IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කෝකටත් පෝරකය

DSC_8615

සරසවි ශිෂ්‍ය දේශපාලන ඛේදවාචකය නමින් මා විසින් පසුගිය කිවිදා දැක්මක් උදෙසා සම්පාදනය කරනු ලැබූ ලිපිය සම්බන්ධව ලැබුණු ප‍්‍රතිචාර අති විශාලය. දැනට කරළියේ සිටින ශිෂ්‍ය නායකයෝ සහ විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය දේශපාලන කරළියේ සිටි බොහෝ දෙනෙක් වර්තමාන දේශපාලන යාන්ත‍්‍රණය පිළිබඳ විවිධ මත එහිදී ඉදිරිපත් කළෝය. සැබවින්ම එම තත්ත්වය ඉතා යහපත්ය. මෙවැනි විවේචනාත්මක ලිපි පළකිරීමකින් අප බලාපොරොත්තු වන්නේ කවරකු හෝ විනාශ කිරීමටවත් කවරකුට හෝ කඬේ යාමටවත් නොව අනාගත පරම්පරාව උදෙසා යහපත් දේශයක් ගොඩ නැඟීමට විවේචනාත්මක රුකුලක් ලබාදීම බව කිව යුතුය. කුණු වී කඩා හැලීමට ආසන්න තත්ත්වයක පවතින ශ්‍රී ලාංකේය දේශපාලන ක‍්‍රමය මුළුමනින්ම සකස් වී ඇත්තේ මුදල් සහ වරප‍්‍රසාද පදනම් කරගෙන පමණි. මුදල් ලැබෙන්නේ නම් වරප‍්‍රසාද ලැබෙන්නේ නම් අනෙකා පාලනය කිරීම උදෙසා වූ බලය ලැබෙන්නේ නම් තම තමන්ගේ ප‍්‍රතිපත්තිමය පිරුවට ගලවා දමා නිරුවතින් හෝ සිටීමට සූදානම් බව දේශපාලනඥයන් භාවිතාවෙන් ඔප්පු කරන යුගයක් කරා අපි පිවිස සිටින්නෙමු.


පසුගිය මැතිවරණ සමයන්හිදී මාධ්‍ය සාකච්ඡුා වලට වස කුප්පි, කෑන් රැුගෙන ආ දේශපාලනඥයන්ගේ එදා කියපු කරපු දේ සහ වත්මනෙහි කරන කියන දේ පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනාත්මකව බැලූවහොත් මේ තත්ත්වය හොඳින් අවබෝධ කර ගත හැකිය. අනෙක් අතට වත්මන් සමාජයේ බොහෝ දේශපාලනඥයන් සමාජ ප‍්‍රතිපත්ති ගොඩ නැගීමට උත්සාහ දරන්නේ විද්‍යාත්මක පදනමක සිට නොව තම තමන්ගේ හිතලූ අනුව බව පැහැදිලිය. මෙයට හොඳම උදාහරණය නම් ළමයින් දහම් පාසල් යැවීමට පෙළඹවීම සඳහා සාමාන්‍ය පෙළ විභාගයේදී දහම් පාසල් සහතික වලට ලකුණු ලබාදිය යුතු යයි වගකිව යුතු ඇමැතිවරයකු කරනු ලැබූ ප‍්‍රකාශයයි. ඔහුට අනුව කොණ්ඩයා වැනි චරිත බිහිවන්නේ දහම් පාසල් නොගිය අය අතුරිනි.


සමාජයේ සියලූම පාදඩ වැඩ කරන්නේ දහම් පාසල් නොගිය අයයි. කොටින්ම මේ සමාජයේ මේ තරමට නරක් වී තිබෙන්නේ දහම් පාසල් වලට ළමයින් නොයවන නිසා බව ඔහුගේ මතයයි. මේ නම් අපූරුම අපූරු විග‍්‍රහයකි. තවත් තරුණ මන්ත‍්‍රීවරයකු සහ වරියක එල්ලූම් ගස නැවත ක‍්‍රියාත්මක කිරීම තුළින් අති විශාල සමාජ සංවරයක් ඇති වේ යයි සිතමින් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන මෙහෙයුමක නිරත වී ඇති ආකාරය පෙනේ.


