IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඔළුවෙන් කරන සටනකට යායුතු ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානයේ අනාගතය පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම පළපුරුදු දේශපාලනඥයකුගේ නව මතයක් රැගත් ලිපියකි.

ඇෆ්ගනිස්තානු කාන්තා ජාලයේ නිර්මාතෘවරිය වන (Mahboobasliraj) මහ්බූබා සිරාජ් දින කිහිපයකට පෙර ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක් නැගූ ප්‍රශ්නයකට දුන් පිළිතුර උපුටා දක්වමින් මෙම සටහන ආරම්භ කරන්නෙමි. ඇගේ පිළිතුර හැඟුම්බරය. රටේ අනාගතය පිළිබඳ තිබූ සිහින බිද වැටීම හේතුවෙන් කලකිරීම් සහගතය. එහෙත් පණිවිඩය ප්‍රබලය.


ප්‍රශ්නය - “ඔබට මේ මොහොතේ අමෙරිකාවටත්, නේටෝ රටවලටත්, ලෝක ප්‍රජාවටත් දෙන්නට ඇති පණිවිඩය කුමක් ද?”
පිළිතුර - “ඔබලාට අපි දැන් කථා කරලා වැඩක් නැහැ. කථා කළ යුතු කාලය දැන් ඉවරයි. අපි ඔබට කථා කළා. ඉල්ලීම් කළා. බැගෑපත් වුණා. ඒත් ඒ කිසිවක් ගැන තැකීමක් නැතිවය ඔබලා තීන්දු ගත්තේ.

අපි අමාරුවෙන් ගොඩනගපු සියලු  දෑ ඔබලා එක මොහොතකින්, එක තීරණයකින් විනාශ කර දැම්මා. මේ එක තීරණයකින් ඔබලා ඇෆ්ගනිස්තානය තවත් වසර දෙසීයකට ආපස්සට හරවලා තියෙනවා. අද ඉන්න පරම්පරාවේ පමණක් නොව ඉදිරි පරම්පරා කිහිපයකත් අනාගතය ඔබලා විනාශ කර තිබෙනවා.

දැන් ඔබලාට මොනවාද ඔවුන්ට කියන්නට තියෙන්නේ? ඔබලා ලැජ්ජා විය යුතුය, ඔබලා ඇප්ගනිස්තානයට කර ඇති දේ ගැන. ඔබලා අපේ කලාපයේ රටවලට කර ඇති දේ ගැන. ඇයි ඔබලා අපට මෙහෙම කරන්නේ ? මට තේරුම් ගන්නට බැහැ, ඔබලා අපේ රටවලට කරන විනාශය.”

ඇෆ්ගනිස්ථානය තුළ අවි ආයුධවලින් කළ යුද්ධය දැන් නිමවී ඇත. දැන් උදාවී ඇත්තේ ඒ වෙනුවට ඇප්ගනිස්ථානය මුල්කරගත් ඔලු‍වලින් සිදු කරන ජාත්‍යන්තර තලයේ යුද්ධයකි. මෙම ඔළුවලින් සිදුකරන යුද්ධය ඇප්ගනිස්ථානයේ අනාගත ගමන් මග ඉලක්ක කරගත් යුද්ධයකි.

අපේ රටේ දේශපාලනයේ දී මෙන්ම ලෝක දේශපාලනයේදී ද අප දකින සත්‍යයක් වන්නේ අද පසමිතුරන්ව සිටින බොහෝ අයවලු‍න්, හෙට දින සමීප මිතුරන් බවට පත්වීමය.

කොමියුනිස්ට් රුසියාව සමග මාතෘභූමියේ නිදහස උදෙසා මහා අරගලයක් කළ ඇෆ්ගනිස්තානුවන්, එදා තම මිත්‍රයන් ලෙස විශ්වාස කළේ අමෙරිකාවයි.  එහෙත් අද රුසියාව තලේබාන් සංවිධානයේ මිත්‍රයන් බවට පත්ව සිටී. තලේබාන් සංවිධානය ත්‍රස්තවා දී සංවිධානයක් ලෙස නම්කර තිබීම අවලංගු කරන ලෙස අද රුසියාව ඉල්ලා සිටී. එමෙන්ම සුන්නි, ෂියා මතවාදී වෙනස්කම් හේතුවෙන් තලේබාන් කණ්ඩායම සමග ප්‍රශ්න තිබූ ඉරානය, අද තලේබාන් නව පාලනය හා මිත්‍රශීලීත්වයක් ඇතිකරගෙන තිබීම පෙනෙන්නට ඇත.

