(සිරංගිකා ලොකුකරවිට)
උදුම්බරා මල් පිපෙන්නේ දිව්‍ය ලෝකයේ යයි කියති.ඒත් දිව්‍ය ලෝකයේ , නැත්නම් තුසිතයේ පිපෙනවා යයි කියන උදුම්බරා මල් වසර 400 කට වරක් පොළොවේ පිපෙන බවත් සඳහන් වේ.
උදුම්බරා මල් ගැන ශ්‍රී ලංකාවෙන් ඉතාම මෑතකදී අසන්න ලැබුණේ මීට දෙසතියකට පමණ ඉහතදී නවගත්තේගමිනි.පොල් අතු සෙවිලි කළ නිවසක වහලයේ පොල් අත්තක මේ කියක උදුම්බරා මල් පිපී තිබිණ.
පුදුමයට කාරණාව නම් කඳක් , මුලක් නැති වියැළී ගිය අජීවී පොල් අත්තක උදුම්බරා මල් පිපීමයි. එබැවින් උදුම්බරා මලේ වැලගිය මුලගිය සොයා ගියෙමු.
පේරාදෙනිය රාජකීය උද්භිත උද්‍යානයේ ජාතික ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුභානි රණසිංහ මහත්මිය උදුම්බරා මල් පිළිබඳව මෙසේ කීවාය.
උදුම්බරා මල් යැයි පවසන් යම් දෙයක් මීට මාස කිහිපයකට කළින් එක්තරා පුද්ගලයෙක් ජාතික ශාකාගාරයට රැගෙන ආවා.ඔහු පැවසුවේ මෙය වසර 3000 කට වරක් පිපෙන පූජනීය මල් වර්ගයක් බවයි.
මහනුවර ප්‍රදේශයේ හෝටලයක් අසල තිබූ බයිසිකලයක රෝදයේ මේ මල් තිබුණු බව ඔහු කීවා.අප එය අන්වීක්ෂයට දාලා පරීක්ෂා කරලා බැලුවා.
එහිදී එය ශාකයක් නොවන බවත් කෘමි බිත්තරයක් බවත් හඳුනාගනු ලැබුවා.අපේ ශාක ලෝකයේ උදුම්බරා නමින් හදුන්වන ශාකයක් නැහැ.අප හඳුනාගෙන තිබෙන හැම ශාකයකටම විද්‍යාත්මක නමක් තිබෙනවා.අලුතින් ශාක සොයාගත්තම එය විද්‍යාත්මකව නම් කරනවා.විද්‍යාත්මක පදනමකින් තොර මෙවැනි දේ වරින් වර විශාල වශයෙන් ප්‍රචාරය වෙනවා දකින්න පුළුවන්.
මේ පිළිබඳව අන්තර්ජාපයෙන් තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වුයේ ඡායාරූප වල දැක් වු දෙයට සමාන හැඩහුරුකමින් යුතු බිත්තර දමන නියුරොප්ටෙරා ගෝත්‍රයට අයත් ලේස්වින්ග්ස් නම් කෘමියෙකු සිටින බවයි.
ග්‍රීන් ලේස්වින්ග්ස් හෝ පොදුවේ ලේස්වින්ග් ලෙස හඳුන්වනු ලබන මෙම කුඩා කෘමියාගේ විශේෂ 1300 - 2000 අතර ප්‍රමාණයක් ලොව පුරා නිවර්තන කලාපයේ රටවල බහුලව දක්නට ලැබෙනවා.
වැඩුණු කෘමියාගේ පියාපත් වල ලේස් රෙද්දක මෙන් විනිවිද පෙනෙන ස්වභාවය හේතුවෙන් ඔවුන්ට ලේස්වින්ග් යන නම ලැබී තිබෙනවා.
මල් වර්ගයක් ලෙස මතයක් සමාජ ගතවී තිබෙන්නේ ඔවුන්ගේ ගැහැණු සතුන් දමන බිත්තර විශේෂ ආකාරයකට තැන්පත් කිරීම හේතුවෙනි. විලෝපිකයන් බිත්තර ආරක්ෂා කරගැනීම සඳහා අගල් බාගයක් පමණ දිගැති කුඩා කෙන්දක් මත බිත්තර දමා ඒ වටා ආරක්ෂිත කෝෂ ගොමුවක් සේ ඇතිවිට පෙනෙන්නේ අපූරු කුඩා පුෂ්ප සමූහයක් ලෙසිනි.ඇතැම් අය පවසන්නේ එය උදුම්බරා නම් මල් වර්ගයක් බවයි.නමුත් මේවා සත්‍ය වශයෙන්ම කෘමියෙකුගේ බිත්තර ලෙස විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.
ලෙස්වින්ග් කීමියා මොවුන් තනි හෝ ගොමු වශයෙන් බිත්තර දමන අතර බිත්තර ගොමුවක් ඇති විට දී එය ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ අඟල් භාගයක් පමණ දිගැති උස්ව ඇති කෙන්ද හා සුදු පැහැති කෝෂය හේතුවෙනි.
