නිදහසින් පසු මේ රටේ බිහි වූ පාලන යුග හා සැසඳීමේදී ඩඞ්ලි සේනානායක සමය ද ගැනෙන්නේ යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයක් ලෙසිනි. ඩඞ්ලි සේනානායක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකළ යහපත් නායකයෙකි. 1965 - 70 රජය මගින් 1966 කුමන්ත‍්‍රණයට සැක පිට දෙඩම්පේ මුදලාලි රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සමයේ රාජ්‍ය නායකයා ලෙස ඩඞ්ලි රටේවත් සිටියේ නැත. වැඩබලන අගමැති ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනය. ජේ. ආර්.ට ලැබුණු නිර්නාමික ලිපියක් පිළිබඳව සොයා බැලීමට එය රහස් පොලීසියට දීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. අවසානේ දොඩම්පේ මුදලාලි රහස් පොලිස් අත්අඩංගුවේ සිටියදීම එහි 4 වැනි තට්ටුවෙන් පැන දිවි නසාගත් බව ප‍්‍රචාරය විය. එහෙත් සත්‍ය කතාව එය නොවේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න ”ලංකා දේශපාලනයේ කුමන්ත‍්‍රණ” කෘතියෙන් හෙළිකරන පරිදි එය පැනීමක් නොව තල්ලූකර දැමීමකි. සියදිවි හානිකර ගැනීමක් නොව අමු අමුවේ සිදුකළ ඝාතනයකි. ඊට රහස් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි චෝදනා එල්ලවිය. එ් යුගයේ සමාජය පිළිගත් මතය වූයේ ද පැන්නා නොව තල්ලූ කර දැම්මා යන්නය. දොඩම්පේ මුදලාලි ශී‍්‍ර ලංකා කාරයෙකි. ඒ නිසාම මෙම පුවත එකල ලැව් ගින්නක් සේ රට පුරා පැතිරුණා පමණක් නොව එය ඩඞ්ලි සේනානායක රජයට එරෙහිව පාවිච්චි කිරීමට ද එවකට පැවැති විපක්ෂය සමත්විය. එදා විපක්‍ෂ නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ශී‍්‍ර ලංකා, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ විය. ඩඞ්ලි සේනානායකයන් කොතරම් නිහතමානී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරුකරන නායකයෙක් වුවද ඔහුට හා ඔහුගේ රජයට විරුද්ධව බරපතළ විරෝධයක් මෙන්ම නොමැකෙන කැළලක් එක් කිරීමට මෙම සිදුවීම හේතුවුණි. එහෙත් ඩඞ්ලි මේ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටියා මෙන්ම ජේ. ආර්. ද අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් නොකළ බව පැවසේ. සී. අයි.ඞී.යේ නිලධාරීන් දෙදෙනෙකුගේ කි‍්‍රයාකලාපය පසුකලෙක රජයක් දෙදරුම් කෑමටත් රාජ්‍ය නායකයාට කැළලක් ගෙනදීමටත් හේතු වූයේ එසේය. පසු කලෙක මේ සිදුවීම එවකට පැවැති ආණ්ඩුවට දැඩිසේ එල්ලවූයේ ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් නොවීම නිසාය. ඊට හේතු වූයේ අදාළ නිලධාරීන් දෙදෙනාගේ උමතු හැසිරීම යැයි ද කියවේ. මෙවැනිම සුප‍්‍රකට ඝාතනයකට 1970න් පසු බිහි වූ බණ්ඩාරනායක මැතිනියගේ රජයට ද මුහුණදීමට සිදුවිය. එය කතරගම පේ‍්‍රමවතී මනම්පේරී ඝාතනයයි. ”කතරගම රූ රැජින” වූ පේ‍්‍රමවතී මනම්පේරී සල්ලාලකමට යොදාගත නොහැකි වීම නිසා මෙම ඝාතනය සිදු වූ බව ප‍්‍රකටය. එදා කතරගම සිටි හමුදා ප‍්‍රධානීන් ඇය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක වශයෙන් අත්අඩංගුවට ගෙන ඉතා සැහැසි ලෙස ඇය ඝාතනය කරන ලද බව කියැ වේ. මේ සම්බන්ධයෙන් වහාම කි‍්‍රයාත්මක වූ බණ්ඩාරනායක මැතිනිය (අගමැතිනිය) අදාළ හමුදා නිලධාරීන් නීතිය හමුවට පමුණුවා ඔවුනට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කළ බව රහසක් නොවේ. එය කිසිසේත්ම එවකට පැවැති රජයේ සම්බන්ධයකින් සිදු නොවූ ඝාතනයකි. එහෙත් පසු කලෙක මෙම සිදුවීම එවකට පැවැති සමඟි පෙරමුණු රජයට එරෙහිව පාවිච්චි කිරීමට එදා ප‍්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඔවුහු 1977 මැතිවරණයේ දී පේ‍්‍රමවතී මනම්පේරී රිසිසේ අලෙවි කළහ. ඔවුන් එදා කැරැල්ල මර්දනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජය අනුගමනය කළ මර්දනකාරී කි‍්‍රයා පිළිවෙතේ සංකේතය කරගත්තේ ද පේ‍්‍රමවතී මනම්පේරි ඝාතනයයි. එසේම 1988- 89 භීෂණය මර්දනය කිරීමේ කි‍්‍රයාපිළිවෙතේ දී අනුගමනය කළ විධි ක‍්‍රමවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා නීති විරෝධී ප‍්‍රවණතා සංකේතවත් කිරීමට ඇඹිලිපිටියේ සිසු ඝාතනය සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග නායකත්‍වය දුන් පොදු පෙරමුණ ගෙනගිය ප‍්‍රචාරාත්මක වැඩ පිළිවෙළ ද මීට දෙවැනි නොවේ. අපේ රටේ විපක්ෂ දේශපාලනය නීති විරෝධී ඝාතන බලයේ සිටින ආණ්ඩුවට බැර කිරීමේ මෙවන් උදාහරණ ඕනෑතරම් තිබේ. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටියත් කටුවන සිදුවීම බලයේ සිටින ආණ්ඩුවට එරෙහිව උපයෝගී කරගන්නේ දැන් සිදුවෙමින් පවතින ආකාරයටමය. සාමාන්‍ය පිළිවෙත ද එයමය. රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් සතුව ඇති බැඳීම ඊට හේතු වේ. ඇඟිල්ල දිගුවන්නේ එම බැඳීම හරහාය. කටුවන ඝාතනයේ සිට ෙදාඩම්පේ මුදලාලි දක්වා ද ඝාතන සිදු වී තිබෙන රටාව ගත් කල ඒ කිසිවකට අදාළ ආණ්ඩුවල ඍජු සම්බන්ධකම් ඇති බවක් නොපෙනේ. සමහර තැනක ආණ්ඩුවල යම් යම් අයගේ සම්බන්ධතා තිබිය හැකිය. එහෙත් අවසානයේ පරිප්පු කන්න වෙන්නේ ද බලයේ සිටින ආණ්ඩුවලටමය. මේ පිළිබඳව අවබෝධයකින් යුතුව ආණ්ඩු කිරීම වැදගත්ය. මේ නිසා වඩාත්ම වැදගත් වන්නේ නීතිය අකුරටම කි‍්‍රයාවේ යෙදවීමට උපදෙස් දීමය. මෙවන් ඝාතන සිදුවන ආකාර දෙකක් තිබේ. එකක් ආරක්‍ෂක අංශවල සීමාව ඉක්මවා යෑමේ වරදිනි. අනෙක හොර තුවක්කු කරුවන්ගෙනි. මෑත යුගයේ අඟුලානේ හා ෙදාම්පේ පොලීසිවල සිදුවීම ආරක්‍ෂක අංශවල සීමාව ඉක්මවා යෑමකි. කටුවන ඇතුළු පසුගිය සමයේ සිදු වූ අනෙත් සිදුවීම් හොර තුවක්කු කරුවන්ගේ වැඩ බව පෙනේ. මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වැනි සුප‍්‍රකට ඝාතනවල ද සැබෑ තුවක්කුකරුවන් තවමත් හඳුනාගෙන නැත. සාමාන්‍යයෙන් බිහිසුණු සිවිල් යුද්ධයක් රටක පවතින විට හොර තුවක්කු රට පුරා ගලා යෑම ස්වාභාවිකය. 88, 89 දී එය මර්දනය කිරීමට ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙතේදී ආරක්‍ෂක අංශ සමග නීති විරෝධී ගිනි අවි කාරයන් පිරිසක් ද එම මර්දනය සඳහා යොදා ගැනීම නිසා එවකට පැවැති රජයට බරපතළ චෝදනා රැසක් එල්ල විය. වත්මන් රජය ආරක්‍ෂක අංශ උපයෝගී කර ගනිමින් එල්.ටී.ටී.