ජ.වි.පෙ. පෙරමුණ ගත් “මාලිමා” මැතිවරණ ජයග්‍රහණ ගැන මේ වන විට බොහෝ දේ ලියැවුණි. කියැවුණි. 2024 සැප්තැම්බර-නොවැම්බර මැතිවරණ දෙකෙහි ඔවුන්ගේ ජයග්‍රහණ නිසැකවම ඓතිහාසික ජයග්‍රහණ යේ. ඊට පාර කැපුවේ 69 ලක්ෂයක් ඡන්දය ලබා දී 2019 නොවැම්බරයේදී ජනාධිපති ලෙස තෝරා පත් කළ, ගෝඨාභය රාජපක්ෂය.
එඩිතර, බලසම්පන්න “හිට්ලර්” පන්නයේ සිංහල-බෞද්ධ නායකයකු යැයි ජනාධිපති පුටුවෙහි අසුන් ගැන්වූ පසු, ඔහු ඒ කිසිදු විශේෂණයකට නොගැළපුණු නිවට, බාල දේශපාලනික ආධුනිකයකු යැයි ඔප්පු කෙරුවේ, ලාංකීය ආර්ථික හා සමාජ දේහයම දෙවසරක් යත්ම ගැඹුරු අගාධයකට තල්ලු කරමින්ය. ඔහුට එරෙහිව 2022 අප්‍රේල්හි ගාලු මුවදොර පිටියට ගෙනෙනු ලැබූ #GotaGoHome විරෝධතාව සති 4කින් ප්‍රචණ්ඩ “අරගලයකට” හැරුණු පසු, සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය සහමුලින් විනාශ කෙරිණ. ඒ හිඩැසට “මාලිමාව” ඉදිරියෙන් තබා ගෙන ජ.වි.පෙ. පය ගැසුවේ, මේ රට පවිත්‍ර කිරීමේ කාර්යයට තමන් හැර වෙන කිසිවකු නැතැයි කියමින්ය.
එතැන් සිට පැමිණි ගමනේ මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන කතා කරන්නේ සිංහල දේශපාලන නායකත්වයක් පළමු වරට මැතිවරණයකින් උතුර-නැගෙනහිර ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය, මාලිමාව ලබා ගත්තේ යැයි කියාය. එහෙත්, එවන් ඡන්දයක් සිංහල නායකයකු උතුර-නැගෙනහිරින් ලැබූ පළමු මැතිවරණය මෙය නොවේ. 2010 ජනවාරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක වූ ජනරාල් සරත් ෆොන්සේකා සිංහල දකුණේ සියලු දිස්ත්‍රික්ක පරාජය වන අතර, උතුරු-නැගෙනහිර දිස්ත්‍රික්ක 5ම, සියයට 60ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළේය. 2009 මැයි මස යුද්ධය අවසන් වන විට හමුදාවේ ප්‍රධානියා ඔහු වුවත්, ඔහුට එවැනි ඡන්දයක් උතුරු-නැගෙනහිරෙන් ලැබුණේ රාජපක්ෂට එරෙහි “වෛරී ඡන්දයක්” වශයෙනි. එහි ෆොන්සේකා පිළිගැනීමක් නැත.
