අමු මස විනිවිද ඇට නහර පසාරු කරගෙන ඒ ඇසිඞ් ප‍්‍රහාරය සිරුර අභ්‍යන්තරයට කිඳා බසින විට උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට මොනවා සිතෙන්නට ඇද්ද? ඒ පුවත ඇසු පළමු මොහොතේ ඔබට දැනුණ හැඟීම කුමක්ද?
හදවත ගලවා දැමූ සමාජයකට එබඳු පුවතකින් අමුතු විශේෂ හැගීමක් නිර්මාණය වීමට ඉඩක් නැත. ම්ලේච්ඡ වූද සහාසික වූද සිදුවීම් එක පෙළට වාර්තාවීමෙන්ම නිර්මාණය වී ඇති සාපලත් සමාජයේ නරුම බව පැහැදිලිය. උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාට දැනුණ හැඟීම ගැන අවබෝධයක් අපට ලැබුණද සමාජයට දැනුණු හැගීම ගැන අවබෝධයක් අප සතුව නොවන්නේ එහෙයිනි.
තිත්ත වුවද ඇත්ත එයමය.
දිනය ඉකුත් 22දාය. හිරු නැගෙන්නට හෝරා දෙක තුනකි. අඳුරේම පැමිණි යතුරු පැදියක් අනුරාධපුර අනගාරික ධර්මපාල මාවතේ නිවෙසක් ඉදිරිපිට නතර විය. එහි පැමිණි තරුණයෝ දෙදෙනා නිවසේ විදුලි සීනුව නාද කළහ.
ඒ නිවෙස නිල නිවසකි. එහි බාරකරුවා වෛද්‍ය කුමාර අල්විස් මහතාය. උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ඔහුය. ඔහු සිටියේ තද නින්දේය. එයට කලින්දා බිරිඳ සමග කොළඹ ගිය ඔහුට යළිත් අනුරාධපුරයට පැමිණීමට හැකිවූයේ මැදියම් රැුයේදීය. විදුලි සීනු හඬට ඔහුගේ නින්ද බිඳී ගියේය.
”අපි මාතර ඉඳලා ආවේ. තාත්තට ගොඩක් අමාරුයි. ඩොක්ටර්ගේ පංචකර්ම සායනයට තාත්තව සහභාගි කරවා ගන්න ඕනෑ” කලින්දා කොළඹ සිටියදී ලැබුණු දුරකතන ඇමතුම ඔහුට මතක් විය. ඒ ඇමතුම දුන්නේ තරුණයෙකි. ඔහු තවත් තරුණයකු සමග අනුරාධපුර නිල නිවසට පැමිණ තිබේ. නිවසේ සිටි සේවිකාව වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇමතුමක් ගෙන එය නාඳුනන තරුණයාට දුන්නාය. තරුණයා අර ප‍්‍රකාශය කළේ ඒ මොහොතේය.
”හරි හෙට උදෙන්ම එන්න” කුමාර අල්විස් මහතා කීවේය. හිමිදිරියේම පැමිණ සිටින්නේ එම තරුණයා විය යුතු යැයි කුමාර අල්විස් මහතා සිතුවේය.
බිරිඳ ලියාපදිංචි වෛද්‍ය නිලධාරිණී ධම්මිකා රණසිංහ තවමත් සුව නින්දේය. ඇයට බාධා නොකළ කුමාර අල්විස් මහතා නිවසේ ඉදිරිපස දොර විවර කළේය.
ඔහු සිතුවා හරිය. පැමිණ සිටියෝ අර තරුණයෝ දෙදෙනාය.
”වාඩිවෙන්න” කුමාර අල්විස් මහතාගේ සුපුරුදු ළෙන්ගතුකම එය විය. කුමාර අල්විස් මහතා ඔවුන්ගෙන් තොරතුරු විමසුවේය.
”අපි මාතර. තාත්තට අංශභාගය හැදිලා ඩොක්ටර් ගැන ආරංචි වෙලයි මෙච්චර දුරක් ආවේ” තරුණයෙක් කීවේය.
