IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඊළාම් රැහේ කොටි විලක්කුව ඊරෝස්

2 07_PAGE_14_T

 

 

සම්පාදක, EROS, EPRLF, PLOTE, TELO, ENDLFආදී මිලිටරි සංවිධාන ආයුධ සන්නද්ධව කටයුතු කළ සමයේ සිටම යුදමය හා දේශපාලන ක්‍රියාන්විතයන්හි ආශ්‍රය නිරීක්ෂණයකි. විශේෂයෙන් EROS සංවිධානයේ EDF (ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ) සුබසාධන හා මූලෝත්පාදන විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් නායක ශංකර් රාජි සමග ජාත්‍යන්තර මෙහෙයුම්වල ද ක්‍රියාත්මක වූවෙකි.
ඊශ්‍රායලයේ මධ්‍යම ඔත්තු සංවිධානය වන මොසාඞ්
(MOSAD) හා ෂින්බෙත් (SHINBETH) මෙහෙයුම්වල දේශීය නිරීක්ෂකයකු ලෙස ද (ජ.වි.පෙ. ග්‍රහණය කර ගැනීමේ සන්දියේ පටන්) ක්‍රියාත්මක වූවාට පරිබාහිරව, එජාපයේ නිල පුවත්පත වන “සියරට” පත්‍රයේ ද (ජේ.ආර්. ජයවර්ධන යුගයේ) කතුවරයෙකු ලෙස ද, ජනරාල් රන්ජන් විජේරත්න පදනමේ අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළ හෙතෙම, ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ ද (ආර්.පී. හේරත් සංස්කරණය) JR: The Mafia Type Free Thinker" කෘතියෙහි ද කර්තෘවරයා වෙයි.

 

 

ඕනෑම අවස්ථාවක කිසිදු රස්තියාදුවකින් තොරව හමු වී කතා කළ හැකි එක්තරා පුද්ගලයෙකු කොළඹ ගාලු පාරේ බම්බලපිටියේ රජයේ මහල් නිවාස සංකීර්ණයේ සිටියේය. වැඩි හරියක් ඔහු සමග කතා කළ අය නිතර හමුවුණේ එහිම පිහිටි කිරිහලේය. සැමවිටම කිරි ගැනම අගය කළ හෙතෙම අමුත්තන්ට සංග්‍රහ කළේද වැඩියෙන්ම කිරි හා නිර්මාංශ රසකැවිලිවලිනි. 


එහෙත් ඔහු ලන්ඩනයේ සිටි නොම්මර එකේ බේබද්දකු බව කිසිවකුට නොතේරුණි. නමින් අරුලාර් වූ හෙතෙම බි්‍රතාන්‍යයේ ජීවත්වෙමින් සිටියදී 1975 දී එළියතම්බි රත්න සභාපති සමග හවුලේ යම් සංවිධානයක් පිහිටුවීය. ඊට ඔහුගේ නමේ මුල් අකුරු දෙකද ඇතුළත් විය. (ER)


අන්තර්ජාතික මාක්ස්වාදී ව්‍යාපාරයේ සාමාජිකයෙකු වූ ඔහු එසේ පිහිටුවා ගත් EROS නමැති (LTTE) අතුරු සංවිධානය බිහිසුණුකම අතින් දෙවැනි වූයේ කොටි සංවිධානයට පමණි.


ශ්‍රී ලංකාවේදී වැඩිම දෙමළ පිරිසක් (මඩකළපුවෙන් පාර්ලිමේන්තුවට ආවේද, දරුණු ගණයේ අපරාධ රැසක් සාර්ථක ලෙස අවසන් කළේ ද, ඉන්දීය අගමැති පමණක් නොව ඉන්දියාවේ චරපුරුෂ ඒකකය වූ ('Q') ශාඛාව හා ‘රෝ’ (RAW) ඔත්තුසේවය සමග ද්විත්ව චරිත නිරූපණය කළේද ඊරෝස් සංවිධානයයි. 
එක්තරා අවධියකදී, ජනාධිපති ප්‍රේමදාසගේ සහයට එල්.ටී.ටී.ඊ. ඉදිරිපත් වුණත්, ඊරෝස් සංවිධානය අඛණ්ඩවම ස්ථිරසාර ප්‍රතිපත්තියකම අභින්න ලෙස කටයුතු කළේය. 


