ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයේ අදටත් ඉහළින්ම වැජඹෙන ගායිකාව ලෙස හැඳින්විය හැකිය. එදා මෙන්ම අද දක්වා තම ජනප‍්‍රියත්වය එකලෙස රඳවා ගැනීමට සමත් වූ ඇය විටෙක ගායිකාවකි. විටෙක සංගීත අධ්‍යක්ෂවරියකි. තවත් විටෙක තම දැනුම අලූත් පරපුරට ලබාදෙන සංගීත ගුරුවරියකි. මේ වසරේ සම්මාන උළෙල කිහිපයකදී ජනප‍්‍රියතම ගායිකාව ඇතුළු සම්මාන රැසක් ඇය හිමිකර ගත්තේ අලූත් පරපුරට ආදර්ශයක් ගෙන දෙමිනි.
ස්ලිම්-නීල්සන් ජනතා සම්මාන උළෙලේදී පිට පිට 9 වැනි වතාවටත් ඇය ජනප‍්‍රියතම ගායිකාව බවට පත්වූයේ තවමත් ගීත ක්ෂේත‍්‍රයේ බැබළෙන ගායිකාව තමා යැයි පෙන්වා දෙමිනි. ඇය සම්මානනීය ගායිකා විශාරද නන්දා මාලිනිය නම් වන්නීය. මේ ඇයත් සමග සම්මාන පිළිබඳවත්, ගීත ක්ෂේත‍්‍රය පිළිබඳවත් කළ සංවාදයක සටහනකි.
මෙම වසරේ ඔබ සම්මාන රැසකින් පිදුම් ලැබුවේ වසරේ විශිෂ්ටතම ගායිකාව ලෙසින්. එහිදී සරසවිය අභිමානී සම්මානයත්, ජනාධිපති ස්වර්ණ සිංහ සම්මානයත් විශේෂත්වයක් ගන්නවා. එමෙන්ම ඔබ පිට පිට 9 වැනි වතාවටත් ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනප‍්‍රියතම ගායිකාව බවටත් පත් වෙනවා. මේ සම්මාන පිළිබඳව ඔබට හැඟෙන්නේ කුමන අදහසක් ද?
ඇත්තටම මට තිබෙන්නේ පුදුම සතුටක්. මගේ ජීවිත ගමන මම පටන් ගත්තේ හිතපු නැති ආකාරයටයි. 1962 වසරේදී ” රන්මුතුදුව” චිත‍්‍රපටයට ගීතය ගායනා කරන්න අමරදේව සර් මාව තෝරා ගන්නකොට මම, මේ ලෝකේ කිසිම කෙනෙක් දැන හඳුනාගෙන තිබුණේ නෑ. කරුණාරත්න අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයේ ඒ කාලේ සින්දු කියමින් මම හිටියේ. මේවා අහලා බලලා දැකලා තිබුණා අමරදේව සර්. ඒ අතරේ තමයි අමරදේව සර්ගේ එක එක වැඩසටහන්වලට අපි සමූහ ගායනා ඉදිරිපත් කරන්න ගියේ. එතුමාට හමුවූ ප‍්‍රථම චිත‍්‍රපටයට මාව ගැනීම ගැන අදටත් මම පුදුම වෙනවා. මා ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ගායන හැකියාව විතරක් දැනගෙන මේ චිත‍්‍රපටයට සර් මාව තෝරාගත්තේ. මම ඒ කාලේ පුංචි ළමයෙක්. අමරදේව සර් ගුවන් විදුලියේ ඉඳන් මාව බස් එකේ ගෙදරට ගෙනවිත් අම්මටයි, තාත්තටයි කිව්වා, ‘‘හොඳ අනාගතයක් තිබෙන දක්ෂ දරුවෙක්. අපේ චිත‍්‍රපටයට දුවව තෝරාගත්තා කියලා.’’ අම්මලාට ඒ ගැන හාංකවිසියක් නෑ. මොකද ඒ අය දරිද්‍රතාවයේ පතුලේ කිමිදිච්චිච අය. අපට එදා දවසේ කන්න බොන්න දෙන්න හදනවා මිසක් ඒ අයට මේ ගැන හැඟීමක් නෑ. මගේ පන්තිභාර මාග‍්‍රට් පෙරේරා ගුරුතුමිය තමයි මාව එක්කගෙන ගියේ ළමා මණ්ඩපයටත්. නැතුව අම්මලා තාත්තලා මගේ හැකියාව දැනගෙන නොවෙයි. ඒ අය සතුටු වුණා විතරයි.
