IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඌවේ සැරිසරණ නිශාචර ‘‘ඩිෆෙන්ඩර්’’ බළඇණිය

1

ඌව පළාත් සභා මැතිවරණය ජය ලබන්නේ ආණ්ඩු පක්ෂයද නොවේනම් විපක්ෂයද කිව නොහැකි තරමට මෙවර මැතිවරණය තියුණු වී තිබේ. මේ හේතුවෙන් පළාත තුළ දිනෙන් දින වාර්තාවන මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලද වර්ධනයක් ඇතැයි මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසති.


කැෆේ සංවිධානය පවසන්නේ මේ වනවිට ඌව පළාත තුළ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධව පැමිණිලි 224ක් තම සංවිධානයට ලැබී ඇති බවයි. ඉන් පැමිණිලි 166ක් ලැබී ඇත්තේ මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් බවත් 46 ක් බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ලැබී ඇති බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.


එසේ නමුත් පොලිසිය පවසන්නේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ 42ක් පමණක් බවයි. ඉන් පැමිණිළි 30ක්ම මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

SLD_20140907_A010
ඌව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් උණුසුම ඇත්තේ පළාතේ ජනතාවට නොව පක්ෂxවිපක්ෂ දේශපාලකයන්ට පමණක් බව ඉතා පැහැදිලිය. ඉකුත් මැතිවරණවලට වඩා මෙවර මැතිවරණය සම්බන්ධයෙන් ජනතාව තුළ උනන්දුවක් අවධානයක් ඇතත් එය ඉකුත් මැතිවරණ මෙන් පාරට බැස තම තමන්ගේ පක්ෂවලට දේශපාලනය කිරීමට තරමේ උණුසුමක් නැත. මේ හේතුවෙන් පක්ෂxවිපක්ෂ දේශපාලනඥයන්ට විශේෂත්‍යන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ට තම මැතිවරණ ව්‍යාපාරය සිදු කරගෙන යාමට පිට පළාත්වලින් පිරිස් ඌව පළාත තුළ තම මැතිවරණ ව්‍යාපාරවලට සම්බන්ධ කර ගැනීමට සිදුව ඇති බවක් පෙනේ. විශේෂයෙන් මොවුන් වීරකැටිය, දික්වැල්ල, තංගල්ල, මාතර මෙන්ම කොළඹ ප‍්‍රදේශවලින් පැමිණි පිරිස් බව අනාවරණය වී ඇත. ඌව පළාත තුළ ප‍්‍රචණ්ඩත්වය වපුරන්නේ ඔවුන් බවත් ඒ සඳහා ඔවුන් ප‍්‍රභූ නිලධාරීන් භාවිතයට ගන්නා අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ යොදාගන්නා බවත් විපක්ෂයේ කණ්ඩායම්වල අදහස වී ඇත. නමුත් ආණ්ඩු පක්ෂයේ පිරිස් එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරති.


ඌව පළාත් සභාව සඳහා නාමයෝජනා භාරදීමෙන් පසු ප‍්‍රථම මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාව හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වාර්තා වූයේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ මහියංගන ප‍්‍රදේශයෙනි. ඒ ඌව පළාත් සභා මන්තී‍්‍ර අනුර විදානගම තම සහෝදර පාර්ලිමේන්තු මන්තී‍්‍ර තේනුක විදානගම සමග මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රථවාහන පෙළපාලියක් පැවැත්වීම හා සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කිරීමේ සිද්ධියයි. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂය යටතේ ඌව පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස තරගවදින ප‍්‍රදීප් විජේවර්ධන මහතාගේ මහියංගන පක්ෂ කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ලවූ අතර එම ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ ඩිෆෙන්ඩර් වර්ගයේ වාහනවලින් පැමිණි පිරිසක් විසින් බව ඒ මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.


