ආසියාවේ ප්‍රථම වරට අශ්ව කෝච්චියක් ධාවනය වූයේ ලංකාවේය. 1832 දී එම කෝච්චිය කොළඹ සිට මහනුවර දක්වා ධාවනය විය. ශ්‍රීලංකාවේ දුම්රිය මාර්ගය හෙන්රිෆෝඞ් ආණ්ඩුකාරවරයාගේ කාලයේ අශ්ව කෝච්චියෙන් පසුව 1858 දී කොළඹ සිට මහනුවර දක්වා (උඩරට) දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ විය.
මෙම දුම්රිය මාර්ගය 1870 දී පේරාදෙණිය දක්වාද 1899 දී බණ්ඩාරවෙල දක්වාද දීර්ඝ කෙරිණ. ඉක්බිති උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය බදුල්ලේ ඉදිකර බදුල්ල දක්වා දුම්රිය දීර්ඝ කෙරිණ.
මෙම දුම්රිය මඟේ ඉස්සර දුම්රිය ගමන් කළේ ගල්අඟුරු හා ජලය උපයෝගි කරගනිමින් වාෂ්ප ශක්තිය ලබාගත් දුම්රිය එන්ජින් වලිනි.
1967 පමණ වනතෙක් මෙම එන්ජින් භාවිතයට ගැනුණද ඉන්පසු ඩීසල් එන්ජින්වලට මාරුවීමත් සමඟම වාෂ්ප දුම්රිය එන්ජින් කොන්වී ගොස් ඩීසල් එන්ජින් රේල් මගට එක්ව ඇත.
සේවයෙන් අයින් කළද විශේෂ චාරිකා කීපයකට වාෂ්ප දුම්රිය එන්ජිම යොදාගෙන ඇත්තේය. වසර 15 කට පසු වාෂ්ප දුම්රියක් නොබෝදා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය විය.
ගැල් මැදිරි දෙකකින් සමන්විත වූ මෙම වාෂ්ප දුම්රියේ ගමන් කළේ ලෝකයේ රටවල් 10 කින් පැමිණි ඡායාරූප හා වීඩියෝ ශිල්පීන්ය. මෙම කණ්ඩායමට ජර්මනිය, ස්විට්සර්ලන්තය, බේල්ජියම, ස්කොට්ලන්තය, එංගලන්තය, ජපානය, නෙදර්ලන්තය, ප්‍රංශය, කැනඩාව, ඔස්ටි්‍රයාව යන රටවලින් පැමිණි ඡායාරූප හා වීඩියෝ ශිල්පීන් 41 දෙනෙක් ඇතුළත් වූහ. නානුඔය, වටවල, රොසැල්ල, හැටන්, කොටගල පසුකරන විට තේවතු අතරින් දිවගොස් බිංගෙය තුළින් රිංගන වාෂ්ප දුම්රිය සේයරූ ශිල්පීන්ගේ නෙතට රසඳුනක් විය.
හැටන් සහ කොටගල අතර පිහිටි සිංගමලේ උමඟ ලෙස හඳුන්වන බිංගෙය උඩරට දුම්රිය මගේ දිගම බිංගෙයයි. එහි දුර මීටර් 567කි. ඒ වන විටත් සමස්ත දුම්රිය මාර්ගයේ බිංගෙවල් 13ක් පසුකර තිබුණද දුම්රියෙන් එළියට පැනගත් විදේශියකයන් සිංගමලේ බිංගෙයි අසිරියේ සේයා සටහන් කරගත්තේ දැඩි උද්‍යෝගයකිනි.
ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මින්ගල්ල බිංගෙය දිගින් දෙවැනි වුවද එය මීටර් 423 ක දිගින් යුතුය. තේවතු අතරින් දිවයන දුම්රිය වරෙක මීදුමින් වැසීයාම චමත්කාරජනකය. තමන් ගත් ඡායාරූප හෝ විඩියෝ දර්ශන හෝ ප්‍රමාණවත් නොවූ බව හැඟුණහොත් දුම්රිය නැවත ආපස්සට ගෙන ධාවනය කරවීමටද පියවර ගැනිණ.