මේ චිත‍්‍රපටයේ යුග ගායනයක් තිබුණේ. නාරද දිසාසේකර එතකොට ජනප‍්‍රිය ගායකයෙක්. මොකද ඔහු එතකොට ගුවන් විදුලියේ විශිෂ්ට ගණයේ පරිපාලකයෙක් හැටියට ඉංජිනේරුවෙක් ලෙස හිටියා. එයා ජනප‍්‍රියයි. පුහුණුවීම් කටයුතු කළේ රාජගිරිය මාදින්නාගොඩ පාරේ කඳු ගැටයක පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවසේ. මේ ගෙදරට එදා මයික් විල්සන් සුදු මහත්තයා, තිස්ස ලියනසූරිය මහත්තයා, ශේෂා පලිහක්කාර, ආතර් සී. ක්ලාක් මහත්තයා ඇවිත් හිටියා. කොල්ලූපිටියේ සරසවි ශබ්දාගාරයේ ගීතය පටිගත කළේ. මර්වින් රොද්‍රිගු කියලා ගුණ යහපත් මනුස්සයෙක් එහි හිටියා. පසු කාලෙදී මට මතකයි රොක්සාමි මාස්ටර්, එඞ්ගා පෙරේරා, ඇත්තනී සාමි මාස්ටර් එතැන හිටියා කියලා. එදා මයික් එකට උස තිබුණේවත් නෑ පුංචි කොට එක්කෙනෙක් නිසා. මර්වින් මාස්ටර් පොඩි පෙට්ටියක් ගෙනත් දුන්නා නැගලා සිංදුව කියන්න. එදා අද වගේ නොවෙයි. එකපාරින් කියන්න ඕනේ. වැරදුණොත් මුල ඉඳන්ම ආපහු ගායනා කළ යුතුයි. එක සැරෙන් කිව්වාද කියා මතක නෑ. නමුත් ඉතිං සිංදුව ගායනා කළා. කාගේත් ලොකු සතුටක් ඇතිවෙලා තිබුණා. පටිගත කිරීමට මානවසිංහ මහත්තයා ඇවිත් හිටියා. එතුමා තමයි ගීතය ලිව්වේ. මගේ පළමු ගායනය ”රන්මුතුදුව” චිත‍්‍රපටයේ ගීතය නොවෙයි. ”බුද්ධ දිවාකරයාණෝ” ගීතය තමයි මුලින් ගායනා කළේ. එය හැඳල විජය චිත‍්‍රාගාරයේ මිශ‍්‍රා කියලා ඉන්දියන් ජාතිකයෙක් යටතේ පටිගත කළේ. එය තමයි මුලින්ම රෙකෝඞ් කළ මගේ ගීතය. ඊට පස්සේ හැම චිත‍්‍රපටයකම වාගේ ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. හොඳ කඩඉම් සලකුණු තියන්න පුළුවන් ගීත ගොන්නක් මට ලැබුණා.
