IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කට ගොන්නක් බීගෙන ගමේ ගෝරි දාගෙන...

12-Rasa-P2-BA

 

සමහරු අරක්කු බොන්න ගත්තහම හරියට බීගෙන බීගෙන යන්නෙ බෝතලේ දැං ඉවරවෙයි දැං ඉවරවෙයි කියන හැඟීමකින් වගේ.


ඇත්තටම පැත්තකට වෙලා බලන් හිටියොත් ඔබටම තේරෙවි ඒක තරගයක්. අඩුම ගානේ බොන බීමේ රස දිවට නොදැනී උගුරට හලා ගන්න තරගයක්.
මෙන්න මේ තරගෙට බොන සමහරු තමාගේ බිරිඳ ආස කරන ඇඳුමක් අරං දෙන්න රුපියල් පන්සීයටත් ලෝභකම් කළාට මොකද ඊට වැඩි මුදලක් අරක්කුවලට වියදම් කරන්නේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.


ඒත් ඔබ දන්නව ද හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඔබ බොහොම කැමැත්තෙන් බොන අරක්කු වීදුරුවේ ඔබේ මරණය පවා සැඟවිලා තිබෙන බව?
මත්පැන් බොහොමයක තිබෙන රසායනිකය වන්නේ එතනෝල්. එහෙම නැත්නම් ඊතයිල් මධ්‍යසාරයි. මේ රසායනික කොයි එක වුණත් එහි දැඩි බලපෑම තියෙන්නේ ඔබේ ස්නායු පද්ධතියට.


තීරණය කරන්න අපහසු සීමාවක් නැති බරපතළ හානි ගෙන දෙන මත්පැන්වල සැර ගතිය අඩුවෙන්න ගතවෙන කාලය දින ගණනාවකි.


නමුත් ඔබ දිගින් දිගටම මධ්‍යසාර ලබා ගන්නා අයෙක් නම් සැර අඩුවෙන්න කෝ කාලයක්? කිසිම වෙලාවක අඩු නොවෙන සැර නිසාම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන අනිසි බලපෑම මුළු ශරීරයටම බලපෑම් එල්ල කරන්නක්.


මුල් දවස්වල දී එක අරක්කු වීදුරුවටත් වෙරි වෙන ඔබට කාලයක් යනකොට බෝතල් දෙකක් බිව්වත් වෙරි වෙන්නෙ නෑ. දන්නව ද එයින් හැඟවෙන්නේ මොකක් ද කියලා? අවශ්‍යතාව වැඩිවෙන්න වැඩිවෙන්න ඇබ්බැහි වීම වැඩිවෙලා කියන එක.


වෛද්‍ය මතයට අනුව අරක්කුවලට ඇබ්බැහි වුණ කෙනෙකුගේ මොළයේ සෛල වර්ධනය, ස්නායු අකර්මණ්‍ය වීම විතරක් නෙවෙයි අක්මාව පවා නරක් වෙන්න පුළුවන්.


කොහොම වුණත් පාලනයකින් තොර බීමත්කම පාලනයකින් තොරවම ඔබව විනාශ කරනවා.


මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අසංක අද වනවිට තව එක දවසක් හරි ජීවත් වෙන්න ආසාවෙන් බලන් ඉන්නවා.


අසාධ්‍ය තත්ත්වයට පත්වුණ රෝගියෙක්ව උපහාසයට ලක් කරනවා නෙවෙයි. ඔහුට අද ඕනැලු තමාගේ දුව වෙනුවෙන් ජීවත් වෙන්න.


විස්කිවල සුවඳට එතිලා බ්‍රැන්ඩිවල ගිලුණු මේ තාත්තාට එදා හිතුනා නම් තමන්ට දුවෙක් ඉන්න බව අද ඇතිවෙලා තියෙන තත්ත්වය මොන තරම් වෙනස් වේවි ද?


මේ “ඉරිදා ලංකාදීප” කොළඹ ජාතික රෝහලට ගිය ගමනකදී හමු වූ බිරිඳක්.