ඔවුන් සිතන ආකාරයට එල්ලූම් ගස ක‍්‍රියාත්මක වූ විගසම දීර්ඝ කාලයක සිට පාදඩකරණයකට ලක් වී ඇති මේ සමාජය සාධු සමාජයක් වනු ඇත. එවිට මහාමාර්ග තුළ රථ වාහන ඉතා සංවරව පැදවීමට රියදුරන් පෙළඹෙනු ඇත. බස් රථයක  ඕනෑම තද බද අවස්ථාවකදී කාන්තාවකට, දැරිවියකට වුවද ඇඟට හේත්තු දමන්නන්ගෙන් බේරී සුව පහසුව ගමන් කිරීමට හැකිවනු ඇත. කුණු රසය පමණක් වෑහෙන ටෙලි නාට්‍ය සහ ස්ටාර් වැඩසටහන් රූපවාහිනි නාලිකා වලින් ඉවත් වනු ඇත. කුඩු, ගංජා වැනි උවදුරු තවදුරටත් සමාජ ප‍්‍රශ්න වශයෙන් කතා කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. කොටින්ම කිවහොත් එම මන්ත‍්‍රීවරුන්ට අනුව එල්ලූම්ගස සමාජ ශෝධනය කරන්නා වූ මැජික් පොල්ලකි.


අප රටේ සමාජ වෙනසකට මුල පිරූ අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්.අර්.ඞී. බණ්ඩාරනායක ඝාතනය කරන්නේත් ඇඞ්ලින් විතාරණ සහ හාර ලක්ෂයේ වැනි මංකොල්ලයේ ඝාතන සිදුවන්නේත්, හොඳ පපුවා තමන්ගේ නංගී දුෂණය කරන ලද හතර දෙනකු මරා දමන්නේත්, මරු සිරාලා යකඩයාලා වැනි අය බිහිවූයේත් ඔය කියන්නා වූ මැජික් පොල්ල එනම් එල්ලූම් ගස ක‍්‍රියාත්මක වූ යුගයේදීය.

වර්තමානයේ කොටකෙතන ගමේ වයස්ගත කාන්තාවන් දුෂණය කර මරා දැමූයේත්, සේයාගේ අම්මා නිදන ආකාරය දැක ඇති වූ ආශාව මත දියණිය ඔසවාගෙන විත් දුෂණය කර මරා දැමූයේත් යාපනයේ විද්‍යා පාසල් ශිෂ්‍යාව සමූහ දුෂණයකට ලක් කර මරා දමන්නේත් එල්ලූම් ගස නැති බව දැනගෙන ඇති වූ බලවත් ප‍්‍රීති ප‍්‍රමෝදය නිසා නොවන බව තේරුම් ගත යුතුය. එල්ලූම්ගස ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කරන බලවත් පුද්ගලයන් පොලිිසිය වැනි සමාජයට දැනෙන ආයතන බලවත් කිරීමට තැත් දරන්නේ නැත. අපරාධයක් සිදු වූ විට එයට දෙන දඬුවම නොව අපරාධ සිදුවීමට තිබෙන ඉඩ ප‍්‍රස්ථාව අහුරා දැමීමට එනම් අපරාධ නිවාරණය උදෙසා අප උනන්දු වන්නේ නැත. අපරාධයක් සිදුවූ විට වහාම එම ස්ථානයට ළංවෙන ක‍්‍රමවේද තුළ ඇත්තේ දුර්වල සහ මන්දගාමී ස්වභාවයකි. 1994 දී හඳුන්වා දුන්  119 දුරකතන අංකය තුළ තවමත් ක‍්‍රියාවට නැංවෙන්නේ පැරණිම යාන්ත‍්‍රණයකි. 1994 සිට මෙම මධ්‍යස්ථානවල භාවිතා වන දුරකතන සංඛ්‍යාව වැඩිවූවා මිස තාක්ෂණය දියුණු වූයේ නොමැත. ඉතා අපරීක්ෂාකාරීව ධාවනය වන රථයක් පිළිබඳව තොරතුරක් ලබා දුනහොත් එම රථය ගමනාන්තයට යන තුරුම නවත්වා ගත හැකි ක‍්‍රමවේද අපගේ පොලිසිය සතුද යන්න ගැටලූවකි. 


මේවාට ඇත්තේ ඉතාම සරල යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කිරීම පමණි. උදාහරණයක් ලෙස අපගේ සමහර ටැක්සි සේවා ගතහොත් අප දුරකතන ඇමතුම් ලබා දී විනාඩි කීපයක් ඇතුළත නිවස අසලටම ඔවුන්ගේ ටැක්සියක් පැමිණේ. එහෙත් 119 දුරකතන ජනතාවට බලා සිටීමට සිදුවන්නේද? අප නිවැරදි කර ගත යුත්තේ මේවාය. අපේ රටේ සිටින අයි.ටී. ඔස්තාර්ලා සමාජ සත්කාරයක් ලෙස මෙවැනි තාක්ෂණික ක‍්‍රමවේද පොලිසිය වැනි ආයතන වලට හඳුන්වා දිය යුතුය. ඒවාට අවශ්‍ය පහසුකම් වහ වහාම සලසා දිය යුතු බවට බලවත් හඬක් එවිට රන්ජන් රාමනායක වැනි මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තුව තුළ නැඟිය හැකිය.