අද තිබෙන විදියේ ට‍්‍රැක් එකකට මම මුලින්ම ගීත ගායනා කළේ ”පොඩි මල්ලි” චිත‍්‍රපටයේ. මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි එය අධ්‍යක්ෂණය කළේ. ඉයර්ෆෝන් දෙකක් දාලා මුලින්ම ට‍්‍රැක් එකකට එදා තමයි ගීත ගායනා කළේ. මට ඉයර්ෆොන් පුරුදුත් නෑ. 1962 ඉඳලා සම්මාන ලැබිලා, චිත‍්‍රපට ගණනාවක ගීත ගයන්න ලැබිලා ස්ථාපිත වෙන්න හැකි වුණා. අද මම 2017.04.28 මැයි 4 දා සිට ආපසු හැරී බලනවිට මුහුකුරා ගිය කෙනෙක් ලෙසටයි ඉන්නේ. වයස අවුරුදු 73ක් මට දැන්. ඒ පැත්ත බලනවිට අවුරුදු 50කටත් එහා සංගීත දිවියට ගිහින්. නමුත් මගේ හිත කියනවා තවම මම ඉන්නේ ඉහළම තැන කියලා. මට සරසවිය අභිමානී සම්මානය අතට ගන්නකොට පකිස් පෙට්ටියක් උඩ නැගලා ඒ ගායනා කළ ගීතය මතක් වුණා. අමරදේව සර් බස් එකේ මගේ ගෙදරට ආ හැටි ඒ සියල්ල මතක් වුණා. මම දැන් වෘත්තීය ගායන මට්ටමට ඇවිත් තිබෙන්නේ. වෘත්තීය ශීල්පිනියකට ලැබෙන්න පුළුවන් ඉහළම දේ ඒ සම්මානයෙන් මට ලැබුණා. ඒ අතරේම ජනාධිපති සම්මානය ලැබීමත් විශේෂත්වයක්. ස්වර්ණසිංහ සම්මානය 6 දෙනකුට ලැබුණා. ඒ 6 දෙනා අතරේ මම හිඳීම ගැන ගොඩක් සන්තෝෂයි. සිනමාවේ ගායනයට ඒ තරමේ පිළිගැනීමක් එහි ලැබීම ගැන මා සතුටු වෙනවා. අනෙක් පස්දෙනා අධ්‍යක්ෂවරු හා නිළියන්. මට හිතුණේ සිංදුවකින් විතරක් නොවෙයි මම සම්මාන ලබා ගත්තේ. මුලින්ම ” සැඩොල් කඳුළු” චිත‍්‍රපටයේ කවි කියලා හොඳම ගායිකාව වුණා. එය ගීතයක් හැටියට ඔවුන් හිතන්න ඇති. ඊට පස්සේ ”සිරිබෝ අයියා, සුදු සෙවණැලි, උප්පලවණ්ණා” යන චිත‍්‍රපටවල කවි ගායනයෙන් සම්මානයට පාත‍්‍ර වුණා. මේවා ඇත්තටම ජීවිතයේ ලොකු සංධිස්ථාන ලෙසයි මා දකින්නේ. ඉදිරියේදී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ”බිම්බා දේවි හෙවත් යශෝදරා” චිත‍්‍රපටයේ කවි පටිගත කරන්න බලාපොරොත්තු වෙනවා.
මෙහිදී විශේෂයෙන් පිට පිට 9 වැනි වතාවටත් ඔබ ජනතාවගේ ජනප‍්‍රියතම ගායිකාව බවට පත්වෙන ඔබගේ ජනප‍්‍රියත්වය එදා මෙන්ම අදත් එක ලෙස පවතින බව එයින් ඔප්පු කර තිබෙනවා. එය ගායිකාවකට ලේසියෙන් ලබා ගත හැකි දෙයක් නොවෙයි. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම මම 1972 දී ”ලංකාදීප” පුවත්පත සංවිධානය කළ ”දීපශිඛා” සම්මානයෙන් පිදුම් ලැබුවා ජනතාවගේ ගායිකාව ලෙස. ඔවුන්ගේ ඡුන්දයෙන් තෝරා ගත්තේ. ගායකයා වුණේ එච්.ආර්. ජෝතිපාල. දැන් මනාප ඡන්ද ප‍්‍රතිඵල වගේ තමයි. ජෝතිපාල එදා වගේ අදත් ඉහළ තැනක ඉන්නේ. මේ පරාසය කොහොමද කියලා මට පස්සේ තමයි වැටහුණේ. ඊට පස්සේ තමයි ස්ලිම් නීල්සන් ආයතනය විසින් ජනතාවගේ ගායිකාව ලෙස මා තෝරාගෙන තිබුණේ. එය පිට පිට 9 වතාවක් ලැබීම මට ලොකු සතුටක්. ඒක වෙළෙඳ ලෝකයත් එක්ක එන සම්මාන උළෙලක්.
