අද, ලෝකය පුරා බොහෝ රටවල පැතිරයන ඉතා කනගාටුදායක ප්‍රවණතාවක් දකින්නට ඇත. එනම්, රාජ්‍ය පාලනයෙන් උගතා ඈත් කර නූගත් පිරිස් නොයෙක් උපක්‍රම යොදමින් ඉතා බලවත් දේශපාලන තනතුරු ලබා ගැනීමය. මෙම ප්‍රවණතාව, ලෝකයේ බලවත්ම යයි කියා ගන්නා රටේ පවා මෑතකදී දැකගන්නට ලැබුණු බව අපි හොඳින් දනිමු.
නිසි අධ්‍යාපනයක් හෝ අත්දැකීම් රහිත පිරිස් බලවත් දේශපාලන තනතුරු වලට පත්වීම ඉතා භයානකය. එය බොහෝ රටවල්වල ප්‍රගතිය විනාශ කරනවා පමණක් නොව තවත් ලෝක යුද්ධයක් ඇතිවීමට පවා හේතුවිය හැකිය. ‘වඳුරාට දැලි පිහිය දුන්නා වගේය’ යන උපමාවක් ජන වහරේ ඇති බවද බොහෝ දෙනා දනිති.
දේශපාලනයට පමණක් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන බවත්, අනෙක් සියලු ක්ෂේත්‍රවලට එය අවශ්‍ය බවටත් දුර්මතයක් පවා ගොඩ නැගෙමින් තිබේ. මෙය ඉමහත් ඛේදනීය තත්ත්වයකි.
උසස් අධ්‍යාපනයෙන්, කෙනෙකු තම විෂය ධාරාව පිළිබඳ උගතකු වෙනවා පමණක් නොව තමන්ගේ විෂ්ලේශනාත්මක බුද්ධිය (analytical thinking) සහ විවේචනාත්මක බුද්ධිය (critical thinking) යන ඉතා වැදගත් බුද්ධිමය කුසලතාද දියුණු කර ගනී. ඉතිහාසය පුරාම, සාර්ථක දේශපාලකයන් මෙම කුසලතා යොදමින් ගත් ධනාත්මක තීරණ බොහෝ විය.
එමෙන්ම සුලු පරාසයක් තුළ සිතමින්, නූගත් නායකයන් ගත් බොහෝ ඍනාත්මක තීරණ නිසා රටවල් ප්‍රපාතයට ඇද වැටුණු අවස්ථාද එමටය. දියුණුව අතින් මන්දගාමී හා පසුගාමී රටවල් වලට එසේ වීමට හේතුව එම රටවල් පාලනය කළ සහ කරන දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම් පිළිබඳ සමීක්ෂණයක් කළ විට ඉතා පැහැදිලිවේ.
වාසනාවකට මෙන්, බටහිර යුරෝපයේ බොහෝ රටවල්, කැනඩාව, සිංගප්පූරුව වැනි රටවල ඡන්ද දායකයෝ තම කැමැත්ත පළ කිරීමේදී අපේක්ෂකාගේ උගත්කම තවමත් සැලකිල්ලට ගනිති. රටවල් අතලොස්සක හෝ මෙවැනි ප්‍රවණතාවක් තිබීම සතුටට කරුණකි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයන්ගේ ක්‍රියා කලාපයට වගකිව යුත්තේ ඡන්ද දායකයන්. මන්ද හුදෙක් වාසගම, පක්ෂය, කුලය, බොරු ෙපාරොන්දු ආදීන් සලකා බලා ඡන්දය ප්‍රකාශ කර පත්කරන බොහෝ නායකයන් තම රටවල් ආර්ථික හා සමාජීය විනාශය කරා ගෙනගිය සහ ගෙනයමින් පවතින අවස්ථා එමටය. මේ විනාශවලට මග සාදා දුන්නේ හුදෙක් ඡන්ද දායකයන්ය. අද, වෙනිසියුලාවට අත්වී ඇති ඉරණම හොඳම උදාහරණයකි. අප්‍රිකානු කලාපයේද, දකුණු ආසියාවේද මෙයට නිදසුන් බොහෝය.
