IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


උතුරු ඩීඅයිජීගේ උපදෙසින් ස්විස් කුමාර්ට සාවද්‍ය වාර්තාවක්

(සිරාජ් හසීම්)

යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක ශ්‍රී ගජන්,  ස්විස් කුමාර් නැමැත්තා පොලිසියට   රැගෙන ආවේ ඝාතන සිද්ධියට අදාළ සැකකරුවකු වශයෙන් නොවන බවත් ඔහු පහරකෑමේ සිද්ධියක් ගැන පැමිණිල්ලක් පමණක් සිදුකළ බවත් යාපනය ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්කි දෙමින් යාපනය හිටපු මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා පැවසීය.

එලෙස පැමිණිලි කර ස්විස් කුමාර් නැමැත්තා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට යැයි කියමින් උප පොලිස් පරීක්ෂක ශ්‍රී ජගන් රැගෙන ගිය බවත් එලෙස කරන්නැයි උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට උපදෙස් දුන් බවට උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් ප්‍රකාශ කළ බවත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2015 මැයි මස 13 වැනි දා හෝ ඊට ආසන්න දිනයක පුංකුඩිතීව්හි පදිංචි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා  දමා තිබිණි.

ඊට අදාළ නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් , අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ මානික්කවාසගර් ඉලංචේලියන්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරේ.

විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යෑම සහ මරා දැමීම යන අධිචෝදනා එල්ල වී තිබෙන  බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්,බූබාලසිංගම් ජෙයක්කුමාර්,බූබාලසිංගම් තවක්කුමාර්,මහාලිංගම් ශෂිතරන්,තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,සිවදේවන් දුෂාන්ත් (පෙරියම්බි),පලනි රූපසිංහම් ගුහදාසන්,ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවන් නව දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම මත ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා සාක්කි දෙමින් මෙසේ ද කීය.

‘‘මෙම සිද්ධිය සිදුවූ කාලයේ මම යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වශයෙන් කටයුතු කළා. සිසුවිය ඝාතන  සම්බන්ධයෙන් යාපනය පොලිසිය යටතේ කිසිදු විමර්ශනයක් සිදුවුණේ නැහැ. කෙසේ වෙතත් සිසුවිය ඝාතනය ගැන පරික්ෂණ කරන්න අපේ පොලිස් ස්ථානයේ ශ්‍රීගජන් නැමති උප පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පත් කළා. සිසුවිය ඝාතනයට අදාළ කිසිදු සැකකරුවෙකු උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන්   අත්අඩංගුවට ගෙන අපේ පොලිසියට ඉදිරිපත් කළේ නැහැ. එසේ කිසිවෙකු හෝ අත්අඩංගුවට ගත්තේ නම් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස  ඒ පිළිබද මා දැනුම්වත් කළ යුතුයි.

එහෙත් සිසුවිය ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවකු ශ්‍රී ගජන් විසින් අත්අඩංගුවට ගනු ලැබ එම සැකකරු මුදා හැර තිබීම නිසා   ප්‍රශ්නයක් මතුවෙලා කියා   මට  දැනගන්න ලැබුණා.  ශ්‍රී ගජන් පුංකුඩිතීව් සිට මහාලිංගම් ශෂිකුමාර් නැමැත්තෙකු රැගෙන විත් ඔහුට පහරදීමක් සිදුව තිබීම පිළිබද පැමිණිල්ලක් සටහන් කළා. එම පැමිණිල්ල සිදුකර  ඔහු ශෂිකුමාර් නැමැත්තා  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට යැයි කියමින් රැගෙන ගියා. සැකකරු එසේ රැගෙන යන්නේ උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත යැයිද ඔහු කිව්වා.

ස්විස් කුමාර් රටින් පිටවීම වැළැක්වීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කරන්නැයි මා උපදෙස් දුන්නා. එසේ සිදුකිරීමට නොහැකි බවත් ඒ සදහා අධිකරණ අවසරයක් අවශ්‍ය බවත් ඒ සදහා අධිකරණ අවසරයක් ලබා ගන්නා බවත් ශ්‍රී ගජන් කීවත් ඔහු ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

 මැයි 19 වැනි දා යාපනයේ වෙළදසල් වසා දමමින් දැවැන්ත විරෝධතාවක් සිදුවුණා. 20 වැනි දා යාපනය නගරය හා අවට ප්‍රදේශවල විරෝධතා සිදුවුණා.සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු යාපනය පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටින හෙයින් ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි බලකරමින් ජනතාව යාපනය අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලට ඇතුළු වුණා.