ජයලාල් රෝහණ, ලක්ෂමන් මෙන්ඩිස් ඇතුළු නළු නිම්නයක හුදකලාව මැයි සිට තිරයේ අපි ඒ සම්මාන උළෙලට ගියාම ඒ වෙළෙඳ ලෝකයත් එක්ක ආගන්තුකයි. මුලින් සම්මානය ගන්න ගිය දවසේ මා හා අමරදේව සර් වෙනම ලෝකයක හිටියේ. අපි දෙන්නා තමයි ජනප‍්‍රියතම ගායකයා හා ගායිකාව වුණේ. මුලින් මේ වෙළෙඳ ලෝකය තුළ ඔවුන් අපට කොහොම ප‍්‍රතිචාර දක්වයි ද කියා බයක් තිබුණා. නමුත් අමරදේව සර් මුලින් සම්මානය ගන්න ගියාම මුළු සභාවම නැගිටලා පිළිගැනීම කළා. මටත් එහෙමයි. ඒක අපිට ලොකු ශක්තියක් වුණා. 2014 දී ”අම්මාවරුනේ” ගීතය වෙනුවෙන් ජනප‍්‍රියතම ගීතයට හිමි සම්මානයත් මට එහිදී ලැබුණා. ඉතිං ඇත්තටම ලොකු සතුටක් මට තිබෙන්නේ. ජනතාව තවමත් මට ආදරෙයි කියලා මා දන්නවා. ඒ ශක්තිය තමයි අපට ගීත ගයන්න මෙතරම් ජවයක් ලබා දෙන්නේ කියලා මා හිතනවා.
ඔබ පෞද්ගලිකව සතුටු වුණත් අද පවතින සංගීත කලාව පිළිබඳව අපට සතුටුවෙන්න පුළුවන් තත්ත්වයක නොවෙයි නේද තිබෙන්නේ? ඇත්තටම ඒක තමයි ප‍්‍රශ්නේ. ඕකට ගොඩාක් දේවල් තිබෙනවා. ඒකාලේ වගේ නොවෙයි දැන් තිබෙන තත්ත්වය. අපේ කාලේ වගේම වෙන්න කියලා නොවෙයි අපි කියන්නේ. අපි කාලෙන් කාලෙට හැඩ ගැසෙන්න ඕනේ. මම මේ වන විට සංගීත තැටි 35ක් නිකුත් කරලා තිබෙනවා. හැමදාමමම වෙනස් කරමින් තමයි ඒ සංගත තැටි කළේ.
කවරය පවා වෙනස් වුණා. මගේ පින්තූරය පවා වෙනස් කරගත්තා. අපි එකතැන පල්වුණේ නෑ. අද වන විට අපට උහුලන්න බැරි තරමට වෙනසක් තමයි දකින්නේ. මේකට සියලූම විද්‍යුත් නාලිකා වගකිව යුතුයි. මොකද අපේ තිබෙන දේ නැතිකරගෙන ගමනක් යන එක හොඳ මදි. අපේ රටට වෙලා තිබෙන්නේ ඒ දෙයයි. අමරදේව සර්ගෙන් පටන් අරන් දශක 5ක් තිස්සේ පහුකරගෙන ඇවිත් ඉන්න අපෙන් පස්සේ හොඳ පරම්පරාවක් ඇවිත් තිබෙනවා. හොඳ දක්ෂතා ඇති අධ්‍යාපන මට්ටමක් තිබෙන පරපුරක් ඇවිත් තිබෙනවා. ඒ ගොල්ලන්ගේ හොඳම දේ දෙන්න අද තිබෙන තරගයට එක්වෙන්න සිදුවෙලා. අද හුඟාක් දේ මුදලට යටපත් වෙලා. තාක්ෂණයේ හොඳ පැත්ත අයින්වෙලා නරක පැත්තට තමයි යොමුකරග න්න හදන්නේ. ඒ නිසා හැමෝම තාක්‍ෂණයේ පිහිටෙන් ගායකයෝ වෙන්න දඟලනවා. නමුත් එහෙම පුළුවන්ද? මේක පුදුම විදිහේ මානසිකව ඔලූව හදාගෙන, ඇඟ හදාගෙන පසුබිම හදාගෙන ඉදිරිපත් කරන්න ඕනේ භාවනාවක්. එහෙම නැත්නම් හරියන්නේ නෑ. ඒ තත්ත්වය අද ගිලිහිලා ගිහින්
