වසරකට ගමන් වාර තුනක් හතරක් පමණක් ධාවනය කෙරෙන අනුරාධපුරය - මිහින්තලය අතර දුම්රිය මාර්ගය රුපියල් කෝටි 22ක වියදමක් දරා ඉදිකර තිබෙන බව විගණන වාර්තාවක් හෙළිකර තිබේ. අපේ රටේ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමුඛතා පටලවා ගැනීමේ තවත් උදාහරණයක් වශයෙන් මෙය පෙන්වා දිය හැක. එම මාර්ගයේම මිහින්තලය දක්වා දුම්රිය ධාවනය ප්‍රධාන මාර්ගය ඔස්සේ සිදුකිරීමට හැකියාව තිබියදී මෙතරම් මුදලක් යට කිරීම රටේ මුදල් මකර කටට යැවීමක් පමණක් බව අපේ රටේ නායකයන් කවදා තේරුම් ගනීදැයි සිතා ගැනීමත් අමාරු ය.
මේ සා මුදලක් යටකර තනා ඇති දුම්රිය මාර්ගය භාවිතයට ගැනෙන්නේ පොසොන් දිනවල දී අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා බැතිමතුන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීමට බව සඳහන් ය. බැතිමතුන්ට වන්දනාමාන සිදුකර ගැනීම සඳහා පහසුකම් සලසා දීමේ වරදක් අපි නොදකිමු.
එහෙත් එසේ පහසුකම් සලසාදීමේ දී එය අවස්ථාවේ හැටියට ප්‍රමුඛත්වය ලබාදිය යුතු කාර්යයක්දැයි බලධාරීන්ගේ කල්පනාවට ලක්විය යුතුව තිබිණි.
මේ තරම් කාලයක් පුරා මිහින්තලය වැඳපුදාගත් බැතිමතුන්ට දුම්රිය ගමන් මාර්ගයක් අලුතින් සකස් කර ගැනීමේ අවශ්‍යතාවක් තිබූ බවක් දැනගන්නට නොතිබිණි. එහෙත් පොසොන් දිනවල දී ඇතිවන අධික තදබදයක් සහිත ප්‍රවාහන අපහසුතා සම්බන්ධයෙන් නම් ඔවුන්ගේ මැසිවිලි තිබිණි. එහෙත් ඒ සඳහා එකම ප්‍රතිකර්මය රුපියල් කෝටි 22ක් වැය කරමින් අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම යැයි අපි කිසිසේත් නොසිතමු. එය මගීන්ගේ අවශ්‍යතාවකට වඩා දේශපාලන අවශ්‍යතාවක් වශයෙන් සඳහන් කළ යුතු ය.
මේ රටේ දුම්රිය සේවය මගීන්ගේ දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙන රාජ්‍ය ආයතනයකි. එය අධික වශයෙන් පාඩු ලබන එහෙත් අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් සලකා දිගින් දිගටම රාජ්‍ය ආයතනයක් වශයෙන් පවත්වාගෙන යයි. තමන්ට දුම්රිය ගමන් කොතරම් පහසුවක් සැලැසුවත් එහි නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එම සේවාව සම්බන්ධයෙන් මගීන් තුළ ඇත්තේ කලකිරීමකි.
සිගරට් කොටයකටත් වැඩ වර්ජනය කර රටේ දහස් සංඛ්‍යාත මගීන් අපහසුවට පත්කරන දුම්රිය සේවාවේ නිලධාරීන් සහ සේවකයන් එම සේවාව ලබාගන්නා මගීන්ගේ පහසුකම් වර්ධනය සම්බන්ධයෙන් දක්වන්නේ ඍණාත්මක සැලකිල්ලකි. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමෙන් එහා කිසිදු අවශ්‍යතාවක් ඔවුන් තුළ ඇතැයි අපට පෙනෙන්නේ නැත.
එවැනි දැක්මක් ඔවුන්ට තිබුණා නම් කිලෝමීටර් කිහිපයකට සීමාවන කිසිදු ප්‍රමඛත්වයක් ලබා නොදිය යුතුව තිබූ මිහින්තලය දුම්රිය මාර්ගය ඉදිකිරීමට කෝටි 22ක් විනාශ කිරීමේ සිද්ධියට ඔවුන් මුලසිටම විරුද්ධ විය යුතුව තිබිණි. එහෙත් එවැනි අවස්ථාවලදී ඔවුන් ඊට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැත. දේශපාලන අධිකාරියේ හොඳ හිත රැකගෙන තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරමුණින් කටයුතු කරන වෘත්තීය සමිතිවලින් ඊට වඩා දෙයක් අපේක්ෂා කිරීමත් ඵලක් නැත.
අනවශ්‍ය දුම්රිය මාර්ගයකට වැයකළ රුපියල් කෝටි 22ක මුදල් දැන් ආපසු ලබාගැනීමට හැකියාවක් නැත. එහෙත් එවැනි නාස්තිකාර ක්‍රියාවලට උල්පන්දම් දුන්නේ කවුදැයි සොයාබැලීමත් අවශ්‍ය බව අපගේ අදහස ය. එයින් අරමුණු කරන්නේ ඉදිරියට හෝ මෙවැනි නාස්තිකාර ක්‍රියා සිදුවීම වැළැක්වීම බව ද සඳහන් කළ යුතු ය.