”හරි එහෙනම් තාත්තව හොස්පිට්ල් එකට ඇතුල් කරන්න. ඉන්න මම චිට් එකක් දෙන්නම්” එසේ කී කුමාර අල්විස් මහතා සිය පුතුට කතා කර කාමරයෙන් චිට් එකක් ගෙනෙන ලෙස දැන්වූයේය.
”පුතා පරක්කු නිසා මා කාමරයට යන්න හැදුවා. ඒ එක්කම මට සැර ගඳක් ආවා. ”මොකක්ද ඒ ගඳ” කියලා මම තරුණයන් පැත්තට හැරුණා. ඒ එක්කම ඒ තරුණයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මගේ මූණට මොනවද විසි කළා. මට මතක එච්චරයි” කුමාර අල්විස් මහතා එසේ කියයි.
බිරිඳ චම්පිකාගේ නින්ද කැඞී ගියේ කුමාර අල්විස් මහතාගේ විලාපයෙනි.
”මම නැගිටලා සාලයට දිව්වා” මුන් මට ඇසිඞ් ගැහුවා කියාගෙන මහත්තයා නාන කාමරයට දිව්වා. මුහුණයි පපුවයි පිච්චෙමින් තිබුණා. මම ඉක්මනට මහත්තයව අරගෙන යන්න කාරෙක ගන්න හැදුවා. ඒ වෙලාවේ මහත්තයා කිව්වා. බෑ ....බෑ පරක්කුයි මාව ඉක්මනට ස්ප‍්‍රිතාලෙට අරන් යන්න කියලා. ඊට පස්සේ මම එහා පැත්තේ තියෙන ශික්ෂණ රෝහලට මහත්තයාව පයින්ම එක්කගෙන ගියා.
උතුරුමැද පළාතේ ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාගේ දෑස පපුව මෙන්ම අතක් බරපතල ලෙස පිලිස්සී තිබිණි. එහෙයින් ඔහු වහාම කොළඹ අක්ෂි රෝහලට මාරුකර එවීමට පියවර ගැනිණි.
කුමාර අල්විස්ට ඇසිඞ් ඇසුවේ ඇයි?
මැදියම් රැයේ නිවසට පැමිණි කෙටි නින්දක ගිලී සිටියදී අලූයම හතරට පමණ නිල නිවසේ දොරට තට්ටු කළ නාදුනණ පුද්ගලයන්ට දොර ඇරීමට තරම් කාරුණික හදවතක් මේ ආයුර්වේද කොමසාරිස්වරයාට තිබිණි. ඒ දොරට තට්ටු කරන්නේ රෝගියකු වෙනුවෙන් යැයි ඔහු සිතීමය.
කුමාර අල්විස් යනු එහෙම සිතන්නකු බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරයි. ඒ 1991/1992 තරම් ඈත කාලයයි. 1987-89 භීෂණ සමයෙන් පසුව මුළු රටම හේමන්ත නිද්‍රාවෙහි ගිලී තිබුණේය. සටන් බිම් පාළු සෝබර හුදකලාවක ගිලී තිබුණේය. සටන් කිරීමට අවැසි ජනයාට ද නායකයන් නොමැති හෙයින් සිටීමට සිදුවූයේ හිස බිමට නමාගෙනය.
කුමාර අල්විස් බිහි වන්නේ මෙම පරිසරය තුළිනි. ඔහු එකල රාජගිරිය ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍ය සභාවේ සභාපතිවරයාය. බටහිර වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍ය සිසුන්ට දේශනා පැවැත්වීම වර්ජනය කළහ. එකල දියුණු ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයක් තිබුණේ නැත. අළුදුලි ගසා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නැගී සිටියා පමණෙකි. මර්ධනයට බියෙන් බොහෝ සටන්කාමීහු සටන් බිම් මගහැර යමින් සිටියහ. කුමාර අල්විස් අන්තරය සමග සාකච්ඡා කළේය. සටනට න්‍යාය පත‍්‍රයක් සැකසිණි. කුමාර අල්විස් පෙරමුණ ගත්තේය. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ සුරක්ෂිත බව වෙනුවෙන් සටන ඇවිළි ගියේය. සටන් කිරීමේ නොතින් ආශාවෙන් පෙළුණ සරසවි ශිෂ්‍යයෝ මෙම ආයුර්වේද සටන සමග රොද බැඳ ගත්හ.