මෙවර 2024 මැතිවරණ දෙකෙහිම උතුරු-නැගෙනහිර භාවිත වූයේ ද එවැනිම “වෛරී ඡන්දයකි”. ශිෂ්ට, ආත්මගරුත්වයක් සහිත ජීවිතයකට ඇති අයිතිය අහිමි කෙරුණු ජනතාවක්, තම දේශපාලන නායකයන් විසින් අමතක කෙරුණු පසු, කෙදිනක හෝ එක් අවස්ථාවක තම ඡන්දය දීමට තරම් ඒ නායකයන් නොවටින්නේ යැයි තීන්දු කිරීම යථාවකි. උතුරු-නැගෙනහිර දෙමළ දේශපාලන නායකත්වය පත්ව ඇත්තේ එතැනටය. යුද්ධයෙන් හෙම්බත්ව, අනාථව ඉතිරිව සිටි උතුරු-නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න සඳහා තනිව පෙනී සිටින්නට, උද්ඝෝෂණය කරන්නට සිදු වූ බැව් කවුරුත් දන්නා කරුණකි. ITAK නායකත්වය සිටියේ වික්‍රමසිංහ ආණ්ඩුවේ සහායටය. ඔවුන්ට කොළඹ දේශපාලනය හැර වෙනත් දේශපාලනයක් නොතිබුණු තරම්ය. අනෙක් උතුරේ දේශපාලන නායකයන් කිහිප දෙනා ද ජනතා උද්ඝෝෂණ සඳහා ලබා දුන් සහායක් නැත. දින 2,000ට වැඩි කාලයක් අම්මාවරුන්, භාර්යාවන් සහ සොහොයුරියන් “බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු” තම පවුලේ සාමාජිකයන් සම්බන්ධ නිල තොරතුරු ඉල්ලා කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ඔවුන්ගේ තනි හයියෙන් කෙරුවකි.
මීට වසර 3කට පමණ පෙර 2021 දෙසැම්බර 7 වැනිදා Daily Mirror පුවත්පතට “වනගත වීමෙන් එළියට පැමිණීමට දෙමළ ජාතික සන්ධානය ජනතාව වෙත හැරිය යුතුය” යැයි මම ලිපියක් ලීවෙමි. “එ.ජා.ප. නායකත්වයට ළැදි වූ කොළඹ බින්න බැසූ ITAK තෝරා ගත් දේශපාලනයෙන් උතුරු-නැගෙනහිර විරෝධතා සඳහා ඉදිරි දැක්මක් නොමැති, පුළුල් ජන සහභාගිත්වයක් සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොමැති කුඩා කණ්ඩායම් කිහිපයකට ඒ විරෝධතාවල ගැවැසෙන්නට ඉඩ ලැබිණ. ඉන් සිදු වූයේ, 2020 අගෝස්තු මැතිවරණයෙන් පෙන්නුම් කළ අයුරු, සාම්ප්‍රදායික දෙමළ දේශපාලනය කැබලි වීමකි. දෙමළ ජාතික සන්ධානය 2015 දී දිනාගත් ආසන 16, එවර 10ට අඩු විය. 2015 දී ලැබූ 516,000ට වැඩි ඡන්ද සංඛ්‍යාව, 327,000ට අඩු විය. ඔවුන්ට අහිමි වූ ආසන 6, වෙනත් කණ්ඩායම් 4ක් බෙදාගත්හ. ඔවුන්ගේ අවාසනාවට, ITAK නායකත්වය මහා ආඩම්බරයෙන් කතා කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක් හෝ නොමැතිව ඔවුන්ට මැතිවරණයෙන් ද පරාජයක් බාර ගෙන පසුබසින්නට සිදු විය” යනුවෙන් මම එහි ලීවෙමි. (ඉංග්‍රීසි ලිපියෙහි සිංහල අනුවර්තනයකි.)
ඔවුන්ගේ අඳබාලකම කොතරම් දැයි කිවහොත්, 2020 අගෝස්තු පරාජයෙන් හෝ ඔවුහු පාඩම් ඉගෙන ගැනීමට සූදානම් නොවූහ. ජනතාවට සමීප දේශපාලනයකට මාරු වන්නට කිසිදු වුවමනාවක් ඔවුහු නොපෙන්වූහ. අනතුරුව මේ 2024 නොවැම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ITAK සඳහා ඉතිරි වූයේ කොපමණ ද? ඔවුන්ට ඉතිරි වූ ඡන්ද සංඛ්‍යාව වූයේ 257,813කි. ආසන 8කි. ඉන් කියැවෙන්නේ, 2015 අගෝස්තුවෙන් පසු ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව සියයට 50කින් අඩු වූ අතර, ආසන සංඛ්‍යාව ද දෙකෙන් පංගුවට බැස්ස බවය. එය පැහැදිලිවම උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව අතර පැලපදියම් වූ කලකිරීම, අප්‍රසාදය සහ වෛරය හේතු වූවකි. මෙවර යාපනය දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 11ක් සමග අලුත් දේශපාලන පක්ෂ 3ක් තරග කිරීමට ඉදිරිපත් වූයේ ද එබැවින්ය. මාලිමාවට යාපනයෙන් සියයට 24.8ක් ද, වන්නියෙන් සියයට 20.4ක් ද ලැබුණේ ඒ “වෛරී ඡන්ද” හේතුවෙනි. එනිසා ඊළඟ ආණ්ඩුව හදන්නට හැක්කේ ජ.වි.පෙ. ප්‍රධාන වූ මාලිමාවට යැයි වූ මතය සමග ඔවුන්ට එවැනි ඡන්ද ලැබීම සාමාන්‍ය නැඹුරුවකි.
