කොළඹ ඕල්කට් මාවතේ පසුගිය කාලයේ හදිසි ගිලා බැසීමක් සිදුවූ අතර ඒ පුවත අසා නගරවාසීහු පමණක් නොව ඒ අවස්ථාවේ නගරයට පැමිණ සිටි ජනතාවද බියට හා සංත‍්‍රාසයට පත්වූහ.
ඕල්කට් මාවතේ සිදුවූ හදිසි ගිලා බැසීමෙන් දශක ගණනාවක සොඳුරු හා චමත්කාරජනක ඉතිහාසයක්ද මතුවිය. එපමණක් නොව කඳුළින් හා සුසුමින් පිරි ඉතිහාසයක්ද ඒ හරහා මතුවූවායැයි කීම අතිශයෝක්තියක් නොවෙති.
එහෙත් මතුවූ ඒ ඉතිහාසය වර්තමාන පරපුර දන්නා නැති තරම්ය.
මේ ඒ සොදුරු චමත්කාරජනක මෙන්ම කඳුළින් හා සුසුමින්ද පිරි කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් එදා කි‍්‍රයාත්මක වූ ට‍්‍රෑම් රථ සේවාවේ තොරතුරු සොයා ගිය කතාන්දරයි.
ඕල්කට් මාවතේ ලොකු ගිලා බැසීමක් වෙලා මිනිස්සු බය වෙලා ඉන්නේ. කොළඹ මේ වගේ දෙයක් සිදුවීම හිතා ගන්නවත් බැහැ. අපේ කණ්ඩායමකුත් මේ ගැන හොයා බලන්න යැව්වා යැයි හමුදාවේ මගේ හිතවත් නිලධාරියෙක් දුරකථනයෙන් කතා කර දැනුම් දුන්නේ මේ ගැන සොයා බලන ලෙසද පවසමිනි.
ගිලා බැස තිබූ ස්ථානයෙන් මතුවී තිබුණේ ට‍්‍රෑම් රථ මාර්ගයක් බව එහි ගිය කොයිකාටත් දැක ගැනීමට හැකිවිණි. කොළඹ මහ නගර සභාව ට‍්‍රෑම් රථ මාර්ග තැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත්තේ 1892 වසරේදීයි.
ට‍්‍රෑම් රථ ධාවනය කිරීම සඳහා මාර්ග සකස් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බාර ගෙන ඇත්තේ බවුස්ටඞ් නැමැති සමාගමකි.
මුල්ම ට‍්‍රෑම් රථ ගමන උත්සවශ්‍රීයෙන් ආරම්භ කර ඇත්තේ 1899 සැප්තැම්බර් මස 12 වැනිදාය.
මෙය දකුණු ආසියාවේ ප‍්‍රථම ට‍්‍රෑම් රථ සේවාව වූ අතර ට‍්‍රෑම් රථ මංගල ගමන ආරම්භ වූයේ ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ආසන්නයේ සිට තොටළඟ දක්වායි.
ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය ළඟ සිට තොටළඟට ට‍්‍රෑම් රථයක් ගමන් කිරීමට ගතවී ඇති කාලය පැය කාලකි.
ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රය වීමත් සමගම ග‍්‍රෑන්ඞ්පාස් මරදාන මාර්ගය ඇතුළු කොළඹ නගරය පුරාවටම ට‍්‍රෑම් රථ මාර්ග සාදා ඇත.
ට‍්‍රෑම් රථ සේවය ජනපි‍්‍රයවීමත් සමගම කොළඹ නගරය පුරා එතෙක් කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්තකරුවන්ට උදා වූයේ නරක කාලයකි.
රික්ෂෝකරුවන් හා කරත්තකරුවන්ට ඔවුන්ගේ එතෙක් කරගෙන ආ ජීවනෝපාය අහිමිවීමෙන් දරු පවුල් නඩත්තු කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවන්ට පත්වී තිබේ.
කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් ඔවුන්ගේ ජීවනෝපාය අහිමිවීම නිසා කෝපයට පත්ව තැන තැන සැඟවී සිට ධාවනය වන ට‍්‍රෑම් රථවලට ගල් මුල් ප‍්‍රහාර එල්ල කර ඇත.