ඊ. ය මර්දනය කිරීමෙන් රට නිදහස් කරගත්තේය. එහිදී ගැටුණේ රටේ නීත්‍යනුකූල ගිනි අවි හා නීති විරෝධී ගිනි අවි බව පැහැදිලිය. එල්.ටී.ටී.ඊ.යෙන් රට නිදහස් කර මේ වන විට වසර තුනක් ගතවී තිබේ. එදා වෙල්ලමුල්ල වයික්කාල්වලදී නිහඬ වූ තුවක්කු තාමත් එසේමය. උතුර සම්පූර්ණයෙන්ම නිහඬය. එහෙත් දකුණේ නීති විරෝධී ගිනි අවි නිහඬ වී නැත. කටුවනදී පත්තු වී තිබෙන්නේ ඒවා බව පෙනේ. මෙවන් නීති විරෝධී ගිනි අවි නිහඬ කිරීමට හෝ අල්ලා ගැනීමට හෝ නොහැකි වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම පොලීසියට එල්ලවෙමින් පවතින චෝදනාව සරල ලෙසින් බැහැර කළ නොහැක. එම චෝදනාවලින් පොලිසිය නිදහස් කර රජයට එල්ල කිරීම විපක්‍ෂයේ කාර්යය වී තිබේ. විපක්‍ෂවල හැටි එහෙමය. අවසාන විග‍්‍රහයේදී රටේ ආරක්‍ෂාවට වගකීමට සිදුවන්නේ රජයටයි. විපක්ෂය රජයට චෝදනා එල්ල කරන්නේ ඒ අර්ථයෙනි. මේ සඳහා විපක්‍ෂයේ පාලන යුගවල අපරාධවල ගණන් හිලව් ඉදිරිපත් කිරීමෙන් පමණක් ආණ්ඩුවකට ගැලවීමක් නැත. විවිධ දේශපාලන යුගවල අපරාධ සම්බන්ධයෙන් සමාන අසමානකම්වලින් ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. ”ඒව නැවත කරන්නද අපි තමුසෙල පත්කළේ?” කියා ජනතාව ප‍්‍රශ්න කරන බවද අවබෝධකර ගැනීම රජයට වැඩදායකය. මෙහිදී ජනතාවගේ ආරක්‍ෂාව පැත්තෙන් පොලිසිය සතු වගකීම මෙන් ඔවුන්ටද ගැලවීමක් නැත. ජුලම්පිටියේ අමරේ මේ තත්ත්වයට පත්වූයේ පොලිසියේ වරදින් යැයි තංගල්ල මහාධිකරණ විනිසුරුතුමා කරන ප‍්‍රකාශය නැවත නැවතත් පොලිසියේ ඇස් අරවන්නකි. ”අධිකරණවලින් වරෙන්තු එකසිය ගානක් ලබා සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස තමා පොලීසිවලට නියෝග කළත් පොලීසිය එසේ කළේ නැතැයි ද එසේ කළා නම් ඔහු මේ තත්ත්වයට පත්වන්නේ නැතැයි ද තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා කී බව 21. 06. 2012 ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර තිබුණි. මේ රටේ පොලිස් සේවයේ නිරතව සිටින පිරිස 85,000ක් පමණ වෙති. 2011 අයවැයට අනුව පොලීසියට වෙන්කළ මුදල රු. ද. ල. 34277.41කි. ”පොලිස් තොරතුරු කාර්යාංශය ප‍්‍රකාශ කර තිබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව එකවරක් හෝ ඊට වැඩි වාර ගනණක් දඬුවම් ලැබ සිටින ශී‍්‍ර ලංකාවේ අපරාධකරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5කි. මිලියන 21ක ජනගහනයෙන් යුත් රටක මෙය විශාල සංඛ්‍යාවක් සේ සැලකිය හැකිය. මේ නිසා සැම පුද්ගලයන් 42කටම එක් අපරාධකරුවෙක් සිටී. නිවාස 8.4%කට එක් අපරාධකරුවෙක් සිටී.” (වික්ටර් අයිවන් - රාවය) මෙය රජය පමණක් නොව මුළු මහත් සමාජයම බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. කටුවන වැනි තැනක පැවැත්වෙන කුඩා රැස්වීමකට මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කිරීමට ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් තිබුණාය යන්න සිහි බුද්ධියක් ඇති කිසිවෙක් නොපිළිගනිති. එහෙත් ප‍්‍රදේශ පාලනය කිරීමේ මානසිකත්වයෙන් යුත් ”ඔටෝ චූන් වන චණ්ඩින්” සිටිය හැකිය. මෙවන් චණ්ඩින් බලය ඇති