මොනරාගල දිස්ති‍්‍රක්කය තුළ නාමයෝජනා භාරදීම මැතිවරණ නීති රීතිවලට යටත්ව ඉතා සාමකාමීව පැවැතියත් ඉන් සතියක පමණ කාලයක් ඉක්මගිය තැන මොනරාගල දිස්ති‍්‍රක්කයම භීතියට පත් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කි‍්‍රයාකාරිකයින් හා විපක්ෂයේ පක්ෂ කාර්යාල ඉලක්ක කරගෙන ප‍්‍රහාර මාලාවක් කි‍්‍රයාත්මක විය. මෙම හැම ප‍්‍රහාරයක්ම සිදුකර තිබුණේ අංක තහඩු රහිත ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ හා වෙනත් වාහනවලින් පැමිණි නාඳුනන කණ්ඩායම් විසින් බව ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට හා පොලීසියට කළ පැමිණිලිවල සඳහන්වේ. රාති‍්‍ර කාලයට කළඑළි බහින මෙම මැර කණ්ඩායම් රිසිසේ දිස්ති‍්‍රක්කය පුරා සැරි සරමින් විපක්ෂයේ පක්ෂ කාර්යාල කඩාබිඳ දමමින් විපක්ෂ කි‍්‍රයාකාරින් බිය වද්දමින් සිටින බව විපක්ෂ කි‍්‍රයාකාරීහු පෙන්වා දෙති. මේ වනවිට මෙම නාඳුනන මැර පිරිස් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ කාර්යාල 40ක් පමණක්, ජනතා විමුක්ති පෙරමුණෙ පක්ෂ කාර්යාල 20 කට වැඩි ප‍්‍රමාණයකටත් වඩා කඩා බිඳ දමමින් හානිකර තිබෙන බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ මේ වනවිට ඌව පළාත තුළ පහරදීම් හා දේපළ හානි කිරීම් පිළිබඳව පැමිණිලි 57ක් වාර්තාවී ඇති බවයි.


”දකුණෙන් සහ කොළඹින් ආව මැර කණ්ඩායම් පළාතේ හෝටල බුක්කරලා. රජයේ සියලූම සර්කිට් බංගලා බුක් කරලා. නතර කරලා තියෙනවා. මේ අය තමයි ජනතාව බිය වද්දමින් මැර වැඩ කරන්නේ. දවල් කාලයට නිශ්ශබ්ද වෙලා ඉන්න මේ පිරිස් රාති‍්‍ර අටෙන් නමයෙන් පස්සේ අංක තහඩු නැති වාහන යොදාගෙන විශේෂයෙන් මොනරාගල දිස්ති‍්‍රක්කය පුරා සැරි සරමින් විපක්ෂයේ කි‍්‍රයාකාරින් හා ප‍්‍රදේශයේ ජනතාව බිය වද්දනවා. මේ පිරිස කවුද කියලා පොලීසියත් හොඳට දන්නවා. ඒත් නොදන්නවා වගේ ඉන්නවා. මේ අයට  ඕනෑ ජනතාව බිය වද්දලා විපක්ෂයේ අය බිය වද්දලා ඔවුන් ඡුන්ද පොළට යන එක වළක්වන්න. අපිට ආරංචි විදියට මේ මැර කණ්ඩායම් අතර ඇතැම් ආරක්ෂක අංශවල අයත් ඉන්නවා. නම කීමට අකමැතිවූ විපක්ෂ කි‍්‍රයාකාරිකයකු අප සමග පැවසීය.