ජාත්‍යන්තර බල තරගය තුළ ලෝක බල කඳවුරු හැලහැප්පීම්වල ගොදුරක් බවට දසක ගණනාවක් තිස්සේ  පත්ව තිබූ ඇෆ්ගනිස්ථානය වෙත අද මුළු ලෝකයේම අවධානය යොමුවී ඇත.

සෝවියට් දේශයේ බල ආධිපත්‍යයට යටත්ව තිබූ යුගයේ දී ඇෆ්ගනිස්තානය පාලනය වූයේ සෝවියට් දේශයට අවනත රූකඩ රජයක් විසිනි. අනතුරුව මාතෘ භූමියේ නිදහස් අරගලය ජයග්‍රහණය කිරීමෙන් පසු සෝවියට් දේශයට අවනත පාලකයන්ට රට අත්හැර යාමට සිදු විය. ඇතැම් මාධ්‍ය දැන් ඇෆ්ගනිස්තානය

“අධිරාජ්‍යවාදීත්වයේ සොහොන්බිම” ලෙස හඳුන්වා ඇත.

ඇෆ්ගනිස්තානය ඉන් අනතුරුව තම අණසකට යටත් කරගත් ඇමෙරිකාව තමන්ට අවනත පාලනයක් පිහිටුවා ගත්තේය. දසක දෙකක අරගලයකින් පසුව දැන් අමෙරිකානු හමුදාවට මෙන්ම ඔවුන්ට අවනතව සිටි පාලකයන්ට ද ඇෆ්ගනිස්තානය අතහැර යාමට සිදුව ඇත.

ලොව සුපිරි බලවේග නිදහස් අරගලවල දී පරාජය ලැබ, ඒ රටවල් අත්හැර යනවිට දකින දර්ශනයන් අපි අපේ ශිෂ්‍ය අවදියේ දී වියට්නාමය තුළින් දුටුවෙමු. එමෙන්ම අපි එදා සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය හැර යන විට දුටු අයුරින්ම, අද ද එවැනි දර්ශන දකිමින් සිටින්නෙමු.

අද ඇෆ්ගනිස්තානයේ බලය අත්පත්කරගෙන සිටින තලේබාන් කණ්ඩායම තුළින් මුල් අවදියේ දී අප දුටු අන්තවාදී සහ අනම්‍ය වූ හැසිරීමට වඩා වෙනස් හැසිරීමක්, ජාත්‍යන්තරය සමග ඔවුන් දැන් ගනුදෙනු කරන්නට පටන්ගෙන ඇති ආකාරය තුළින් ප්‍රදර්ශනය වීම දැකිය හැකි නමුදු, එහි නියම තත්වය තහවුරු කරගත හැකිවන්නේ ඔවුන්ගේ ඉදිරි ක්‍රියා පිළිවෙත් සහ හැසිරීම් තුළිනි.

තලේබාන් කණ්ඩායම සුන්නි මුස්ලිම් කණ්ඩායමක් වන හෙයින් ඉරානය සමග ගැටුම් ඇතිවනු ඇතැයි ඇතැම් මාධ්‍ය අනාවැකි පළකර සිටිය ද, ඊට වෙනස් තත්වයක් දැන් දකින්නට ඇත. ෂියා ජනකොටස්වල ආධිපත්‍යය පවතින උතුරු ඇෆ්ගනිස්තානු ප්‍රදේශවල නායකයන්ගේ සහයෝගය ලබා ගැන්මට තලේබාන් කණ්ඩායම දැන් සමත් වී ඇති බව මාධ්‍යවල සඳහන් වේ.

අනෙක් අතින් චීනය සමග ද ගැටුම් ඇතිවේ යැයි ඇතැම් මාධ්‍ය අනාවැකි පළ කෙරුව ද, චීන නායකයන් තලේබාන් නියෝජිතයන්ට චීනයට ඇරයුම් කර යහපත් අවබෝධයක් ඇතිකරගෙන ඇති බව, චීනය අද උදාවී ඇති තත්වයට දක්වා ඇති ප්‍රතිචාරවලින් පැහැදිලි වේ.