මේ නිසා සමහරු ට‍්‍රෑම් රථවල ගමන් කිරීමට බියක් දක්වා ඇත. එහෙත් ට‍්‍රෑම් රථවලට සැඟවී සිට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ කරත්තකරුවන් හා රික්ෂෝකරුවන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට පටන් ගැනීමත් සමගම ගල් මුල් ගැසීම ටික දිනකින්ම නතර විය. ඊට පසු බාධාවකින් තොරව ට‍්‍රෑම් රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවූ අතර ජනතාවට ට‍්‍රෑම් රථ වලින් ගමන් කිරීමට තිබූ බියද පහව ගොස් තිබේ.
කොළඹ නගරයේ කි‍්‍රයාත්මක වූ රික්ෂෝ හා කරත්ත යුගය හමාරකරමින් ආරම්භ වූ ට‍්‍රෑම් රථ සේවාවේ නියුතු රියදුරන් ඇතුළු සේවකයන් ගෙවන වැටුප් ජීවත්වීමට කිසිසේත්ම සෑහෙන්නේ නොමැති බව පවසමින් මහා වැඩ වර්ජනයක්ද ආරම්භ කර ඇත. ඒ 1929 වසරේදීය.
ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයන් කොළඹ නගරයේ ලොකු අරගලයක් කර ඇති අතර මෙහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල පවා සිදුවී ඇත.
පොලිසිය ඉවත් බවක් නොමැතිව වෙඩි තැබීම නිසා වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ පස් දෙනකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇත්තේ කොළඹ නගරය රක්ථවර්ණ ලෙයින් තෙත් කරවමිනි.
වැඩි පඩි ඉල්ලා ට‍්‍රෑම් රථ රියදුරන් හා සේවකයින් කළ උද්ඝෝෂණය එයින්ම නිමාවට පත්ව ඇත. කොළඹ නගර සභාව ට‍්‍රෑම් රථ සේවාව ඔවුන්ගේ පාලනය යටතට ගෙන ඇත්තේ 1944 වසරේ සැප්තැම්බර් මස 1 වැනිදාය. ඒ බවුස්ටඞ් සමාගමට රු. ලක්ෂ 36 ක පමණ මුදලක් ගෙවීමෙනි.
ට්‍රොලි රථ සේවාවක් ආරම්භ වීමත් සමගම රික්ෂෝකරුවන්ට කරත්තකරුවන්ට සිදුවූ සන්තෑසියම ට‍්‍රෑම්රථ රියදුරන්ට හා සේවකයින්ටද සිදුවී ඇත.
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ට්‍රොලි බස් සේවයක් ආරම්භ වූයේ 1950 වසරේ සිටය.
ට‍්‍රෑම් රථ සේවය අපේ රටෙන් සම්පූර්ණයෙන්ම් නවතා දමනු ලැබුවත් වර්තමානයේ ස්විස්ටර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, පින්ලන්තය සහ බල්ගේරියාව ඇතුළු තවත් රටවල් ගණනාවක ට‍්‍රෑම් රථ සේවය කෙටි දුර ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගනු ලැබේ. මාතලේ සිට කොළඹට අප්පච්චිද සමග අතේ එල්ලී පැමිණ ට‍්‍රෑම් රථයෙන් එදා කොළඹ නගරයේ රවුම් ගැසූ විමල් තෙන්නකෝන් මහතා ඒ සොදුරු අතීතය මා සමග තොරතුරු හෙළි කිරීමට එක්විය.
මාතලේ රත්තොට මධ්‍යම පන්ති නිවාස යෝජනා ක‍්‍රමයේ පදිංචිව සිටින විමල් තෙන්නකෝන් මහතා සමුපකාර දෙපාර්තමේන්තුවේ සේවය කර විශ‍්‍රාම සුවය ලබමින් සිටින 65 හැවිරිදි වියේ පසුවන අයෙකි.
ගුණරත්න තෙන්නකෝන්් මහතා වන ඔහුගේ අප්පච්චී ව්‍යාපාරයෙකි. ව්‍යාපාරික කටයුතු සඳහා රත්තොට සිට කොළඹට පැමිණීමට නිතර සිදුවී ඇත. එසේ පැමිණි සමහර අවස්ථාවල විමල් තෙන්නකෝන් දරුවාද අප්පච්චීගේ අතේ එල්ලී කොළඹට පැමිණීමට දක්වා ඇත්තේ දැඩි රුචිකත්වයකි.