එසේ නම්, මඩකළපුවේ දෙමළ ජනතාව ITAK සමග නතර වූයේ මන්දැයි ඇසිය යුතුය. නවක තරුණ මන්ත්‍රී ශානකියාන් රාසමානිකම් නිසා, මඩකළපුවෙන් ITAK අතුරුදන් නොවුණි. ඔහු මඩකළපුවේ ජනතා උද්ඝෝෂණවල දකින්නට සිටියෙකි. පොලිස් මර්දනයට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් කතාකෙරුවෙකි. ඉහතින් සඳහන් කෙරුණු මගේ ලිපියෙහි එබැවින් “2021 පෙබරවාරි ආරම්භයේදී නැගෙනහිර හරහා උතුරට ගමන් ගත් විරෝධතා පා ගමනෙහි, දින පහම ජනතාව සමග පා ගමන් ගිය තරුණ දේශපාලක රාසමානිකම්, සාමූහික ජනතා ක්‍රියාකාරිත්වයෙහි ශක්තිය මේ වන විට තේරුම් ගෙන ඇතැයි මම විශ්වාස කරමි” යනුවෙන් ලියූවෙමි. එවැනි පසුබිමක, මඩකළපුව ජනතාවට ITAK සමග බේරා ගැනීමට ලොකු ආරවුල් නොවුණි. මඩකළපුව ඡන්දදායකයා ඒ අනුව පෙන්නුම් කෙරුවේ, අනෙක් දෙමළ දිස්ත්‍රික්කවල මාලිමාවට ලැබුණේ දෙමළ නායකයන්ට එරෙහි වූ “වෛරී ඡන්දයක්” බවය.
අප පිළිගත යුත්තේ උතුරු-නැගෙනහිර ඡන්දදායකයන්ගෙන් සියයට 29ක් මාලිමාවට ඡන්දය දුන් සැණෙන්, යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර ගොනු වූ ප්‍රශ්න සියල්ල අහෝසි නොවන බවය. දස වැනි පාර්ලිමේන්තුවෙහි පළමු සැසි වාරය ආරම්භ කරමින් මාලිමා ආණ්ඩුවෙහි ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර “අප ඇති තරම් ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත්වී තිබෙනවා. ජාතිවාදී ගැටුම්වලින් ඇති තරම් ලේවලින් මේ මහ පොළොව තෙත් වී තිබෙනවා. ගංගා පිරෙන්න කඳුළු හෙළා තිබෙනවා. එකිනෙකා අතර අවිශ්වාසය, ක්‍රෝධය ඇති තරම් වර්ධනය වී තිබෙනවා. එනිසා අපගේ අනාගත දරු පරම්පරාවට යළිත් එවැනි රාජ්‍යයක් බිහි නොකිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා.” යැයි කීවාට, ඔහු හෝ ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයෙහි උතුරු-නැගෙනහිර නොපමාව පූර්ණ සිවිල් පාලනයකට පරිවර්තනය කරනවා යැයි කියන්නේ නැත. බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණන් ගැන පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටින තොරතුරු නිල වශයෙන් ලබා දීමේ පොරොන්දු නැත. දෙමළ ප්‍රදේශවල සිංහල ජනතාව පදිංචි කරවීම ගැන කිසිත් කතා නැත. ඒ වගේම, රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව “පුරාවිද්‍යා බිම්” ලෙස හැඳින්වෙන ස්ථානවල පන්සල් විහාර හැදීම ගැන ද කිසි කතාවක් නැත. එහෙත්, ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියුවේ, “දේශපාලනය කිරීමට අපට ඕනෑ තරම් සටන් පාඨ තිබෙන්න පුළුවන්. එහෙත් කිසිවකුට යළි අප රටේ දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතිවාදී, ආගම්වාදී සටන් පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන්නට අප සහතික වෙනවා.” යැයි කියාය.