‘සුදුසු’ දේශපාලන නායකත්වයක් බිහිකළ හැක්කේ ‘උගත්’ ඡන්ද දායකයන්ටය. මෙහිදී ‘උගත්’ යනුවෙන් කියැවෙන්නේ කාලීන කරුණු හොඳින් වටහාගෙන රටේ දියුණුව සඳහා පැහැදිලි දර්ශනයක් ඇති, විශ්වසනීය පුද්ගලයන්ට තම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය වටහා ගැනීමේ හැකියාවයි. රූප සුන්දරියන්ට, කායවර්ධකයන්ට, නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට ඔවුන්ගේ එම ක්ෂේත්‍රවල හැකියාවන් පමණක් සලකා ඡන්දය දීමේ ඉහළ ප්‍රවණතාවක් ඇත. දේශපාලන කටයුතුවලදී ඔවුන් අනුවන ලෙස හැසිරීම පුදුමයක් නොවේ. වැඩිම මනාප ගණනකින් පාර්ලිමේන්තුවට පැමිණියත් වචන පහක් එක දිගට ගලපා ගත නොහැකි ‘දක්ෂ කලාකරුවෝ’ එමට සිටිති.
රජයේ හෝ වේවා පෞද්ගලික අංශයේ හෝ වේවා. ඕනෑම රැකියාවක් සඳහා කිසියම් අධ්‍යාපන සුදුසු කමක් අවශ්‍යවේ. එහෙත් දේශපාලනයට පිවිසීමට එවැනි කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවීම වටහාගත නොහැකි කරුණකි. එය ඉමහත් අභාග්‍යයකි. යාන්තමට අටවැනි ශ්‍රේණිය සමත් ඇමැතිවරුන්ට ‘සර්’ හෝ ‘මැඩම්’ කියා හිස නමන උපාධිධාරීහු කොතරම් වෙත්ද?
අඩුම වශයෙන්, ඇමැතිවරයකුට, තමන් පාලනය කරන අමාත්‍යාංශයේ විෂය පිළිබඳව මූලික දැනුමක් හෝ පලපුරුද්දක් වත් තිබීම ඉතා වැදගත්ය. මෙයට සරල උදාහරණයක් ලෙස කැනඩාව දැක්විය හැකිය. කැනඩා ෆෙඩරල් රජයේ ඉතිහාසය පුරාම සිටි අගමැතිවරුන් සහ ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ උපාධිධාරින්ය. නැතිනම් තමන්ට භාර විෂයේ ඉහළ වෘත්තීයමය පලපුරුද්දක් ඇති අයය. උදාහරණයක් ලෙස, 2015 අලුතින් පත් කෙරුණු රජයේ අමාත්‍ය මණ්ඩලයේ 30 දෙනාගෙන් 15 ක් නීතිඥයන්, 3 ක් ප්‍රවීණ මාධ්‍යකරුවන්, 2 ක් ෙජ්‍යෂ්ඨ පරිපාලන නිලධාරින්, එක් වෛද්‍යවරයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක්ද විය. එම අමාත්‍ය මණ්‍ඩලයේ 50% ක් කාන්තාවන් විමද ඉතා වැදගත් කරුණකි. අගමැතිවරයා උපාධිධාරී ගුරුවරයෙකි.
මෙවැනි ප්‍රවණතාවක් ලෝකය පුරාම දියුණුවී ඇති සහ හොඳින් දියුණුවෙමින් පවතින බොහෝ රටවලින් දැකගත හැකිය. කලාපීය පැහැදිලි උදාහරණයක් ලෙස සිංගප්පූරුව පෙන්වා දිය හැකිය.
මේ කනගාටුදායක තත්ත්වයට වගකිවයුත්තේ කවුද? ඡන්දදායකයන් වන අපමය. නූගත් හොරුන් පාර්ලිමේන්තු යන්නේ අපේ කර පිටිනි. අපි නූගතුන් රජ කරවනවා පමණක් නොව ඔවුන්ට හොරකම් කිරීමට අවශ්‍ය පසුබිමද හදා දෙන්නෙමු.
සමහර විටක, රටක නායකයා හෝ විෂය බාර ඇමැතිවරුන් තම විෂයයන් පිළිබඳ සුළු හෝ දැනුමක් නැති අය විය හැක. එසේ වූවිට, සුදුසුකම් ඇති උපදේශක වරුන්ගේ අදහස් විමසා නිවැරදි තීරණ ගැනීමට දක්ෂ පාලකයෝ කටයුතු කරති. වැඩි ප්‍රවණතාවක් ඇත්තේ කිසිම සුදුසුකමක් නැති තම නෑදෑයන් සහ හිතවතුන්ට උපදේශක තනතුරු ලබාදීමයි.
හදිසියේම පහළවන ‘ආචාර්ය’ ‘මහාචාර්ය’ වරු කූඨ අපදේශකයන් ලෙස බල කේන්ද්‍රයන්ට හේත්තුවී වැරදි උපදෙස් දී නායකයන් නොමග යැවීමත් සිදුකරනවා විය හැකිය. තමන්ගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පට්ටම් යොදාගන්නා සමහරු ‘වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩ වැදී නැතැයි’ කියන අදහසකුත් පැතිර යයි.