ඊරෝස් සංවිධානයට, මාක්ස්වාදී ගතික නොහොත් ආරෝපණය තබනු ලැබුවේ මොස්කව්හි ලුමුම්බා සරසවියේ ඉංජිනේරු උපාධිය ලද A.R. අරුද් ප්‍රගාසන් නොහොත් මේ අරුලාර් විසිනි. (A.R. ARUDPRAGASAM alias ARULAR) සංවිධානය මහජනතාව අතර ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තේ එහි ශිෂ්‍ය ශාඛාව වූ “ඊළම් ශිෂ්‍යයන්ගේ මහ සභාව” හෙවත් —GUES" මදුරාසියේදී පිහිටුවා ගැනීමෙන් පසුවය.(GENERAL UNION OF EELAM
STUDENTS) GUES සංවිධානය නොබෝ දිනකින්ම EPRLF ලෙස මදුරාසියේදී රූපාන්තරණය වූ අතර එය TELO සංවිධානය සමගද හාද විය. 


1975 දී ලාංකීය දේශපාලනයට ප්‍රවේශ වූ ඊරෝස් සංවිධානය, වැඩියෙන්ම කැමැත්ත දැක්වූයේ මඩකළපුව දිස්ත්‍රික්කයෙන් පියවර ගැනීමටය. සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ වැඩිම ඡන්ද බලය තිබුණේද මඩකළපුවේය. මුස්ලිම් ජනතාව හා පළමු වරට ඒකාබද්ධ සම්මුතියක් පවත්වා ගැනීමටද ඔවුනට හැකිවිය. ඒ යටතේ :- 
තනි - තනි පුද්ගලයන් සේ සලකා සෑම මුස්ලිම් ජාතිකයෙකු සමගම ක්‍රියා කිරීමට පිළිවෙළක් තැබීය.


අනෙකුත් තරගකාරී මිලිටරි සංවිධාන සමග මුස්ලිම්වරුන්ගේ ඇති වන ගැටුම් සමනය කිරීම සමගම ඊරෝස් සංවිධානයේ යුදමය ධාරිතාවන් වැඩි කිරීමට පිළිවෙළක් ගෙනාවේය.


අම්පාර හා මඩකළපුව මුස්ලිම්වරුන්ට පොදු (දේශපාලන) පන්ති පැවැත්වීය.


හේන් ගොවිතැන සඳහා සංවිධානාත්මක වගා සැලසුමක් ක්‍රියාත්මක කළේය.


මෙම විධිවිධාන ප්‍රායෝගික කිරීම හරහා මඩකළපුවේ මුස්ලිම් ප්‍රදේශවල ඊරෝස් ශාඛා (CELLS) බිහිවිය.


මීටත් වඩා ජනතා සහභාගිත්වයක් හා විශ්වාසයක් දිනාගැනීමට 1977 ජනවාර්ගික ගැටුම් උපයෝගී විය. ඒ අනුව, ප්‍රවෘත්ති පත්‍ර කතුවරයන්ගෙන් සමන්විත කොමිටියක් පත්කර ගැනීමට අවස්ථාව ලැබිණි. ඊට ප්‍රධාන පෙළේ වෘත්තීය සමිතිවලද විශ්වවිද්‍යාල ආචාර්ය - මහාචාර්යවරුද අතහිත දුන්හ. එහිලා විශේෂ වන්නේ පසුකලෙක ඔඍඍධ හෙවත් දෙමළ සරණාගත - පුනරුත්ථාපන සංවිධානය (TAMIL REFUGEE REHABILITATION ORGANIZATION) බිහිකිරීමේ පුරෝගාමී වූ - වෘත්තීය සංගම් නායක කේ. සී. නිත්‍යානන්දන්ය. (K.C. NITHYANANDAN)