සිසුවිය ඝාතනයට නීතිය සාධාරණයක් ඉටුකළ යුතු බව  කියමින් සහ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු මුදා හැරීමට විරෝධය පළකරමින් ජනතාව යාපනය අධිකරණ සංකීර්ණය, බන්ධනාගාර රථවලට, යාපනය  පොලිසියට  සහ යාපනය නගරයේ පිහිටි වෙළදසල් කිහිපයකට ගල්මුල් ප්‍රහාර එල්ල කළා. මෙම පහරදීම් සම්බන්ධයෙන් 139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත්තා. කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා තමයි 21 වැනි දා මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තා මට   බාරදුන්නේ.‘‘  යැයි  ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බාලසූරිය මහතා කීවේය.

නඩුවේ 46 වැනි  සාක්ෂිකරු වන කොළඹ වැල්ලවත්තේ නවාතැන්සැළක(ලොජ්) හිමිකරුවෙකු වන රාමයියා කනකේෂ්වරන් සාක්කි දෙමින් මෙසේ පැවසීය.

‘‘මම කොළඹ වැල්ලවත්තේ ලොජ් එකක් කරගෙන යනවා. නවතැන් ගැනීමට පැමිණෙන අයගේ හැදුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍රවල පිටපත් අරන් ඒවායේ සඳහන්  නම් ගම් සටහන් කරගෙනයි නවාතැන් පහසුකම් සපයන්නේ. අපගේ නවාතැන් පොළේ නැවතෙන අයගේ විස්තර සියල්ල දෛනිකව පොලිසියට යවනවා.

2015 වසරේ මැයි මස 19 වැනි දා අපගේ ලොජ් එක වටකරල වැල්ලවත්ත පොලිසිය පරීක්ෂා කරන බවට වැඩකරන අයෙක් මා වෙත දැනුම් දුන්නා. මම විගසම එහි ගියා. එහි නවාතැන් ගෙන සිටි මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමති අයෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියා. ඒ වන විට ස්විස් කුමාර් බිරිය හා අතදරුවකු සමග එහි සිටියා.

එදිනම   උදෑසන තමයි අත්අඩංගුවට පත්වූ එම පුද්ගලයා වෑන් රථයකින් මගේ නවාතම් පොළට පැමිණ තිබුණේ.   නවාතැන් පොළේ සේවකයා මට ඒ ගැන කිව්වා. ඉන් පසුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය හා දරුවා සමග මම වැල්ලවත්ත පොලිසියට ගියා. එහිදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් තැනැත්තාගේ බිරිය හා දරුවා මගේ නවාතැන් පොළේ තබාගන්නැයි මට කිව්වා. මේ අනුව මා ඔවුන් සමග නැවත පැමිණියා.

පසුව සවස 05.30ට පමණ අත්අඩංගුවට පත් තැනැත්තාගේ මව පැමිණ ඔහුගේ බිරිය හා දරුවා කැන්දන් යන බව කිව්වා. මා ඒ බව පොලිසියට දැනුම් දුන්නා. පසුව පොලිස් ස්ථානයට කැඳවා ඔවුන්ගේ ප්‍රකාශ ලබාගෙන යැව්වා.

19 වැනි දා අත්අඩංගුවට පත්වූ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර්  2015 මැයි 08 වැනි දා  මගේ නවාතැන්පොළට ඇවිත්   14 වැනි දා දක්වා  කාමර වෙන් කර ගත්තා.  තවත් තුන් දෙනෙක් ඔහු සමඟ ආවා. ඔවුන් විත්තිකූඩුවේ 4,7,8 වැනියට සිටින අය යැයි මහාලිංගම් ශෂිදරන්, පලනි රූපසිංහම් කුගදාසන්, ජෙයතරන් කෝකිලන් යන විත්තිකරුවන් පෙන්වමින් සාක්කිකරු කීවේය.