ඉතා පසු කාලයකදී දේශපාලනඥයන්ගේ හැකියාව, අවනතභාවය සහ බුද්ධිමත් භාවය නිසා දියුණුවෙන් දියුණුවට පත්වූ සිංගප්පූරුව මෙයට ඇති හොඳම උදාහරණයයි. සිංගප්පූරුවේ 999 දරන පොලිස් හදිසි ඇමතුම් සේවාවට දුරකතන ඇමතුමක් ලබා දී තත්පර දහයක් ඇතුළත ඔවුන් ක‍්‍රියාත්මකය. එපමණක් නොව  ඕනෑම හදිසි ඇමතුමකදී විනාඩි පහළොවක් ඇතුළත ඔවුහු අපරාධ ස්ථානයට ළං වෙති. මහ මඟ ස්ථානගත කර තිබෙන අධිවේගී මෝටර් සයිකල්, කාර්, පද්ධති හරහා ආසන්නතම කණ්ඩායම් වහ වහාම ඒ උදෙසා ක‍්‍රියාත්මක වේ. ලංකාවේ ඇති තත්ත්වය තේරුම් ගැනීමට අවශ්‍ය පොලිසියේ ඉහළ නිලධාරියකුට හෝ වගකිව යුතු දේශපාලනඥයකුට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට නම් 119 ඔස්සේ තමන් කවුදැයි නොකියා ඇමතුමක් ලබා දීමෙන් ස්වයං ප‍්‍රත්‍යක්ෂවම එය අත් විඳීමට හැකියාවක් ලැබෙනු ඇත.


පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් තම තමන්ගේ සුඛ විහරණය උදෙසා යොදා ගනු ලබන මහජන මුදල් කන්දරාවෙන් සියයට දශම ගණනක මුදලක් කපා දමා ඒ මුදල් පොලිසිය වැනි ආයතන වල පහසුකම් දියුණු කර ගුණාත්මක සහ කාර්යක්ෂම පොලිස් සේවයක් ගොඩ නැංවුවහොත් එල්ලූම්ගස ගැන කතා කිරීමට අවශ්‍ය නොවනු ඇත. එල්ලූම් ගස ගැන කතා කරන මැති ඇමැතිවරුන් කී දෙනකු තමන්ගේ වරප‍්‍රසාද කපා දමා ඒ මුදල් අපරාධ අවම කිරීම වෙනුවෙන් ඇති ආයතන වල දියුණුවට ලබා දිය යුතු යැයි යෝජනාවක් ගෙන එන්නේ දැයි අපි බලා සිටිමු.


මේවා න්‍යායන් නොවේ. භාවිතාවන්ය. 


විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් පසුගියදා ජනාධිපති නිල නිවසේදී හමුවූවිට ජනාධිපති මෛත‍්‍රී විසින් කරනු ලැබූ ප‍්‍රකාශයක් රූපවාහිනියේ විකාශය වනු දුටිමි. එහිදී ඔහු සඳහන් කළේ න්‍යායන් ටොන් එකකට වඩා භාවිතාවන් අවුන්සයක් වටින බවයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු න්‍යායන් වමාරන්නවුන් ලෙස සහ භාවිතාවන්ගෙන් දුරස් වූ පිරිසක් ලෙස සමාජගත මතය ඔහුද තවදුරටත් තහවුරු කළ බව පෙනේ. එම නිසා අප මෙම ලිපියේ ඉහත සඳහන් කළ භාවිතාවන් ක‍්‍රියාත්මක කිරීමෙන් දේශපාලනඥයන් යනු කයිවාරුකරුවන් පමණක් නොව භාවිතාවන් ද ඇති පුද්ගලයන් බව මෛත‍්‍රී ජනාධිපතිවරයාටද ඔප්පු කර පෙන්විය හැකිය. 