මෙම වාෂ්ප දුම්රියේ මෙම එන්ජිම එංගලන්තයේ නිෂ්පාදනයකි. අංක 213 ක්‍ක්ි ඊ2 වර්ගයේ මෙම එන්ජිම ලංකාවට ගෙන්වා ගනු ලැබ ඇත්තේ සුදු ජාතිකයන් විසිනි. වයස 94 ක් පිරුණද ඇගේ ගමන් ලතාව තවමත් තිරිහන්ය.
හොස් හොස් හඬ නඟනවිට අහසට නැඟෙන දුම්ගුලි වාතලයේ විසිර යන්නේද රූරටා මවමිනි. ඒ අසිරිය දකින්නට දුම්රිය මග දෙපසට රැස්ව සිටි ජනතාව හා පාසල් සිසුන් දෑත් ඔසවා අචාර සමාචාර කිරීම මේ කණ්ඩායමේ ඉමහත් සතුටට හේතුවක් විය.
උඩරට දුම්රිය මඟේ වැඩිම බිංගෙවල් ප්‍රමාණයක් ඇත්තේ ඉදල්ගස්හින්න හා ඔහිය අතරය. එම ප්‍රමාණය 14 කි.
කාලගුණයේ ක්ෂණික වෙනස්වීමත් සමග මහපර්වත සිදුරු කරමින් තිබූ බිංගෙවල්වලට ඇතුළුවන හා පිටවෙන දුම්කෝච්චියේ දර්ශන අතර බොහෝවේලාවක් ගතකිරීමට මෙම ශිල්පීහු උත්සුක වූහ.
ඉදල්ගස්හින්න පසුකරන විටත් මඳ අදුර හා මීදුම විසින් වසාගනු ලැබ තිබූ පරිසරය නිසා, වාෂ්ප දුම්රියෙන් පහුතලේට පැමිණ පසුදා උදෑසන යළි ඉදල්ගස්හින්නට ගොස් හිරු රැස් සහිත ජායාරූපය ගැනීම සදහා ඔවුනට ආපසු යන්නට සිදුවිය.
ඉදල්ගස්හින්න, ඔහිය, පට්ටිපොළ, අඹේවෙල පසුකරද්දී ඇති පාරිසරික සොබාව සමග ආදරණීය වාෂ්ප දුම්රිය රූගත කළ නමුදු ඉදල්ගස්හින්නේ මෙපිට බදුල්ල දක්වා පරිසරය තුළ ජායාරූප ගැනීමට එදින කාලය හරස් විය.
එනිසා දුම්රිය බදුල්ලට ධාවනය වන විට රාත්‍රී 8 පසුවී තිබිණ.
දෙමෝදරදී දුම්රිය ස්ථානය පසුකරන දුම්රිය කඳුවැටියක් වටා රවුමක් ගසා බිංගෙයකින් රිංගා දුම්රිය ස්ථානය යටින්ම යළි ඉදිරියට යාම නම් කවදත් සංචාරකයන්ට විමතිය දනවන්නක් විය.
සුදු ඉංජිනේරුවන්ට බැරි වූ ඒ නිර්මාණය ප්‍රදේශයේ ගවයන් බලාගන්නා ගොපලු තරුණයෙකු විසින් පෙන්වාදෙනු ලැබූ බව දෙමෝදර දුම්රිය නැවතුම් පොළේදී විස්තර කරද්දී ජායාරූප ශිල්පීහු ඊට සාවධානව අසා සිටියහ.
“මෙතැනින් එහාට මහා ප්‍රපාතයක්. ඒ වගේම දැවන්ත කන්දක්. භූමියේ පිහිටීම අනුව දුම්රිය එකවර බැස්සවීම ලොකු අභියෝගක් වෙලා සුදු ජාතික ඉංජිනේරු මහත්තයා දසඅතේ කල්පනා කරමින් සිටියදී ගවයන් දක්කාගෙන ගිය තරුණයා කන්ද මුදුනේ සිට කන්ද වටා රවුමක් ගසමින් ගවයන් දක්කාගෙන එන අයුරු දැක තිබෙනවා. ඔහු එම දර්ශනය විමර්ශනය කර තිබෙනවා. ගොපලු තරුණයාගේ හිසේ තිබූ තලප්පාවද හිසවටා කර කැවී ඒ අයුරින්ම ගැටගසා තිබෙනු දුටු ඉංජිනේරුවා ඉදිරි මග එලෙස සකස් කර තිබෙනවා” යැයි දුම්රිය නිලධාරියෙක් අපූරුවට විස්තර කළේය.