ඇය සමන්තිකා. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අසංකගේ බිරිඳ. ඔවුන්ට එක දුවෙක් ඉන්නවා.


අසංකගේ බීමත්කම කොයිතරම් ද කිව්වොත් මේ වෙනකොට ගෙදර තිබුණු හැම සතේම බීමට වියදම් කරපු අසංකව බලන්න රෝහලට එන්නෙත් අගහිඟකම් දහසක් මැද්දේ.


“සමන්තිලාගේ ගෙවල් කොළඹ ද?”


“නෑ මිස්. මගේ ගම කළුතර, වාඩිය මංකඩ.”


“අසංකගෙ ගමත් කළුතරම ද?”


“නෑ එයා මාතර. අසංක අපේ අම්මලාගේ පැත්තෙන් නෑයෝ වෙනවා.”


“අද මේ වගේ ලෙඩ ඇඳට වැටෙන තරමට අසංක බොන්න පටන් ගත්තේ කොහොම ද?”


“මොනවද නෝන. ඉතිං බීමට තියෙන කෑදරකම නිසා හැමදාම බිව්වා. එහෙම බොන්න දාහක් හේතුත් තිබුණා.”


“සමන්තිගේ පවුලේ සමන්ති විතර ද?”


“නෑ. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. මම පවුලේ එකම ගෑනු ළමයා.”


“පිරිමියෙක් වුණාම ඔය උත්සවයකදී බිව්වට කමක් නෑ. මං අහන්නේ කොයි දේකත් විදිහක් තියෙනවනේ. උදේට ගෙදරින් යනකොට හුම් සද්දයක් නෑ. ඒත් ඉතිං හවසට ගමටම ගහගන්න අඬගහනවා. ගහගන්න අඬගැහුවට මොකද තමන්ටම තමං වාරු නැතිකොට කවුරුහරි ගහගන්න ආවොත් ගුටිකන්න විතරයි පුළුවන්.”


“කසාද බැන්දේ යෝජනාවකින් ද?”


“අනේ ඔව්. අපි කසාද බැන්දේ යෝජනාවකින්. පවුලේ එකම කෙල්ලනේ කියලා තමයි එයාට මාව කතා කළේ.”


“අම්මා තාත්තා මාව හිස් අතින් එව්වේ නෑ. ගෙයක් දොරක්, ගෙදරට බඩු මුට්ටු, රත්තරන් බඩු, සෑහෙන්න දෑවැද්දක් දුන්නා. ඒත් මේ වෙනකොට ගෙදර වාඩි වෙන්න හරි හමං පුටුවක් නෑ.”


“ඇයි අසංක ඒවත් විකුණලා බිව්ව ද?”


“මොන පිස්සුද නෝනා. බීලා ආවම බඩු කුඩු කරනවා. අතට අහුවෙන එකෙන් මට ගහනවා.” 


“එයාට බීපු වෙලාවට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ කාලෙ වෙච්ච අමනාපකනුත් මතක් වෙනවා. කාපු බීපු වෙලාවට තමයි මිනිහෙකුගෙ ඇත්ත එළියට එන්නේ. මේ මනුස්සයා හරිම කුහකයි.”


“අසංක තරුණ කාලෙත් ඔය විදිහ ද?”


“අනේ ඔව්. ඒ දවස්වලත් බිව්වා. ඒත් ඉතින් අද වගේ නම් නෑ. හොඳට රස්සාව කරගෙන හිටියා. ඒත් කාලයක් යනකොට බෝතලේ නැතිව බැරි වුණා.

සමහර දාට කොහේ හරි බීලා ගෙදර එනවා. තවත් සමහර දාට යාළුවෝ පිරිවරාගෙන ගෙදර බොනවා.”


“අද බලන්නකෝ ඉතින් ඔය බීගෙන කරගෙන තියෙන්නේ මොනවද කියලා. අඩුම ගානේ එයාටවත් වැඩක් වෙලා ද?”


“අසංක රස්සාවක් කරනව ද?”