තැන්වලට මුවා වී වැඩ පෙන්වන සංස්කෘතියක් අපේ රටේ කාලාන්තරයක් තිස්සේ පවතී. එවන් චණ්ඩින් ආරක්‍ෂක අංශවල මෙන්ම ඉන් පිටත ද සිටිය හැකිය. සමස්තයක් වශයෙන් ඔවුහු වැඩක් කරගෙන යන ආණ්ඩුවක පරම හතුරෝ වෙති. ඔවුන් විනාශ කරමින් සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන නායකයන් පමණක් නොවේ. යම් පරමාර්ථයක් ඇතිව ආණ්ඩුබලයට පත්කරන අහිංසක ජනතාවගේ බලාපොරොත්තුය. රටේ ප‍්‍රදේශ ගණනාවක ජනතාව නියඟයෙන් පීඩාවිඳිති. එම ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට දැන් බීමට පවා ජලය හිඟය. ආර්ථික ප‍්‍රශ්න ද පහළම ජන තලයට දැනෙන්නට පටන්ගෙන තිබේ. අත යට යමක් සොයාගන්නා අයට නම් ප‍්‍රශ්නයක් නැත. එ්ත් මේ හැම කෙනකුම ගෞරවයෙන් සිහිපත් කරන්නේ එල්.ටී.ටී.ඊ.ය විනාශ කිරීම නිසා ලැබී තිබෙන නිදහසයි. එ් පිළිබඳ ගෞරවයක් රජයට මෙන්ම විශේෂයෙන්ම රාජ්‍ය නායකයාට ඇත. බින්දුවෙන් බින්දුව කලය පිරෙනවා සේ මේ සිදුවෙමින් පවතින්නේ එම ගෞරවය විනාශ කර දැමීමකි. ඊට මොන චණ්ඩියා සම්මාදම් වුණත් ඔවුන් කරන්නේ බරපතළ අපරාධයකි. ආණ්ඩුවේ හා රටේ නායකයාගේ කීර්තිනාමය විනාශකර දැමීමකි. මෙසේ එක් අයකු දෙදෙනකු නිසා ආණ්ඩුවක් තමන් සතු ජනතා බලයක් විනාශකර ගැනීම ද අපරාධයකි. පෙනෙන ලෙස හමන රැලි ද, කුණාටු ද තිබේ. එසේම අළුයට ගිනි සේ නොපෙනෙන ලෙස හදිසියේම හටගන්නා රැලිද තිබෙන බව දේශපාලනය කරන අය මතක තබා ගැනීම වැදගත්ය. පොලිසියට කට්ටි පනින අනියමින් විවිධ අයුරින් රැකවරණ ලබන ප‍්‍රාදේශීය චණ්ඩින්ද ඉටුකරමින් සිටින්නේ එවන් නිහඬ රැුලි නිර්මාණය කිරීමදැයි කියන්න දන්නේ නැත. ඒ කියන්නේ ඔවුහු සැබවින්ම ආණ්ඩු විරෝධී ද්‍රෝහීහු වෙති. ජනාධිපති පේ‍්‍රමදාසට එරෙහිව දෝෂාභියෝගය රහසිගතව සැලසුම් වෙද්දී ආණ්ඩුවේ ශක්තිය ගැන සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට අවශ්‍ය විය. ඔහු එම ආණ්ඩුවේ උපදේශකවරයකුට දුරකතන ඇමතුමක් දුන්නේය. ”කොහොමද ආණ්ඩුවේ ශක්තිය.” ”ඇයි එහෙම අහන්නේ මේ ආණ්ඩුව ශක්තිමත්. විධායක ජනාධිපති ක‍්‍රමය තිබෙනතුරු මේ ආණ්ඩුව වත් ජනාධිපතිවත් සොලවන්න බැරි බව මතක තියාගන්න. එ්ත් තමතමන් විවිධ සිහින මවා ගත්තාට වරදක් නෑ. එය ඔබලාගේ අයිතියක්.” අදාළ උපදේශකයාගේ ප‍්‍රති පිළිතුරු විය. පසුදා ඒ උපදේශකයා නැවතත් අර මාධ්‍යවේදියා ඇමතීය. ‘‘මම වැරදියි. තත්ත්වය භයානකයි.’’දුබල හඩකින් ඔහු පැවසීය. ද්‍රෝහියෝ පමණක් නොව සමහර උපදේශකයෝ ද වනාහී මෙවැන්නෝ ම වෙති.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටුවන ලේ
සුරංග Friday, 22 June 2012 06:00 PM
මේක නම් ඇත්තටම හොද ලිපියක්
සුමනා මානදුව Saturday, 23 June 2012 02:33 PM
කැළණියෙ චණ්ඩින්ට මුලින්ම හරි දඩුවමක් දුන්න නම් මෙවැින තත්ත්වයක් උදාවෙන්නෙ නැහැ...
දොම්පේ මල්ලි Friday, 22 June 2012 02:36 PM
කටුවන සිද්ධිය ගැන මුලු රටම බලා සිටින බව අමතක කරන්න එපා
චම්පි Saturday, 23 June 2012 08:51 PM
මේ රටේ තියෙන බංකොලොත්ම දේශපාල පක්ෂය ජේ.වී.පී. එකයි. ඉතිං ඒ අයත් ඉන්න බව පෙන්නන්න ක්‍රමයක් තියෙන්න එපායැ..