IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


එතෙර මාධ්‍යවේදිනියන් දෙදෙනා රටින් නෙරපුවාද?

 

 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  කොළඹ හෝටලයක පැවැත්වූ වැඩමුළුවකට සහභාගී වූ බව කියන විදේශ මාධ්‍යවේදිනියන් දෙදෙනකු රටින් පිටුවල්කරන ලදැයි කියන කතාව පසුගිය දෙසතියේ වැඩි කතාබහකට ලක් විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියනුයේ ඔවුන් රටින් පිටුවහල් නොකළ බවයි. රජයේ ආරංචි කියනුයේ එම මාධ්‍යවේදීන් දෙදෙනා රටින් පිටුවහල් කළ බවයි. මෙය නිදහස් මාධ්‍යයට කළ මරු පහරක් බව මාධ්‍ය සංවිධාන කියයි. එදින ඇත්තටම සිදුවූයේ කුමක්දැයි දන්නේ එතැන සිටි පිරිසම පමණි. ඒ කෙසේවෙතත් සිදුවූ  දෙයට අවධානය යොමුකිරීම වටී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය 30 වැනිදා සිට දින තුනක විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබිණි. ඒ කොළඹ හෝටලයකය. එහි කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වී සිහියහ.

වැඩමුළුව පැවැත්වෙමින් තිබිය දී තවත් විශේෂ අමුත්තෝ දෙදෙනෙක් ද එම ස්ථානයට ආහ. ඒ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ (අයි.එෆ්.ජේ.) ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් සහ  එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ජින් වර්දින්ටන් ය.

ඔවුන් පැමිණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සමග පිළිසඳරක යෙදී සිටියදී කිසිවකු බලා පොරොත්තු නොවූ මොහොතක එතැනට පැමිණියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙනි. එහි නිලධරයෝ කිහිප දෙනෙක් පැමිණ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගෙන් හා සුනිල් ජයසේකරගෙන් ප‍්‍රශ්න කිහිපයක් ඇසූහ. විදේශ මාධ්‍යවේදිනියන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත‍්‍රය ඉල්ලූහ. නමුත් ඒ වන විට එම මාධ්‍යවේදීන් සතුව ගුවන් ගමන් බලපත‍්‍ර නොතිබූ අතර ඔවුන් පැවසුවේ තමන් නැවතී සිටි හෝටලයේ ඒවා දමා ආ බවයි.

ආගමන විගමන නිලධරයන්ට එම බලපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කී බැවින් ජැකී සහ ජින් සමග සුනිල් ජයසේකර ද විදේශ මාධ්‍යවේදිනියන් නැවතී සිටි හෝටලයට ගියහ.

එතැනදි ආගමන විගමන නිලධරයෝ ඔවුන්ගෙන් දීර්ඝ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ගත්හ.

අනතුරුව එතැනට පැමිණියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කිහිප දෙනෙකි. ඔවුහුද මාධ්‍යවේදීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත්හ. රාත‍්‍රී නවයට දහයට පමණ ගුවන් ගමන් බලපත් දෙකද රැගෙන ඔවුන් පිටව ගියේ පසු දින ඒවා බාර දෙන බව පවසමිනි.
නමුත් 31 වැනිදා ද ආගමන විගමන නිලධාරීන් හා රහස් පොලිස් නිලධාරීහු පැමිණ මාධ්‍යවේදිනියන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කළහ.
පසු දින ජැකී පාර්ක්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් දුරකතන ඇමතුමක් දී දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බවත්, එහි ගිය මාධ්‍යවේදිනියන් දෙදෙනාගෙන් සමාව අයැද ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් භාරදී ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන් ස්ව කැමැත්තෙන් රටින් පිටව ගිය බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.

සිද්ධිය ගැන අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා මෙසේද පැවසීය.

සිද්ධියේදී මගෙනුත් ප‍්‍රශ්න කළා.  31 වැනිදාත් රෑ අටට විතර වෙනකම් ප‍්‍රශ්න කළා. අපට පැහැදිලි වුණේ නෑ මොකද වෙන්නේ කියලා. පළමු වැනිදා උදේ මාධ්‍යවේදිනියන් දෙදෙනාට කියා තිබුණා ආගමන විගමන එකට එන්න කියා. එහි නිලධාරියෙක් කිව්වලූ වැරැදි වැටහීමකින් වුණු දෙයක්. සමාවෙන්න කියා ගුවන් ගමන් බලපත් දීලා තියෙනවා. එයාලව මෙහෙන් පිටුවහල් කළා කියන කතාව සම්පූර්ණ බොරු. පාස්පොර්ට් එකේ විශේෂ සටහනක්වත් දමා නෑ.

ලෝකයේ ප‍්‍රධාන ජනමාධ්‍ය සංවිධානයක ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් ඒ දෙදෙනා. අපි අතරේ සහයෝගය වර්ධනය කර ගන්නයි ආවේ. එවැනි අයට හිරිහැරවීම රටක් හැටියට   හොද නෑ. සමහර ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් රට ගැන වැරැදි චිත‍්‍ර මැව්වත් බහුතරයක් එහෙම නෑ. ඔවුන් අපේ හතුරන් ලෙස දැකිය යුතු නෑ. ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් හා සංවිධාන දෙස හතුරන් විදියට බලන්න  ඕන. සතුරු ආකල්පයෙන් ක‍්‍රියාකරන එක ගැන අප කනගාටු වෙනවා. එම මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකයේ දත්ත රහස් පොලිසියෙන් ගත්තා. ඒවා හිරිහැර විදියටයි අප දකින්නේ. ලංකාවේ මාධ්‍ය නිදහස ගැන තියන ප‍්‍රශ්නයේ එක කොටසක් තමයි මේක.මේ සිද්ධියෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදිනියන්ගෙන් නොකඩවා ප‍්‍රශ්නකරමින් හිංසා කිරීම තරයේ හෙළා දකින බවයි.