අපි සරල ගී වැඩසටහන් ඉස්සර කරන්න යනවිට නිෂ්පාදකවරු ඉස්සරහ ඉන්නවා අපි පිළිගන්න. අද ගුවන් විදුලියක් තිබෙනවාද දන්නෙත් නැහැනේ. ගුවන් විදුලිය එන එන දේවලට යාවත්කාලීන වුණා නම්, මම හිතනවා ගුවන් විදුලියට ඔය දේ සිද්ධ වෙන්නේ නෑ කියලා. ඒ අය සංගත තැටිය එනකොට ඵඡු3 තැටිය එනකොට අලූත් තාක්‍ෂණය එනකොට එයට අවශ්‍ය විදිහට වැඩ කළානම් මෙහෙම වෙන්නේ නෑ. අදත් මා හිතන්නේ ලංකාවේ තිබෙන හොඳම වස්තුව තමයි ගුවන් විදුලියේ තැටි ගබඩාව. එහි නැති කටහඬක් නෑ. අපි හාර හාරා ගත්තෙත් ඒ දේවල්මයි. මේ සංගීත ක්ෂේත‍්‍රයේ පවතින අර්බුද ගැන, විද්‍යුත් නාලිකාවලින් ගීතයට සිදුවන දේ පිළිබඳව ඔබ නිතරම කතා කළා. ඒත් ඒවා කිසිම බලධාරියෙක් ගණනකටවත් ගත්තේ නෑ නේද? ඔවුන්ට මේ ප‍්‍රවීණ අයගේ අදහස් වටින්නේ නැද්ද?
ඔව්. ලොකු අඬ බෙරයක් මෙයට ගහන්න ඕනේ. අපි දහදෙනෙක් එකතුවෙලා මේක කරලා හරියන්නේ නෑ. මේකට ලොකු අඬබෙරයක් හැම පැත්තෙන්ම ගහන්න ඕනේ. අද සංගත තැටි ව්‍යාපාරය බංකොළොත්. අපි නිර්මල මුද්‍රාව විදිහට සින්ග් ලංකා සැලකුවේ. ආනන්ද ගනේගොඩ මහත්තයා මුදල් බලාගෙන නොවෙයි හොඳ දේ එයින් ජනතාවට ලබාදුන්නේ. මුදල ගැනම හිතන්නේ නැතුව ශිල්පියාගේ දක්‍ෂතාවයට හා නිර්මාණයේ වැදගත්කමට මුල් තැන දුන්නා. මම ළමයින්ට සංගත තැටි 3ක් කළා. අද ඒවා කරන්න බැහැ. අවුරුදු 2කට ඉස්සෙල්ලා ‘‘ලස්සන මල් පිපිලා’’ සංගත තැටිය නිකුත් කළා ගුණසේන සමාගම වගේ ලොකු ආයතනයක් හින්දා. අද අමාරුයි අර්ථපතියෝ මේ සඳහා සොයාගන්න. අපි සංගත තැටි කරන කාලයේ හැම අවුරුද්දෙම අලූත් දෙයක් කළා ‘‘කුංකුම පොට්ටු’’ නමින් සින්ග්ලංකා සමාගම පාඩු විඳගෙන ජාතීන් අතර මිත‍්‍රත්වය තහවුරු කිරීමේ සංකේතයක් විදිහට දෙමළ ජන ගී සංගත තැටියක් කළා. එයට ගල් මල් දෙකම ආවා.නමුත් ඒක ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණා. කොළඹ යුගයේ කවි එකතු කරලා සංගත තැටි ග‍්‍රැමෆෝන් ගී එකතු කරලා කළා. අද ඇත්තටම එහෙම දේවල් නෑ. මාත් ඇත්තටම අද නිහඬයි. ඔක්කොම නිහඬයි. කවුද මේවාට අද උදවු කරන්නේ? මේ වගේ ප‍්‍රශ්න වැලක් තිබෙනවා. ප‍්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ට විද්‍යුත් මාධ්‍යවලට ඊට වඩා වෙළෙඳ ලෝකය ජයගන්න ඒවා තිබෙනවා. ඒ හින්දා අපි කියන ඒවා ගණන් ගන්නේ නැති බව පෙනෙනවා.
