මේ රටේ ජනයා කොයි කලෙක කළ පාප කර්මයක් ගෙවා දමමින් සිටින්නේද යන ප්‍රශ්නය යළි යළිත් මතු කිරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් රටක ජනතාවක් මුහුණ දිය යුතු නැති දුර්භාග්‍ය සම්පන්න අත්දැකීම්වලට මෙරට වැසියනට නිරන්තයෙන්ම මුහුණ දීමට සිදුවීම එයට හේතුවය. එය වූ කලී අත්‍යන්තයෙන්ම මානව ආපදාවකි. ඛේදවාචකයකි. ඒ බැව් පසක් කරන පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ පසුගිය 2022 සිට 2029 දක්වා කාලයේදී ලියාපදිංචියට ඉදිරිපත් කෙරුණු ඖෂධ 1730කින් 1646ක්ම ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර් යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බවය. එය මුළු සාම්පල්වලින් සියයට 95ක ප්‍රතිශතයක් බවද සඳහන්ය.
ප්‍රවෘත්තියට පාදක වූයේ 2022 සහ 2023 වර්ෂවල ඖෂධ අවශ්‍යතාව ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම සහ නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවය.
ඖෂධ අවශ්‍ය වන්නේ රෝගීන්ටය. රෝග විවිධාකාරය. එමෙන්ම ප්‍රමාණයද විවිධය. නියමිත මාත්‍රාවට ඖෂධ ලබා දෙන්නේ එහෙයිනි. රෝගියාට දෙනු ලබන ඖෂධය නියමිත ප්‍රමිතියෙන් යුක්තදැයි පරීක්ෂා කර බැලිය යුතුය. ඒ සඳහා වන ආයතනයක් රටේ තිබේ. ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර් යේෂණාගාරය යනු ඒ ආයතනය වේ.
කොයි දීපංකරයෙන් ඖෂධ ආනයනය කළද, මෙරට නිෂ්පාදනය කළද එම ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුතුදැයි ඉහත ආයතනයට යොමුකර පරීක්ෂා කර බැලිය යුතුය. රටට සෞඛ්‍ය අමාත්‍යාංශයක් මෙන්ම සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥ දැනුමක් සහිත නිලධාරීන් සිටින්නේ එහෙයිනි. එහෙත් ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ සඳහන් වන්නේ 2022 සිට 2023 දක්වා කාලයේ ලියාපදිංචියට පැමිණි ඖෂධ 1730 කින් 1646 ක්ම අදාළ පර් යේෂණාගාරයට ඉදිරිපත් කර නැති බවය.
පෙනෙන පරිදි නම් මෙය වූ කලී නොසැලකිල්ල නොවේ. එක්කෝ ඖෂධ නිෂ්පාදනය කළ සමාගම්වල අවශ්‍යතාව පිණිසය. ඒ වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් සන්තෝෂම් ලැබුවා වන්නටද බැරි නැත. කෙසේ වුවද මෙය සමූහ ජන සංහාරයකින් වෙනස් වන්නේ නැත. නියමිත පරීක්ෂණවලට බඳුන් නොවී රෝහල්වලට, වෙළෙඳපොළට නිකුත් කළ ඖෂධ නිසා සදාකාලික රෝගී බවට හා මරණයට පත්වූ අපේම රටේ ඇත්තන්ගේ ගණන කොතෙක් වන්නට ඇද්ද? ඒ ලැයිස්තුවේ ඊළඟ බිල්ල බවට පත්විය හැකි පුරවැසියන් ගණන කොතෙක් විය හැකිද? මෙය සමූහ ජන සංහාරයකින් වෙනස් නොවන්නේ එහෙයිනි.
රටක පුරවැසියන් පරීක්ෂණාගාර මීයන් බවට පත් කර ඇත්නම් එම පුරවැසියන්ට ඊටත් එහා ගිය තවත් ඛේදවාචකයක් නැත. ඇඟට - පතට ඍජුව නොදැනුණද මෙරට පුරවැසියා ජීවත් වන්නේ ඛේදවාචකයක් තුළය.
ඉහත විගණන වාර්තාවට අනුව 2022 ජනවාරි සිට 2023 සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදයේ දී ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර් යේෂණාගාරය ඖෂධ සාම්පල 76 ක් විශ්ලේෂණය කර ඇති අතර ඉන් සාම්පල 16 ක් තත්වයෙන් බාලය.
අප මුහුණ දී සිටින ඛේදවාකයේ දිග පළල ඉන් මැනවින් වටහාගත හැකිය. මේ මහා ඛේදවාචකයට රට ඇද දැමුවෝ කවරහුද? ඒ කවුරු වුවද තරා තිරම් බේදයක් නොසලකා දඬුවම් කළ යුතුය. අපගේ නිර්දේශය වන්නේ රජකාලේ දඬුවම් දිය යුතු බවය.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?