ද්‍ර.එ.වි.පෙ. (TULF) එකහෙළාම “වෙනම රාජ්‍යයක්” වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගත්තේ වර්ෂ 1976 දීය. ඒ සඳහා 1977 - මහ මැතිවරණය වෙනම රාජ්‍යයක් - 
“ඊළමක්” සඳහා වරමක් කරගන්නට උත්සාහ කෙරිණි.


ද්‍ර.එ.වි.පෙ. (TULF) නායක අමිර්තලිංගම් LTTE යේ ශක්තිමත්භාවය නිරතුරුවම පැතූ අතරම, LTTE හා EROS අතර හාදකමක් ගැන අමනාපයෙන් හා සැකයෙන්ද පසුවිය. විශේෂයෙන් 1979 හා 1980 වසරවල EROS සංවිධානය දේශපාලනමය වශයෙන් ඉතා ජනප්‍රියව සිටි නිසා LTTE යේ යුදමය ශක්තිය හරහා එය බාල්දුවන්නට සියලු මාර්ගවල ලිහිල පැතීය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ LTTE මෙන් නොව EROS සංවිධානය ලංකාවේ එක්සත් භාවය පතන බවත්, LTTE මෙන් වෙනම රාජ්‍යයක් පතන සංවිධානයක් නොවන බවට අමිර්තලිංගම් විසින් ප්‍රචාරය කරනු ලැබීමයි.


1976 වර්ෂය වන විට ප්‍රභාකරන්ගේ වයස අවුරුදු 22 කි.


ඔහු නිතරම සිය පියා සේවය කළ වව්නියාව ප්‍රදේශයට පැමිණියේය. 


වව්නියාව මන්නාරම මාර්ගයේ පිහිටි (KANNATI) කණ්ණටි ගොවිපළ ෑඍධී සංවිධානය යුදමය පුහුණුවීම් සඳහා වෙන්කළ පසු LTTE ද එහි පුහුණුවීම් සඳහා ඒකාබද්ධ විය. වේළුපිල්ලේ ප්‍රභාකරන්ද තම මූලික අවි පුහුණුව ලබාගත්තේ මෙහිදීය. ශංකර් රාජි, පද්මනාබ, බාලකුමාර් (EROS) හා උමා මහේෂ්වරන්ද ඒ අතර සිටියෝය. (1991 දී ප්‍රභාකරන් විසින් යාපනයේ සමුපකාර, ආහාර හා සුබසාධන කටයුතු පිළිබඳ තත්ත්වයන් පාලනයට පත්කරනු ලැබුවේ ද මෙම බාලකුමාර් යටතටය.) 


මේ අතරතුර නායකත්වය සිය ජාත්‍යන්තර පොදු මාක්ස්වාදයේ උණුසුම හා සම්බන්ධකම් උපයෝගී කරගනිමින්, එවකට බි්‍රතාන්‍යයේ සිටි පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) නියෝජිතයා වූ (SYED HAMEED) සෙයිඞ් හමීඞ්ගේ ආශිර්වාදයෙන් EROS සටන්කරුවන්ට ලෙබනන්හි සටන් පුහුණුවට අවස්ථාවක් ලැබිණි. 1976 මැයි මාසයේදී EROS නියෝජිතයෝ සිය පළමු චාරිකාව හරහා ඊට සුදුසු පරිසරයක් සකසා ගත් අතර පසුකලෙක ඊශ්‍රායලයේදී මරු වසඟයට පත් බිහිසුණු අබු ජිහාඞ් (ABU JEHAD) නමැති පලස්තීන විමුක්ති සංවිධානයේ මුල් පෙළ නායකයෙකු මගින් EROS මෙන්ම LTTE සටන්කරුවෝ ද  ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් එක විට ලබාගැනීමට සමත් වූහ. 


