“අනේ බුදු මල්ලියේ... මම තව වැඩි දවසක් මේ ලෝකෙ ජීවත් වෙන එකක් නෑ... මගේ රත්තරන් මල්ලියේ.... මගේ අහිංසක කෙල්ල උඹේ ඇහැක් වගේ බලාගනිං මයෙ දෙයියො..... තාත්තත් නැති අසරණීට ඉන්නෙ උඹම විතරයි රත්තරනේ...” මහරගම පිළිකා රෝහලේ ඇඳක් මත වැතිර ජීවිතයත් මරණයත් අතර තීරණාත්මකක සටනකට එළඹ සිටි ඒ අසරණ මෑණියෝ එම ආයාචනාත්මක වදන් පෙළ කඳුළු පිරි දෙනෙතින් යුතුව හඬා වැලපෙමින් මහත් ආයාසයෙන් ගැට ගැසුවා.
“මගේ රත්තරන් අක්කේ... උඹ ඒ ගැන වචනයක අකුරක තියා එක ඉස්පිල්ලක පාපිල්ලක සැක සාංකාවත් තියා ගන්න එපා. කෙල්ල උඹේ දරුවෙක් විධියට නෙවෙයි මගේ දරුවෙක් විධියට මම රැක බලාගන්නවා” ඇගේ ළබැඳි සහෝදරයා කඳුළු පිරි දෙනෙතින් යුතුව තම ආදරණීය සොහොයුරියගේ හිස සෙනෙහසින් පිරිමදිමින් එහෙම කිව්වා.
“මට මල්ලිලා හය දෙනෙක් හිටියත් මට උඹ විතරයි විශ්වාස රත්තරනේ.. මට දැන් හිත එකලාසයක් කරගෙන මැරෙන්න පුළුවන් බුදු මල්ලියේ... තාත්තත් නැති මගේ අහිංසකීට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්‍ෂාවයි බුදු මල්ලියේ...” ඕ සැනසුම් සුසුමක් හෙළමින් පහත් හඬින් යළිත් වදන් පෙළ ගැස්සුවේ පෙරටත් වඩා ආයාසයෙන් පහත් ස්වරයෙනි.
එවකට සුගන්ධිගෙ වයස අවුරුදු හතයි. ඉගෙන ගත්තෙ ගමේ ඉස්කෝලෙ දෙවැනි පංතියෙ. බලන්න ලස්සන හුරුබුහුටි කෙල්ල. ඉගෙන ගන්නත් ඒ වගේම පාසලේ අනිකුත් ක්‍රියාකාරම්වලටත් හරිම හපනි. පෙරඹර හිරු හිනැහෙද්දී කෙමෙන් කෙමෙන් විකසිත වෙන පිනිබර මල් කැකුළක් වන් ඕ ගුරු සිසු දෙපාර්ශ්වයේම සිත් සතන් මොනවට ඇද බැඳගෙන සිටියා කිව්වොත් ඒක මුසාවක් නම් නොවෙයි.
තරංගත් තරංගාත් හදපු කැදැල්ලට තුන්වැනියා, එනම් සිඟිති කිරිකැටි දියණිය, සුගන්ධි එක්වෙද්දී තමන්ට මිහිපිට දෙව්ලොවක් මැවුණා කියල ඒ ආදරණීය මාපියන්ට හිතෙන්න ඇති. ඒ තුන් දෙනා ඒ තරමටම සන්තෝෂයෙන් සාමදානයෙන් ඒ කැදැල්ල තව තවත් සුන්දර කරගනිමින් ඒකාලෝක කර ගනිමින් ඉතාමත්ම යහපත් දිවි පෙවෙතක් ගත කළා.
කාලය වේගයෙන් පියාඹා ගියා. තරංගා දෙවැනි වරටත් මවක් වෙන ලකුණු පහළ වෙමින් තිබුණා. තරංගටත් තරංගාටත් හරිම සතුටුයි. ඒ දෙන්නාටම වඩා උද්දාමයට පත්වෙලා හිටියෙ එයාලගෙ සුරතල් දියණිය සුගන්ධි.
