(රොමේෂ් මධුෂංඛ)
තිස්වසරක යුද්ධය අවසන් වී වසර 10කට ආසන්න වුවද යුද මානසිකත්වය කරපින්නාගෙන සිටින උතුරේ වැසියන්ගේ මානසිකත්වය පිළිබඳ සියල්ලන්ටම අමතක වී ඇති බවක් දක්නට ලැබේ. එහෙත් උතුර ගැන දන්නේ උතුරේම සිටින අයයි.
මේ අය අතරින් බොහෝ අයට මිල කළ නොහැකි අත්දැකීම් ද ඇත. මේ අත්දැකීම සමඟ ජීවත්වන්නන් රජයේ නිලධාරියෙකු, ආරක්ෂක අංශ නිලධාරියෙකු, හිටපු කොටි සාමාජිකයෙකු, විශ්‍රාමික අයෙකු, ගොවියෙකු, ගෘහනියක විය හැකිය. ඒ කවුරුන් වුවද පොදුවේ නැඟෙන එකම හඬකි. එනම් ආයෙමත් යුද්ධයක් එපා‘ යන්නයි.
යුද්ධයේ ආරම්භයේ සිටම මේ දක්වා ආරක්ෂක අංශයක රාජකාරියේ නිරත වන නමුත් තමන්ගේ නම කීමට අකමැති වූ නිලධාරියෙක් මෙසේ කීය.
“යුද්දේ ගැන දැන් කතා කරනවාට වඩා යුද්දෙන් පසු කාලය සහ ඉදිරිය ගැන අපි සියලුම දෙනාට ම දෙවරක් හිතන්න වෙලා. නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිම හේතු සාධකයක් ඇතිවෙලා නැහැ. දැන් තියන යුද්දෙ තමයි සිවිල් පරිපාලනය.“
“සරළවම කියනවා නම් උතුරේ යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාව එකතුවෙලා උතුරේ පාරවල්වල ඉඩම්වල පැළ හිටවනවා. පැළ බෙදල දෙනවා. විවිධ වෛද්‍ය සායන පවත්වනවා. ලේ දන් දෙනවා. ගෙවල් හදලා දෙනවා. පාරවල් වතුපිටි සුද්ද පවිත්‍ර කරනවා. වැව් හදල දෙනවා. මේ සියලු දෙනා එකතුවෙලා උත්සාහ කරන්නේ ජනතාව අතරට යන්න. නමුත් මේ කාටවත් ජනතාව අතරට ප්‍රවේශවෙන්න බැරිවෙලා තියෙනවා“
“ත්‍රිවිධ හමුදාවට ජනතාව අතරට යන්න බැරිවෙලා තියෙන්නේ ඇයි.....? බොහොම පැහැදිලියි.“
“දෙමළ දේශපාලනය, දෙමළ දේශපාලඥයින්, ඔවුන් හා දැඩි ලෙස බලපෑම් සහගතව බලහත්කාරයෙන් වගේ හිත්වලට කාවද්දලා තියෙන්නේ හමුදාව සතුරන් ගාණට දාලා. නමුත් මේ අය අතරින් නියම දෙමළ මිනිහා දන්නවා හමුදාව කියන්නේ කවුද කියලා. අවාසනාවට බහුතරයක් හමුදාව වෙනුවෙන් නැහැ“
“උදාහරණයක් වශයෙන් පසුගිය පළාත් සභා පාලන කාලයේ සියලුම දෙමළ දේශපාලනඥයින් පොදු එකඟතාවයකට ඇවිත් තිබුණා, උතුරේ පැවැත්වෙන උත්සව අවස්ථාවකට හෝ කිසිම දෙයකට යුද හමුදාව ගාවගන්නේ නෑ කියලා. මේ දේ දෙමළ ජනතාව අතරෙත් ඉබේම ඔඩු දුවනවා. නමුත් මේ සියලු විරෝධතා හමුවේ ත්‍රිවිධ හමුදාව ම ලොකු උත්සහයක් දරනවා ජනතාව අතරට යන්න.“
“නමුත් පොලිසියට ජනතාව අතරට යන්න නිකම්ම අවස්ථාව ලැබිලා තියෙනවා. බන්දේසියක තියලා දීලා වගේ. ඒත් ඒ නිකම්ම ලැබුණු අවස්ථාවෙන් පොලිසිය ප්‍රයෝජනයක් ගන්නේ නැහැ“