යම් යම් වෙනස්කම් ගැන ප්‍රවෘත්ති  තිබුණ ද, පකිස්ථානය දැන් ඇෆ්ගනිස්තානු නව පාලනය සමග, තමන් අතර තිබූ අනවබෝධයන් නැතිකරගෙන යහපත් අවබෝධයකට පැමිණ ඇති බව, පකිස්තානූ නායකයන්ගේ කථාබහ අපට පෙන්නුම් කරයි.

ඉන්දියානු සාධකය ද මෙහිදී වැදගත්ය. කාබූල් අගනුවරට තලේබාන් කාණ්ඩ ඇතුළත්වීමට පෙරදින තලේබාන් ප්‍රකාශක සුහෙයිල් ෂහීන් “ඉන්දියාව ඇෆ්ගනිස්තාන ජනතාව වෙනුවෙන් ගත් සියලු උත්සාහයන් සහ කළ සියලු දෑ අපි අගය කරන්නෙමු.” යන්න පවසා තිබුණේය.  

මේ සියල්ල තුළින් අපට පැහැදිලිව දැකගත හැක්කේ ජාත්‍යන්තර තලය තුළ අවි ආයුධවලින් කරන යුද්ධයකට වඩා ඔළුවලින් කරමින් සිටින යුද්ධයකි.
ලෝකය පුරා විවිධ රටවල පවතින විවිධ අනන්‍යතාවන්, විශ්වාසයන්, වටිනාකම්, සාරධර්ම, ඇදහීම් සැලකිල්ලට නොගෙන, මුළු ලොවම එකම සංස්කෘතික රටාවකට, එකම සමාජ සහ ආර්ථික ක්‍රමයකට නතු කිරීමේ අධිපතිවා දී සිතුම් පැතුම් ඒ අයුරින්ම ක්‍රියාවට නැගීම, අද යුගයේ දී සිතන තරම් පහසු නොවන බව ලොවට දෙවතාවක්ම පෙන් වූ ස්ථානයකී ඇෆ්ගනිස්තානය. තම සිතුම් පැතුම් වෙනත් සමාජයන් වෙත බලයෙන් පැටවීමට උත්සාහ කිරීම අද යුගයට නොගැලපෙන දෙයක් බව අමෙරිකාව, රුසියාව, චීනය මෙන්ම තලේබාන් සංවිධානය ද තේරුම්ගත යුතුව ඇත.

කාන්තාවන්ට අධ්‍යාපනය සඳහා සීමා පනවමින් සහ වෙනස් මත නොඉවසමින් කටයුතු කළ ආකාරය ශිෂ්ඨ ලෝකයකට අනුමත කළ හැකි තත්වයක් නොවිණ. ලෝකයේ ප්‍රථම විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ ඉස්ලාමීය රටක් වන මොරොක්කෝවේ දී කාන්තාවක විසින් බව මෙම කොටස් තේරුම්ගත යුතුව ඇත. විවිධත්වය සමග ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවා දී චින්තනයකට සහ හැසිරීමකට යාමට කුමන මට්ටමේ බලවතෙකු වුව ද නම්‍යශීලී විය යුතුව ඇත.

ලොව බල තරගය තුළ සුපිරි බලවේග තමන්ගේ මතවාද හා ස්ථාවරයන් සාධාරණීකරණය කරමින් ලෝක ජනමතයට බලපෑම් කිරීමට ශක්තිමත් ජාලයන් ගොඩ නගාගෙන කරන මෙහෙයුම් අපි ඉතිහාසය පුරා දකින්නෙමු. සෝවියට් කඳවුර ශක්තිමත්ව සිටි අවධියේ දී ඔවුන් වෙනුවෙන් ප්‍රබල ජාලයන් ලොව පුරා මෙහෙයුම් කරමින් සිටියහ. දැන් බටහිර වෙනුවෙන් එවැනිම ප්‍රබල ජාලයන් ලොව පුරා සිවිල් සමාජයන් තුළ මෙහෙයුම් කරමින් සිටියි. මේ සියලු කඩතුරාවන් ඉරා දමා යථාර්ථය වටහා ගැන්ම ජනතාවගේ වගකීම වේ.