මෙහිදී විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රභාකරන්, EROS ප්‍රධානී රත්නසභාපතිගෙන් ඈත්ව සිටීමයි. LTTE සභාපති උමා මහේෂ්වරන් ඉතා ශීඝ්‍රයෙන් ද්‍ර.එ.වි.පෙ.ට ඇබ්බැහි වෙමින් සිටි නිසා, මෙම බන්ධන ශක්තිය බිඳීමට වහ - වහාම ප්‍රභාකරන් උමා මහේෂ්වරන්ව, 1977 දී ලෙබනන් පුහුණුවට පිටත්කර හරින ලදී. 


ලෙබනන් පුහුණුවට රත්න සභාපති LTTE යද ඈඳා ගත්තේ, පුහුණුවෙන් පසු LTTE සාමාජිකයින්ද තම සංවිධානයේ වසඟයට ගැනීමට වුවත්, ප්‍රභාකරන් ඊට ඉඩ නොතැබීය. 


පසුව උමා මහේෂ්වරන්ගේ බීරුත් නුවර ගුවන් ප්‍රවේශපත්‍රය ඇතුළු LTTE සාමාජිකයන්ගේ වියදම් ගැනද උණුසුම් විවාද හටගත් නමුත් ඒ සියල්ල අමිර්තලිංගම්ගේ මැදිහත්වීමෙන් අස්ථානගත විය. 


ද්‍රවිඩ සටන්කරුවන් අතර අමිර්තලිංගම්ගේ ගුප්ත සහ රහස්‍යමය අතරමැදිවීමද මේ හැමදෙනාටම ප්‍රහේලිකාවක් විය. 


පළමුව, චේතනාවක් වශයෙන් EROS සංවිධානය උත්සාහ කළේ LTTEය තුළ වැඩෙමින් පැවති “ත්‍රස්තවාදී” ගුණය වෙනුවට “දේශපාලන” ගුණය ප්‍රතිරූපයක් ලෙස බද්ධ කිරීමට වුවත් එය එක දිගටම පසුගාමී විය. මේ උත්සාහය තුළ සිටි සරවනන්, රාඝවන්, විශ්වේශ්වරන්, නාගරාජා, වාති, තංගරාජා, බාලා හා අයියර් පසුකලෙක ප්‍රභාකරන් අතර අස්ථානගත විය. 


භේදය දිගින් දිගටම පැවති නිසා LTTE- EROS මිත්‍රකමට කණකොකා හඬන බවක් මොනවට විද්‍යමාන විය. LTTE ය තව තවත් දරුණු වෙමින් සිය මුරුන්කන් කඳවුරට පැමිණි රහස් පොලිසියේ බැස්ටියන් පිල්ලේ ඇතුළු නිලධාරීන් ඝාතනය කළේය. මෙම අපරාධ ජවනිකාවලින් සිය දේශපාලන හඬ නැගූ EROS සංවිධානය ප්‍රදේශයේ හා කලාපයේ ත්‍රස්තවාදී ඝනත්වය ගැනත් විද්‍යාත්මක හා පර්යේෂණාත්මක විලාසයකින් පෙනී සිටි නිසා LTTE යෙන් ඈත් වී ප්‍රදේශයේ උවමනාකම්වලින්ද තාවකාලිකව ඈත්විය.


EROS නායක එලියතම්බි රත්නසභාපති “විෂය මූලික කරුණුවලට පුළුල් අවස්ථාවන් නොදීම” නිසා සාමාජිකයන්ගේ උදහසට හේතු වී තිබිණි. එහි ප්‍රගතිය අවසානයේ —GUES˜ සංවිධානය දෙකඩ වී යම් පිරිසක් එකතුව —EPRLF˜ දේශපාලන සංවිධානය ගොඩනැගීමය.