අද වන විට නීතිය වල් වැදී ඇති තරම පැහැදිලි වන්නේ පාරේ පැවැත්වෙන උද්ඝෝෂණ දෙස බැලීමෙනි. ගමේ තිබෙන ප‍්‍රශ්න විසඳා ගැනීමට බොහෝ විට ජනතාව අත් අඩංගුවට ගන්නේ පාර භාවිත කරන අහිංසක මගීන්ය. පසුගියදා කතරගම පාර අවහිර කළ උද්ඝෝෂකයන් අවම බලය පාවිච්චි කර පොලිසිය විසින් විසුරුවා දැමූ ආකාරය එක් අතකට වැරැුදියයි කිව නොහැකිය. වතුර ඉල්ලන අයට වතුර දිය යුතුවාක් මෙන්ම මාර්ගය භාවිත කරන අයට නිදහසේ එම කටයුතු කර ගැනීමට ද ඉඩ දිය යුතුය. මාර්ග භාවිත කරන්නවුන් අතර රෝගීන්, ළමයින්, වැඩිහිටියන්, ගර්භනී මව්වරුන් ආදීන් පමණක් නොව සම්මුඛ පරීක්ෂණ වලට යන්නවුන්, විභාග වලට යන්නවුන් සිටිය හැකිය. මෙහිදී කිසිවකුටවත් තමන්ගේ අයිතීන් ලබා ගැනීම උදෙසා අනෙකාට ඇති අයිතිය අහිමි කළ නොහැකිය. එසේ අනෙකාගේ අයිතිය අහිමි කරවන  ඕනෑම ක‍්‍රියාවක් අපරාධයක් ලෙස හැඳින්විය හැකි තරමේ වරදක් බව කිව යුතුය. එසේ නම් එවැනි තත්ත්වයන්ගෙන් මුදවා ජනතාවට ආරක්ෂාව දීම පොලිසියේ වගකීමකි. 


පාර අවහිර කිරීම අද වන විට විලාසිතාවක් වී ඇත. මේ පිටපුස තිබෙන්නේද දේශපාලන හස්තය. මෙවැනි අවස්ථාවන් වලදීවත් පොලිසියට හැකි ඉක්මනින් මාර්ගය පාදා දිය නොහැකි නම් එවන් පොලිසි වලින් වැඩක් නැත. එසේ නම් වෛද්‍ය වර්ජන ඔස්සේ කරන්නේද ලෙඩුන්ට අවශ්‍ය ප‍්‍රතිකාර නොකිරීමෙන් ඔවුන් මිය යාමට ඉඩ සලසා අපරාධයක් නොවන්නේ දැයි කෙනකුට තර්ක කළ හැකිය. සැබැවින්ම මාගේ මතය වන්නේද එය අපරාධයක් බවයි. අපේ රටේ සිිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය බලවත් නොවන නිසාම  ඕනෑම කෙනකුට  ඕනෑම පිස්සුවක් නැටිය හැකිය. එහෙත් අපේ වෛද්‍යවරුන් අතර නාමල් ගමගේ වැනි සුවිශේෂී චරිත පවා ඇති බව සඳහන් කරන්නේ එවැනි ගුණාංගවලින් හෙබි වෛද්‍යවරුන්ට උපහාරයක් වශයෙනි.


කෙසේ වුවද අපගේ තරුණ පරම්පරාව පවා ආණ්ඩුව සමඟ සටන් වදින්නේ සමාජයට දැනෙන සටන්පාඨ ඔස්සේ නොවේ. පසුගිය කාලයේ වාහන බදු වැඩි කිරීමෙන් වාහන මිල රට තුළ වැඩි වී ඇති බව පවසමින් සහ ලීසිං පහසුකම් සියයට සියයකින් ලබාදීමට එරෙහිව රජය ගත් තීරණ පිළිබඳව බලවත් විවේචනයක් ඔවුන් වෙතින් එල්ල වී තිබූ ආකාරයක් දැක ගැනීමට ලැබුණි. මේ කොටස් දෙක පිළිබඳවම පාලනයක් කිරීමට රජය ගත් තීරණය පිළිබඳව සතුටුවිය යුතුය.