බොහෝ ප්‍රජාතාන්ත්‍රික රටවල් මැතිවරණයකට පසුව, පාර්ලිමේන්තුවට තෝරා පත්වන සභිකයන්ගේ දිව්රා සහතික කළ වත්මන් ශුද්ධ වත්කම් ප්‍රකාශයක් රජයට ලබාදිය යුතුය. එමෙන්ම, තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ එම වත්කම් විස්තර ලබා ගැනීමේ හැකියාව සෑම පුරවැසියකුටම ඇත. එහෙත්, මේ අයිතිය භාවිත කොට කිසිවකු දූෂිත දේශපාලකයන්ගේ වත්කම් සොයා බලන බවක් නොපෙනේ. හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රික සමාජයක, මෙම වගකීම පැවරෙන්නේ අපක්ෂපාතී ප්‍රජා සංවිධාන වලටය.
රටක, සක්‍රීය අපක්ෂපාතී ප්‍රජා සංවිධාන තිබීම එම රටේ ප්‍රජාතාන්ත්‍රික භාවයේ සරු බව පෙන්වන ලකුණකි. එවැනි සංවිධාන නැතිවීම, දූෂිත දේශපාලකයන්ට දෙවියන් දුන් වරමක් මෙන්ය.
මෙවැනි පසුබිමක, ප්‍රජාතාන්ත්‍රිකව පත්කළ රජයන් හි ක්‍රියාවලින් විමර්ශනය කොට දූෂණ හා වංචා මහජනතාවට හෙළිදරව් කිරීම ප්‍රජා සංවිධාන මෙන්ම විශ්වවිද්‍යාල වලද වගකීමකි. මන්ද, තොරතුරු ලබා ගැනීමේ හා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියේ තාක්ෂණය ඔවුන් සතු නිසාය.
සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උගතුන්ට ඇති අයිතිය හා යුතුකම පැහැර හැරීම තුළින් සිදුවන්නේ දූෂණය සහ වංචාව සාමාන්‍ය දෙයක් බවට පිළිගැනීමට සාමාන්‍ය ජනතාව පුරුදු කිරීමයි. මෙම විනාශයට වැඩිපුරම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලන විද්‍යා අංශවල ගරු ප්‍රධානීන් සහ සෙසු ආචාර්යවරුන්ය. කූඨ දේශපාලනික උපක්‍රම දැක දැකත් නිහඬව සිටීම විසින් ඔවුන් සමාජයට කරන අයහපත ඉතා දරුණුය.
කිසියම් අපක්ෂපාතී කණ්ඩායමක් විසින් ‘ගෝලීය දේශපාලන දත්ත’ වෙබ් අඩවියක් පවත්වා ගත යුතුය. පවතින රජයන් හී සෑම සාමාජිකයකුගේම අධ්‍යාපන සුදුසුකම්, වාත්තීයමය සුදුසුකම්, බලයට පත්වන විට වත්කම, දැනට වත්කම වැනි දත්ත ගොනුකොට ප්‍රකාශ කළ යුතුය. එවිට, දේශපාලන විනිවිද භාවය බොහෝ දුරට තහවුරු කළ හැකිය. මෙවැනි දත්ත සියල්ලක්ම ඉතා පහසුවෙන් ලබාගත හැකිය. පුද්ගලයන් වත්කම් දත්ත සැපයිය යුතු බව බොහෝ රටවල නීතිගත කර ඇත.
මේ වැනි විස්තර, ඡන්ද අපේක්ෂකයන්ගෙන්ද ලබා ගැනීමට හැකිනම් කොතරම් අගනේද? අපේම ඡන්දයෙන්, නුසුදුස්සන් පාර්ලිමේන්තු යවනවා පමණක් නොව ඔවුන්ට දූෂණ හා වංචා කිරීමට වාතාවරණය සාදා දෙන ඡන්දදායකයාට අත්වන ඉරණම ලෝකය පුරා බොහෝ රටවලින් සක්සුදක් සේ පැහැදිලි වී ඇත.