මේ කෝෂයෙන් පිටවන කීටයන් දුඹුරු හා සුදු පැහැති වන අතර අඟල් බාගයක් පමණ දිගයි. වැඩිහිටි කෘමියා මෙලෙස කෙන්දක් මත බිත්තර දැමීම සිදුකරන්නේ තම වර්ගයේ ම කීටයන් විසින් අනෙක් කීටයන් ආහාරයට ගැනීමට බව විද්‍යාඥයෝ කියනවා. මෙම කීටයන් මිනිසාට පවා දෂ්ඨ කරනු ලබන අතර එමගින් සමේ කුඩා රිදුමක් ඇති වෙනවා.
ග්‍රීන් ලේස්වින්ග් යනු ඉතා සැහැල්ලු කුඩා කෘමි විශේෂයකි. උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ මෙම සතුන් සුලභව සිටින අතර වසන්ත සෘතුවේ දී හා ගිම්හාන සෘතුවේ දී බහුලව දැකිය හැකියි.
මෙම විශේෂ අතරින් ඇතැම් විශේෂ මල් පරාග හා පැණි ආහාරයට ගන්නා අතර විශේෂ කිහිපයක් වෙනත් කෘමි සතුන් හා ඔවුන්ගේ බිත්තර ආහාරයට ගන්නවා. එබැවින් පරිසරයේ ඉතා වැදගත් විලෝපිකයන් විශේෂයක් ලෙස ද හඳුනාගෙන තිබෙනවා. මොවුන්ගේ එවැනි කෘමින් ආහාරයට ගන්නා විශේෂ කෘමි සතුන් පාලනය සඳහා යොදා ගන්නා අවස්ථා ද තිබෙනවා.
උතුරු ඇමෙරිකාවේ ජෛව පාලන මධ්‍යස්ථානවල ග්‍රීන් ලෙස්වින්ග් කෘමි බිත්තර විකිණීමට තිබෙනවා. ඉන් පිටවන කීටයන් හරිතාගාරවල හා පැල තවාන්ව කුඬිත්තන් පාලනය සඳහා යොදා ගනී. ලේස් කීටයන්ට පියාපත් නොමැති හෙයින් ඔවුන් විසුරුවා හරින ප්‍රදේශයට වී අනෙකුත් කෘමීන්ගේ බිත්තර හා කීටයන් ආහාරයට ගන්නා බැවින් මොවුන් කෘෂිකර්මයේ දී ජෛව පාලනයට ඉටුකරන මෙහෙවර අති විශාලයි.
ලේස්වින්ග් කෘමියාගේ බිත්තර
වැඩුණු කෘමියා සහ කුඩා කීටයන්
වැඩුණු කෘමියා
ගොමුවක් ආකාරයට තැන්පත් කර ඇති බිත්තර
කීටයා
ශ්රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උදුම්බරා මලේ ඇත්ත කතාව
Pradeep Monday, 20 January 2020 09:25 AM
ඉතාමත් වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි වැරදි මතයක් නිවැරදි කළාට...
kandegamaThursday, 23 January 2020 09:33 AM
තව ටික දවසකින් මේක සොයාගත්ත පුද්ගලයා කියන්න පටන් ගනී එයාගේ ඇත්ත උදුම්බරා මල් ටික හොරකන් කරලා කෘමී බිත්තර ටිකක් දාලා කියලා. ඊට පස්සේ උදුම්බරා මල් පිළිබඳ මහා විද්වතෙක් විදියට මාධ්‍යවලයි සමාජජාලා වලයි අදහස් පලකරන්න පටන් ගනී. දේශීය දේ කියමින් මිත්‍යා මත සමාජගත කරන අය නිසා තමයි අපේ නියම දේශීය දේවලවලට තියෙන තැනත් නැතිවෙන්නේ...
සෙනරත් Tuesday, 21 January 2020 08:19 AM
මෙහෙම කෘමි බිත්තර තියෙනවා තමා ....ඒත් උදුම්බරා මල් කියලා වෙනම තියෙනවා. ඒකෙ ලක්ෂණය තමා අධික සුවදක් තිබීම
PradeepFriday, 24 January 2020 03:32 AM
උදුම්බරන් නොවන් පුප්පන් ස්වේත වර්නස්ච කාකයෝ කාකයන් සුදු පැහැ වීමට පුළුවන නමුත් උදුම්බර මල් පිපෙන්නේ නැත යනුවෙන් කවියක් තිබෙන බව මගේ මතකයට එනවා..
mahin Tuesday, 21 January 2020 11:04 AM
මේවා කොපමණවත් දැක ඇත. දැනුත් ගරාජයේ මුල්ලක බැඳ ඇත. දුටු පමණින් කෘමී බිත්තර බව වටහාගන්න අපහසු නැත.
rocky Sunday, 26 January 2020 03:48 AM
මේක අවිචාරවත් යුගයක්. දැන් අපේ රටේ වැඩියෙන් ඉන්නේ විචාර බුද්ධියක් නැති මෝඩ වාහෙලා බවට අපේ පාර්ලිමේන්තුවට අපි තෝරාගෙන ඉන්න මිනිසුන්ගේ හැටියෙන්ම පෙනෙනවා. ප්‍රදීප් යමක් දන්නා කෙනෙක් බව පෙනෙනවා. මම දන්නා තරමින් නම් උදුම්බරා කියන්නේ ඇසතු, දිඹුල්, අත්තික්කා වලට. උදුම්බරා මල් කියලා ඔය බොහොම සුවඳ හමන මල් වර්ගයක් තියනවා කියන උන්නැහේලා ඒවා දැකලා තියනවද? දිව්‍ය ලෝකේ පිපෙන බව දන්නේ කොහොමද?