“උතුරේ ජනතාවගේ එකම විශ්වාසවන්තයා වෙලා ඉන්නේ පොලිසිය විතරයි. නමුත් පොලිසිය මොකද කරන්නේ අහුවුණු තැන දඩ ගහනවා. පාරකතොටක ට්‍රැෆික් රාළහාමි කෙනෙකුට අහුවුණු ගමන් රුපියල් 100 ඉඳලා 1000 වෙනකම්ම ගලවනවා. ඉතිං එදා වේල හම්බකරන්න වෙර දරන මේ මිනිස්සු අතේ තියන සොච්චම වෙන කරන්න දෙයක් නැතුව ට්‍රැෆික් මහත්තයට දෙන්නේ කොයි තරම් තරහකින්ද කියල හිතල බලන්න.“
“පාරක යන කොට වැරදි වෙනවා තමයි. නමුත් මිනිස්සු පාගාගෙන කන විදිහට අපි කවුරුත් ජීවත් වෙන්න හොඳ නැහැනේ. අමාරුවෙන් එක් පාර්ශ්වයකට හරි ලැබිලා තියන දේ රැකගන්න උත්සහ කරන්න ඕන. මොකද මේ මිනිස්සු යුද්දෙන් හොඳට බැට කාලා තෙම්පරාදු වෙලා ඉන්න නිසා.”
යාපනය සුලිපුරම්හි ග්‍රාමයේ සභාපති වූ ධර්මලිංගම් නඩේන්ද්‍රන් කියා සිටියේ මෙවැන්නකි.
“නැවත යුද්ධයක් ඇතිවෙන්නේ නැහැ කියලා අපේ ජනතාවට ලොකු විශ්වාසයක් තිබෙනවා. කිසිම කෙනෙකුට යුද්ධයක් අවශ්‍ය නැහැ. හැම කෙනෙක්ම ජීවත්වෙන්නයි උත්සාහ කරන්නේ.“
“අවුරුදු 30ක යුද්ධය නිසා උතුරු නැගෙනහිර ජනතාවට හැමදේම නැති වුණා. දැන් මුල ඉඳන් තමයි ඒ මිනිස්සු පය ගහල නැගිටින්නේ. එහෙම නැගිටින මිනිස්සු හිතන්නේ ඒ අයට කවුරු හරි පිහිට වෙයි කියලා.“
“යුද්දෙන් පසුව උතුරු නැගෙනහිර නැවත පදිංචියට ගිය ජනතාව රජයෙන් තමන්ට බොහෝ දේ ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. නමුත් බොහෝ පිරිසකට තවමත් ඉන්න ගෙදරක්වත් ලැබිලා නැහැ. රජය කොයි පක්ෂයක් වුණත් මිනිස්සුන්ට අදාළ නැහැ. මිනිස්සුන්ට ඕන නිදහසේ එදාවේල කාලා දරුවන්ගේ, පවුලේ අනාගතය වෙනුවෙන් සාමකාමීව යමක් ඉතිරි කරගෙන ජීවත් වෙන්න. මොකද ඔවුන් ඉතිරි කරපු ඔක්කොම විනාශ වුණා. ඒ නිසා මේ ජනතාවට යමක් දැනෙන්න දෙයක් කරන්න ඕන කියලයි මම හිතන්නේ“
“පසුගියදා මඩකලපුව පැත්තේඑ සිදුවීම් වගයක් වුණා. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ආයෙමත් යුද්ධයක් එනවා කියලා. හැබැයි මිනිස්සුන්ට ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්න කිව්වේ පවුල් ප්‍රශ්න වගේ නෙමෙයි පොදු ප්‍රශ්න“
“අපේ සුලිපුරම් ගම ගමුකො. මේ ගමේ මිනිස්සු මොනවද ඉල්ලන්නේ. ගෙයක් දොරක්, පවුලේ එක්කෙනෙකුට හරි ජීවිකාව අරන් යන්න පුළුවන් හරි හමන් රැකියාවක්. ඔය දෙක තිබුණා නම් අනිත් ඒවා ගැටගහගන්න එක ලොකු දෙයක් නෙමෙයි.“