ලීසිං පහසුකම් සියයට සියයක් ලබා ගනිමින් වාහන මිලදී ගත්තවුන් ඒ වාහන විවිධ මුදල් ඉපයීමේ ව්‍යාපාර වලට යොදවා එම මුදලෙන් මාසික වාරික ගෙවීමට තැත් කිරීමෙන් දවසේ වැඩි කාලයක් වාහනය තුළම ගත කරන ආකාරය පසුගිය දින වල මාගේ මෙහෙයුම යටතේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරනු ලැබූ පර්යේෂණයකදී අනාවරණය විය. මේ නිසාම එවැනි පුද්ගලයන් අතින් එවැනි රථවාහන විශාල අනතුරු වලට පවා ලක් වූ ආකාරය වාර්තා විය. මේවා හිතලූ නොව පර්යේෂණ මගින් හෙළි වූ තොරතුරුය. එම නිසාම අප මහාමාර්ග වලට අවශ්‍ය වාහන ප‍්‍රමාණය පිළිබඳව තක්සේරුවක් රජයට තිබිය යුතුය. ඇත්තටම අප සටන් වැදිය යුත්තේ පොදු මගී ප‍්‍රවාහන සේවාවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීම කෙරෙහිය. අද අප බොහෝ දෙනකුට වාහන මිලදී ගැනීමට සිත් පහළ වන්නේ පොදු මගී ප‍්‍රවාහන සේවා භාවිත කරන විටය. ඒවා අතරත් පෞද්ගලික බස් රථ ව්‍යාපාරය අන්ත ගෝත‍්‍රික මට්ටමේ පවතී. පොදු මගී ප‍්‍රවාහන සේවා වල නීති රීති ඇත්තේ පොත්පත් වල පමණි. පෞද්ගලික බස් රථ බොහෝමයක් දේශපාලනඥයන්ට, පොලිස් නිලධාරින්ට ආදී පිරිස් වලට අයත් නිසාම ඒ අරබයා බොහෝ නීති රීති ක‍්‍රියාත්මක නොවේ. අඩු තරමින් මාර්ග නීති හෝ ක‍්‍රියාත්මක නොවේ. මේවා බාරව සිටින අමාත්‍යවරුන් පසුවන්නේ හිටගෙනත් නින්දේ නිසා කවදාවත් මේවායේ ගුණාත්මක භාවයන් දියුණුවන පාටක් වත් පෙනෙන්නේ නැත. ඇත්තටම පොදු මගී සේවා ඉතා දියුණු මට්ටමක පවතී නම් බොහෝ දෙනෙක් තම තමන්ගේ පෞද්ගලික වාහන පාවිච්චිය අවම කරනු ඇත.


අද අවශ්‍යව ඇත්තේ මෙම පොදු කරුණු පිළිබඳව සටන් වදින තරුණ පරම්පරාවකි. සැබෑ සමාජ ප‍්‍රශ්න වලට පිළිතුරු සොයන දේශපාලනඥයන්ය. 


න්‍යාය ටොන් එකකට වඩා භාවිතාව අවුන්සයන් වටිනා බව මෛත‍්‍රී ජනාධිපති පැවසූ කතාව විශ්ව විද්‍යාල වලට වලංගුය. කයිවාරු ටොන් එකකට වඩා භාවිතාව අවුන්සයක් වටිනා බව එතුමාට වලංගු බව ද කිව යුතුය.


එහෙත් තවමත් වැඩ නම් පෙන්වීමට නොහැකි වූ බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ඔහු ටොන් ගණනක බර බලාපොරොත්තු අප මත එදා පැටවූ බව කිව යුතුය. එම බලාපොරොත්තු යථාර්ථයක් කිරීමට අවුන්සයකින් හෝ ඔහු දායක වුවහොත් හොඳම නායකයකු ලෙස ඔහුගේ ලකුණ සමාජයේ තබා ඔහුට ජනතාව භාරදුන් කාර්ය අවසන් කිරීමට හැකිවනු ඇත.

 

lankadeepa-20151016



අදහස් (0)

කෝකටත් පෝරකය

අජිත් Tuesday, 20 October 2015 12:49 PM

හොඳ ලිපියක්. එහෙත් දහම් පාසල් ගිය පමණින් හොඳ මිනිසකු වෙන්නේ නැහැ කියලා තිබෙනවා. ඒක ඇත්ත. නමුත් සියයක් ගියොත් අනූනවයක් නරක මිනිසුන් වෙන්නේත් නැහැ. එය තමයි සමාජයේ හැටි කියායි මගේ මතය. (නි)

:       0       0

රූපවතී Friday, 16 October 2015 07:09 PM

මේ රට පිරිහෙන්න දෙයක් තවත් ඉතුරුවෙලා නැහැ දැන්. අපේ රටේ මෑත ඉතිහාසේ කිසිවෙකුට වළක්වන්න බැරි අපරාධ වෙන්න හේතුව රටේ නීතිය පොඩිඑකාට පමණක් ඉටුවීම සහ මිනිසුන් තම පුද්ගලික පළිගැනීමට මිනීමරලා හිර ගෙදරට ගියාම දන්නවා, එයාට ජීවිතේ ආරක්ෂාව එතන තමයි කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3390 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site