නෙවිල් Sunday, 26 January 2020 04:18 AM
ලංකාවේ මිනිසුන් 80% මිථ්‍යා මත දරන්නේ. කොපමණ උගත් මහාචාර්ය වුණත් නැකැත්, හඳහන් පස්සේ යන සමාජයකුයි දක්නට ඇත්තේ... එ් නිසා මෙවැනි දේ පිළිගන්නේ කලාතුරකින්.. කොහොම නමුත් සමන්තබද්‍ර හාමුදුරුවනේ වැනි ස්වාමීන් වහන්සේලා නිසා තරමක් දුරට මිථ්‍යා මත ඉවත් වෙමින් තියෙන්නේ මේ වනවිට...
PradeepMonday, 27 January 2020 03:07 AM
නෙවිල්ගේ අදහසේ මුල් කොටස සමග එකඟයි. සමන්ත භද්‍ර හිමි ගැන අදහසට හැර. ඔබ නියම යතිවරයන් වහන්සේලාගේ ධර්ම ශ්‍රවණය කර නොමැති බවයි මට හැඟෙන්නේ. මාවරලේ භද්දිය හිමි, ඉඳුරාගාරේ ධම්මරතන හිමි, පිටිගල ගුණරතන හිමි, මාන්කඩවල සුදස්සන හිමි, වැනි යතිවරයාණන් වහන්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දෙන්න. වෙනස හඳුනා ගන්න. සමන්ත භද්‍ර හිමිගේ මුසාවන්ට නොරැවටෙන්න. තෙරුවන් සරණයි...
සෙනරත් Monday, 27 January 2020 04:35 PM
නෙවිල් හරියට හරි සමන්තබද්‍ර හාමුදුරුවන් ජීවමාන බුදුන්... ඊට කලින් ඔශෝ, රිසිකේශි රාමනමහේශි වගේ අය හිටියා. නිවනට ආගමක් නෑ කෙනෙක්ගෙන් ඇහුවොත් බුදුන්ට කලින් හිටපු බෞද්ධයා කවුද කියලා ඒකට, උත්තර නෑ. අනෙක අවුරුදු 2500ක් බුද්ධාගම අදහලාත් අදවනතුරු බුදුවුණු හෝ රහත් වුණු කෙනෙක් නෑ. කිසිම ආගම් කතෲ වරයෙක් පොත් ලිව්වේ නෑ.. හැමෝම කරේ ජනතාව ඉදිරියට ගිහින් තමා අවබෝධ කරගත් දේ අනෙක් අයට දේශනා කිරීමයි. පොත් ලියලා මිනිසුන් අවබෝධයට පත්කරන්න පුළුවන් වුණා නම් සියලු ආගම් කර්තෘවරු කරලා තියෙන්න ඕනෑ. පොත් ලිවීමයි.. ඒ මුනිතුමන්ලා කරේම බැනුම් අහමින් ජීවිතය පවා පූජා කරමින් ඒ අවබෝධය ප්‍රකාශ කිරීමයි... ලංකාවේ දැන් කෙනෙක් මම රහත් කියලා කියනවා ඒ කියන කෙනාට අනන්තව බනිනවා. ඒ සියල්ල එතුමාට ගානක් නෑ ඒ කෙලෙස් දුරුකර ඇති නිසා.. බනින කෙනා ඒ සියල්ල එයාටම ලබාගන්නවා. ඒක විශ්ව නීතියක්...
RMThursday, 25 November 2021 10:52 PM
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි....
නිමල් Tuesday, 28 January 2020 03:05 AM
rocky, නිවැරදි යි. උදුම්බර යනු සකු වදනක්. එය සිංහලට පෙරැළී තිබෙන්නේ දිඹුල් ලෙසින්. ඒ අනුව උදුම්බර යනු දිවුල්. උමංදාවේ එන උදුම්බරා දේවිය ගේ පුවත මෙයට අදාළ යි.
අනුර Friday, 03 December 2021 03:13 PM
විද්‍යා මතයෙන් අපිත් නිදහස් වුණා..
G.m.i.m.pahasaranee Saturday, 28 May 2022 11:42 AM
උදුම්බරා මල මිථ්‍යාවක් යැයි සිතමි.
Dr.AthulaBandara Thursday, 26 September 2024 05:11 PM
ස්තුතියි ඔබට...!