2
විපක්ෂයේ පිරිස් පොලිසිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවට කරන චෝදනාව සම්බන්ධයෙන් අප ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප‍්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඒ මහතා පැවැසුවේ පොලිසියට වාර්තාවූ සෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම අවශ්‍ය රාජකාරි සිදුකර ඇති බවයි.
ඔය චෝදනාව මම ප‍්‍රතික්ෂේප කරනවා. අපිට ලැබිලා තියෙන හැම පැමිණිල්ලකටම අපි කි‍්‍රයාත්මක වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මේ මෑතක ඇති වෙච්චි සිද්ධිය සම්බන්ධයෙනුත් සැකකරුවන් 06ක් අපි අත්අඩංගුවට ගත්තා.” ඌව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
ඌව පළාත් සභා මැතිවරණයේ ඡුන්ද විමසීමට ඇත්තේ තවත් සති 02ක් වැනි කාලයකි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ජාතික මට්ටමේ දේශපාලකයන් ඌව පළාත තුළ පදිංචිවී මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ආරම්භ කර තිබේ. මේ තත්්ත්වය මත ඌව පළාත තුළ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉදිරි සති 02ක කාලය තුළ විශාල ලෙස වර්ධනය විය හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත. මොනරාගල දිස්ති‍්‍රක්කය තුළ බහුල වශයෙන් වාර්තාවූ ගැටුම් මේ වනවිට බදුල්ල දිස්ති‍්‍රක්කයෙන්ද වාර්තාවී තිබේ. බදුල්ල දිස්ති‍්‍රක්කය තුළ මෙම ගැටුම් වර්ධනයවීමට හේතුව පළාතේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට හිතවත් අපේක්ෂකයන් දිනවීමට කි‍්‍රයා කිරීම බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල අදහස වී ඇත. ඉකුත් දිනක එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් මහ ඇමැති අපේක්ෂක හරින් ප‍්‍රනාන්දු හා එජාප හාලි ඇළ සංවිධායක ජයන්ත කන්නන්ගර මහතාගේ ආධාරකරුවන්ටද අංක තහඩු රහිත වාහනවලින් පැමිණි පිරිසක් පහරදී තිබේ. මෙම ප‍්‍රහාරයකින් තුවාල ලැබූ හාලිඇල මොහොමඞ් අජ්මාල් නමැත්තකු මේ වනවිට බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව කැෆේ සංවිධානය පවසයි.


මේ අතර ජාතික නිදහස් පෙරමුණේ ඌව පළාත් සභා මන්තී‍්‍රවරයකුව සිට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා මෙවර ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබීමෙන් පසු ස්වාධීන කණ්ඩායමක් යටතේ තරගවදින හිටපු පළාත් සභා මන්තී‍්‍ර වෙන්නප්පුලිගේ උදය කුමාර මහතාගේ බුත්තල, යුදගනාව, ලූනුගල කොළණිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය කාර්යාලයකටද නාඳුනන පිරිසක් පසුගියදා ප‍්‍රහාරයක් එල්ල කර තිබුණි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බුත්තල ප‍්‍රදේශයේ අපේක්ෂකයකුවන විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේන මහතාගේ බුත්තලxකතරගම මාර්ගයේ පවත්වාගෙන ගිය කාර්යාලයකට ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් පැමිණි පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර එම පක්ෂ කාර්යාලය කඩා බිඳ දමා ඇත. නාඳුනන ඇතැම් මැර කණ්ඩායම් මගින් මෙසේ විපක්ෂයේ පිරිසට එළව එළවා පහර දෙද්දී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්තී‍්‍රවරුන් දෙපළක් වන ජානක තිස්සකුට්ටි ආරච්චි මහතාගේ සහ සම්පත් ජයසූරිය මහතාගේ ආධාරකරුවන් අතරද පසුගිය 04 වැනිදා ගැටුමක් ඇතිවිය. මෙම ගැටුමෙන් සම්පත් ජයසූරිය මහතාගේ වැඩිමහල් දරුවා තුවාල ලැබීය.


ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ගැටුම් දිනෙන් දින උග‍්‍රවෙත්ම ඌව පළාතේ ඡුන්ද දායකයන් තුළ මෙම මැතිවරණය සාධාරණ හා සාමකාමි මැතිවරණයක් වේදැයි සැක සංකා මතුව ඇත. එහෙයින් ඌව පළාත තුළ නිදැල්ලේ සැරිසරමින් විපක්ෂයේ කි‍්‍රයාකාරකයින් දඩයම් කරති. නාඳුනන මැර කණ්ඩායම් පාලනය කර පළාතේ ඡුන්ද දායකයන්ට නිදහසේ තම ඡුන්ද අයිතිය ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වටපිටාව සලසාදීම අදාළ බලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන්නේය. එසේ නොවුණහොත් මෙවර ඌව පළාත් සභා මැතිවරණය වයඹට නොදෙවෙනි අන්ත ¥ෂිත මැතිවරණයක් විය හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත.


රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විධායක අධ්‍යක්ෂ කැෆේ සංවිධානය
”ඌව පළාත තුළ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීමට ප‍්‍රධාන හේතුව අංක තහඩු රහිත වාහනවලින් නාඳුනන කණ්ඩායම් පැමිණ කරන පහරදීම් පාලනයට කටයුතු නොකිරීමයි. මීට පොලිසිය වගකිවයුතුයි. පොලිසියට මෙම මැර කණ්ඩායම් පාලනයට  ඕනෑහැටියට පහසුකම් තියෙනවා. ඔවුන්ට අලූතින් 600 සී. සී. වර්ගයේ යතුරු පැදි ලැබුණා. අලූත් ජීප් රථ තියෙනවා. නමුත් ඒ තියෙද්දිත් පළාතේ විපක්ෂ කාර්යාලවලට ප‍්‍රහාර එල්ල කළ විපක්ෂයේ කි‍්‍රයාකාරීන් බිය කළ කිසිම පුද්ගලයකු අත් අඩංගුවට ගන්න පොලිසියට නොහැකි වෙල තියෙනවා. අංක තහඩු රහිත වාහනවලින් යන, මේ නාඳුනන කණ්ඩායම් පැය හය, හත පළාතේ විශේෂයෙන් මොනරාගල දිස්ති‍්‍රක්කය තුළ සැරසරමින් විපක්ෂයේ කි‍්‍රයාකාරකයින් දඩයම් කරනවා. කෝ පොලිසිය මේ එක්කෙනෙක්වත් අත්අඩංගුවට ගත්තද? අනික මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවෙලා පොලිසියට පැමිණිලි කරලා පැය කීපයකට පස්සෙයි පොලිසිය ඒ සිද්ධිය වෙච්ච තැනට යන්නේ. ඒ අනුව ඔවුන්ට මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පාලනයට අවශ්‍යතාවක් තියෙන බවත් පෙනෙන්න නැහැ. මේ හැම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක්ම කරන්නේ මොනරාගල හෝ බදුල්ලේ පිරිස් නෙමෙයි. මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාසිදුකරන පිරිස් දකුණෙන් පැමිණි පිරිස් බවට අපට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.


d



අදහස් (0)

ඌවේ සැරිසරණ නිශාචර ‘‘ඩිෆෙන්ඩර්’’ බළඇණිය

අතුල කේ Thursday, 11 September 2014 09:24 AM

දොඩන්ගොඩ මහතා හරි. ජයවර්ධන මැතිතුමා නොවෙයි උතුමාණන් වහන්සේ කව්රු ආවත් ඔච්චර තමයි. (නදී)

:       0       0

වාසල මුදලිගේ Thursday, 11 September 2014 09:54 AM

අපේ දරුවන්ගෙ අනාගතේ ඒගොල්ලන්ගෙ අතේනෙ, අපේ වර්ථමානය වෙනුවෙන් කෑ මොරදෙන මහත්තුරුන්ගෙ අප්පෙච්චලා හම්බකොරපු ඒවා වෙන්ටෑ. ඉතින් දුවපු දෙන්. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 10 September 2014 10:42 AM

අනේ පින් ඇති ඡන්දදායක මහතුනේ, මොන පක්ෂයකවත් මැරවරයන්ට,මදාවියන්ට ඔබේ ඡන්දය දෙන්න එපා (නි)

:       0       0

ජයතු Thursday, 11 September 2014 03:14 AM

මැරවරයන් ඉන්නවා නම් ඹවුන් පාලක පක්ෂයේම විය යුතුයි. පාලක පක්ෂය උෟව දිනනවාමයි. (නදී)