එම සිද්ධිය හදවතටම දැනුණු ශිල්පීහු කීපවරක්ම මෙම ඉසව්වේ දුම්රිය ගමන කැමරා කාචයේ සටහන්කර ගත්හ.
දෙමෝදර පසුකර දැන් යන්නේ දුම්රිය මගේ විස්මය ලෙස හැඳින්වෙන ආරුක්කු නමයේ පාලම හෙවත් අහස්නවය පාලම වෙතටය. දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර එම දුම්රිය ස්ථාන දෙකටම කි.මී. 2 ක පමණ වූ දුරකින් පිහිටි මෙම පාලමට ළංවන්නටත් කලින් ඒ පිළිබදව කැමරා ශිල්පීන් දැනුම්වත් කෙරිණි.
“මෙම පාලම අඩි 99 යි අගල් 6 ක් උසයි. ප්‍රපාතයේ සිට බලන විට ආරුක්කු 9 ක් මැදින් අහස් කුසේ වලාකුළු පෙනෙනවා. ඒ නිසා අහස් නවය පාලම කියලත් කියනවා.
(NINE ARCH) ආරුක්කු නවය පාලම කියලත් කියනවා.
ඇල්ල පසුකර දුම්රිය මග සකස්කරගෙන එද්දි මේ මහා ප්‍රපාතය හමුවුණා. මෙතැනින් එහාට දුම්රිය මාර්ගය සකස් කිරීම පහසු වුණේ නැහැ. ඒ දවස්වල ලෝකයේ යුදගිනි ඇවිළී තිබුණු නිසා පාලම් තැනීමට ගෙන එමින් තිබූ යකඩ නැව් පිටින්ම ගිනිබත් කෙරුණා. එතැනම තියෙන බිංගෙය සකස් කිරීමට අප්පුහාමි නමැති බාස් උන්නැහේ දුන් ශිල්පීය ඥානය ගැන සිත පැහැදී සිටි සුදුජාතික ඉංජිනේරු මහත්තයා අප්පුහාමි බාස්උන්නැහේ සමඟ සාකච්ඡා කළා. මෙම ස්ථානයේ ආරුක්කු 9 කින් යුතුව යකඩ නැතිව කළුගල්වලින් පාලම ඉදිකළ හැකි බව බාස්උන්නැහේ පෙන්වා දුන්නා.
වැඬේ අප්පුහාමි බාස්උන්නැහේට බාරදුන්නද සිමෙන්ති හා වැලි මිශ්‍රණය පරීක්ෂා කිරීමට සුදු මහත්තයා අමතක කළේ නැත. හතරැස් ලෙස කැපූ කළුගල් උඩට ඔසවා දෙනු ලැබුවේ හීලෑ ඇතුන් විසිනි. උණ ලීවලින් බැඳි පලංචි මත සිට ඉදිකිරීම සිදුවිය. කම්කරුවන් සියයක් පමණ ලැබිණ.
ආරුක්කු පාලම ඉදිකළද ඊට උඩින් දුම්රිය ධාවනය කළ හැකිදැයි යන කුකුස සුදු මහත්තයා තුළ වූ බැවින් පී.කේ. අප්පුහාමි බාස්උන්නැහේ එම පාලම යට නිදාගෙන දුම්රිය පාලම මතින් යාමට සලස්වා සුදු ඉංජිනේරු මහත්තයාගේ කුකුස දුරු කළේය.”
“මේ ඉතිහාස කතාව ඇසූ කැමරා ශිල්පීන්ට පාලමේ දසුන් ලබාගන්නා තෙක් ඉවසුමක් නැති විය.
දුම්රියේ සිටම ඡායාරූප ගැනීම ආරම්භ කළ ඔවුන් දුම්රිය නතර කළ වහාම දුම්රියෙන් පැන අවට කඳුගැටවලට නැගගත්තේ සටනකට යන සෙබළුන් මෙන් කඩිසරවය.
කඳුමුදුන්වල සිට බලන විට ආරුක්කු නමයේ පාලම මතින් දුම්කෝචිචිය යන දසුන අතිශය ආකර්ෂණීය බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්පසු දුම්රිය යළි කීපවතාවක් පාලම මතින් ඒ මේ අත ගමන් කරවා විවිධ ස්ථාවල සිට තෙවන ඇසට හසුකර ගැනීමට මේ ශිල්පීහු දැඩි උන්නදුවක් දැක්වූහ.