එදා මාසෙ පුරපසළොස්වක පෝ දවස. උදේ පාන්දර තරංගාට ටිකක් අමාරු උණා. එදා තරංගත් ගෙදර හිටියා. එයා වහාම වාහනයක් අරගෙන ඇවිත් සිය ආදරණීය බිරිඳ රෝහලට අරගෙන ගියා.
ඒ වනවිටත් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් හිටපු තරංගා වහාම ශල්‍යාගාරයට ගත්තා. අවාසනාවක මහත! වෛද්‍යවරු බලවත් සටනකින් පසුව තරංගාගේ කුස තුළින් එළියට ගත්තෙ මෙලොව එළිය දකින්නටත් පෙර මෙලොව හැර ගොස් සිටි ලස්සන හුරු බුහුටි කොලු පැටියෙක්. තරංගත් තරංගාත් ඒ දෙන්නටම වඩා තමන්ගෙ ආදරණීය මල්ලි පැටියා එන පෙරමඟ දෑස් දල්වාගෙන නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සුරංගනාවිය සුගන්ධිත් මහා හඬින් හඬා වැලපුණා. අවට බලාගෙන හිටපු හැම කෙනකුගෙම දෙනෙත්වලට කඳුළු කැන්දන්න පුංචි සමනලිය, සුගන්ධිගෙ වැලපීම මොනවට සමත් වුණා.
තමන්ගෙ නූපන් සිඟිති පුතා මෙලොව හැර යාමත් සමගම තරංග බලාගෙන සිටියදීම අමුතුම තාලයේ පුද්ගලයකු බවට පත්වෙන්න පටන් ගත්තා. තරංගා උපේක්ෂා සහගතව ඔහු දිහා බලාගෙන හිටියා.
ඉන් පෙර කිසිම දිනක මඟුල් ගෙදරකදීවත් සාදයකදීවත් මත්පැන් පොදක් තබා බියර් බිඳක්වත් තොල නොගෑ තරංග එකවරම මත්පැන් බොන්න පටන් ගත්තා. උදේ පාන්දර හොඳ මිනිහෙක් වගේ නිවෙසින් පිටත්ව වැඩට යන තරංග හැම හැන්දෑවකම ගෙදර ආවෙ කනමදයා වගේ බීගෙන හතර ගාතෙන්. සමහර දවස්වල කට ගොන්නක් බීගෙන මහ මඟ කොයිබ හෝ වැටී සිට ගැමි කෙනෙක් ඔහුව ගෙදරට අරගෙන ආවා. උදේ පාන්දර හොඳ සිහියෙන් කල්පනාවෙන් යුතුව වැඩට ගිය තරංග කවදාවත්ම ඒ විධියටම ආපහු ගෙදර ආවෙ නෑ. එහෙම බීමතින් ගෙදර ඇවිල්ලත් කාලා බීලා පාඩුවෙ නිදාගත්තෙ නෑ. මොකක් හරි බොරු වැරැද්දක් අරගෙන තරංගාත් එක්ක රංඩු වුණා. අහිංසක ඇයට පහර දුන්නා. පුංචි සුගන්ධි විලාප නඟමින් අම්මාව බේර ගන්න උත්සාහ කළා. තරංග නිරපරාදෙ අහිංසක ඇයට පහරදුන්නා.
මාස කිහිපයකට පෙර තිබූ ඒ සුන්දර කැදැල්ල දැන් නම් මහා නරකාදියක්. තරංග කාවදෝ ගැහැනියක් ගෙදරට කැන්දාගෙන ආවා. තරංගා විස්මයටත් කනගාටුවටත් විතරක් නොවෙයි කෝපයටත් පත්වුණා. “මේ මගේ ගෑනි” තරංග තරංගාට ඇයව හඳුන්වා දුන්නෙ එහෙමයි.
සතියක් දෙකක් යන විට එම කාන්තාව ගෙදර ගෘහණිය බවටත් තරංගා මෙහෙකාරිය බවටත් පත් වුණා. තරංගා ඉවසා ඉවසා බැරිම තැන මහ හඬින් හඬාගෙන ගිහින් තමන්ගෙ මල්ලිලාට දුක කිව්වා. “මටනම් මොනවා උණත් කාරි නෑ රත්තරන් මල්ලියේ... මේ අසරණ කෙල්ලට යන කලක් තියෙන්න එපායැ දෙයියනේ....” තරංගා සිය ආදරණීය දියණිය තුරුලුකර ගෙන කඳුළු වගුරමින් කිව්වා.