කොළඹ ට‍්‍රෑම් රථ යුගය කාලයේ මම අවුරුදු 6 ක විතර කොලූ ගැටයෙක්. මට අද වගේ මතකයි අප්පච්චීත් එක්ක කොළඹ ආපු හැටි. එදා රත්තොට ඉඳලා කොළඹට කෙළින්ම එන්න බස් තිබුණේ නැහැ. නුවරට ඇවිල්ලයි කොළඹට එන්න ඕනෑ. නුවර ඉඳලා කොළඹට එන්න එදා බස් ගාස්තුව විදිහට අය කළේ රුපියල් එකයි ශත අනූවක පමණ මුදලකි.
මුලින්ම ට‍්‍රෑම් රථයක ගිය දවස ගැන කියන්න මට මතකයක් නැහැ. කොළඹ දෙවැනි හරස් වීදියෙන් ට‍්‍රෑම් රථයට ගොඩවෙලා බොරැුල්ලට ආපු බව නම් මට හොඳට මතකයි. ට‍්‍රෑම් රථයට නගින්න බය වෙලා මම හොඳටම අඬලා තියෙනවා. පස්සේ අප්පච්චි මාව වඩාගෙන තමා ට‍්‍රෑම් රථයට ගොඩකරලා තියෙන්නේ. ඊට පස්සෙ නම් ට‍්‍රෑම් රථවල යන්න මා බයවෙලා නැහැ. ඉස්කෝලේ නිවාඩු දවස්වලට මම අප්පච්චි කොළඹ යද්දී නොවරදවාම යනවා. කොළඹට ඇවිත් අප්පච්චිගේ වැඩවලට යන්නේ ට‍්‍රෑම් රථයෙන්. දෙවැනි හරස් වීදියේ ඉඳලා බොරැුල්ලට ට‍්‍රෑම් රථයේ ගාස්තුව ශත පහයි. ට‍්‍රෑම් රථවල සැප පහසුකම් ඇති ආසන සවිකර තිබුණා.
ට‍්‍රෑම් රථවල ටිකට් නොගෙන හොරෙන්් ගොස් අසුවුන අය ගැනත් ධාවනය වෙමින් තිබෙන ට‍්‍රෑම් රථවලට පැන සියදිවි නසා ගත් අය ගැනත් අප්පච්චි මට පස්සේ කාලයෙකදි කියා තිබුණා. ඒ කාලෙත් ගැට කපන්නන් ට‍්‍රෑම් රථවල ගමන් කර තිබුණ බව මා දැනගත්තේ අප්පච්චිගෙන්.
අප්පච්චි මෝටර් රථයක් ගන්න කොළඹ ගියා. ඒ ගමනත් අප්පච්චිත් එක්ක මමත් ගියා. කොළඹ ඉඳලා මෝටර් රථය ගන්න තැනට ගියෙත් ට‍්‍රෑම් රථයෙන්. ඒ 30 වර්ගයේ මෝටර් රථයක් තමා අප්පච්චි සල්ලිවලට ගත්තේ. රුපියල් 8000 ක මුදලකට තමා ඒ මෝටර් රථය මිලදී ගත්තේ. ඒ මෝටර් රථය ගත්තු බිල තවමත් අපි සතුව තිබෙනවා යැයි තෙන්නකෝන් මහතා ට‍්‍රෑම් රථ ගමන් ගැනත් අනිත් තොරතුරු හෙළි කරමින් අවසාන වශයෙන් පැවසීය.
ට‍්‍රෑම් රථ සේවාව ආරම්භ කළ මුල් කාලයේ සතියකට එම ට‍්‍රෑම් රථවල ගමන්ගත් මගීන් සංඛ්‍යාව 20,000 ක් පමණ වූ අතර මෙම සේවාව මගීන් අතර කොතරම් ජනපි‍්‍රයවීදයත් පසුකාලීනව දිනකට මගීන් 15,000 පමණ ගමන් කර ඇත.