අද දවස වන විට සංගීත, ටෙලිනාට්‍ය, චිත‍්‍රපට, වේදිකා යන මාධ්‍ය සියල්ලටම අලූත් තරුණ පරම්පරාවක් ඇවිත් තිබෙන්නේ. එහෙම තිබිද්දීත් ඔබට චිත‍්‍රපට, ටෙලිනාට්‍ය ගීත ගායනයට තවමත් ඉල්ලූම් වැඩිවෙලා. ඒක ජ්‍යෙෂ්ඨ ශිල්පිනියකට ලැබෙන විරල අවස්ථාවක්. මේ පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ? මගේ මවුපියන්ගේ දරිද්‍රතාවයත් එක්ක මම ජීවිත ගමන හුඟක් සැහැල්ලූ සරල ජීවිතයකට පුරුදු වුණා. ඒක මගේ අනන්‍යතාවය බවට අද පත්වෙලා ඒ වගේම මම තෝරා බේරාගෙන යම්කිසි වැඩකොටසක් කළා. එහිදී මුදල් ගැන සිතුවේ නෑ. අතේ සතේ නැතිව වැඩවලට ගිහින් තිබෙනවා. අදටත් මට චිත‍්‍රපටයකට ආරාධනා කළොත් මුදල ගැන අහන්නේ නෑ. මොකද මම දන්නවා හොඳ වැඩකටයි මට කතාකරලා තිබෙන්නේ කියලා. ඒ නිසා එයට හොඳටම කැප වෙලා ඒ කටයුත්ත කරනවා. ඒ එක පැත්තක් කියා මා හිතනවා. අනෙක් පැත්ත මම පරම්පරා කීපයකට මගේ ගීත ගොන්නෙන් ආමන්ත‍්‍රණය කර තිබෙනවා. ඒ නිසා මා ගැන හැඟීමක් මේ අලූත් අය තුළ තිබෙනවා. සමහර දවස්වලට මටත් ඒ ගැන පුදුමයක් හිතෙනවා. සමහරු මාව දැක්කාම පුටුවලින් නැගිටිනවා. ළමයින් ඇවිත් වඳින්න ගන්නවා. ඒවා මගේ ජීවිතයට ශක්තියක් කියලයි මම බලන්නේ. අනෙක් කාරණය බොහෝ අයගේ සිත තුළ තිබෙනවා මම අම්මා කෙනෙක්. ආච්චි කෙනෙක් විදිහට ලොකු විශ්වාසයක්. මගේ සංගීත ආශ‍්‍රමයට එන ළමයින්ගේ මවුපියන් කියන්නේ ඉගෙන ගන්න ඕනේ නෑ. ඔබතුමියත් එක්ක ළඟින් හිටියාම ඇති කියලයි. මම ළමයින්ට උගන්වන ඒවා ඔවුන් අහගෙන ඒවායින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒවා ජීවිතයට හරිම වටින බවයි ඒ මවුපියන් කියන්නේ. මම කුඩා දැරියක්ව සිටි අවධියේ ගුවන් විදුලියේදී ප‍්‍රවීණයන්ගේ ඇසුර ලැබීම නිසා අද දරුවන්ට ඒ දැනුම මට ලබාදෙන්න පුළුවන් වී තිබෙනවා. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය අපි කරන දේවලට හුඟාක් උදව් කළා. ඒ අයත් තේරුම් ගත්තා. අපි දෙයක් කළොත් ඒ හොඳ වැඩක් තමයි කියලා. ඒ නිසා මම හිතනවා මේ සියල්ල වෙන්නැති මෙතරම් දේවල් මට ලැබෙන්න හේතු කියලා ‘‘ශ්වේත රාත‍්‍රිය’’ ප‍්‍රසංගයෙන් ද මම බොහෝ දේ ඉගෙන ගත්තා. හුඟාක් තරුණ පිරිස් මගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංගය දැකලා තිබුණේ නෑ. ‘‘ශ්වේත රාත‍්‍රිය’’ බැලූ අයගෙන් 90% ක්ම තරුණ පිරිසයි.