මල්ලිලා හය දෙනාම එකතු වෙලා තරංග හමුවෙන්න ගියා. ඒ යන කොටත් තරංග හිටියෙ හොඳටම බීමතින්. අර කාන්තාව තරංගට බත් කවමින් සිටියා. ඒ කටයුත්ත ඉවර වෙනතුරු මල්ලිලා එළියට බැස්සා. “ඇයි උඹලා ආවෙ? මට ගහන්නද?” තරංග කෝපයෙන් ඇහුවා.
මල්ලිලා කෝප වුණේ නෑ. ආදරයෙන් ගෞරවයෙන් කරුණාවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. කිසිම පලක් වුණේ නෑ. තරංග ඒ කිසිම දෙයක් පිළිගත්තෙ නෑ. ඒ විතරක් නෙවෙයි. යකඩ පොල්ලක් අරගෙන එයාලට ගහන්න හැදුවා. එයාලව එළවා දැම්මා. “උඹලා දෙන්නම මරලා මේ ගෙට දාලා ගින්දර තියන්න පුළුවන්. ඒ වැඬේට අපි හය දෙනෙක් ඕන නෑ. එක්නෙක් හිටියම ඕනවටත් වැඩියි. ඒත් අපි එච්චර මෝඩයො තිරිසන්නු නෙවෙයි. අපි යන්නම් මස්සිනා. උඹ කාලා බීලා හොඳින් හිටපං. අපට අපේ අක්කයි අර නොදරුවයි වැඩි නෑ” එහෙම කියලා එයාලා යන්න ගියා.
එදා පටන් තරංගාටත් ඇගේ අසරණ දියණිය සුගන්ධිටත් සෙවණ දුන්නෙ මහ ගෙදර පියස්ස. තරංගාගේ බාලම මල්ලියි වයස්ගත අම්මයි විතරයි ඒ ගෙදර හිටියෙ. ඒ මල්ලි කෝටිපතියෙක්. වෘත්තීය ධීවර කර්මාන්තය. වයස අවුරුදු හතළිහකට ආසන්නයි. ඒත් අවිවාහකයි. “අක්කා කනගාටු වෙන්න එපා. බය වෙන්න එපා. ඔය දරුවත් හදාගෙන මේ ගෙදර ඉන්න.” මල්ලි තිර අදිටනින් එහෙම කිව්වා.
අන්ත අසරණ වෙලා හිටපු තරංගාට ඒ කරුණාබර වදන් පෙළ කාන්තාරයක අමරමං වෙලා දිව ගිලෙන්න යන තරමෙ පිපාසෙකින් හිටපු මුවැත්තියකට ලැබුණු පැන් පොදක් වගේ වුණා.
ඊළඟ මාසෙ සිද්ධ වුණේ කවුරුවත්ම හිතපු දෙයක් නෙවෙයි. තරංග හදිසියෙම අසනීප වෙලා රෝහල්ගත කළා. පැය ගණනකදී ඔහුගේ තත්ත්වය ඉතාමත්ම බරපතළ වුණා. වෛද්‍යවරු මොන තරම් උත්සාහ කළත් රුදුරු සිරෝසිස් මාරයාගෙන් තරංග උදුරා ගන්න එයාලට බැරිවුණා.
තරංගගෙ මළගමට කර ගහන්න සිද්ධ වුණෙත් තරංගාගෙ මල්ලිලාට. පොඩි මල්ලි ඒ සියලුම වැඩකටයුතු බලාකියා ගත්තෙ කිසිම අහිතකින් අකමැත්තකින් නොවෙයි. අවමඟුල ඉහළින් කළා. තරංගගෙ අනියම් බිරිඳගෙ සමීප ඥාතීන් කිහිප දෙනෙකුත් සහභාගි වෙලා හිටියා. එයාල පැත්තකට වෙලා සාකච්ඡාවක. ඒ තරංගගෙ දේපළ ගැන වෙන්න ඇති.