ඇෆ්ගනිස්තානයේ නිදහස සඳහා සුපිරි බලවතුන් සමග කළ අරගල දෙකේ දී විවිධ මතධාරී, කණ්ඩායම් ඊට එක්ව සිටියහ. සෝවියට් කඳවුර පරාජය කළ පසු බලධාරීන් ලෙස මතු වූයේ තලේබාන් කණ්ඩායමයි. සෝවියට් ආධිපත්‍ය බිඳවැටීමෙන් පසු එම නිසා තලේබාන් කණ්ඩායම තම සිතුම් පැතුම්වල අන්‍යමව සිටිමින් කළ අන්තවා දී හැසිරීම් සහිත පාලනයක් ගැන සෑම අතින්ම චෝදනා එල්ල විණ.

එහෙත් දැන් ඔවුන් ෂියා නායකයන් සමගින් ද, ඉරානය සමගින් ද, චීනය සමගින් ද, රුසියාව සමගින් ද, පකිස්තානය සමගින් ද ගොඩනගාගෙන ඇති බව පෙනෙන යහපත් අවබෝධය අපට පෙන්නුම් කරනුයේ, කලින් යුගයේ වැරදිවලින් ඔවුන් පාඩම් ලබමින් යම් පරිණත බවකට පැමිණ සිටීම ද යන්න විනිශ්චය කළ හැකිවන්නේ, ඔවුන් ඉදිරියේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත් තුළින්මය.

කෙසේ වෙතත් මේ සියලු පාර්ශ්වයන් තේරුම් ගතයුතු යථාර්ථයන් කිහිපයක් ඇත. ලොව සෑම සමාජයකටම ආවේණික අනන්‍යතාවන්, ඇදහිලි, විශ්වාසයන්, සංස්කෘතීන්, සාරධර්ම පවතී. ඒ විවිධත්වයන් තේරුම් ගන්නා වූ, ඒවාට ගරු කරන්නා වූ, ඒවාට අවකාශ සලසන්නා වූ ඒ විවිධත්වයන් සමග සංහිඳියාවෙන් යුතුව ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවා දී ලෝක රටාවකට අපි හැඩ ගැසිය යුතුව ඇත්තෙමු. ඉඩදිය යුතුව ඇත්තෙමු. කිසිදු සමාජයකට සෙසු ලෝකයාගෙන් වෙන් වී හුදෙකලාව ගමනක් යා නොහැකිය. එකිනෙකාට ගරු කරන, නම්‍යශීලී හැසිරීම් තුළින් පමණි, සංහිඳියාව පවතින ලොවකට මං විවර කරගත හැක්කේ.

මෙවැනි අර්බුදකාරී ජාත්‍යන්තර වටපිටාවක් තුළ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇති ජාත්‍යන්තර වාතාවරණයක් ඇති කර ගැන්මට නායකත්වය දිය යුතු සහ දිය හැකි බලවේගය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. බලය, ශක්තිය ඉදිරියේ නොනැමී, විවිධත්වය තේරුම් ගන්නා වූ, විවිධත්වයට ගරු කරන්නා වූ, සංහිඳියාවෙන් යුක්ත ප්‍රජාතන්ත්‍රවා දී ලෝකයක  පැවැත්ම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය අදීන, ශක්තිමත් සංවිධානයක් බවට පත්කර  ගැන්ම ලෝක ප්‍රජාවගේ පරම වගකීමය.

 

 

(*** ඉම්තියාස් බාකීර් මාකාර්)



අදහස් (8)

