IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?

BUP(SH)_DL-NE_01

 

යුද සමයේදී මෙරට පිහිටු වූ අධිආරක්‍ෂක කලාප පිළිබඳ කතාබහ පසුගිය කාලයේදී තරමක ආන්දෝලනාත්මක ස්වරූපයක් ගන්නා අයුරු අපි දුටුවෙමු. ඒ අතර විශේෂ වූයේ උතුරුකරයේ ස්ථාපිත කර තිබූ අධි ආරක්‍ෂක කලාප සම්බන්ධයෙන් පතළ වූ උණුසුම් කතාබහය. උතුර නියෝජනය කරන දමිළ දේශපාලන අධිකාරියෙන් ඒ ගැන දිගින් දිගටම එල්ල වූයේ තදබල විවේචනයන්ය. උතුරේ සමහර දේශපාලනඥයෝ වරෙක සියලූ අධිආරක්‍ෂක කලාප ඉවත් කළ යුතු බවත්, හමුදාව විශාල වශයෙන් අඩු කළ යුතු බවත් කීහ. තවත් සමහරුන් කීවේ උතුරේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට හමුදාව විශාල වශයෙන් බාධාවක්ව තිබෙන බවයි. ඒ සෑම අවස්ථාවකදීම රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප‍්‍රතිචාරය වූයේ ත‍්‍රස්තවාදී අවදානමක් යළි උතුරෙන් මතුවීම වැළැක්වීමටත්, උතුරේ ජනයාගේ ජීවිත යළි ගොඩනැංවීමටත් තවදුරටත් ආරක්‍ෂක අංශ උතුරේ රඳවා තබන බවය. එහෙත් සැලකිය යුතු අගයකින් උතුරේ හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බවද රජය පැත්තෙන් ප‍්‍රකාශයට පත්විණි.

 


පශ්චාත් යුද කාලීන උතුරුකරය ඇතුළත මෙවැනි වාතාවරණයක් ගොඩනැගී තිබියදී උතුරේ පිහිටි අධිආරක්‍ෂිත කලාපවලින් ඉඩම් නිදහස් කිරීම ද පසුගිය කාලයේදී සිදුවිය. විශේෂයෙන්ම යාපනය අධිආරක්‍ෂක කලාපය මගින් පවරාගෙන තිබූ ජනතාවගේ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීම ඉකුත් කාලයේදී අදියර කීපයක් යටතේ සිදුවූ නමුත් ඒ සම්බන්ධව රට ඇතුළත විවිධ මතිමතාන්තර ගොඩනැගී තිබුණු බැවින් එලෙස නිදහස් කළ ඉඩම් සහ ඉන්පසු තත්ත්වය පිළිබඳ තොරතුරු රටට ලබාදීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 10 වැනි දින පැවැත්විණි. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම මාධ්‍ය සාකච්ඡුාවේදී යාපනය අධිආරක්‍ෂක කලාපයෙන් ඉඩම් නිදහස් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳවත්, කවර ප‍්‍රමාණයක් ද යන්න පිළිබඳවත් කරුණු අනාවරණය කෙරිණි.


එම මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කරන ලද තොරතුරුවලට අනුව 2009 වසරේදී මානුෂීය මෙහෙයුම අවසානයේදී යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුරු 152ක් ස්ථාපිත කර තිබුණි. නමුත් අද වන විට එම ප‍්‍රමාණය 92 දක්වා අඩුකර තිබේ. ඒ අනුව ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප‍්‍රමාණය අක්කර 12901 කි. ඒ අනුව 55 වැනි සේනාංකය වෙතින් ඉඩම් අක්කර 1830 ක්ද, 52 වැනි සේනාංකය වෙතින් අක්කර 10573 ක්ද, 55 සේනාංකය වෙතින් අක්කර 498 ක් වශයෙන් එම ඉඩම් නිදහස් කර ඇත.
1996 දී පලාලි යුද හමුදා ජනපදය සතුව පැවති මුළු භූමි ප‍්‍රමාණය අක්කර 11629.72 කි. නමුත් 2009 මානුෂීය මෙහෙයුමෙන් පසුව අක්කර 6258ක් නිදහස් කර තිබේ. අද වන විට පලාලි ජනපදය සතුව තිබෙන්නේ අක්කර 5371 ක් පමණි. ඒ අනුව අදියර 01 යටතේ 2010 ඔක්තෝබර් 28 වැනි දින ඉඩම් අක්කර 370.65ක්ද අදියර 02 යටතේ 2010 නොවැම්බර් 27 වැනි දින අක්කර 1952.13ක්ද අදියර 03 යටතේ 2011 මැයි 09 වැනි දින අක්කර 1971.94 ක ප‍්‍රමාණයක් ද අදියර 04 යටතේ 2011 ඔක්තෝබර් 06 වැනි දින අක්කර 345.94 ක්ද, අදියර 05 යටතේ වල්ලායි ප‍්‍රදේශයෙන් අක්කර 617.76 ක්ද, අදියර 06 යටතේ අක්කර 1000 ක ප‍්‍රමාණයක් ද නිදහස් කර තිබේ.