මෙම වාෂ්ප දුම්රිය විවිධ පසුතල යටතේ කැමරාවට හසුකර ගැනීම ප්‍රමුඛ පරමාර්ථය කරගත් මෙම චාරිකාවට දින 7ක් ඇතුළත්විය. ඇල්ල - ආරුක්කු පාලම අසලින් සමුගැනීමට පෙර මේ ජාත්‍යන්තර කැමරා ශිල්පීන් ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් කියා සිටියේ
“ශ්‍රී ලංකා සොබාසිරිය ලෝකයේ ඉහළම ස්ථානයක් ඇති රටක් බව මෙම සංචාරයේදී සාක්ෂාත්වූ බවයි.
දුලබ පසුතල සහිතව ලබාගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ජාත්‍යන්තර තරගවලට හා ප්‍රදර්ශනවලට ඉදිරිපත් කරන බවත් එතුළින් ශ්‍රී ලංකාවට වඩාත් පුළුල් ප්‍රචාරයක් හිමිවන බවත් ඔවුහු අවධාරණය කළහ. හොස් හොස් හඬ නඟමින් දුම්ගුලි අහසට විහිදුවමින් ආරුක්කු නවය පාලම පසුකළ වාෂ්ප දුම්රිය නොපෙනී යනතෙක්ම බලා සිටියෙමි. ඒ වනවිටත් වෙනත් විදේශිකයෝ පිරිසක් පාලමට පෙම්බැඳ සිටියහ.
(මෙම විශේෂාංගය සඳහා සහයෝගය ලබාදුන් දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ, බදුල්ල දුම්රිය දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරීක්ෂක ආනන්ද කරුණාරත්න, බදුල්ල දුම්රිය ප්‍රධාන ස්ථානාධිපති සතිස් කුමාර්, දුම්රිය ස්ථානාධිපති තිලංක වැලිගමගේ යන මහත්වරුන්ට සහ ජේ.එෆ්. ටුවර්ස් ආයතනයට ස්තුතිය හිමිවෙයි.)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩරටට ගිය වාප්ෂ දුම්රිය
ශාන්ත - කටාර් Wednesday, 17 February 2016 04:47 PM
ඉතා වටිනා ලිපියක් ,, අසාවෙන් කියවන්න පුළුවන් , ස්තුතියි ලංකාදීප.(රේ)
ලියොන් ගුනවර්ධන Wednesday, 17 February 2016 05:18 PM
ආරුක්කු නවයේ පාලම ගොඩනැගු අප්පුහාමි සමහරවිට අපේ අනුරාධපුර යුගයේ ගල්වඩු පරපුරේ දක්සකම් දැක්වූ පරපුරේ කෙනෙක් වන්න පුළුවන් (රේ)
හෂාන් Sunday, 28 February 2016 03:21 PM
අබය, ආරුක්කු නවයේ පාලම ගොඩනැගූ අප්පුහාමි සුද්දෙක්ද? (නි)
ලක්ෂිත Wednesday, 17 February 2016 01:31 AM
ඇත්තටම ගොඩක් වටිනා දෙයක්. බලා හිටියහම හිතට ගොඩක් සතුටු හිතුනා. ආයෙත් එක පාරක්වත් වාෂ්ප දුම්රිය යනවා දකින්න අපි වාසනාවන්ත වුණා (නි)
දුම්මලසූරිය Wednesday, 24 February 2016 04:38 AM
මෙම ඉදිකිරීම සම්බන්ධව නොයෙකුත් කතාන්දර පවතින අතර එහි සත්‍ය තොරතුරු මාවූඩ් මහතා විසින් සම්පාදිත ලිපි දෙකක් "Transactions for 1923 of the Engineering Association of Ceylon පොතේ පළවි ඇත. (නි)
චන්න Friday, 19 February 2016 10:46 AM
කොතරම් සුන්දර දසුනක්ද?(හේ)
අබරන් Saturday, 20 February 2016 06:03 AM
එකම එක උඩරැටියෙක්වත් නැහැ, අබයට වචනයක් කියන්න. (ර)
අබය Thursday, 18 February 2016 12:50 AM
හොඳ වෙලාවට සුද්දෝ ආවේ, නැත්නම් උඩරැටියෝ තාමත් ගල් යුගයේ... (නි)