ඔළුවෙන් කරන සටනකට යායුතු ඇෆ්ගනිස්තානය

chandima Saturday, 21 August 2021 01:43 PM

ඉමිතියාස් බාකීර් මාකාර් මහත්තයෝ මේ ලිපිය ලියුවේ ඔබද? පහුගිය දශකයේ ඔය තලේබාන් කාරයින් රජ කළ කාලේ ඔවුන් ක්‍රියාකළේ මේ ලෝකේ මම දන්නා විදියට නින්දිතමයින් විදියටයි. කුඩා ළමයෙකුට වත් ඉන්න දුන්නේ නැහැ. අම්මලාට දරුවන්ට කන්න දෙන්න ලැබුනේ පාර අයිනේ බිම ගොඩ ගසා විකුණපු පුස් කාපු පාන් කැබලි... ඒවා කොටලා, කුඩුකරලා පුංචි දරුවන්ට කන්න දෙන්නයි වුනේ... ඒවා ගත්තෙත් තමන්ගේ ආභරණ වගේ දේවල් වලට හුවමාරුවට... සල්ලි තහනම්. මොවුන්ගේ හමුදා නායකයින් සුපිරි විදියට කෑවා බිව්වා... මිනිස්සුන්ට ඉන්න වුනේ රැවුල් කොණ්ඩ වවාගෙන අමු පෙරේතයින් වගෙයි. කොයි වෙලේ මැරෙන්න වෙයිද කියන සැකයෙන්... බාමියන් පළාතේ මුස්ලිම් නොවන බෞද්ධ මිනිස්සු සමුල ඝාතනය කළා. කුඩා ගෑණු ළමයි දූෂණය කරලා මැරුවේ. හැබැයි උන් ලෝක මාධ්‍ය ඉස්සරහ පෙනී සිටියෙත් දැන් පෙනී සිටින්නේත් හරිම සුද්දවන්ත විදියට. මම මේ සියලු වාර්තා දැක්කේ මේ රටේදී නෙමෙයි ජර්මනියේදී. ඔවුන් කවදාවත් මනුස්සයන් වෙයි කියලා මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. හොඳම සාධකය තමයි අර ම්ලේච්ඡ දඬුවම් දෙන මිනිස්සුන්ට ගල් ගහලා මරණ ෂරියා නීතිය ගේනවා කිව්ව කතාව... අපිටත් හොඳ පාඩමක් මේක...!!! 

:       1       26

මුණසිංහ Sunday, 22 August 2021 07:59 AM

මේ කතාව ඇත්ත . එදා නෙමෙයි දැනුත් එහෙමයි . කාන්තාවන් ට තැන දෙනව කියල එයාලගෙ නීතිය ට පිටින් යන අයට වෙඩි තියනවා. ඒවා දැං වාර්තා වෙන්නේ නැත්තෙ මාධ්‍යවේදීන් පන්නලා දාපු නිසා. එයාලට ඕන දේ විතරයි දෙන්නෙ . පිටිසරබද දුෂ්කර පලාත් වල තලේබාන් වරු පරණ නීතිය ම ක්‍රියාත්මක කරනවා. අපායක් වගේ. යහ පාලන ආණ්ඩුව තිබුණේ නම් මෙලහකටත් තලේබාන් වරු පිළිගෙන ඉවරයි. රොහින්‍යා සරණාගතයන් ගෙන්වා ගත්තා මතකනේ.

:       0       13

RaveendraSunday, 22 August 2021 08:25 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මතුපිටින් පෙනෙන්නේත් කෘෘරත්වය බව හොඳින් නිරීක්ෂණය කිරීමේදී ඕනෑම කෙනෙකුට වටහා ගතහැකිය. ආගමම පමණක් මුල් කරගත් ගෝත්‍රික කොටසක් කිව්වොත් නිවැරදියි.. කෙසේවෙතත් ඇමෙරිකන් කාරයාද එරට තුළ ගෝත්‍රිකයින්ව තව තවත් භේදබින්න කරා නොවේද?

:       0       9

colin mambulage Sunday, 22 August 2021 10:56 AM

මේ ආගමික නුගතුන්ට රටක් පාලනය කෙසේවෙතත් තම සමාජයවත් තේරුම්ගැනීමට නොහැකිබව ඔවුන් ඇසුරු කරන කණ්ඩායම අනුව අපිට සිතාගතහැකිය.

:       0       10

බුද්දික Sunday, 22 August 2021 02:45 PM

සති දෙක තුනකට කලින් පොඩි අය මර මරා, කාන්තාවන් දූෂණය කරපු උන් බලය ලැබුනට පස්සේ හීලෑවෙලා... මොන විහිළුද බන් මේ..?

:       0       9

Jude perera Sunday, 22 August 2021 05:53 PM

ත්‍රස්තවාදීන් සමග ඉතින් තුවක්කු ඔලුවෙන් තමයි.

:       0       9

SISIRA Sunday, 22 August 2021 08:23 PM

ආගම් ඔලු කුරුවල් කරලා.

:       0       8

saman Sunday, 22 August 2021 10:48 PM

ලෝකයේ සමහර "සංවිධාන" තමන්ගේ නූගත්කම සහ ගල් යුගයේ අදහස් සඟවා ගන්නේ තුවක්කුවේ බලයෙන්... එවැනි සංවිධාන ලංකාවේද නොතිබුණා නොවේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 663 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 321 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 117 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4219 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12646 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 679 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site