ජැකී පාර්ක් සංචාරක වීසාවලින් ලංකාවට පැමිණ සාකච්ඡුාවලට එක්වීම ගැන ප‍්‍රශ්න කළ බවට ආණ්ඩුව බොරු තර්ක මතු කළත් එවැනිම වීසාවකින් ලංකාවට පැමිණි පැකර්ට සාකච්ඡා, සම්මන්ත‍්‍රණවලට සහභාගී වීමේ අවස්ථාව උදා කළ බව ද තිස්ස අත්තනායක මහතාගේ නිවේදනයේ සඳහන්ය.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමය ද ඒ ගැන නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ මාධ්‍යවේදීනියන් දෙදෙනා අපහසුතාවට පත් කිරීම හෙළා දකින බවයි.
ඔවුන්ට ශාරීරික හිංසා කර නොමැති බවත්, රැුස්වීමට සහභාගීවී සිටින මාධ්‍යවේදිනියන් දෙදෙනා ඔවුන්ගේ අකමැත්තෙන් හෝටලයට ගෙන ගොස් ඇති බවත්, ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්නකර ඇති බවත්, මාධ්‍යවේදීන් දෙදෙනා අපරාධවලට සම්බන්ධ නැති   බවත්, ඔවුනට ලංකාවට පැමිණීමට බාධාවක් නැති බවත් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

ජැකී පාර්ක් ගෙවුනු 15 වසර තුළදී 17 වරක් ලංකාවට පැමිණීම ගැන ආගමන විගමන හා රහස් පොලිස් නිලධාරීන් ප‍්‍රශ්න කළ බව කියන එම සංගමය ඇගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ සියලූ දත්ත පිටපත් කොටගෙන ඇතැයි ද කියයි.

මෙම ක‍්‍රියාවලියෙන් ලංකාවේ මාධ්‍යවේදීන්ට ඇති තර්ජනය කියාපාන බවත් ඔවුහු කියති.

සිද්ධිය ගැන අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා,
සී අයි ඞී එක කරපු එකම දේ තමයි මේ අයගෙන් ප‍්‍රකාශයක් ගත්ත එක. සංචාරක වීසා මත ඔවුන් පැමිණ තිබුණ නිසා වෙනත් දේවලට සහභාගී වුණාද කියා දැනගන්න තමයි අප ප‍්‍රශ්න කළේ. ඉන් එහා කිසි දෙයක් අපි කළේ නෑ.

මේ ගැන විමසීමට ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා සම්බන්ධ කර ගත්තත් ඔහු පැවසුවේ, රජකාරි වැඩවල යෙදී සිටින බැවින් ප‍්‍රතිචාරයක් දැක්විය නොහැකි බවයි. ඒ ගැන දැන ගැනීමට වෙනත් වෙලාවක පැමිණෙන ලෙස ද ඔහු කීවේය. 
 

 


 



අදහස් (0)

එතෙර මාධ්‍යවේදිනියන් දෙදෙනා රටින් නෙරපුවාද?

අජිත් Monday, 11 November 2013 06:48 PM

ඇයි බයවෙන්නේ? අපේ රටේ නිදහස වැඩියි. ඒ වෙලාවෙම රටින් පිටුවහල් කළා නම් ඉවරයි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

දම් Tuesday, 12 November 2013 02:14 PM

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය...මේ ගොල්ලොන්ගෙත් පුල්ලි තියෙනවද දන්නෙ නෑ මෙච්චර නටන්නෙ... (ස)

:       0       0

අක්ෂි Monday, 11 November 2013 07:41 PM

වෙන රටවල ඔහොම නටන්න දෙන්නේ නැහැ සැක කටයුතු සංචාරකයන්ට. කොහේ හරි රටකින් පුම්බන්න ඇති අපේ රටට, ඒකයි පොලිසියට සමාව ඉල්ලන්න වුණේ, මට හිතෙන හැටියට. විපක්ෂයත් පිරිහිලා නිසා මේවට සහයෝගය දෙනවා. රටේ ගෞරවය ආරක්ෂාව ගැන එයාලට කමක් නැහැ. කාගේ පිහිටද මේ රටට? (නි)

:       0       0

නාමල් Monday, 11 November 2013 07:52 PM

චැනල් 4 එකට තව එකක් හදන්න එන්න වීසා දීල තියෙන්නෙත් බලපෑම් නිසා කියලා වාර්තා වුනා. මොන ලජ්ජා නැති වැඩද මේ වෙන්නේ? සමුළුවක්ද? මොකක්ද? අඩු ගානේ ඉන්දියාවයි එංගලන්තෙයි කොටින්ට උදවු කරපුව මාධයෙන් වත් පෙන්නලා දෙන්න.(දී)

:       0       0

රූපවතී Sunday, 10 November 2013 06:06 PM

ඕනෑ තැනට නීතියක් හරියට නැති රටේ මිනිසුනේ, ලැජ්ජා වෙයල්ලා. ලොක්කෙකුගේ දෙයක් නම් බලන්න තිබුනා වැඩේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 248 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 100 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 192 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 228 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 884 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site