තරංග තමන්ට කොහොම සැලකුවත් එයාගෙ මළසිරුර නිවෙසින් එළියට ගන්න කොට තරංගායි එයාගෙ දියණිය සුගන්ධියි මහ හඬින් හඬා වැලපුණේ බොරුවට නම් නොවෙයි කියලා රැස්වෙලා හිටපු හැම දෙනාටම පසක් වුණා. ඒත් තරංගගෙ අනියම් බිරිය නෙවෙයි ඔහු වෙනුවෙන් එක කඳුළු බිඳක් හෙළුවෙ.
තරංගගේ හත් දවසේ දානයෙන් පසුව ඔහුගේ අනියම් බිරිඳ පන්නා දමා තම නිවෙසේ පදිංචිවීමට තරංගාට ඕනා වුණත් මල්ලිලා ඇයව වළක්වා ගත්තා. තරංග අවසන් සමයේදී තම දේපළ ඇය නමට ලියා ඇති බව ඔවුන් දැන සිටි නිසයි ඒ.
මසකට පමණ පසුව ඇය එම නිවෙස විකුණා දමා තම ඥාතීන් වෙත ගිය බව අසන්නට ලැබුණා.
දැන් සුගන්ධි සරසවි පිවිසුම් පෙළ පංතියේ. ලබන මාසෙ ඇගේ තීරණාත්මක පරීක්ෂණය. ඊට දින කිහිපයක් තිබියදී තමයි ඇගේ මව අසාධ්‍ය වී රෝහල්ගත කළේ. එය ඔසු මගින් හෝ සැත්කමක් මඟින් සුවකරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි තිබුණේ. බරපතළ පිළිකාවක්.
සුගන්ධිගෙත් ඇගේ මවගේත් සියලු දුක සැප බලාගෙන ඔවුන්ගේ හැම වුවමනාවක්ම ආදරයෙන් සොයා බැලූ පොඩි මාමගෙ දැන් වයස පනහකට ආසන්නයි. ඒත් එයාගෙ පෙනුම නම් කඩවසම් තරුණයෙක් වගෙයි. එයාට ලොකු ලොකු තැන්වලින් යෝජනා ගණනාවක්ම ඇවිත් තිබුණා..
“පොඩි පුතේ... මගේ දෑස් පියවෙන්න කලින් මට මුනුබුරෙකුගෙ මූණ දකින්න ඕන” ඒ වන විට අසූ අටවැනි වියේ පසුවූ මෑණියන් නිතර නිතර කියපු වදන් පෙළක් තමයි ඒ.
“තාත්තත් නැති මේ අසරණීට හොඳට උගන්වලා, ඈට රස්සාවක් සොයා දීලා, ඈ දීග දුන්නට පස්සෙ තමයි අම්මෙ මම ගෑනියෙක් ගැන හිතනවා නම් හිතන්නේ. මේ ගෙදරට එන ගෑනි කවදාවත්ම ඒ අසරණීට අම්මා කෙනෙක් වෙන්නෙ නැති බව මට ඉර හඳ වගේ විශ්වාසයි.” ඒ හැම අවස්ථාවකම එයා කිව්වෙ ඕන්න ඔය වචන ටික.
තරංගා අසාධ්‍ය පිළිකාවෙන් මියගියා. අසරණ සුගන්ධි තව තවත් අසරණ වුණා. මොන තරම් දක්ෂ වුණත් තම ආදරණීය අම්මගෙ අසනීපය හිතේ තියාගෙන එයාට සරසවි පිවිසුම් පරීක්ෂණයට උත්තර ලියන්න එයාට බැරි වුණා. ලියන්නම් වාලෙ ලියපු විභාගයෙන් එයා අසමත් වෙලා තිබුණු එක ඒ තරම් විස්මයක් නොවෙයි. “මට ආයෙමත් විභාගෙ ලියන්න හිතක් නෑ පොඩි මාමෙ. මට රස්සාවක් හොයලා දෙන්න” සුගන්ධි එහෙම කිව්වා. “හොඳට ඉංග්‍රීසි කථාකරන්න පුළුවන් නම් තව මාස අටකින් විතර එනවා හොඳ අවස්ථාවක්” මැතිවරණ දෙකකදී තමන් අත දිග හැර වියදම් කර දැන් ප්‍රබල ඇමැතිවරයකුව සිටින දේශපාලකයෙක් හොයාගෙන ගිහින් පොඩිමාමා ඉල්ලපු උපකාරය අහල එයා දැක්වූ ප්‍රතිචාරයයි ඒ.