නාස්තිකාර ක්‍රියා හේතුවෙන් රජයේ මුදල් මකර කටට ගිය පළමු අවස්ථාව මෙය නොවේ. එය අවසාන අවස්ථාව ද නොවන බවත් අපි දනිමු. රටේ මූලික අවශ්‍යතාවලට වඩා තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ලෝස් නැතුව රජයේ මුදල් වැයකරන දේශපාලනඥයන් සිටින තාක් මෙවැනි නිෂ්ඵල ක්‍රියා නවතින්නේ නැත. මෙවැනි නාස්තිකාර ක්‍රියාවලට සම්බන්ධ දේශපාලනඥයන් කවුදැයි අනාවරණය කිරීමත් සිදුවිය යුතු ය. අනාගතයේ දී හෝ එවැනි ක්‍රියා වළක්වා ගත හැකිවීමට එය මහෝපකාරී වනු ඇත.
(***)
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට නර්තන කලාවක් බිහිකළ අසහාය බැලරිනාව - වජිරා චිත්‍රසේන අද (25) ජාතියෙන් සමුගෙන යන්නීය. ඇය පුරා වසර හැටකට අධික කාලය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි 22 ක් වැය කිරීමට තරම් මේ දුම්රිය මාර්ගය අවශ්‍යද?
UPUL GUNARATNE Monday, 23 October 2023 10:51 AM
කොච්චර පිනක්ද මේ? ඒකට කමක් නෑ. අපි ඕක ගෙවලා ඉවර කරන්නම්... අපිත් මේ බලන්නේ මාසෙ පඩිය ගෙවලා ඉවර කරන්නේ කොහොමද කියලා... අපිටත් ජාති ජාතිත් පින් ලැබෙනවා...
nimal Tuesday, 24 October 2023 05:47 AM
පූජනීය නගරයන්වූ අනුරධාපුරය සහ මිහින්තලයට දුම්රිය මාර්ගයක් ඉදිකර කෝටි ගණනින් මුදල් සොරකම් කළ නාස්තිකාර ක්‍රියාවලට සම්බන්ධ දේශපාලනඥයින් කවුදැයි අනාවරණය කිරීමත් සිදුවිය යුතුම වේ. එය සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍යයේද වගකිමකි...
චාමර Tuesday, 24 October 2023 09:57 AM
ලෝකේ මගී ප්‍රවාහනයෙන් ලාභ ලබන්නේ බුලට් ට්‍රේන් විතරයි. අනිත් හැම දුම්රිය සමාගමක්ම ලාභ ලබන්නේ බඩු ඇදලා. එහෙම නැත්තම් කන්ටේනර් ඇදලා. ලංකාවේත් වරායේ ඉඳන් කන්ටේනර් අදින්න පුළුවන් කෝච්චි පෙට්ටි (carriages) තියනවා. හැබැයි මොවුන් ඒවා කරන්නේ නෑ. ඒ වගේම ලංකාවේ කොළඹ, ත්‍රිකුණාමලය වරාය දෙකේම ඉඳන් ලංකාවේ ඕනෑ තැනකට බඩු අදින්න රේල් පාරවල් ටිකත් තියනවා. ඒ ටික තියෙද්දී තමා මේ පිං කෙල කෙල ඉන්නේ railway එකෙ කම්මැලියෝ ටික...!
Amila Friday, 27 October 2023 02:00 PM
සුද්දා දුම් රිය සේවය ඇතිකලේ භාණ්ඩ ප්‍රවාහනය සහ ඛනිජ තෙල් ප්‍රවාහනයටත් දුම්රිය යොදා ගන්න පුළුවන් වෙන ආකාරයට. රටේ සෑම ඛනිජ තෙල් පර්යන්තයකම ඉඳලා රේල්පාරවල් දාලා තියෙනවා. ඒ වගේම රටපුරා තියෙන ඛනිජ තෙල් බෙදාහැරීමේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන සෑම එකක්ම හදලා තියෙන්නේ කෝච්චියෙන් ගෙනත් ගබඩා කරන්න පුළුවන් ආකාරයට. (අනුරාධපුර, කුරුණෑගල පාරෙ යනකොට හොඳින් පේනවා) ඊට අමතරව LRC එක ගාවට රටේ වැඩිම ඉඩම් අයිතිය තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට. මේ ඔක්කෝම තියෙද්දීත් අද වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුව රටේ ආර්ථිකයට ලොකු බරක්වෙලා තියෙනවා. මේ තත්වයට දේශපාලකයින් වගේම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිටින කම්මැලි යූනියන් කාරයෝ ටිකත් වග කියන්න ඕනේ... රජය වහාම දුම්රිය දෙපාර්තමේන්තුව ලාභය බෙදා ගැනීමේ පදනම මත පෞද්ගලික ව්‍යවසායකයින් කිහිප දෙනෙකුට පවරා දී ආර්ථිකය මත තිබෙන මේ පීඩනය නැතිකළ යුතුයි...!