(***)
නිමල් රාජපක්ෂ
එඩ්මන්ටන්, කැනඩාව.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උගතා පාගා නූගතා උඩදාන ලෝකය වෙනස් කරමු
Lal Monday, 27 September 2021 02:32 PM
ඉස්සෙල්ලාම ඒ වෙනස කරන්න පටන් ගන්න ඕනෑ ලංකාවෙන්...
nmWednesday, 29 September 2021 05:12 AM
උසස් අධ්‍යාපනයක් ලද සියලු දෙනාම සහ විවේචනාත්මක බුද්ධිය යන ඉතා වැදගත් බුද්ධිමය කුසලතා දියුණු කර නොගනි. එය කණගාටුවට කරුණකි. නමුත් උසස් අධ්‍යාපනයකින් ලබන්නා වූ දැනුම එම පුද්ගලයා හදාරන්නා වූ ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් ඔවුන්ට ලැබේ. බුද්ධිය, බුද්ධිමත්කම යනු පුද්ගලයකුට පෙරපින් කුසල් අකුසලයක් අනුව ඔහුට ලැබෙන්නා වූ උපතින් රැගෙන එන්නවු වටිනා දායාදයකි. එය එසේ නොවේ නම් පැහැදිලි කරන මෙන් ඉල්ලමි.
vinividaWednesday, 29 September 2021 06:03 AM
ලංකාවේ උගත්, බුද්ධිමත් දේශපාලකයින් සිටියද ඔවුන්ට දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට නොහැකි වනුයේ වර්තමාන දේශපාලන ක්‍රමය තුළ මේවනවිට දේශපාලනයේ සිටිය යුතු සහ නොසිටිය යුතු සියලුදෙනා සිටින නිසාවෙනි. වර්තමාන දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට නම් කළයුතු වන්නේ පළමු පියවර වශයෙන් ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට අවංක, විශ්වාසනීය නව කණ්ඩායමක් පත්කර ගැනීම වේ. කැනඩාවේ දේශපාලනය ලංකාවේ නොවේ. රජයේ කිසිඳු ආයතනයක් දේශපාලනීකරණය වී නැත. සියලු රාජ්‍ය ආයතන පුද්ගලික ආයතන මෙන් ක්‍රියාකරයි. නවරජයක් පත්වුවද කිසිඳු රජයේ නිලධාරියකු වෙනස් වන්නේ නැත. රාජ්‍ය තන්ත්‍රය / පරිපාලන සේවය සහ දේශපාලනය සමාන්තරව ගමන් කළද කිසිදා එක්වන්නේ හෝ පටලවා ගැනීමක් නැත. දෙපාර්ශවයම වෙන් වෙන්ව ගමන් කළත් රාජ්‍ය පාලනයේදී කිසිදු දේශපාලන බලපෑමකින් තොරව රට වෙනුවෙන් ප්‍රතිපත්තිමය එකඟත්වයන්ට පැමිණේ. ලංකාවේ එසේ නොවේ.. රාජ්‍ය පරිපාලන සේවය පාසලේ සිට අධිකරණය දක්වා වූ සියලු රාජ්‍ය ආයතන දේශපාලනයට යටත් ව තිබේ.
Susantha Weerasinghe Monday, 27 September 2021 02:50 PM
වඩාත්ම වැදගත් ලිපියක් තියෙනවා. ඔබේ උත්සාහය අපි අගය කරනවා.
Suraj Samantha Monday, 27 September 2021 02:52 PM
ලෝකයේ බොහෝ රටවල් පෙන්වාදිය හැකියි... විශේෂයෙන්ම ශ්‍රී ලංකාව.
Mangala Monday, 27 September 2021 04:57 PM
මේ ලිපියේ කරුණු වලට සම්පූර්ණයෙන් එකඟ වෙන්න බැහැ. මොන උගතා වුණත් ආකල්පමය වෙනසක් මානුෂිකත්වයක් සහ රට ජාතිය ගැන ආදරයක් නැත්නම් වැඩක් නැහැ. කැනඩාවේ ඇමැති මණ්ඩලෙන් 15ක් නීතිවේදීන් කියලා කියනවා. එතකොට නීතිවේදියෙක් වුණාම ඕනෑම අංශයක වැඩකරන්න ඒක සුදුසු කමක්ද? මේ රටේත් ඇමැති, අගමැති, ජනාධිපතිලා වෙලා හිටියා නීතිවේදියෝ කෝ මොකක්ද කළේ?. උගත්කම තිබුණාට මානුෂිකත්වයක් සහ රට, ජාතිය ගැන ආදරයක් තිබුනේ නැහැ. අනුකාරකයින් පමණයි. හරි විදියට කියනවා නම් මේ උගත්තු, රටේ අඩු අධ්‍යාපනයක් ලබන මිනිසුන්ට සලකන්නේ නූගත් මිනිස්සු කියලාම විතරයි. ගිහින් බලන්න රජයේ රෝහලකට හෝ රජයේ ආයතනයකට, ඔක්කොම ඉන්නේ මිස්ලා, සර්ලා.