පිටකොටුව ප‍්‍රදේශයේ පා ගමනින් ගමන් කරන විට එදා ට‍්‍රෑම් රථයේ ධාවනය කිරීමට ඉදිකරන ලද පීලිවල නෂ්ඨාවශේෂ දැක ගැනීමට පුළුවන.
ඔබේ දෙපයට අද පෑගෙන ඒ ට‍්‍රෑම් රථ පීලි එදා කොළඹ නගරයට පැමිණි ජනතාවට ඉමහත් සේවයක් කිරීමට ආධාර වූ ඒවාය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එදා කොළඹ ට‍්‍රෑම් කාර්
මුරුගන් Tuesday, 23 April 2013 12:08 PM
කළමනාකාරිත්වය අපේ අතට ගත්තා ගත්තමයි ට්‍රෑම් කාරුත් ඉවරයි. (නි)
එස් සමන්තිලක Thursday, 25 April 2013 09:41 AM
අපේ මිනිස්සු එදාට වඩා අඩියක්වත් ඉස්සරහට ගිහින් නැහැ කියලයි හිතන්න වෙන්නේ (නි)
ලලිත් Thursday, 25 April 2013 10:06 AM
අද කොටුවේ ඉදලා තොටළගට බස් එක පැය 2-3ක් යනවා. (නි)
හේවාවිතාරණ Tuesday, 23 April 2013 01:47 AM
මගේ තාත්තා ද ට්‍රෑම් කාර් රියදුරෙකි. ඔහු ට්‍රෑම් කාර් ගැන අපිට විස්තර කරනවා මට තවමත් මතකයි. (නි)
සමීර Monday, 29 April 2013 01:36 PM
ඉතාම රසවත් ලිපියක්. සුන්දර අතීතයකට හිත ඇදිලා ගියා. අපේ රටේ වාහන තදබදයට හොද විසදුමක් වේවි. කොමිස්කාර දේසපාළුවෝ මැදිහත් නොවුනොත්.(නදී)
හේමාල් Tuesday, 23 April 2013 02:16 PM
රසවත් ලිපියක් ...ස්තුතියි.(ස)
එම්.එන්.පියරත්න Tuesday, 23 April 2013 09:30 PM
බලන්න ඒ කාලෙ අපේ රට ගමනාගමනය අතින් කොච්චර දියුණුද කියල.මටත් ට්‍රෑම් කාර් වල ට්‍රොලි බස් වල ගිහින් අත්දැකීම තියෙනව.අද ඇතම් දියුණු රටවලටත් කලින් මේ ගමනා ගමන ක්‍රම අපේ රටේ භාවිතා කලැ.නමුත් අපේ ඇතැම අදූරදර්ශී පාලකයෝ මේවා අහෝසි කලා.අපේ රටේ තිබුන පුංචි කෝච්චිය විදේශීය කෙතරම් සංචාරකයින්ගේ සිත් ඇද ගත්තද? මේවා නැවත ඇති කලොත් හොදයි ගමනාගමනයේ විවිදත්වයක් දකින්නට මහජනයාට අවස්ථාව දියයුතුයි. (අ)
අනුර Tuesday, 23 April 2013 02:21 PM
කොළඹ නගරසබාව එදත් එහෙනම් අද වගේමයි. (ස)
රොෂාන් Wednesday, 24 April 2013 11:46 AM
ඔව් සුද්දගේ කාලේ හින්දා හොඳට ගියා. අපේ මිනිස්සුන් දන්නේ එක එක්කෙනාට බැන බැන ඉන්න විතරයි. නිදහස ලැබිලත් තවම මේ වගේ සොයා ගැනීමක් ඉදිරිපත් කරගන්න බැරි වුණා අපට. අපි ඉන්දියාවට බනින්න කලින්, යන්න කලින් හිතලා බලන්න ඕනෑ. අපි තවමත් යන්නේ එයාලගේ බස් වල නේද? (නි)
අරුණ Monday, 22 April 2013 07:15 PM
අපේ ආච්චි රික්ශෝවකින් ,හැව්ලොක් ටව්මේ ඉදන් තිම්බිරිගස්යායට ආවා තවමත් මතකයි. ඒ 1969-70 වගේ . (නි)
ෆ්‍රෑන්ක් Sunday, 28 April 2013 01:33 PM