“ඔව්. එයා තැපෑලේ වැඩ කරන්නේ. දුව ලැබෙන්න ඉන්න කාලේ ඉස්කෝලෙක කැන්ටිමක් කළා. පස්සෙ පාඩු නිසා නැවැත්තුවා.”


“දැන් දුවගේ වයස කීය ද?”


“මගේ දුව දැන් ලොකු ළමයෙක්. මේ අවුරුද්දෙ ඕ ලෙවල් ලියනවා. මේ මනුස්සයගේ බීමත්කමට ළමයාවත් විනාශ වෙන්න දෙන්න බෑනේ.”


“ඒ නිසා මම එයාව මගේ ලොකු අයියාගෙ ගෙදර නැවැත්තුවා. ඒ ළමයත් මේ ලෙඩ ඇඳේ ඉන්න තාත්තා නිසා බොහොම ලැජ්ජාවට පත්වෙලා ඉන්නේ.”
“ඇයි එහෙම කියන්නෙ? දුවටත් කරදර කරනව ද?”


“අපොයි නෑ දුවට ආදරෙයි. කොයිතරම් බීලා ගෙදර ආවත් දුවට මොනවා හරි අරගෙන තමයි ගෙදර එන්නේ.”


“ඒ වුණාට දරුවා මෙයා බීපු වෙලාවට ළඟ ඉන්නවත් කැමති නෑ. දවසක් අපි කුරුණෑගල නෑ ගෙදරක මගුලකට ගියා. අනේ ඉතිං තියෙනවට නොවෙයි.

අපිත් බොහොම ආසාවෙන් ඒ මංගල්ලෙට සහභාගි වුණේ.


කසාද බැන්දේ මගේ අයියගේ නෝනගෙ මල්ලි. ඒ මංගල්ලෙට ගිහිල්ලත් රණ්ඩු ඇති කර ගත්තා. නෑ ගෙදරක ගියත් අපි දෙන්නා ඉන්නේ හිතේ සැනසීමෙන් නෙවෙයි.


බීපු වෙලාවට කා එක්ක හරි පැටලෙන්න බැරි වුණොත් අඩුම ගානේ අහල පහල අයට හරි බණිනවා. අපි මගුල් ගෙදරකට සාරි ඇඳගෙන ගියාම ආයෙ ගෙදර එන්න වෙන්නෙ සාරි ගලවගෙන.


ඉතින් කිසිම නෑදෑයෙක් මොනවා හරි උත්සවයකට ආරාධනා කරනකොට අපි දෙන්නා විතරක් එනව නම් හොඳයි කියලා කියනවා.


ඒත් ඉතිං අපට පුලුවනෑ එහෙම කරන්න. ඒ නිසා නෑ ගෙවල්වල නොයා අපිත් මග අරිනවා.


මේ ගෑනු ළමයා පාරේ බැහැල යන්න ඕනෑ කියලා හිතන්න එපායැ. එහෙම වගක් ඒ තාත්තට නෑ.


මිනිස්සු කොයිතරම් අමාරුවෙන් ද මගුලක් ජයට ගන්නේ? ඒ වගේ තැනකට ගිහින් රණ්ඩු කරලා එන එක මොන තරම් වැරදි ද?”


අද අසංකගේ අසනීපෙ බොහොම දරුණු තත්ත්වෙට පත්වෙලා.


මුලදි මේ ලෙඩ හොඳ කරගන්න බැලුවෙ නැද්ද?


“මොකද මිස් නැතුව. මුලදි මුලදි බඬේ කැක්කුම් ආවා. එක එක දොස්තරලාගෙන් බෙහෙතුත් ගෙනාවා. නාගොඩ ඉස්පිරිතාලෙන් අනන්තවත් නැවතිලා බෙහෙත් කරගත්තා. කැක්කුම් හැදිලා බෙහෙත් බීලා යන්තම් හොඳ වුණ ගමන් බොනවා.