පලාලි හමුදා ජනපදය ඇතුළුව යාපනයේ ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් මේ වන විට නිදහස් කර ඇති මුළු භූමි ප‍්‍රමාණය අක්කර 19159.38 කි. ඒ අනුව 51 වැනි සේනාංකය යටතේ අක්කර 1830ක් ද 52 වැනි සේනාංකය යටතේ 10573 ක්ද 55 වැනි සේනාංකය වෙතින් 498ක්ද, පලාලි යුද හමුදා ජනපදය වෙතින් අක්කර 6258.38 ක්ද වශයෙන් නිදහස් කර තිබේ.


එම මාධ්‍ය සාකච්ඡුාවේදී හෙළි කෙරුණු තොරතුරුවලින් වැඩිදුරටත් කියැවුණේ එලෙස නිදහස් කරන ලද ඉඩම්වල හිමිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු තම මුල් ඉඩම්වලට පැමිණ නැති බවය. එම ඉඩම් හිමියන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචිවී සිටීම ඒ තත්ත්වයට බලපා තිබෙන බවද ප‍්‍රකාශ විණි.
එම මාධ්‍ය සාකච්ඡුාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාය. එහිදී ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි ප‍්‍රශ්න සහ ඔහු ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.


මාධ්‍ය:-  ඉදිරියට තවත් අධිආරක්‍ෂක කලාප යටතේ තිබෙන ඉඩම් නිදහස් කරනවද?
ඒක ඒ අවස්ථාවේදී පවතින ආරක්‍ෂක තත්ත්වය මත කරන දෙයක්. ඒක අද කරනවද හෙට කරනවද ප‍්‍රමාණය කොච්චර ද කියලා මට මේ අවස්ථාවේ කියන්න බෑ.


මාධ්‍ය:- ආණ්ඩුව පත්වුණාට පස්සේ රටේ ආරක්‍ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා සමහර පිරිස් කරන ප‍්‍රකාශවල සත්‍යතාවක් තියෙනවද?
ආරක්‍ෂක සේනා ආඥාපති:- මම කතාකරන්නෙ යාපනය අර්ධද්වීපය සහ යාපනය ආරක්‍ෂක සේවා මූලස්ථානය පිළිබඳවයි. අපි මේ වෙන කොට යාපනයෙ ආරක්‍ෂාව තහවුරු කරලා තියෙනවා. යාපනයෙ ආරක්‍ෂාවට කිසිම තර්ජනයක් නෑ.

 


මාධ්‍ය:- මේ ඉඩම් නිදහස් කිරීම ගැන මේ ප‍්‍රදේශයේ ජනතාව තෘප්තිමත්ද?
ආරක්‍ෂක සේනා ආඥාපති:- අපි පැහැදිලිව පෙන්නුවා මේ ප‍්‍රදේශයේ ඉඩම් නිදහස් කරපු විදිහ. සමහර තැන්වල මිනිස්සු ඇවිත් නැවත පදිංචි වෙලා හිටියට සමහර තැන්වල එහෙම නෑ. මම හිතන්නෙ නැවත පදිංචියට ඇවිල්ලා ඉන්න ජනතාව ඉතාම සතුටෙන් ඉන්නෙ එයාලගෙ ඉඩම් ලැබුණු එකට.