කුමක් වුවත් ජගත් දේශපාලනයේ හිතවත්භාවය ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කෙරූ පුද්ගලයකු වශයෙන් රත්නසභාපති, ගෝලීය විෂමතාවන් ගැන නිරන්තරයෙන් අධ්‍යයනය කර අවසානයේ (1983න් පසු), නවදිල්ලියේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයත්, RAW “ඉන්දියන් රහස් ඔත්තු සේවයත්” සමග පසමිතුරු විය. ඔහුට ඉන්දිරා ගාන්ධිද, රජිව් ගාන්ධිද හමුවීමට කිසිදු අපහසුවක් නොවීය. 


යළිත් වතාවක් දෙකඩ වුණු ඊරෝස් සංවිධානය මෙවර ලන්ඩනයෙන් මිදී මදුරාසිය හා යාපනය වශයෙන් කණ්ඩායම් දෙකක් විය. ලෙබනන් පුහුණුව ලැබූවන් ලන්ඩන් ශාඛාවේ සිටි අතර අනෙක් අය EROS / GUES ලෙස මදුරාසියේ සිට කටයුතු කළහ. 


මුල පටන්ම රත්නසභාපති හා සම අසුන් ගන්නට ප්‍රභාකරන් අලසව සහ අසාත්මිකව සිටි නිසා මෙවර මදුරාසි කණ්ඩායම වේලුපිල්ලේ බාලකුමාර්ගේ පරිපාලන නායකත්වයෙන් යුත් “ඊළම් විප්ලවවාදී කවුන්සිලයක්” පිහිටුවාගෙන එහි මිලිටරි නායකත්වය ශංකර්රාජී (SHANKARRAJEE) යටතට පත් කළහ. (Nations Vignaswaran යටතේ දේශපාලන අංශය පැවතිණි.) 


ලංකාවේ කොළඹ සිට දිවයිනේ දේශපාලන තත්ත්වයේ ක්‍රියාකාරිත්වය සෝදිසි කිරීම ලන්ඩන් මෙහෙයුම්වලට වඩා පහසු නිසා ප්‍රාදේශීය හා මැතිවරණ කොමිටි සාමාජිකයන් හරහා යාපනය - වවුනියාව - මුලතිව් - කිලිනොච්චිය - මන්නාරම - ත්‍රිකුණාමලය - මඩකළපුව - අම්පාර හා උඩරට පළාත්වල ග්‍රහණය සංවිධානාත්මක විය. 


මෑත කාලීන ඉතිහාසයේ ‘වගකීම භාර නොගන්නා තත්වයෙන්’ සිදුවුණු අති බිහිසුණු ඊරෝස් මෙහෙයුම්වල ශංකර් රාජි සෙවණැල්ල වැටෙන්නේ මෙතැන් පටන්ය. 


ඔහුද වෘත්තීමය කෘෂිකාර්මික (බි්‍රතාන්‍ය) උපාධිධාරියෙකි. හෙමින් කතා කරන, කෙළින්ම මුහුණ නොදෙන, ඉතා ව්‍යක්ත ස්කොට්ලන්ත ඉංග්‍රීසි කථිකත්වයක් හිමි හෙතෙම මේ අතුරු සංවිධාන ජාලයේ සිටි ඉතාම පැහැදිලි “මහත්මයා”ය. ඔහුගේ හැසිරීම හා කල්ක්‍රියාව අනෙකුත් අතුරු සංවිධාන “නූගත් - කබල් මානව සම්පත් එකතුවක” පිළිබිඹුවක් වන තරමට හෑල්ලු වී තිබේ. අති ආකාශ්මික පෞරුෂත්වයකින් සන්නද්ධ වී සිටි මේ දැවැන්ත චරිතය අනෙකුත් අය තදාසන්න ප්‍රදේශවල කාර්යාල පවත්වාගනිද්දී, සිය මෙහෙයුම් ඒකකය කොළඹ 7 රාජකීය විද්‍යාලය අවට පිහිටුවා ගත්තේය.
අගමැතිවරයා වන්නට පෙරත් පසුත්, ශංකර් රාජී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මුණගැසුණේය. ලංකාවේ කලබල කිරීමට ඉන්දියාවට උවමනා වූයේ මන්දැයි ඔහුගෙන් ඇසූ විට ශංකර්රාජි මෙසේ කීය. 