13 වැනි දා නවාතැන්පොළ් කාමර වෙන් කර ගත්තට පස්සේ  මං ඔවුන් දැක්කේ නෑ. යළි 14 වැනි දා ඔවුන් පිටව ගියේ අවමංගල්‍යක් තිබෙන බව කියමිනුයි. ඔවුන් යනවිට නවාතැන් ගාස්තුව රුපියල් 12 000ක් වුණා. ඔවුන් මෝදර ප්‍රදේශයට ගොස් මුදල් ලබාගෙන තම ගාස්තුව ගෙවන බවත් එම ගාස්තු මුදල එවීම සඳහා නවාතැන් පොළේ සේවය කරන අයෙකු ඔවුන් හා එවන ලෙසත් කිව්වා. මමත් මුදල් ලබාගෙන එන්නැයි කියා සේවකයෙකු පිටත් කර හැරියා. ඔවුන් මද දුරක් සේවකයා කැටුව ගිහිං රුපියල් දහසක් දී ඉතිරි මුදල බැංකු ගිණුමට බැර කරන බව කියමින් සේවකයා යලි හරවා එවා තිබුණා. මගේ නවාතැන්පොළ ඉදිරියේ පුංකුඩිතීව්හි පදිංචි කට්ටියක් හෝටලයක් කරනවා. ඔවුන් 18 වැනි දා පැවසුවා  ඔයාගේ ලොජ් එකේ හිටපු උන් තමයි පුංකුඩිතීව්හි විද්‍යා සිසුවිය  පැහැරගෙන ගොස් අපයෝජනය කර  මරා දමා තිබෙන්නේ කියලා. ඒ ගැන අන්තර් ජාලයේ පුවත් පලවී තිබුණු බවත් ඔවුන් කිව්වා.  මමත් එම පුවත බැලුවා. ඒකේ ස්විස් කුමාර්ව බැඳ දමා පහරදෙන ඡායාරූපයකුත් දැක්කා.‘‘ යැයි සදහන්  නවාතැන්පොළේ හිමිකරු කීවේය.

ඝාතන නඩුවේ 41 වන සාක්කිකරු වැනි කොඩිකාමම් හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක නිශාන්තප්‍රිය බණ්ඩාර මහතා සාක්කි දෙමින් මෙසේ කීවේය.

‘‘සිද්ධිය සිදුවූ කාලයේ මම යාපනය කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළා. 2015 වසරේ මැයි මස 20 වැනි දා යාපනයේ කලබලකාරී තත්වයක් හටගෙන ඇති බවත්  යාපනයට පැමිණ මෙම තත්වය පාලනය කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා මට උපදෙස් දුන්නා. ඒ අනුව   මා යාපනයට පැමිණියා.

විරෝධතාකරුවන් යාපනය බන්ධනාගාර රථවලට පහර දෙන බව කිව්වා.   එම ප්‍රදේශයේදී ඇතිවූ සිද්ධියෙන් මාගේ අතකටත් තුවාල වුණා. ඒ අනුව එදින මා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට  ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත්තා.

පසුදින(21) වැනි දා උදෑසන 7.30ට පමණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන්නැයි පොලිස් අධිකාරිවරයා මට දැනුම් දුන්නා. එම කැඳවීමට අනුව මම රෝහලේ සිට පොලිස් අධිකාරි කාර්යාලයට ගියා. එහිදී පුංකුඩිතීව් හි විද්‍යා සිසුවිය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු සිටින බවත් ඔහු සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා   නියෝග කළා. එම සැකකරු   ස්විස් කුමාර් නමින් හදුන්වන මහාලිංගම් ශෂිකුමාර් නැමති අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වුණා. එම සැකකරුට එරෙහිව පැහැර ගැනීම, අපයෝජනයට ලක්කිරීම හා ඝාතනයට ලක්කිරීමේ චෝදනා මත බී වාර්තාව සකස් කළා.

එමෙන්ම මෙම සැකකරු ඇප මත මුදා හරින්නේ නම්  ප්‍රදෙශයේ ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත විය හැකි බවත් , සැකකරුගේ ජීවිතයට පවා තර්ජන එල්ල විය හැකි බවත්, සැකකරු විදෙස් රටක පුරවැසිභාවයෙන් යුක්ත වීම නිසා විදේශයට පලා යාමේ හැකියාවක්ද ඇති බවත් සඳහන් කරමින් ඇප ලබාදීමට එරෙහි වාර්තාවද ඉදිරිපත් කළා.

විත්තියේ නීතිඥ සින්නරාසා කේදීෂ්වරන් මහතා -  තමන්ගේ විමර්ශනයේදී නව වැනි සැකකරු සිද්ධිය සිද්ධ වූ කාල වකවානුවේ තමන් කොළඹ සිටියේ යැයි ප්‍රකාශ කර සිටියාද ?

පිළිතුර - ඔව්

ප්‍රශ්නය  -  එය එසේ නම් මොහු  මෙම අපරාධයට සම්බන්ධ වන්නේ කෙසේද ?