ඒ සියලු පොරොන්දු අවංකව ලබා දුන් පොරොන්දු යැයි බාර ගත්ත ද, ඉතිරි වන ඉන්දියානු රුපියල් කෝටි 10ක් වටිනා ප්‍රශ්නය වන්නේ, “මහ වපසරියක වන තමිල්නාඩු දෙමළ දේශපාලනය” අමතක කර, මාලිමා ආණ්ඩුවට සහ ජනාධිපති අනුර කුමාරට එවැනි කතා කියමින් යන්නට, ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට ඉඩ දිය හැකි ද යන්නය. ඔවුන් 1987 ජුලියේ අත්සන් තැබූ ද්වි පාර්ශ්වීය “ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම” අමතක කර, 13 වැනි සංශෝධනය ගැන කිසිදු සඳහනක් නොකර ඉන්නට මාලිමා ආණ්ඩුවට ඉඩ දෙන්නට නව දිල්ලියට හැකි ද? ඒ වගේම, “බලය විමධ්‍යගත කිරීම” මාලිමා ආණ්ඩුවට රිසි සේ කරගන්නට ඉඩ දී ITAK සහ අනෙක් දේශපාලන නායකයන්ට බලා සිටිය හැකි ද? උතුරු-නැගෙනහිර මාලිමා මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණ ගැන කතා නොකර සිටිය හැකි ද? ඔවුන්ට දකුණේ මාලිමා නායකත්වය මෙන් “බෙදුම්වාදයක් නැත. ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පමණකි” යැයි කියමින් උතුරු-නැගෙනහිර දේශපාලනිකව පැවැතිය හැකි ද?
වඩාත්ම වැදගත් වන්නේ, උතුරු-නැගෙනහිර මාලිමා මන්ත්‍රීවරුන් සඳහා ඡන්දය දුන් සියයට 29ට අවශ්‍ය කුමක් ද යන්නය. ඔවුන්ට ඔවුන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට අවශ්‍ය ද? බලහත්කාරයෙන් අතුරුදන් කෙරුණු පුද්ගලයන් ගැන තොරතුරු දැනගැනීමට අවශ්‍ය ද? ස්වාධීන සිවිල් පාලනයක් වහා අවශ්‍ය ද? නැතිනම් පළාත් සභා මැතිවරණයක් ඔවුන්ට අවශ්‍යව තිබේ ද? එසේත් නැති නම්, දකුණේ සහෘදයන්ට මෙන් ඔවුන්ට ද අවශ්‍ය වන්නේ, රැකියා, උසස්වීම්, ඉදිකිරීම් කොන්ත්‍රාත්, වැලි පර්මිට්, සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම්, විදේශ තානාපති පත්වීම් වැනි හුදු පෞද්ගලික උදව් උපකාර ද?