“දැන් බලන්න යාපනය ගත්තහම ආවා වගේ නොයෙකුත් කල්ලි, ඒ වගේ ම මත්ද්‍රව්‍ය වගේ දේවල් වැඩිවෙලා තියෙන්නේ ඇයි? විරැකියාව නිසා...... ලොකු මිනිහා පොඩි මිනිහාව පාවිච්චි කිරීමයි මෙතනදී වෙන්නේ. මේ තරුණයින්ට මොකක් හරි රැකියාවක් දීලා ජීවිතේ ඉදිරියක් ගැන පෙන්නුවා නම් පවුල, ගෙදර, ගම, නගරය, රට ඉබේම හැදෙනවා“
“මේ පළාත්වල ජනතාවට ආරක්ෂක අංශවලින් කිසිම කරදරයක් නැහැ. එයාලා ඒ අයගේ පාඩුවේ ඉන්නවා. අපි අපේ පාඩුවේ ඉන්නවා. නමුත් අපේ ජනතාවගේ එක ඉල්ලීමකුත් තියනවා යුද්ධයක් නැති රටක ඇයි පමණට වැඩි ආරක්ෂාවක් කියලා. හමුදාව ඉන්න ඕන. ඒ අයත් එක්තරා පිළිවළකට ස්ථානගත කළා නම් මේ ගැටලු කිසිවක් නැහැ“
“දැන් බලන්න උතුරු නැගෙනහිර යුද්ධය නිසා අතුරුදහන් වෙච්ච මිනිස්සුන්ගේ ඥාතීන් දහස් ගණන් තවමත් පාරවල් ගානේ ඉඳගෙන ඉන්නවා මගේ දරු මුණුබුරාට මොකද වුණේ කිය කිය. මේවට ඉක්මන් විසඳුමක් දෙන්න ඕන. මැරුණා නම් මරණ සහතිකයක්, වන්දියක් වගේ දෙයක්. නැත්තම් මේවා හේතු කරගෙන බොහෝ අය වාසි ලබාගන්නවා. අද වෙන්නේ ඒකනේ. අපිට ඕන මෙච්චරයි. ඒ කියන්නේ සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක්.”
වව්නියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි සින්නයියා කරුපයියා කියා සිටියේ මෙවැන්නකි.
“යුද්ධයෙන් පස්සේ අපි මේ යන්තම් ජීවිතේ ගොඩ දාගෙන ඉන්නේ. යුද්ධය අපේ හැමදේම උදුරගත්තා. ඉතිරිවුණේ මේ ඇඳිවත විතරයි. යුද්ධයෙන් පස්සේ මේ ඉඩම්වලට ආපු අපේ අතේ සතපහක් තිබුණේ නැහැ. මේ තත්ත්වයට එන්න අවුරුදු පහකට වැඩි කාලයක් ගියා. දැන් යන්තම් කුඹුරක් කරලා ඔළුව උස්සන් ඉන්නවා“
“යුද්දෙට පෙරත් මම අවුරුදු ගාණක් කුඹුරු වැඩ කරපු කෙනෙක්. යුද්ධය කාලේ මම වැඩ කරපු කුඹුරේ වී අස්වැන්නෙන් කොටසක් කොටි සංවිධානයට දෙන්න වුණා. දැන් ඒ හැමදේම ඉවරයි. දැන් අපි අලුතින් හිතන්න ඕන. නමුත් අපිට බාධක ගොඩක් තියෙනවා. එදා ජීවිතේ කොයි මොහොතකද නැති වෙන්නේ කියලා හිතන් හිටපු අපිට බලාපොරොත්තු තිබුණේ නැහැ. එකම බලාපොරොත්තුව ජීවිතේ බේරගැනීම විතරයි. නමුත් දැන් ඒ දේ වෙනස් වෙලා. බලාපොරොත්තු ගොඩයි. දැන් අපි ජීවත් වෙන්නේ අපේ දරුවෝ වෙනුවෙන්.“