පිළිතුර - සැකකරු ගැන කළ විමර්ශනවලින් මීට තවත් දෙදෙනකු සම්බන්ධ වී ඇතැයි සැක මතුවුණා.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  - සැකකරු කොළඹ සිටි බවට සාක්ෂි කිසිවක් පෙන්නුවාද ?

පිළිතුර - නැහැ

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තියේ නීතිඥ සින්නරාසා කේදීස්වරන් මහතා සදහන් කර සිටියේ මොහු ඉහළ නිලධාරීන්ගේ උපදෙස් හා නියෝග නොපිළිපදිමින් බී වාර්තාව සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

ඊට පිළිතුරු දෙමින් සාක්කිකාර පොලිස් පරීක්ෂකවරයා කීවේ තමන් එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

නඩුවේ 44 වැනි සාක්කිකරු වන කොළඹ   සමාජ ශාලාවක කළමනාකරුවකු වන ප්‍රියන්ත බස්නායක සාක්කි දෙමින් මෙසේද කීවේය.

‘‘අපගේ ආයතනයට පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් පුද්ගලයකුගේ නමක් අසමින් ඔහු 2015 මැයි මස 13 වැනි දා අපගේ කැසිනෝ සමාජ ශාලාවට පැමිණ සිටියේදැයි ප්‍රශ්න කළා. ඔවුන් කී නම අපගේ සමාජ ශාලාවේ ලියාපදිංචි වී තිබුණේ නැහැ. අනතුරුව එම නිලධාරීන් සීසී ටීවී දර්ශන පරීක්ෂාවට ලක් කළා. ඒ දර්ශනවලින් ඔවුන් එක් අයෙකු හඳුනා ගත්තා. එම පුද්ගලයා එදින (13 වනදා) තවත් අයෙක් එක්ක ත්‍රීරෝද රථයකින් ඇවිත් බැහැල ඇතුළට ඇවිත් තියෙනවා.

රහස් පොලිසිය සීසීටීවී දර්ශන ආශ්‍රයෙන් හඳුනාගත්  පුද්ගලයා විත්ති කූඩුවේ සිව් වැනියට සිටින තැනැත්තායි(මහාලිංගම් ශෂිතරන්) යැයි පෙන්වමින් සාක්කි ලබා දීම අවසන් කළේය.

නඩුවේ 45 වැනි සාක්කිකරු වන ආරුමුගම් සෙල්වකුමාර් නැමැත්තා සාක්කි දෙමින් මෙසේ ද කීවේය.

‘‘මම කොළඹ රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා. 13 වැනි දා සවස 5ට පමණ බෙහළු රෙස්ටුරන්ට් එකට පස් හය දෙනෙක් පැමිණියා. ඔවුන් මත්පැන්,කොකා කෝලා සහ ආහාර ආදිය මිලදී අරන් විනාඩි 45ක් පමණ රැඳී සිටියා.

විත්තිකූඩුවේ හත්වැනියාට සිටින(පලනි රූපසිංහම් කුගදාසන්) පුද්ගලයා නිතරම මෙහි එනවා. හතර වැනියට සිටින(මහාලිංගම් ශෂිතරන්) හත්වැනියට සිටින අය එක්ක හිටි ගමන් පැමිණෙනවා. විත්ති කූඩුවේ නව වැනියට සිටින (මහාලිංගම් ශෂිකුමාර්) ද 13 වැනි දා එහි පැමිණ සිටියා. ඔහු තොප්පියක් පැළදගෙන පැමිණ තොප්පිය මේසය උඩින් ගලවා තැබුවා. ‘ යැයි සාක්කිකරු කීවේය.

සාක්කි විභාගයේදී 1,2,3,6 විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ මහින්ද ජයවර්ධන සහ එම්.එන් නිශාන්ත යන මහත්වරුත්, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතාත්, 4,7,9 වැනි විත්තිකරුවන් වෙනුවෙන් සින්නරාසා කේදීස්වරන් මහතාතාත්, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන් රජයේ වියදමින් පත්කළ රජයේ නිතීඥ විග්නරාජා ජයන්තා මහතාත් පෙනී සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ  සහකාර පොලිස් අධිකාරි බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලදාරීහු පරීකෂණ පරීක්ෂණ සිදු කළහ.

 



අදහස් (0)

උතුරු ඩීඅයිජීගේ උපදෙසින් ස්විස් කුමාර්ට සාවද්‍ය වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 1076 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 123 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1071 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 133 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 228 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 449 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site