ඇතැම් විට මාලිමාවට ඡන්දය දුන් සියයට 29 එතැනින් නතර විය හැක. එහෙත්, මාලිමාවට එරෙහිව ඡන්දය දුන් උතුරු-නැගෙනහිර සියයට 71න් බහුතරයකට, දීර්ඝ කාලයක සිට නොවිසඳුණු ඔවුන්ගේ දේශපාලන ප්‍රශ්නයට ස්ථිර උත්තර අවශ්‍ය බව දකින්නට ඇත. මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවක් පිහිටුවනු ලැබීමත් සමග ඇති වූ නිදහස් සමාජ අවකාශය ඔවුන් ඒ වෙනුවෙන් විවෘතව යොදා ගැනීමක් මේ දිනවල දැකිය හැක. අන් කවරදාකටත් වඩා මෙවර “මහ විරු සැමරුම” ප්‍රසිද්ධියේ පැවැත්වීමත් සමග ඔවුන් නැවත දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ යුද්ධය අවසාන වූ තැනින්ය. උතුරු-නැගෙනහිර ඒ ජනතාව, ඡන්දය දී නිවෙස් බලා යන හැඩයක් නැත. එය ඉදිරියේදී කොයි අත වර්ධනය වේ ද යන්නත් ප්‍රශ්න සහගතය. දැනට වැදගත් වන්නේ, ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ මාලිමා ආණ්ඩුව, සියල්ලන් ශ්‍රී ලාංකික යැයි කියමින්, උතුරු-නැගෙනහිර මේ දේශපාලනය කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්නය. මාලිමාවට උතුරු-නැගෙනහිර ජනතාවගෙන් ලැබුණු ජන වරම, සියයට 29න් ලැබුණක් නොවන බව තේරුම් ගන්නේ කෙසේ ද යන්නය.
(*** කුසල් පෙරේරා)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
උතුරේ ජනවරම කුමක්ද?
dileepa1986 Monday, 02 December 2024 01:32 PM
2010 සරත් ෆොන්සේකා උතුරු නැගෙනහිර දිනුවේ යුන්පී සහ දෙමළ සංධානය ෆොන්සේකාට සහය දීමට තීරණය කොට ඔහුට ජන්දය දෙන ලෙස දෙමළ මිනිසුන්ගෙන් ඉල්ලා සිටි බැවිනි. 2024 නොවැම්බර් මැතිවරණය තෙක් උතුරු නැගෙනහිර මිනිසුන් ඡන්දය පාවිච්චි කලේ දෙමළ සංධානයට අවශ්‍ය ලෙසයි. 2010 වසරේ වුවත් දෙමළ සංධානය විසින් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටියා නම් ඔවුන් ඡන්දය දෙන්නේ රාජක්ෂටය. වර්තමානයේ දෙමළ සංධානය අභිබවා මාලිමාව ජයග්‍රහණය කිරීමෙන් පෙනී යන්නේ කුමක්ද යන්න මෙම ලියුම්කරුට වඩා උතුරු නැගෙනහිරි මිනිසුන් සිතා ඇති බවයි. ඔවුන්ට සැබෑවටම අවශ්‍ය වී ඇත්තේ බලය බෙදීලි ඉඩම් බලතල පොලිස් බලතල ආදිය කිසිවක් නොව නිදහසේ හම්බකොට නිදහසේ කා බී නිදහසේ ජීවත්වීම බවයි.
රුවන් Tuesday, 03 December 2024 01:43 PM
මම මේ කතාව විශ්වාස කරන්නේ නෑ මොකද, අපේ නෑයොත් ඉන්නවා ද්‍රවිඩ, යාපනයේ. ඒ අයට උතුරේ දේශපාලන එපාවෙලා තියෙන්නේ. ගියපාර ජනපතිවරණයට කලින් ආණ්ඩුව හන්දියක් හන්දියක් ගානේ ස්පිකර් වලින් කිව්වේ NPP ආවොත් ගෙවල් ගිනි තියනවා, මිනිස්සු මරණවා වගේ බොරු. ඡන්දෙන් පස්සේ ඒ අය දැනගත්තා ඇත්තටම NPP කියන්නේ මොකක්ද කියලා. අනිත් වැදගත්ම කාරණය NPP උතුරේ, නැගෙනහිර ගම් මට්ටමින් ක්‍රියාත්මක වුනේ 2018/19 ඉදන්මයි. උතුරේ මිනිස්සුන්ට දැන් ඕනේ නිදහසේ කියක් හරි හම්බකරලා, ළමයින්ට උගන්නලා අනාගත හදන්න මිස ජාතිවාදී ආගම්වාදී රෙද්දක් නෙමෙයි. ඔවා වැඩිපුර ගිනි තියන්නේ පැරදිච්ච පක්ෂම තමයි.