කිව්වට අහන්නේ නෑ. මගේ අයියලා දෙන්නා බෙහෙත් හේත්වලට සල්ලි දෙනවා. එයාලටත් පවුල් තියෙනවානේ. ඔය හැටි කරදර කරන්න පුළුවන් කාට ද?
එක පාරක් හොඳටම අමාරු වුණා. ඔන්න මළා මෙන්න මළා කියලා හිටියා. දොස්තර මහත්තුරුන්ගෙයි මිසීලගෙයි මහන්සියෙන් ජීවිතේ බේරගත්තා.


දොස්තර මහත්තුරු අවවාද කරලා ගෙදර එව්වා ආයෙ බොන්න එපා, බිව්වොත් වෙන්නේ මේකයි කියලා. ඒත් කෝ ඇහුවේ නෑ. උදේ පාන්දර අරක්කු කාල වැට මුල්ලෙ හංගල තියාගෙන බිව්වේ.”


දැන් දොස්තරලා මොනවද කියන්නේ?


“දොස්තර මහත්තුරු ඉතින් දන්න තරම් උත්සාහ කරනවා. අනේ ඇත්තටම ඒ ඇත්තන්ට දෙවියො පිහිට වෙන්න ඕනෑ. ඒත් ඉතිං මේ වතාවෙ ගොඩ ගන්න පුළුවන් වේවි ද සැකයි.”


ඇය කතා කරනුයේ සඟවාගත් වේදනාවකින් යුතුව යයි මට සිතේ. අසංක වෙනුවෙන් තවමත් පහව නොගිය ආදරය කරපින්නාගෙන ඇය වධ විඳි විටෙක ඔහුට බැණ වදින ඇය තවත් විටෙක ඇඬුමකට අර අදින සිතුවිලි තදකර ගනී.


විශ්වාස කරන්න දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ වූවත් හැඬුමෙන්, බැණුමෙන්, නෝක්කාඩුවෙන්, දෙස්දෙවොල් තැබීමෙන් එළිදකින්නේ ඇය වාවා ගන්නා ආදරයමය.


ඒ තරම් බීමත්කමට පෙම් කර තමා සිය දරුවා අසරණ කළා වුව ද ඇයට වුවමනා ඔහුව තව දවසක් හරි සුවපත් කරගන්නටය.


ඇය අපට කිව් කතාව තුළ අමතක නොකළ යුතු පාඩම් බොහෝමයක් විය. එය නවීන සමාජයේ මංගල උත්සවවලට යන සමහර පිරිමින් අතින් සිදුවන විශාල වරදකි.


සිය අඹු දරුවන් සමග මංගල උත්සවවලට යනමුත් බීමෙන් පසු අමුතුම පුද්ගලයන් බවට පත් වන්නේ තමාට තමා පාලනය කරගත නොහැකි ලෙසය.


සතුට ඇත්තේ මංගල උත්සවයකට ගොස් කටගොන්නක් බීගෙන කා සමග හෝ රණ්ඩු කිරීම හෝ ගහ මරාගැනීම තුළ නොව, තම බිරිඳගේ, දරුවන්ගේ, නෑසියන්ගේ සහ සාදයට ආරාධනා කළ නෑසියන්ගේ ගෞරවය රකිමින් සතුට පරිස්සම් කිරීම තුළය.


කිසියම් සාදයකට සහභාගි වී ඔබේ විනෝදාස්වාදය උදෙසා කරන දේ තුළත් ඔබේ නිවැසියන්ගේ සතුට විනාශ වෙනවා විය හැක.


ඉතින් තැනකට ගියාම ගාණට බොන්න, බීලා ප්‍රශ්න ඇති කළාම දරුවාට ලැජ්ජාව කියල කිව්වේ නැද්ද?


අනේ අනන්තවත් කිව්වා. ඒ කියනකොට මීයට පිම්බා වගේ අහගෙන ඉන්නවා. ඒත් තැනකට ගියාට පස්සේ සම්පූර්ණ වෙනස්.