අර සර්ගෙ මේ සර්ගෙ ීචදනැබ ෑබටකසිය පංති ගණනාවකම ඉගෙන ගෙන තිබුණත් සුගන්ධිට ඒ තරම් ඉහළ ඉංග්‍රීසි දැනුමක් තිබුණෙ නෑ.
“මගේ නිවෙසට පැමිණ දියණියට ඉංග්‍රීසි ඉගැන්වීමට දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයකු අවශ්‍යයි” යනුවෙන් පොඩි මාමා සති අන්ත පුවත්පතක ලොකු දැන්වීමක් පළ කරලා තිබුණා.
ඉතා ඉහළ ගෙවීමක් කරනවා කියලත් තිබුණු නිසා විශ්‍රාමික මම එයාට ඇමතුමක් දුන්නා.
“ගුරුවරුන් රාශියක් කථා කළා මට හිතට ඇල්ලුවෙ නෑ. සර් නම් හොඳයි කියලා මට හිතෙනවා. අපි හමුවෙලා කථා කරමුද?” මගේ විස්තර දිගින් දිගටම අහලා එයා අන්තිමට එහෙම කිව්වා.
මම පසු දිනම ඔහු හොයාගෙන ගියා. “සර්... ඔබතුමා මේ වැඬේට හරියටම ගැළපෙනවා. අනේ සර්... මේ අසරණී මට ගොඩදාලා දෙන්න. සර් ඉල්ලම ඕන ගණනක් මම ගෙවනවා.” අවසන පොඩිමාමා මගෙන් එහෙම ඉල්ලා සිටියා.
මම බොහොම ආශාවකින් උනන්දුවකින් යුතුව ඇයට උගන්වන්න පටන් ගත්තා. ඇයට කිසිම දෙයක් දෙවරක් කියන්න ඕන නෑ. ප්‍රශ්න අස අසා හොඳට ඉගෙන ගන්නවා. අපි දෙන්නටම සන්තෝෂයි. මගෙන් ඉගෙන ගන්න හැම සිසුවෙක්ම සිසුවියක්ම දවස් දෙක තුනකදී මට ඉතාමත්ම සමීප වෙනවා. එයාලගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා මට කියන තරම් සමීප වෙනවා.
මම සුගන්ධිට උගන්වන්න ගියේ දවස් තුනයි, හතරයි. තමන්ගෙ හොඳම යාළුවා මමයි කියලා හිතන තරමටම සුගන්ධි මට සමීප වුණා. එයාගෙ ලොකුම රහසක් මට කිව්වා. උපකාරයකුත් ඉල්ලුවා. බැගෑපත්ව. “සර්.. දැන් පොඩි මාමගෙ වයස පනහක් විතර. මම නිසයි පොඩි මාමා ගෙදරටම නාකි වුණේ. මේක මට දීග යන්න තියෙන හදිසියකට තදියමකට කියන කථාවක් නෙවෙයි. සර්... මට රස්සාවක් හොයල දීලා මාව බන්දලා දෙනතුරු පොඩි මාමා බඳින්නෙ නැතිලු. අනේ සර් මේකට මැදිහත් වෙන්න. පිං සිද්ධ වෙනවා. එයා වැඩ කරන්නෙ බැංකුවෙ. අනුරාධපුරේ පදිංචිය. ළඟදී හොඳ ගේකුත් හැදුවා. අම්මයි එයයි විතරයි ඉන්නෙ. ලෝ කාස්ට් කියලා පොඩිමාමා විරුද්ධයි. මම නොබැඳ හිටියත් පොඩිමාමගෙ වචනෙට පිටුපාන්නෙ නෑ. මම නිසා පොඩි මාමා තව තවත් නාකි වෙනවා බලාගෙන ඉන්නත් බෑ” ඇය ආයාචනා කළේ හඬමින්.