 


මාධ්‍ය:- යාපනයෙ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකයිද?
ආරක්‍ෂක සේනා ආඥාපති:- ඔව්. අපි ඒක කරගෙන යනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනෙකුත් සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් ඒ කටයුතු දැනටමත් සිදුවෙමින් තියෙනවා. මේ වෙනකොට අපි සියයට 99 ක පමණ භූමි ප‍්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කරලයි තියෙන්නෙ.

 


මාධ්‍ය:- උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ආරක්‍ෂක අංශ හේතුවක්වී තිබෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා. මේ චෝදනාව ගැන ඔබතුමා මොකක්ද කියන්නෙ?
ආරක්‍ෂක සේනා ආඥාපති:- මම ඉස්සෙල්ලම කියන්න  ඕනැ අපේ හමුදාව ශ්‍රේෂ්ඨ හමුදාවක්. ඒ වගේම විනය ගරුක හමුදාවක්. ඒ නිසා මත්ද්‍රව්‍ය ප‍්‍රචාරය වීමට අපේ හමුදාවේ කිසිම සම්බන්ධයක් නෑ. අපිට මේ වගේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පිළිබඳ තොරතුරු කලින් දැනගන්න ලැබුණොත් අපි ඒ ගැන පොලීසියට දැනුම් දෙනවා. අපි එහෙම දැනුම් දුන් අවස්ථාත් තියෙනවා.


මෙම මාධ්‍ය සාකච්ඡුාවෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නිදහස් කරන ලද ඉඩම් පිහිටි ප‍්‍රදේශ කීපයක් නැරඹීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවූ අතර එහිදී අපට දැකගත හැකි වූයේ එලෙස නිදහස් කර තිබෙන ඉඩම් බොහොමයක් ජනාවාසකරණයකින් තොරවම පාළුවට ගොස් ඇති සෙයකි.


තැනින් තැන අටවගෙන තිබූ පොල්අතු පැලවල් ඉතාමත් සුළු ප‍්‍රමාණයක් අපට දැකගන්නට ලැබුණු අතර එහි සිටි දෙතුන් දෙනෙකු සමග කතාබහ කරන්නට ද අපි අමතක නොකළෙමු.

g

66

අපි දැන් ඉන්න මේ වලලායි උතුරු ප‍්‍රදේශයට ආපහු ආවෙ මේ අවුරුද්දෙ මාර්තු මාසයේදී. අපි මෙහෙන් ගියෙ 1990 අවුරුද්දෙදි. අපි මෙහෙන් යනකොට පවුල් 280ක් විතර හිටියා. එයින් පවුල් 25කට විතරයි මෙතන දැන් ඉඩම් දීලා තියෙන්නෙ. යූ.එන්.එච්.ආර්. එකෙන් තමයි අපිට මේ ඉඩම් දුන්නෙ. තව පවුල් 25කට එන්න කියලා තියෙනවා ඉඩම් දෙන්න තුන්වෙනි මාසෙන් පස්සෙ. අපිට මෙතන හමුදාවෙන් කිසිම කරදරයක් නෑ. ලොකු ප‍්‍රශ්න මොනවත් නෑ. ස්ත‍්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය මේ දේවල්වලට හමුදාව සම්බන්ධයි ද කියන්න අපි දන්නෙ නෑ. යුද්දෙ තිබුණු කාලෙට වඩා දැන් තියෙන තත්ත්වය හොඳයි. අපි ජීවත් වෙන්න ධීවර කටයුතු කරනවා.

g

dfh

1990 අවුරුද්දෙදි අපි මෙහෙන් ගියා. අපි යනකොට මෙහෙ පවුල් පනහක් විතර හිටියා. අද වෙනකොට 250ක් විතර ඉන්නවා. ඒ පවුල්වලට ඉඩම් දීලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙවල් හදලා දීලා තියෙන්නෙ පවුල් 25කට විතරයි. යුද්ධ කාලෙදි අපි ගොඩක් ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒත් අපි දැන් නිදහසේ ඉන්නවා.

m



අදහස් (0)

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?

අශාන් Thursday, 18 June 2015 07:36 AM

බලාගෙන යනකොට මිනිසුන් රවටන එකේ සීමාවක් නැහැ වගේ. (නි)

:       0       0

සත්‍යා Thursday, 18 June 2015 08:38 AM

ඇත්ත කියනකොට අමාරුවද (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3705 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 435 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1054 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 95 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 183 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 242 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site