පසුගිය දවසක බිලා බීලා කාණු පල්ලක නිදාගෙන ඉඳලා. අපේ කෙල්ල ඉස්කෝලෙ යන්නේ නැතුව සතියක් ගෙදර හිටියා. ඇයි ඉස්කෝලෙ ළමයි දුරදිග හිතන්නේ නෑ. ඉතින් විහිළු කරනවා. ඒත් ඉතිං කෙල්ලගේ හිත රිදෙනවා. ලැජ්ජා හිතෙනවා. ඉතින් ගෙදර ඇවිත් අඬනවා. මොකද මම කියලා ඒ විහිළු කරන ළමයින්ට ගිහින් බණින්නයැ.


අපේ මනුස්සයා දැනගන්න එපැයි, ළමිස්සියක් ගෙදර ඉන්නවා, එයාට ලැජ්ජා වෙන විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න ඕනැ කියලා සිහියෙ තියාගන්න.


“මොනවා වුණත් අපේ මනුස්සයට එයාටම ගැළපෙන යා`ඵවො ටිකකුත් ඉන්නවා. අනේ මන්දා කොහේ තියෙන සල්ලි ද කියලා. බොන්න කිව්වොත් ලක්ෂයක් වුණත් වියදම් කරයි.


ඒත් ඉතිං ගෙදර අඩුපාඩුවක් කිව්වාම ඊට වඩා හිඟන්නෙක් නෑ.


තමන්ට තමාව පාලනය කරගන්න බැරිව හතර වටේ කවුරු වුණත් සටනට කැඳවන්නේ මෝඩකමින් මුළු ජීවිතේම පුරවාගත්තු මිනිස්සු.”


හොඳ පවුල් ජීවිතයක් තුළ බිරිඳ දරුවෝ එක්ක ජීවත්වෙන්න තියෙන වාසනාව අවාසනාවක් කරගන්න සමහරු හිතාගෙන ඉන්නේ බීලා හතරගාතෙන් ගෙදර එන එක වීරකමක් කියලා.


නොබී ඉන්න යාළුවෝ මැද්දේ බීලා වැනෙන එක, කොයි තැනක ගියත් අනිත් අයට වධයක් වෙන විදිහට බැණ අඬ ගහන එක ඇත්තටම වටිනාකමක් වැදගත්කමක් තියෙන මිනිස්සු කරන්නේ නෑ.


හිතෙන හැම වෙලාවෙම මහා ඉහළින් හඬ නිකුත් කරනවා වගේ ඔබ වීරකමක් කියලා ලෝකෙට කියා පාන්නේ ඔබ තුළ පවතින හිස් බව, දුර්වලකම, නැහැදිච්චකම.


වැදගත්කමක් තියෙන නියම පිරිමි දන්නවා තමාගේ දරුවන්ගේ බිරිඳගේ සතුට පරෙස්සම් කරන ගමන් තමන්ගේ ජීවිතෙත් රැකගන්න.


උදාවෙන හෙට දවසේ තිතට මත තියලා ජීවිතේ විනාශ කරගන්න නෙවෙයි මතට තිත තියලා ජීවිතේ දිනන්න.


නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.

m

 



අදහස් (0)

කට ගොන්නක් බීගෙන ගමේ ගෝරි දාගෙන...

ධම්ම Monday, 21 November 2016 04:12 AM

මගේ මිතුරෙක් ඉන්නවා මේ වගේම. ඉහත විස්තරය 100%ක්ම ඔහුට අදාළයි. එහෙත් ඔහු තවම මෙතරම් අසාධ්‍ය තත්වයකට පත්වෙලා නැහැ.ඔහු වෛද්‍යවරයෙකු වෙත ගෙනයාම ඉතාමත් අසීරුයි. විශ්‍රාමික ගුරුවරයෙකුවූ ඔහු කිසිවෙක් කියන දේ අහන්නේ නැහැ. මොහු සුවපත් කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් දන්නා කෙනෙක් අපට කියාදෙන්න. පින් සිදුවෙයි. (නි)

:       0       0

කළ්‍යාණි Monday, 21 November 2016 10:21 PM

කරුණාකර බීමත්කමට ප්‍රතිකාර කරන හොඳ දොස්තර කෙනෙක් මට කියන්න. මුදල් කීයක් ගියත් කමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 482 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 85 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 992 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 125 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 169 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site