Ushendra Tuesday, 28 September 2021 07:57 AM
ඇත්තටම නිවැරදියි . සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අ.පො.ස උසස් මට්ටම හෝ උසස් අධ්‍යාපන මට්ටම සමත් විය යුතු අතර වයස අවුරුදු 18 - 55 අතර වයස් මට්ටමකින් යුක්ත විය යුතුය. අවුරුදු 55 ට වැඩි ඕනෑම අයෙකුට විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුය. සියලු දෙනාම රාජ්‍ය භාෂාව සහ එක් ජාත්‍යන්තර භාෂාවක් හොඳින් දැන සිටිය යුතුය. උශේන්ද්‍ර
Sisira Amarasinghe Tuesday, 28 September 2021 03:12 PM
අපේ සමාජයේ යහපත උදෙසා, සමාන ලිපි වැඩි වැඩියෙන් ලිවීමට අපි ඔබව දිරිමත් කරමු. නැවතත් ස්තුතියි.
Lakmini Thushari Tuesday, 28 September 2021 03:16 PM
මේ අදහස් වලින් කිහිපයක් වත් ක්‍රියාත්මක කිරීමට අපට හැකි නම් එය අපේ සමාජයට යහපතක් වේ. නමුත් මෙම වත්මන් ක්‍රමය සමඟ. එය ඇත්තෙන්ම දුෂ්කර වනු ඇත.
vinivida Wednesday, 29 September 2021 06:05 AM
වරක් කැනඩාවේ හිටපු අගමැතිවරයකු වන Brian Mulroney ( 1987 - 1993) ගේ ක්‍රීඩා ඇමතිවරයා මහාධිකරණ විනිසුරුට දුරකථනයෙන් කතා කොට ක්‍රීඩා ඇමැතිවරයාගේ මිතුරකුගේ අධිකරණ කරුණක් සම්බන්ධව විමසීමක් කොට තිබේ. එම ක්‍රීඩා ඇමැතිවරයාගේ දුරකථන සංවාදයෙන් පසු මහාධිකරණ විනිසුරු දුරකථනයෙන් අගමැතිවරයාට මෙම පුවත දන්වා තිබේ. අගමැති Brian Mulroney ක්‍රීඩා ඇමතිවරයාට දුරකතනයෙන් කතාකොට පසුදිනම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ. ඇමතිවරයා සිදුවීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කොට ඉල්ලා අස්විය. කිසිදු වොයිස් කට් ලබාදීමක් නැත. ලංකාවේත් එසේ වීමට නම්, එවැනි ප්‍රතිපත්තිමය දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට නම් ශ්‍රී ලාංකිකයන් ඉදිරියට පැමිණ නව දේශපාලන ක්‍රමයක් උදෙසා ඉදිරි මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගතයුතු වේ. රටේ වර්තමාන දේශපාලන දිශානතිය වෙනස් කිරීමේ තීරණය ගතයුතු වන්නේ ශ්‍රී ලාංකිකයන් විසින්ම වේ... ඒ ලංකාවේ සිටින පුරවැසියන් හට පමණක් නොව ලොව පුරා සිටින ලෝකය දුටු ශ්‍රී ලාංකිකයින්ගේද දායකත්වය ලංකාවේ සැබෑ වෙනසක් වෙනුවෙන් ලබා දිය යුතුම වේ. මේ පැමිණෙමින් තිබෙනුයේ එම විරල අවස්ථාව වේ.
dhamneth Wednesday, 29 September 2021 11:15 AM
මේකට අපේ සමහර පන්සල්වල නායක හාමුදුරුවනුත් වග කියන්න ඕනේ .ඕනේ හොර වැඩක් කරලා පන්සලකටත් එකවර විසි තිස් දාහක් දෙනවානම් එයා සැදැහැවත් ධාන පතියෙක් . විශ්ව විද්‍යාලයක උගන්වන මහාචාර්යවරයාට පන්සලේ තැනක් නෑ .මුදල් නැත්නම්
Krishanthi Kodikara Wednesday, 29 September 2021 12:42 PM
මෙම ලිපිය කතානායකට දිලා පාර්ලිමේන්තුවේ කියවිය යුතුයි...
Lalanthi Perera Wednesday, 29 September 2021 12:44 PM
හොඳ ලිපියක්... මේ ලිපිය තවතවත් ජනතාව අතරට යන්න ඕනෑ... ඔබගේ උත්සාහයට ස්තුතියි.