ලෙන් පෙනී යන්නේ මේ රටේ සමාජය විධිමත් කිරීමට හෝ ජාලගතකොට පොදුජන පැවැත්ම යහපත් ලෙස තහවුරු කිරීමට රාජ්‍යය සමත්කමක් දක්වන්නේ නැති බවය. දැන් නිදහස් අධ්‍යාපනය යනු පුහු සන්නාමයක් පමණි. ගුරුන් වැඩ වැරීම සාධාරණ ය. එහෙත් ඊට වඩා අධ්‍යාපනයේ මේ පරිහානිය නවත්වා ගැනීමට නම් ගුරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මැදිහත්කරුවන් අති දැවැන්ත ගුණාත්මක කතිකාවක් සමාජය තුළ ගොඩනඟාගත යුතුය.
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඊස්ට්මන් වර්ණ කතිකාවක්