“දුවගෙ තාත්තා ගැන ඒ ළමයයි අම්මයි දන්නවද?” මම ඇසුවා.
“ඔව් සර්. මගෙ පෞද්ගලික තොරතුරු හැම එකක්ම ඒ දෙන්නම දන්නවා. එයාල ඒ කිසිම දෙයක් ගණන් ගත්තෙ නෑ. අම්මා මට හමුවෙලා කථා කරලත් තියෙනවා.” සුගන්ධි කියපු වදන්වලින් මට හයියක් ආවා.
“දුවගෙ මාමා එක්ක කවුරුවත් මේ ගැන කථා කළේ නැද්ද?” ඇය ඊට දුන් පිළිතුර මාව පෙලැඹවූවා.
“මට එහෙම කෙනෙක් නෑ සර්. සර් ගැන පොඩි මාමාගෙ හොඳ ප්‍රසාදයක් තියෙනවා. අනේ සර්.... සර් කථා කළොත් සාර්ථක වෙයි කියලා මට හිතෙනවා...” සුගන්ධි කඳුළුවලින් දෑස පුරවාගෙන ආයාචනා කළා.
සුගන්ධිකාගේ පොඩි මාමාට දුරින් දුරට කරුණු පහදා දී එයාව නම්මවා ගන්න මා සමත්වීම සුගන්ධි විතරක් නොවෙයි ඇගේ පොඩි මාමාද ලත් ජයග්‍රහණයක් කියල මට හිතුණා.
දහනව හැවිරිදි සුගන්ධිගේ ඇගේ පෙම්වතා වන සංජීව සමගත් සුගන්ධිගේ පොඩි මාමා එනම් පනස් හැවිරිදි වසන්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නැගණියක වන කලණි සමගත් අතිනත ගත්තෙ කළුතර පළාතේ සුවිසල් හෝටලයකදී. එකම දිනකදි එකම නැකතකින්.
සුගන්ධි - සංජීව විවාහයට සුගන්ධි වෙනුවෙනුත්, වසන්ත - කලණි විවාහයට වසන්ත වෙනුවෙනුත් අත්සන් කළේ මමයි. සතුට උතුරා දෝර ගලා ගිය විවාහ මංගලෝත්සව දෙකක් එකම දිනක එකම වහලක් යට.
පසුගිය සතියේ සුගන්ධිකා කිරිකැටි දියණියක තුරුලු කරගෙන සංජීව එක්ක අපේ ගෙදර ආවා. ඊට මොහොතකට පස්සෙ වසන්ත - කලණිත් සමග මා බලන්න ආවා. කලණිත් නුදුරු දිනක මවක වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. ඒ හැමටම වගේම මටත් සතුට දෝර ගලනවා.
(මෙහි සඳහන් පුද්ගල නාම පමණක් මනඃකල්පිතයි)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උත්තම පුරුෂයෙක්
දයානි Friday, 09 September 2016 02:44 PM
අදවගේ කාලෙක මේකනම් මහපුදුමයක්. (බ)
අශෝක Saturday, 10 September 2016 09:16 AM
දෙවිවරු වගේ මිනිසුන් අප අතර අනන්තවත් ඉන්නවා. ඒත් ඒ අතර එක නරක මිනිහෙක් හිටියම මුළු පළාතම ගද ගස්සනවා. මෙවන් සහෝදරයෙක් ලැබීමත්, දියණියට එවන් මාමා කෙනෙකු ලැබීමත්, මාමාට එවන් දියණියක ලැබීමත් පෙර පිනක්ම විය යුතුයි. ඔබ සැමට යහපත් අනාගතයක්ම වේවා! (නි)
දිමුත් Friday, 09 September 2016 07:07 AM
මේ වගේ කතා අහන්නත් ආසයි. (ම)
දිලුම් Friday, 09 September 2016 04:23 AM
කියවු අපිටත් ඉතා සතුටුයි. මේ රටේ වසන්ත හා ඔබ වැනි අය සීටී නම කොතරම් සුන්දර ද සිතුනා. ඒ දරුවගේ ජීව්තය ජය ගන්න කැපවූ සැමට පින්.(ම)