ඒ අය එදා තමයි දැනගත්තේ නන්දා මාලිනී කියන්නේ කවුද කියලා. මට ඒ ජවය ලැබුණේ ජනතාවගෙන්මයි. යළි ඒක පුද්ගල ගී ප‍්‍රසංගයකට යන්න ඔබගේ අදහසක් නැද්ද? ආරාධනා නම් ගොඩාක් තිබෙනවා. මම හිතන්නේ එයට තවම කාලය නෑ කියලා.
සටහන - සමන්ත යහම්පත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒක පුද්ගල ගී ප‍්‍රසංගයකට ආරාධනා ලැබුණත් තවම කාලය උදාවෙලා නෑ
Pradeep Liyanage Friday, 28 April 2017 12:11 PM
හෙළ ගී අඹරේ දිදුලන තාරකාව ඔබයි. හෙළයේ මහා ගීත කෝකිලාවිය ඔබයි. ගීතයෙන් අප හදවත් ආමන්ත්‍රණය කල අපේ කාලයේ වීර වරිය ඔබයි. තෙරුවන් සරණින් චිරාත් කාලයක් අප හදවත් සැනසීමට ඔබට හැකියාව ලැබේවා.!!!
sarath Friday, 28 April 2017 01:33 PM
ඔබට දීර්ඝායු ලැබේවා.
lalith Friday, 28 April 2017 01:56 PM
ඔබ චිරාත් කාලයක් අපගේ සවන් පිනවිය යුතු නිසා එක්කෝ කෑම අඩු කරන්න වෙනවා,. නැතිනම් දවසකට කෙටිදුරක් හෝ ඇවිදින්න වෙනවා. ඇත අතීතයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඔබේ සජීව ප්‍රසංගයක් නැරඹුවට පසුව මේ දක්වා සජීවී ප්‍රසංගයක් රස විඳ නැහැ. ඔබගේ මි ළඟ ප්‍රසංගයට අපට පැමිණීමට ලැබේවායි පතමු. ඔබට දීර්ඝායුෂ ලැබේවා. !!!
ධනුෂ්ක Saturday, 29 April 2017 03:04 AM
නන්දා මාලිනියන් පිට පිටම 9 වරක් ජනප්‍රියතම ගායිකාව වන්නේ එකදු නව නිර්මාණයක් වත් එලිනොදක්වමින්ය. මෙහි යටි අරුත වන්නේ වසරකට සියගණනක් ගීත මෙරටේ එළිදක්වුවත් මැයගේ භාවාත්මක නිර්මාණයන්ට අභියෝගයක් කිරීමට සමත් එකදු නිර්මාණයක්වත් බිහි නොවීමයි.
නිර්මලා Saturday, 29 April 2017 04:57 AM
චිරන් ජයතු මෑණියනි.
ජෝති Saturday, 13 May 2017 04:25 PM
පනස් පස් වසක් රසවත් ගැයුම.. ඔබගේ හඬින් දෙසවන රැව්දේ තවම.. ස රි ග ම ප ද නි සින් ගී මඟ පෙන්වීම.. අගයමි ගුරුතුමිගේ සේවය සැමදාම...