කොළඹ වෝඞ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වටකළ කුමාර අල්විස් ඇතුළු ශිෂ්‍යයෝ ඉල්ලීම් ලැබෙනතුරු සටන අත් නොහරින බව ශපථ කළහ. දින කිහිපයක් යනවිට සටන දියවී යනු ඇතැයි බළධාරීහු සිතූහ. එහෙත් ශිෂ්‍යයෝ වඩ වඩාත් සටන්කාමී වූහ. ශිෂ්‍යයෝ අලූත් අසිපත් වෙමින් සටන්බිමෙහි පෙරමුණ ගත්හ. අවසානයේදී ඉල්ලීම් ලබාදීමට බලධාරීහු පියවර ගත්හ. මර්දනයෙන් අනතුරුව වඩාත් සටන්කාමී ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැගුණේ ඒ ආයුර්වේද ශිෂ්‍ය සටනින් පසුවය.
කුමාර අනුරාධපුරයට ආවේ ඒ උරුමයත් සමගයි. ඒ නිසා ඔහු වෙසෙසින් කැපී පෙනුණා. මුදලට නොවෙයි මහජනතාවට ඔහු අවංකව සේවය කළා. පාන්දර හතරටත් ඔහුගේ නිවසේ දොර ඇරෙන්නේ ඒ අනුවයි. කුමාර පරිපාලන නිලධාරියෙක් වුණත් ඔහු තුළ ඉතා හොඳ දියුණු වෛද්‍යවරයෙක් වගේම මනුස්සයෙක් හිටියා. අද මේ සිද්ධියෙන් මුළු උතුරුමැද පළාතම කම්පාවට පත්වෙලා ඉන්නේ ඒ නිසයි. වන්නියේ වේදිකාව සංවිධායක ආනන්ද ගුණවර්ධන මහතා කීවේය.
කුමාර අල්විස් මහතාගේ බිරිඳ ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනි චම්පිකා අල්විස් මහත්මිය සමග අපි කතා කළෙමු.
”මගේ මහත්තයා කාටවත් වරදක් කරපු කෙනෙත් නොවෙයි. එයා අවංකවම රාජකාරිය කරනවා. ඒක ඕනෑම කෙනෙක් පිළිගන්නවා. මහත්තයා පංචකර්ම සායනය පවත්වනවා. අනුරාධපුර ආයුර්වේද රෝහලේ මේ පංචකර්ම සායනය ආරම්භ කරපු දවසේ ඉඳලා මේකට සහභාගි වන පිරිස වැඩි වුණා. මහත්තයා ඒ රෝගීන්ට උපරිම ලෙස කැපවීමෙන් ප‍්‍රතිකාර කළා. ප‍්‍රතිකර්ම කළේත් මහත්මයාමයි. දවල්ට කෑමට එන්නේ හවස හතරට පහට විතර. ඒ තරම් කැපකිරීම් කරපු මගේ මහත්තයාට මෙහෙම දෙයක් කළේ ඇයි කියලා මට හිතාගන්න බෑ”
කුමාර අල්විස් හා චම්පිකා හමුවන්නේ රාජගිරිය අයුර්වේද වෛද්‍ය විද්‍යාල භූමියේදීය. පළමු පත්වීම ලැබ චම්පිකා දඹදෙණිය රෝහලට ගිය පසු ඔවුහු විවාහ වූහ. කුමාර අල්විස්ට පළමු පත්වීම අනුරාධපුරයටය. චම්පිකා ද මාරුවක් හදාගෙන අනුරාධපුරයට ගියාය.