“ඉන්දිරා ගාන්ධි හා ජයවර්ධන සුහදව නොසිටි බවට කරුණු සෙවීම ප්‍රධාන නොවේ. ඉන්දියාවේ පැවැත්මට පෞද්ගලික මිතුරුකම් අදාළ නැත. නමුත් යාළුකම් ශක්තිමත්ව පැවතියා නම්, සිය මැදිහත්වීම්වලින් ඈත්ව සිටින ලෙස RAWසංවිධානයට දන්වන්නට ඇයට හැකියාව තිබිණි. 


ශංකර් රාජීට අනුව ලාංකීය දෙමළ තරුණයාව සන්නද්ධ කිරීමට හේතූන් තුනක් තිබිණි. 


පළමුවැන්න - තමිල්නාඩු සාධකයයි. “දෙමළ ජාතිකත්වය පිළිබඳ වාන් දැමීමේ අවස්ථාව”. දෙමළ සටන්කාමීන්ට අනෙකුත් රටවලින් ලැබෙන ආධාර වාරණය කිරීම දෙවන අවස්ථාවයි. සිම්බාබ්වේ, ඇන්ගෝලා, මොසැම්බික්, එරිත්‍රියා වැනි රටවලද මෙවැනි උසිගැන්වීම් තිබිණි. වියට්නාම් හා කාම්බෝජයේද තත්ත්වයන් බොහෝවිට හෘදයාංගමව සමීපයි. ඉන්දියාව ඒ නිසා දෙමළ සටන්කාමීන්ට අනුග්‍රහශීලී වීම පරෙස්සම්. නැතිනම් මීට වඩා වැඩි විශ්ලේෂණයකින් හා උපරිම උපමාන හරහා ප්‍රතික්‍රියා ඇතිවනවා නිසැකයි. එහෙත් ඉන්දියාව මැදිහත්වූයේත් කලාපීය පොදු පරාමිතීන් (Parameteres) යටතේමයි. 


තුන්වෙනි කාරණය වන්නේ ශ්‍රී ලංකාව අනවශ්‍ය ලෙස බටහිර රටවල්, - විශේෂයෙන් ඇමරිකාව සමග එකට නැගී සිටීමට ගත් අභිරුචියයි.”


ඉන්දියන් සාගරයේ අවට ආසියාවේ රටවලට ඉන්දියාව උත්ප්‍රාසයෙන් යුතුව ගෙනගිය දේශපාලනයේ ධාරිතාව හා මහිමය ඇතැම් අති-ධාවනකාරී මතධාරීන්ට ස්වයං වින්දනයක් විය.


මේ මුග්ධ මානසිකත්වය තුළ රෝ සංවිධානය තම EROS කේඩරයන් පමණක් නොව සෙසු සියලු ඊළම් ගැති පන්නයන් සමග සැවොම පුහුණු කළ බව ශංකර් රාජි දැන සිටියේය. ඔහු ජාත්‍යන්තර තලයේ කල්පනාවක සිටි නිසාත්, සියලු ප්‍රතික්‍රියා සැලසුමෙන් ගණනය කළ නිසාත් සන්සුන් විය. LTTEට මෙන්, දෙමළ ජනතාවගේ නියෝජිතයා තමන් පමණක් විය යුතු බව ශංකර්රාජි පිළිපැද්දේ නැත. 
(මතු සම්බන්ධයි)

m



අදහස් (0)

ඊළාම් රැහේ කොටි විලක්කුව ඊරෝස්

යෝනක Saturday, 13 August 2016 04:23 AM

හොඳ ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 27 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 14 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 842 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 106 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 149 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 388 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site