ඉතාමත් රසවත් ලිපියක්. අපේ රටට අදටත් අවශ්‍ය විශේෂයෙන් කොළඹ නගරයට සුදුසු පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්. එහෙම එකක් අද තිබුනා නම්....... (නි)
ෆ්‍රෑන්ක් Sunday, 28 April 2013 01:38 PM
සමන්තිලක, ඔබගේ ප්‍රකාශය අගය කරමි (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 19 May 2013 08:17 AM
ට්‍රෑම් කාර් යලි ඉල්ලන අයට නාකි මගෙන් උපදෙසක්.. ඔය ට්‍රෑම් කාර් වගේම ට්‍රොලි බසුත් ඔය අවධියේ තිබුනා. ඕව ගියේ විදුලියෙන්. පාරවල් පුරා ඉහලින් විදුලි කම්බි තිබුනා. හැම තිස්සෙම විදුලි සපයන ආම්පන්න පිට පනිනවා. කොන්දොස්තර ගේ වැඩේ උන ලීයක් අරගන ඒක හදන එක.ආයේ ඉල්ලන්න එපා හත් දෙයියනේ!! (නි)
ජයසංඛ Monday, 22 April 2013 07:54 AM
කොළඹ නගරය ඇතුලත බස් වලින් ගමන් කිරීමේදී ඇතිවන ප්‍රමාදයට හොඳම විසදුම යලි ට්‍රෑම් කාර් සේවාවක් ආරම්භ කිරීමයි (නි)
උදිත මදුමල් Monday, 22 April 2013 02:48 PM
ඉතාම රසවත් ලිපියක්. මම හරි ආසාවෙන් කියෙව්වා. (නි)
නිශාන්ත හේරත් Thursday, 25 April 2013 07:25 AM
දැනට වඩා ඉස්සර හොදයි. හොද ලිපියක්. (නදී)
සෑම් Thursday, 25 April 2013 07:12 PM
මේකට හේතුව සිංහලයන්ගේ මෝඩකම. බත් ටිකක් කාල දේශපාලුවෙක්ගේ පස්සේ ගිහින් පරණ රජකාලේ පුරාජේරු කියවන්න තිබුනානම් උන්ට හොදටම ඇති.(නදී)
ගාමිණී Monday, 22 April 2013 10:08 PM
ට්‍රෑම් කාර් වලට මගීන්ට ගොඩ වීම සඳහා දම් පාටින් සාදා සවි කරන ලද නැවතුම් බෝඩ් එකක් ග්‍රෑන්ඩිපාස් කොස්ගස් හන්දියට පහලින් වත්තක කිසිවෙකුටත් නොපෙනෙන පරිදි තවමත් සවි කර තිබූ ස්ථානයේම තියෙනවා මම කීප සැරයක්ම දුටුවා. එය ආරක්ෂා කිරීම කොළඹ නගර සභාවේ යුතුකමකි. සොයාගත නොහැකි නම් මම පෙන්වන්නම්. (නි)
නීලා Tuesday, 23 April 2013 11:11 AM
බලන්න සුද්දන්ගේ රටවල තාම නවීන ට්‍රෑම් කාර් පාවිච්චි කරනවා. එක තද බදයට හොද විසදුමක්. අපි තාක්ෂණයෙන් පස්සට යන නිසා වලක වැටුනම ඔලුව වහලේ වදින ටාටා බස් ගෙනත් දුවනවා. නවසිලන්තේ බැටළුවෝ අදින වාහන ඊටවඩා සිය ගුනයක් සැප පහසුයි.(ස)
ලසන්ත Tuesday, 23 April 2013 11:14 AM
ඉස්සර ටැක්සි බැලුවොත් බෙන්ස්, ෆියට්, බෙන්ටලී, වොක්ස්වාගන්. වගේ උසස් නිෂ්පාදන. අද බජාජ් ත්‍රීවීල්. දියුණු රටවල අනාරක්ෂිත ටැක්සි දුවන්න දෙන්නේ නෑ. වායු බෑග් හතරක්වත් තිෙයන කාර් එකෙක් වෙන්න ඕන. අපි දියුණු වෙන තරම පේනවනේ...(ස)