ඔවුන්ගේ කැදල්ල ප‍්‍රීතියෙන් පිරී තිබිණි. සචිණි ඉබෝධා අල්විස් වැඩිමහල් දියණියෝය. ඇය උසස් පෙළ උසස් ලෙස සමත්ව සිටින්නීය. පසිදු නවෝද්‍ය තවමත් පාසල් යන්නේය. ඒ දරුවන්ට මේ සමාජය ගැන දැනෙන හැටි කෙසේ විය හැකිදැයි සිතීම ඔබටම බාර කරමු.
මගේ මහත්තයාට ඇසිඞ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැන අවධානය යොමු කරනවාට වඩා මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මහත්තයා සුවපත් කර ගන්නයි. අක්ෂි වෛද්‍ය විශේෂඥ චරිත් ෆොන්සේකා මහත්තයා තමයි ප‍්‍රතිකාර කරන්නේ. එතුමාගේ වචනවලට අනුව අපි තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මේ විපතට ආරංචි වෙච්ච මොහොතේ ඉඳලා ජනාධිපතිතුමා කතා කළා. පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා අවශ්‍ය හැම දේම සොයා බැලූවා. පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමිය මේ හැම කෙනෙක්ම හැකි සෑම ආකාරයකින්ම මැදිහත් වුණා. පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නය මගේ මහත්තයට ආශිර්වාද කළා. පොලිසියත් ආයුර්වේද වෛද්‍ය සංගමයත් කළ කාර්භාර්ය අති මහත් චමපිකා අල්විස් මහත්මිය කීවාය.
”අපි කාටවත් වැරදි කරලා නෑ. ඒ නිසා මට මේ ගැන හිතා ගන්න බෑ”ඇය වැඩිදුරටත් පැවැසුවාය.
රාජ්‍ය නිළධාරියකුට ඇසිඞ් ගැසීම කිසිසේත්ම සරළ කාරණයක් නොවේ. එය වූ කලී කුමාර අල්විස් මහතාට එල්ල කළ ඇසිඞ් ප‍්‍රහාරයත් වශයෙක් හඳුනා ගැනීම වෙනුවට එය සමස්ත රාජ්‍ය සේවයට එල්ල කළ ප‍්‍රහාරයක් ලෙස සැලකීම යුක්ති සහගතය.
එසේනම් ඔහුට ඇසිඞ් ගැසුවේ ඇයි?
ආයුර්වේද සේවා ව්‍යවස්ථා පනතට අනුව පළාත් ආයුර්වේද කොමසාරිස් ධුරයට පත්විය යුත්තේ ආයුර්වේද ක්‍ෂේත‍්‍රයේ පරිපාලන නිලධාරියෙකි. කුමාර් අල්විස් මහතා එම ධුරයට ඒමට පෙර සෑහෙන කාලයක් පුරා එම ධුරයේ සිට ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරියෙකි. ආයුර්වේද වෛද්‍යවරයකු වන කුමාර අල්විස් මහතා 2004 වසරේදී උතුරු මැද පළාත් වැඩබලන ආයුර්වේද කොමසාරිස්වරයා ලෙස වැඩ බාර ගත්තේය. එම පත්වීම අභියෝගයට ලක් කරමින් නඩුවක් ගොනු වූ අතර එහිදී තීරණය වූයේ සුදුසුකම් සියල්ල සැපුරූ නිලධාරියකු පත් කරනතුරු කුමාර අල්විස් මහතාට එම තනතුරෙහි වැඩ බැලීමට ඉඩදිය යුතු බවය. මාස හයක කාලයක් තුළදී එම ඇබෑර්තුව පිරිවිය යුතු බවටද නියෝග කෙරිණි. ඒ හය මසක කාලය ගෙවී යන ඇසිල්ලෙහි කුමාර අල්විස් මහතා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් රෝහල් පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකර ගත්තේය. ඒ අනුව ඔහු දිගටම එම තනතුරෙහි රැඳී සිටියේය.