‘පසුගියදා මඩකලපුව පැත්තේ වුණු සිදුවීමුත් එක්ක මේ පැත්තේ ඇතැමුන් කියන්න ගත්තා ආයෙත් යුද්ධයක් ආරම්භ වෙනවා කියලා. අපේ හදවතත් මොහොතකට හරි නැවතුණා එහෙම අහනකොට. නමුත් යුද්ධයක් කියන දේ ආවට ගියාට ඇතිවෙන්නේ නැහැ. ලොකු පෙරළියක් සිදුවෙන්න ඕන දැන් රටේ තියන වාතාවරණය අනුව. රටේ ආරක්ෂාව ගැන අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්. එහෙම වෙලාවක කොහෙත්ම යුද්ධයක් ඇතිවෙන්න විදිහක් නැහැ. මඩකලපුවේ සිදුවීමත් කොළඹ සිදුවෙන පාතාලයේ වගේ පෞද්ගලික කෝන්තරයක් විදිහටයි මම දකින්නේ“
“යුද්ධයක් ඇයි? අපිට මොනව ලබා ගන්නද? මේ පුංචි රටේ මොනව බෙදා ගන්නද? ඇතැම් අය බලයට පොරකෑම ම එක්තරා යුද්ධයක් තමයි. මේ වෙනකොට රටේ දේශපාලනයත් අස්ථාවර වෙලා වගේ හැගෙනවා. රජය අස්ථාවර වුණත් ආරක්ෂාව අස්ථාවර වෙලා නැහැනේ. එහෙම අවස්ථාවක යුද්ධයක් ඇතිවීමක් ගැන හිතන්නවත් කාටවත් බැහැ“
“අපි කියන්නේ නැහැ කොටි ඔක්කෝම මැරුණා කියලා. ඉතුරුවුණු පුල්ලි තවමත් ඉන්නවා. හැබැයි ඒ අය අපිටත් වඩා හොඳින් තේරුම් අරන් ඉන්නේ ඒ අය කරපු යුද්ධයට හේතුවක් නැහැ කියලා. ඉතින් ඒ අය එහෙම හිතනකොට අනිත් අය ගැන මොන කතාද?” යයි සින්නයියා කරුපයියා ප්‍රශ්න කරයි.
වවුනියාව පූවර්සන්කුලම් ප්‍රදේශයේ ජීවත්වෙන සින්නතුරෙයි නාගම්මා කියා සිටියේ මෙවැනි කතාවකි.
‘‘යුද්ධය නිසා උතුරු නැගෙනහිර කාන්තාවන් 80,000 ක් විතර අසරණව ජීවත්වෙනවා කියලා පහුගිය දවසක අහන්න ලැබුණා. තමන්ගේ ස්වාමියා නැතිව ජීවත්වන කාන්තාවගේ ඉදිරි ජීවිත ගමන ගැන දෙවරක් හිතන්න වෙනවා, මේ කාන්තාවන් ජීවත් වෙන්නේ කොහොමද? මේ අයගේ ආර්ථිකය කොහොමද? සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? කියන ප්‍රායෝගික ගැටලු ගැන“
“මමත් අම්මා කෙනෙක්. ගෘහණියක්. එදා අපි යුද්ධය වෙලාවේ දරුවො ටික අරන් කැලේට දිව්වේ බෝම්බ වලින් බේරෙන්න ඕන නිසා. දෙයියනේ කියලා අපි බේරුණා. නමුත් කැලේට දුවපු අපි ඇවිත් බලනකොට බෝම්බවලට ගිනිබත් වෙලා තිබුනේ සමහර අයගේ ගෙවල්. ඉතින් ඒ අය යුද්ධයට කොයි තරම් වෛර කරනවා ඇත්ද? කවුරු යුද්ධ කරත් අපි යුද්ධයක් ගැන හිතන්නවත් කැමති නැහැ.“
“පසුගියදා මඩකලපුවේ සිදුවීමත් සමඟ යුද්ධයකට අකමැති අයගේ නැගිටීම කොයි තරම්ද කියලා අපි දැක්කා. ලොකු කුඩා සියලු දෙනා එක්ව නැවත යුද්ධයක් නොදකීවා යන එකම පැතුමින් උතුරු නැගෙනහිර රැස් වුණා මතකනේ..... මොකද තුවාලේ වේදනාව දන්නේ තුවාල තියන මිනිහා වගේ තමයි, යුද්දේ වේදනාව දන්නේ මේ පළාත්වල හිටපු අපි. උතුරු නැගෙනහිර ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ට යුද්ධයක් එපා නම් යුද්ධයක් ඕනේ කාටද? ඒ ගැනත් දෙවරක් හිතන්න කියල මම කියනවා.“ යයිද නාගම්මා කීවාය.
මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හි යුද්ධයේදී අවසන් මොහොත දක්වා ගිනි අවියක් දරා තම නායකයා වූ ප්‍රභාකරන් මිය යනු දුටු පසු යුද හමුදාවට බාර වී වසර දෙකකට වැඩි කාලයක් පුනරුත්තාපනය වී සිය නිවස බලා ගිය හිටපු කොටි සාමාජිකයෙකු වන කේ. තුලසී කියා සිටියේ මෙවැන්නකි.
‘‘මේ රටේ දැන් ඇති වෙලා තියන තත්ත්වය අනුව මොනම හේතුවක් නිසාවත් නැවත යුද්ධයක් ඇති වෙන්නේ නැහැ කියල වගකීමෙන් කියනවා. එහෙම යුද්ධයක් ඕන, යුද්ධයකින් ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනවා කියලා හිතනවා නම් ඒ හොඳම මෝඩයෙක්. මොකද යුද්ධයේ අත්දැකීම් අපිට වැඩිය දන්න කෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැහැ“
“යුද්ධයේ අවසන් හෝරා කිහිපය වෙනකම් මුල්ලිවයික්කාල්වල තුවක්කුවක් අතේ තියන් හිටපු කෙනෙක් විදිහට මම වගකීමෙන් කියන්නේ, කොටි සංවිධානයේ ප්‍රභාකරන් ඇතුළු සියලු නායකයින් අපේ ඇස් ඉදිරිපිට තමයි මිය ගියේ. ඊට පස්සේ අපිට නායකත්වයක් නැති නිසා තමයි අපි යුද හමුදාවට බාර වුණේ.“
“මුලින් කිව්වා වගේ මේ රටේ කිසිම යුද්ධයක් ආයෙත් ඇතිවෙන්නේ නැහැ. අපි ඒක වගකීමෙන් කියනවා“
“ එදා යුද්ධය තිබුණු වෙලාවේ හිටපු දෙමළ අය නෙමෙයි දැන් ඉන්නේ. ඒ අය ඔක්කෝම වෙනස් වෙලා. දෙමළ අය හෝ සිංහල අය මේ වෙනකොට අවබෝධ කරගෙන ඉන්නේ මේ යුද්ධය අනවශ්‍ය දෙයක් කියලා. යුද්ධයක් ආයේ එපා කියලා තමයි ඔක්කෝම හිතන්නේ. අවුරුදු 30 ක යුද්ධයක් කළත් අපි අද වෙනකොට හම්බ කරපු දෙයක් නැහැ“
“යුද්ධය ඉවර වෙලා අවුරුදු 09 ක් ගත වුණත් යුද්දේ බලපෑම අදටත් මිනිස්සුන්ට තියෙනවා. යුද්ධය කාලේ ගත්ත ණය දැනටත් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන් ගෙවමින් ඉන්නවා.“
“යුද්ධයක් තිබුණේ නැත්තම් අපිට සීනි කිලෝවක් රුපියල් 20 කට වැඩියෙන් දීල ගන්න ඕන වෙන එකක් නැහැ. පාන්පිටි කිලෝ එකක් රුපියල් 30 කට වැඩියෙන් දීලා ගන්න වෙන එකක් නැහැ. තෙල් මිල ඉහළ යන්නේ නැහැ. ඒත් අද දවසේ පඩිය විදියට රුපියල් 1000ක් 1200 ක් අරගෙන ඒ මුදලටම සෑහෙන්න ගන්න වෙන්නේ එක් පොලිතින් උරයක් පිරෙන්න බඩු විතරයි. ආර්ථිකය අතින් පොඩි ම මිනිහට යුද්ධයේ බලපෑම තදින්ම දැනෙනවා. එහෙනම් යුද්ධයක් ඕන කියල කෙනෙක් හිතනවා නම් ඒ මෝඩයෙක් විතරයි. වෙන අය එහෙම හිතන්නේ නැහැ“ යයිද තුලසී කීවේ වඩ වඩාත් හැඟුම්බර වෙමිනි.