:       0       0

රොෂාන්ත Wednesday, 17 September 2014 07:31 AM

සමහරු මෝඩ උත්සාහයක් ගන්නවා මේ මැර වැඩ කරන්නේ ආණ්ඩුව නෙවෙයි කියල පෙන්වන්න. ඉස්සර ආණ්ඩු මෙහෙම ජරා වැඩ කලේ නෑ. 98 වයඹ ඡන්දෙ තමයිතිබුන දුෂිතම මැතිවරණය. මේ ආණ්ඩුව ගෙදර යවන්න හොඳ ආරම්බයක් ඌවෙන් අරඹන්න. (නදී)

:       0       0

ගාල්ලගේ නිශ්ශංක Thursday, 11 September 2014 06:27 AM

ජනතාවට වැඩ කරලා තිබුනා නම් ඇයි බය. ඇයි මැරයෝ යොදාගෙන විපක්ෂය මර්දනය කරන්නේ (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 10 September 2014 12:41 PM

ඌවේ ජනතාව කරුණාකර මේ ඩිෆෙන්ඩර් වලින් එන මැරයන් සිටින පක්ෂ වලට නම් ඡන්දය දෙන්න එපා. මේක පුරුද්දට ගියොත් අපේ පළාත් වලත් ඡන්ද කාලෙට ජීවත්වීම අපහසු වේවි (නි)

:       0       0

නිලන්ග Wednesday, 10 September 2014 12:49 PM

පක්ෂය මොක වුණත් කවුරු කළත් දිනන්නේ කවුද කියලා නම් අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

කිරින්ද Thursday, 11 September 2014 07:01 AM

ලෙස්ලි මහත්තයෝ, ඡන්දෙ කාලෙට මැරවරයොත් මදාවියොත් ආසනවලට එන්නේ සදාදර පින්වතුන් විදියටනේ. වයසක උදවියගේ අත් දෙකම අල්ලලා පොඩි එවුන්ගේ කක්ක පැත්තට තට්ටු කරාම කවුද හිතන්නේ මැරයෙක්ද මදාවියෙක්ද කියලා (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 11 September 2014 07:12 AM

මෙම මැතිවරණ ක්‍රමයේ පියාණන් වන්නේ අති ගරු ජේ ආර් ජයවර්දන මැතිතුමා. ඔහුගෙන් පටන් ගත් මෙම විධායක ක්‍රමයත් පලිගැනිමේ දේශපාලන ක්‍රමයත් දිගටම බලයට එන කවුරුත් කරනවා (නදී)

:       0       0

උපාලි Friday, 12 September 2014 06:50 AM

සියලුම ඡන්ද දායකයන්ට මේ ජරා දේශපාලනයට විරුද්ද වීමට හොඳම අවස්ථාවක් තමයි මේක. මේක රජයේ හෝ විපක්ෂයේ පැවැත්මට බල පාන ඡන්දයක් නොවෙන නිසාත් මේ අපට කොහෙත්ම වැඩක් නැති සල්ලි කා දමන අනවශ්‍ය බරක් පටවා අනවශ්‍ය චන්ඩින් බෝ කරවන පළාත් සභා ක්‍රමයටම විරුද්ද වීමට මේ ඡන්දය පාවිච්චි කරන්න. (නදී)

:       0       0

ප්‍රභාත් මදුරංග Thursday, 11 September 2014 07:41 AM

මොක කරත් වැඩේ වැරදියි. මෙහෙම ගියොත් රටේ තත්වේ බොහොම භයානක වේවි. මේවට දැන්ම මිනිස්සු පෙලගැහුනේ නැත්තන් ප්‍රතිචාර දැක්කුවේ නැත්තන් අමාරුවේ වටෙන්නේ අපි (නදී)

:       0       0

සැමුවෙල් Friday, 12 September 2014 09:04 AM

රෙජීමය පරද්දල බලයට එන්න හදන අයගේ ඉතිහාසය හොයල බලන්න. දැන් ඔය අප දකින ප්‍රචණ්ඩත්වය ට වඩා අඩු හොඳ පරිසරයක් එදා තිබුනද. මේ අපට ලැබුන පළාත් සබා කියන හිසේ අමාරුවට දැම්මේ මනාප ක්‍රමය කියන අැනකොටාගන්නා බෙහෙත තමා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4931 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 671 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1246 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 111 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 198 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 266 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site