මේ ඇසිඞ් ප‍්‍රහාරය පිටුපස පළාත් ආයුර්වේද කොමසාරිස්” මහ පුටු සම්බන්ධයෙන් ඇති හබයේ සම්බන්ධයක් තිබේද? 2012 වසරේ දී කුමාර අල්විස් මහතාට එරෙහිව කිසියම් පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද දියත් කළහ. පළාත් ආයුර්වේද කොමසාරිස් ධුරයෙන් ඔහු ඉවත් කරන ලෙස එම විරෝධතා පුවරුවල සඳහන්ව තිබිණි. පොලිස් පරීක්ෂණ ඒ සම්බන්ධයෙන්ද යොමුවී තිබේ.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සම්භාහන ආයතන සම්බන්ධයෙන් කුමාර අල්විස් මහතා දැඩි පිළිවෙතක සිටි බවද කියති. එම සම්භාහණ ආයතන ප‍්‍රමිතියකට යටත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කළ කුමාර අල්විස් මහතා ඇතැම් සම්භාහන ආයතන වසා දැමීමට නිර්දේශ කර තිබෙන බවද කියැවිණි. මේ ඇසිඞ් ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඒ සම්භාහන මාෆියාවේ සම්බන්ධයක් තිබේද? පොලිස් පරීක්ෂණ ඒ සම්බන්ධයෙන්ද යොමුවී තිබේ.
කොළඹ අක්ෂි රෝහලේ සයනයක කුමාර අල්විස් මහතා වැතිර සිටී.
”මට දැන් යාම්තමට ආලෝකය පෙනෙනවා” ඔහු එසේ කියයි.
”විගණාධිපති ලලිත් අඹන්වල මහතාගේ රුව මේ මොහොතේ දී මගේ මතකයේ සිතුවම් වෙයි. අවංකව රාජකාරී කළ ඔහුට පිළිතුරු වශයෙන් ලැබුණේ ඇසිඞ් ප‍්‍රහාරයකි.
මුළු මහත් රාජ්‍ය සේවයම ඒ ඇසිඞ් ප‍්‍රහාරයෙන් තිගැස්සී ගියේය. අවංකව රාජකාරී කිරීමෙන් ලැබෙන්නේ ඇසිඞ් ප‍්‍රහාරයක් නම් ඒ වෙනුවෙන් දිවි කැප කරන්නේ කුමකටදැයි අවංක රාජ්‍ය නිලධාරීන්ට සිතෙන්නේ නම් එය විමතියට කරුණක් නොවිය යුතුය.
දැන් උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වරයාට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ලවී තිබේ.
මේක පෞද්ගලික කෝන්තරයක්. සිද්ධිය එසේද වර නැගෙමින් ද තිබේ.
එහෙත් ඇසිඞ් ගැසීමට තිබෙන අයිතිය කුමක්ද? මේ රට යනු කැලෑනීතිය ආදේශ කරමින් තිබෙන රටක්ද? බාහු බලයෙන් ප‍්‍රචණ්ඩත්වයෙන් සියලූ ගනුදෙනු බේරාගත හැකියැයි සිතන රටක් බවට පරිවර්තනය වී තිබේද?
මට කළ හිරිහැර නිසා හොඳ වැඩක් දෙන්න සිතුවා
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්ට එල්ලවූ ඇසිඩ් ප්‍රහාරය
මේනක Wednesday, 06 March 2013 03:17 PM
මොනවාද අප්පා මේ වැඩ (දී)
දේව රක්ඛිත හිමි Sunday, 03 March 2013 05:51 PM
මහ පොලොව උසුලන්නේ නැති අපරාද? කැලෑ නීතිය රජකරණ යුගයක රටේ නීතියක් සාමයක් කොහින්ද?(නදී)
අනුර Tuesday, 05 March 2013 12:36 PM
මෙ වැඩේ කරපු අයට මේක නම් මිහිපිටදීම පටිසන් දෙනවා. (නි)
තුෂාර Monday, 04 March 2013 04:15 PM
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒත් මේ අපරාධය කරපු අයට සුදුසු දඩුවම් දෙන්න කියලා විදේශයක සිට මා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
දීපා Thursday, 07 March 2013 05:34 PM
ඔවුන්ට නොපමාව දඩුවම් දෙන්න. (නි)
දිනේෂ් Saturday, 09 March 2013 04:59 PM
මහා අපරාධයක් (දී)