“අන්තිම සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාව සමග අවසන් මොහොත දක්වාම සටන් කර කොටි නායක ප්‍රභාකරන් ඇතුළු සෙසු සියලු නායකයින් අවසන් යුද බිමේදී මිය ගියා කියන එක තමයි එකම ඇත්ත. ඒ අවස්ථාවේදී නායකයෝ ඔක්කොම මැරුණා. යුද්ධයත් අනවශ්‍ය දෙයක් කියලා හිතල තමයි ඉතුරු වූ සාමාජිකයින් ඇවිත් යුද හමුදාවට බාර වෙන්නේ. ඒ දේ අපිට වැටහුණේ යුද්ධය අවසන් මොහොතේ.” යයිද ඔහු වැඩිදුරටත් කීවේය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරේ දමිළ ජනයාගේ වත්මන් හදගැස්ම
sachith Friday, 14 December 2018 05:40 AM
නියම විග්‍රහයක්. උතුරේ වගේම දකුණේත් මේ ප්‍රස්නේ වවාගෙන ඉන්නේ දේශපාලකයෝ. ඒ වෙන දෙකට නෙවෙයි, තමන්ගෙන් වෙන්න ඕන නියම යුතුකම් මග ඇරලා ඉන්න. මේක බහුතරයක් ජනතාවට නොතේරෙන එක තම ලොකුම ප්‍රස්නේ.
Samaja sewa Friday, 14 December 2018 08:48 AM
රටේ ජාතික භාෂාව වන සිංහල කතා කරන්න, ලියන්න සෑම පුරවැසියකුටම අනිවාර්ය කළ යුතුයි. ඒ මගින් ජාති භේදය කලකදී නැතිව යයි.
Indika Friday, 14 December 2018 09:35 AM
සිංහල විතරක් නෙමෙයි දෙමළත් අපි ඉගෙන ගත යුතුයි.
sanda Friday, 14 December 2018 02:04 PM
මේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය හොඳින් කර ඇති බව පෙනී යනවා සියලු දෙනාට ආදර්ශයක් නේද?
sanda Friday, 14 December 2018 02:08 PM
රටේ නොපෙනෙන ගැටලු මෙන්ම උතුරේ දේශපාලයට, පොලීසියට ඇස් ඇරෙන්නට ගත් හොඳ උත්සහයක්...
maha kalu indiyanuva Saturday, 15 December 2018 04:35 AM
අන්තිම රජතුමා දෙමළ ජාතිකයෙක්... එතැනින් පටන් ගන්න වෙනවා. සියලුම ඉන්දියානු සංක්‍රමිකයන් (රාවණ පරපුර - දඹානේ ජනයා හැර) සියළුම දෙනා දෙමළ භාෂාව අනිවාර්ය කළයුතු වෙනවා.
ශ්‍රී ලංකා Saturday, 15 December 2018 05:36 AM
උතුරේ දමිළ ජනයාගේ හඳගැස්ම නොවෙයි. මේ ශ්‍රී ලාංකික අප සැමගේ හදගැස්මයි.මුළු රටම අවදි වේවා. යුද්ධයේ අඳුරු සෙවනැලි සොයා දුවන මිනිසුනි ඔබේ දරුවාගේ හෙට දවස ගැන මොාහාතක් සිතන්න. විෂිශ්ඨ සමාජ විවරණයක්.අපට නොපෙනුන පැත්තක් ඔබ අපට පෙන්වා දී තිබෙනවා...
gallage Sunday, 16 December 2018 01:19 PM
දෙමළ මිනිහා ශක්තිමත් සහ බුද්ධිමත්.. සිංහල, දෙමල අප සැමට සතුටින් ජීවත් වෙන්න රටක් බිහිවේවා...!!! වැදගත් වෙන්නේ අප එකිනෙකා අවබෝධ කර ගැනීමයි. අප සංස්කෘතික වශයෙන් බොහෝ සමාන මත වල සිටින ජන කොට්ඨාශයකි.
shehan yapaThursday, 20 December 2018 05:20 AM
අතීතයේ කොයිතරම් සමගියෙන් හිටපු ජාතීන්ද.නැවතත් එහෙම කාලයක් උදා වේවා!!!
isurandi Wednesday, 19 December 2018 01:38 PM
අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ වුවහොත් එකාමෙන් පෙළගැසිය හැකියි ඕනෑම ප්‍රශ්නයකදී...